ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සීතා දේවිය ගින්නට පැන්න තැන ඉදි වූ පන්සල
Reply
 
Thread Tools
(#1)
Old
Iron Monger's Avatar
Iron Monger Iron Monger is offline
Senior Member
Iron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud of
 
Posts: 28,452
Join Date: Apr 2011
Location: ලුණුවිල.
Send a message via Skype™ to Iron Monger
! සීතා දේවිය ගින්නට පැන්න තැන ඉදි වූ පන්සල - 07-20-2018, 06:52 AM

ලෝක ප්‍රකට රාම - සීතා පුරාවෘත්තයේ එන උද්වේගකරම අවස්ථාව වනුයේ රාවණා රජු විසින් ඉන්දියාවේ සිට ලංකාවට පැහැරගෙන එනු ලැබූ සීතාවගේ පතිවෘතාව පරීක්ෂා කරනු පිණිස රාම කුමරුන් විසින් කළ අග්නි පරීක්ෂාවයි. අග්නි පරීක්ෂාව යනු රාවණා රජු විසින් පැහැර ගන්නා ලද නමුදු තම පතිවෘතාව නොකෙළෙසුණු බව පවසමින් සීතා දේවියට විශාල ගිනිමැලයකට පැනීමට සැලැස්වීමයි. මෙය රාමකුමරුගේ සේම ඔහුගේ සොයුරු ලක්ෂ්මන් ඇතුළු පිරිසකගේ සැකය දුරලීම පිණිස ගන්නා ලද ක්‍රියාමාර්ගයක්. මෙම ගිනිමැලය ලක්ෂ්මන් කුමරුන් විසින් දල්වන ලද්දක් බව සඳහන්. එවැනි දැවැන්ත ගිනිමැලයකට කඩා පනින ඕනෑම අයකු ඒ ගින්නෙන් දැවී පිළිස්සී යාම සාමාන්‍ය තත්ත්වයක්. එහෙත් සීතා දේවිය සුරැකි පතිවෘතා ධර්මයේ බලමහිමයෙන් ඒ ගින්නට කඩා පැන්න ඇයගේ සිරුරේ එක් රෝම කූපයකටවත් හානියක් සිදු නොවූ බවයි පැවැසෙන්නේ. එදා සීතා දේවිය එලෙස ගින්නකට පැනීමෙන් තමන්ගේ පතිවෘතාවේ බලය පෙන්වූ ස්ථානය ලෙස හැඳින්වෙන නුවරඑළිය වැලිමඩ ප්‍රධාන මාර්ගයේ වැලිමඩ ආසන්නයේ පිහිටි දිවුරුම්පොළ හෙවත් දිවුරුම්වෙල හඳුන්වන්නට පුළුවන්.

ඉන්දියාවේ සිට සීතා දේවිය ලංකාවට පැහැරගෙන පැමිණි රාමකුමරු ඇය සුවිසල් ගල්ලෙනක සඟවා තැබූ බවට අනුමාන කෙරෙනවා. එම ගල්ලෙන අදත් හැඳින්වෙන්නේ ස්ත්‍රීපුරය ලෙසින්. මෙම ස්ත්‍රී පුර ලෙන සහිත කඳුවැටිය දිවුරුම්‍පොළට පෙනෙන තෙක් මානයේ පිහිටා තිබිමද විශේෂත්වයක්. එම ස්ත්‍රී පුර ගල්ලෙන තුළ සිට රාවණඇල්ල, සීතා එළිය සහ දෝව රජමහා විහාරය දෙසට විහිද ගත් රහස් උමං මාර්ග තුනක් ඇති බවට විශ්වාස කෙරෙනවා.

අතීතයේ දිවුරුම්‍පොළ කියා හැඳින්වුණු මෙම ස්ථානය අදවනවිට දිවුරුම්වෙල නමින් හැඳින්වෙන අතර එහි පෞරාණික බෝධියක් සහිත දිවුරුම්වෙල රජමහා විහාරය කන්ද උඩරට රාජධානී සමයේ සිට අද දක්වා බොදු සැදැහැවතුන්ගේ වන්දනා මානවලට ලක්වන පුද බිමක්. ඒ කෙසේ හෝ මෙම රාමසීතා පුරාවෘත්තාන්තය හා පවතින දැඩි සැබැඳියාව නිසා මෙම පුදබිම කෙරෙහි හින්දු බැතිමතුන්ගේ උනන්දුව දිනෙන් දින ඉහළයන බවක්ද අපට මෙහිදී දැන ගන්නට ලැබුණා. එමෙන්ම මෙම බෞද්ධ පුදබිම කෙමෙන් හින්දු පූජනීය ස්ථානයක් බවට පත්වීමත් , පසුගිය කාලයේ එහි විහාර භාරකාරත්වය විසින් ඊට කෝවිල් ලක්ෂණ එක්කිරීමත් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය එල්ල වූ බව අපට කීවේ දිව්රුම්වෙල ප්‍රදේශවාසීන්මයි.
ඒ කෙසේ හෝ 2002 වසරේ සිට මෙය පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නෛතික බලතලවලට යටත් පුරා විද්‍යා ස්මාරකයක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කොට ඇති නිසා එහි සිදු කෙරෙන කවර හෝ වෙනස් කිරීමකට පෙර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිඛිත අවසරය ගත යුතුමයි. එසේ සිදු නොකොට එම කටයුතුවල යෙදෙන්නවුන් පුරාවිද්‍යා ආඥාපනත උල්ලංඝනය කළවුන් වශයෙන් සැලකෙන නිසා ඔවුන්ට ඇපදීමේ බලයක් මහේස්ත්‍රාත්වරයකුට පවා නොමැති බවයි අපට දැනගන්නට ලැබුණෙ. ඒ කෙසේ හෝ ප්‍රාග් ‍‍ඓතිහාසික යුගයක සිදු වූ බව පැවැසෙන රාමසීතා පුරාවෘත්තය පසෙක තිබියදී සියවස් ගණනක් පුරා මෙම ස්ථානය හා සම්බන්ධ ශාසනික ෙඓතිහාසික සහ පුරාවිද්‍යා උරුම සුරැකීම කෙරෙහි කාගෙත් අවධානය යොමු විය යුතු බවයි මෙම සංචාරයේදී අපට හමු වූ බොහෝ දෙනකු එක හඩින් කියා සිටියේ.









සහන් සංකල්ප සිල්වා
Reply With Quote
(#2)
Old
basnayaket's Avatar
basnayaket basnayaket is offline
Senior Member
basnayaket has a spectacular aura aboutbasnayaket has a spectacular aura aboutbasnayaket has a spectacular aura aboutbasnayaket has a spectacular aura about
 
Posts: 716
Join Date: May 2018
07-20-2018, 06:56 AM

එක හඩින් කියා සිටියේ.
Reply With Quote
(#3)
Old
snm1990 snm1990 is offline
Senior Member
snm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to behold
 
Posts: 9,519
Join Date: Jun 2015
07-20-2018, 07:30 AM

bump
Reply With Quote
(#4)
Old
Faraday's Avatar
Faraday Faraday is offline
Senior Member
Faraday is a jewel in the roughFaraday is a jewel in the roughFaraday is a jewel in the roughFaraday is a jewel in the roughFaraday is a jewel in the roughFaraday is a jewel in the rough
 
Posts: 473
Join Date: Aug 2017
07-20-2018, 08:10 AM

bump
Reply With Quote
(#5)
Old
athumusic athumusic is offline
Senior Member
athumusic has a spectacular aura aboutathumusic has a spectacular aura aboutathumusic has a spectacular aura about
 
Posts: 186
Join Date: Sep 2017
07-20-2018, 08:18 AM

තොරතුර වැදගත්.

ස්තුතියි ඔබට.
Reply With Quote
(#6)
Old
Pitihum Pitihum is offline
Senior Member
Pitihum is a jewel in the roughPitihum is a jewel in the roughPitihum is a jewel in the roughPitihum is a jewel in the roughPitihum is a jewel in the roughPitihum is a jewel in the rough
 
Posts: 821
Join Date: Nov 2016
07-20-2018, 09:05 AM

bmp
Reply With Quote
(#7)
Old
sat_12's Avatar
sat_12 sat_12 is offline
Senior Member
sat_12 is a glorious beacon of lightsat_12 is a glorious beacon of lightsat_12 is a glorious beacon of lightsat_12 is a glorious beacon of lightsat_12 is a glorious beacon of lightsat_12 is a glorious beacon of lightsat_12 is a glorious beacon of lightsat_12 is a glorious beacon of lightsat_12 is a glorious beacon of lightsat_12 is a glorious beacon of lightsat_12 is a glorious beacon of light
 
Posts: 2,811
Join Date: Sep 2015
Location: Kuliyapitiya
Send a message via Skype™ to sat_12
07-20-2018, 09:29 AM

rep+
Reply With Quote
(#8)
Old
rangawkrs rangawkrs is offline
Senior Member
rangawkrs is just really nicerangawkrs is just really nicerangawkrs is just really nicerangawkrs is just really nicerangawkrs is just really nicerangawkrs is just really nicerangawkrs is just really nicerangawkrs is just really nicerangawkrs is just really nice
 
Posts: 1,146
Join Date: Jun 2017
07-20-2018, 09:30 AM

BUMP
Reply With Quote
(#9)
Old
chatura_CN's Avatar
chatura_CN chatura_CN is offline
Senior Member
chatura_CN is a glorious beacon of lightchatura_CN is a glorious beacon of lightchatura_CN is a glorious beacon of lightchatura_CN is a glorious beacon of lightchatura_CN is a glorious beacon of lightchatura_CN is a glorious beacon of lightchatura_CN is a glorious beacon of lightchatura_CN is a glorious beacon of lightchatura_CN is a glorious beacon of lightchatura_CN is a glorious beacon of lightchatura_CN is a glorious beacon of light
 
Posts: 2,789
Join Date: Jun 2016
Location: kandy
07-20-2018, 09:30 AM

BUMP
Reply With Quote
(#10)
Old
jsandun's Avatar
jsandun jsandun is offline
Senior Member
jsandun has much to be proud ofjsandun has much to be proud ofjsandun has much to be proud ofjsandun has much to be proud ofjsandun has much to be proud ofjsandun has much to be proud ofjsandun has much to be proud ofjsandun has much to be proud ofjsandun has much to be proud ofjsandun has much to be proud ofjsandun has much to be proud of
 
Posts: 8,495
Join Date: May 2010
Location: ශ්‍රී ලංකාව
07-20-2018, 09:57 AM

You have given out too much Reputation in the last 24 hours, try again later.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05776 seconds with 9 queries