ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Sports
Reload this Page ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කොන්ත්‍රාත්තු අ&#
Reply
 
Thread Tools
(#1)
Old
samsri's Avatar
samsri samsri is offline
Senior Member
samsri is a glorious beacon of lightsamsri is a glorious beacon of lightsamsri is a glorious beacon of lightsamsri is a glorious beacon of lightsamsri is a glorious beacon of lightsamsri is a glorious beacon of lightsamsri is a glorious beacon of lightsamsri is a glorious beacon of lightsamsri is a glorious beacon of lightsamsri is a glorious beacon of lightsamsri is a glorious beacon of light
 
Posts: 1,931
Join Date: May 2018
ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කොන්ත්‍රාත්තු අ&# - 10-24-2019, 09:00 AM



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 34 දෙනෙකු වෙනුවෙන් නව ක්‍රීඩක කොන්ත්‍රාත්තු පිරිනමා ඇති බව අද දෙරණ Biz වෙත වාර්තා වේ. මෙම නව කොන්ත්‍රාත්තු එළඹෙන නොවැම්බර් මාසයේ සිට මාස 14 ක් සඳහා වලංගු වේ. මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන 1.7 ඉක්මවනු ලබයි.

හිටපු ටෙස්ට් නායක ඇන්ජලෝ මැතිව්ස් මේ අනුව වැඩිම ගෙවීමක් ලබන ක්‍රීඩකයා බවට පත්ව ඇත. මෙම කොන්ත්‍රාත්තුවේ වටිනාකම ඇමරිකානු ඩොලර් 130,000 කි. ආසන්න වශයෙන් මෙය ශ්‍රී ලංකා රුපියල් කෝටි 2.35 ක් පමණ වේ.

මෙහිදී දෙවැනියට වැඩිම කොන්ත්‍රාත්තු මිලක් ලබා ඇති ක්‍රීඩකයින් දෙපළ බවට වත්මන් ටෙස්ට් හා එක්දින නායක දිමුත් කරුණාරත්න හා හිටපු ටෙස්ට් නායක සුරංග ලක්මාල් පත්ව සිටී. ඒ ඩොලර් ලක්ෂයක් හෙවත් රුපියල් කෝටි 1.8ක කොන්ත්‍රාත්තු වටිනාකමක් සමඟිනි.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් වැඩිම කොන්ත්‍රාත්තු මුදලක් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ තෙවැනි තැන පසුවන අතර ඒ සඳහා ඩොලර් 80,000 ක් ඔහුට ගෙවනු ඇත. කෙසේ වෙතත් මේ වන විට ටෙස්ට්, එක්දින හෝ T20 කිසිදු කණ්ඩායමක ස්ථිර ස්ථානයක් තහවුරු කර ගැනීමට චන්දිමාල් අපොහොසත් වී සිටී.

ලසිංත් මාලිංගගේ කොන්ත්‍රාත්තුවේ වටිනාකම ඩොලර් 70,000 කි.

ඉහත ක්‍රීඩකයින් 5 දෙනා ක්‍රීඩක කොන්ත්‍රාත්තු සටහනේ A කාණ්ඩයට අයත් වන අතර B කාණ්ඩය යටතේ තවත් ක්‍රීඩකයින් 5 දෙනෙකු වර්ගීකරණය කර ඇත. ඔවුන් සඳහා හිමි ක්‍රීඩක කොන්ත්‍රාත්තුවල වටිනාකම් පහත පරිදි වේ.

කුසල් ජනිත් සහ කුසල් මෙන්ඩිස් - ඩොලර් 70,000

නිරෝෂන් දික්වැල්ල සහ ධනංජය සිල්වා - ඩොලර් 52,500

දිල්රුවන් පෙරේරා - ඩොලර් 50,000

C කාණ්ඩය යටතේ ක්‍රීඩකයින් තිදෙනෙකු සිටින අතර ඔවුන්ට හිමි කොන්ත්‍රාත්තුවල මිල පහත පරිදි වේ.

නුවන් ප්‍රදීප් සහ තිසර පෙරේරා - ඩොලර් 50,000

ලහිරු තිරිමාන්න - ඩොලර් 35,000

D කාණ්ඩය යටතේ ක්‍රීඩකයින් 10 දෙනෙකු වර්ගීකරණය ඇත. ඔවුන් ලබන කොන්ත්‍රාත්තු මුදල් මෙසේ වේ.

අකිල ධනංජය - ඩොලර් 50,000

ලක්ෂාන් සඳකැන් සහ ඉසුරු උදාන - ඩොලර් 40,000

ධනුෂ්ක ගුණතිලක සහ ලහිරු කුමාර - ඩොලර් 35,000

දුෂ්මන්ත චමීර, අවිශ්ක ප්‍රනාන්දු සහ දසුන් ශානක - ඩොලර් 30,000

රොෂේන් සිල්වා සහ විශ්ව ප්‍රනාන්දු - ඩොලර් 25,000

මේ අතර ප්‍රීමියර් කාණ්ඩය යටතේ ක්‍රීඩකයින් 11 දෙනෙකු වර්ගීකරණය කර තිබේ. ඒ පහත පරිදිය.

ඩොලර් 25,000 - වනිදු හසරංග

ඩොලර් 20,000 - සදීර සමරවික්‍රම, අමිල අපෝන්සු, ඔෂද ප්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, ඇන්ජලෝ පෙරේරා, කසුන් රාජිත සහ ලසිත් ඇඹුල්දෙණිය

ඩොලර් 15,000 - ජෙෆ්රි වැන්ඩසේ, අසිත ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න

මෙම නව කොන්ත්‍රාත්තු සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨයෙකු වූ උපුල් තරංග ඇතුළුව අසේල ගුණරත්න, ලහිරු ගමගේ, මලින්ද පුෂ්පකුමාර හා ඩිල්ෂාන් මුණවීර අසමත්ව තිබේ. තවද පසුගිය ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා පිලේ සාමාජිකයින් වූ මිලින්ද සිරිවර්ධන හා ජීවන් මෙන්ඩිස් ද මෙකී ලැයිස්තුවෙන් ඉවතට වැටී ඇත.

එසේම ශ්‍රී ලංකා පිලට මෑතක දී එක් වූ භානුක රාජපක්ෂ හා කමිඳු මෙන්ඩිස් හට ද නව කොන්ත්‍රාත්තු පිරිනමා නොතිබීම විශේෂත්වයකි.


Adaderana.lk
Reply With Quote
(#2)
Old
sidathsaumya sidathsaumya is offline
Senior Member
sidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to behold
 
Posts: 41,667
Join Date: Jun 2009
Location: Seeduwa
Send a message via Yahoo to sidathsaumya
10-24-2019, 10:36 AM

bp
Reply With Quote
(#3)
Old
dilshan87's Avatar
dilshan87 dilshan87 is offline
Senior Member
dilshan87 is a name known to alldilshan87 is a name known to alldilshan87 is a name known to alldilshan87 is a name known to alldilshan87 is a name known to alldilshan87 is a name known to alldilshan87 is a name known to alldilshan87 is a name known to alldilshan87 is a name known to alldilshan87 is a name known to alldilshan87 is a name known to all
 
Posts: 7,058
Join Date: Apr 2008
Location: Moratuwa
10-24-2019, 10:52 AM

Melo wadakata nathi unta gewanawa honda unta wada. Wadiyen gewala munwa gedara thibbath kamak na matches walata aluth kollo tika dala gassala.
Reply With Quote
(#4)
Old
kalana wasala's Avatar
kalana wasala kalana wasala is offline
Senior Member
kalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to behold
 
Posts: 8,326
Join Date: Feb 2016
Location: සයිබර් අවකාශේ
10-24-2019, 12:11 PM

Reply With Quote
(#5)
Old
ryandok's Avatar
ryandok ryandok is offline
Senior Member
ryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud of
 
Posts: 15,967
Join Date: Oct 2011
Location: වලපල්ලේ
10-24-2019, 12:19 PM

Quote:
Originally Posted by dilshan87 View Post
Melo wadakata nathi unta gewanawa honda unta wada. Wadiyen gewala munwa gedara thibbath kamak na matches walata aluth kollo tika dala gassala.



සිරාවට පැරදුනත් අවුලක් නෑ
Reply With Quote
(#6)
Old
giggee's Avatar
giggee giggee is offline
Senior Member
giggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of light
 
Posts: 8,865
Join Date: Jan 2008
10-24-2019, 01:17 PM

Bhanuka Rajapaksha Mahindage nadayek nisa. contract denna epa kiyala Lapa kota balapam karala
Reply With Quote
(#7)
Old
Ultron's Avatar
Ultron Ultron is online now
Senior Member
Ultron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to all
 
Posts: 5,965
Join Date: Feb 2015
Location: ලංකාවේ ටෙක්සාස්
10-24-2019, 02:04 PM

යකෝ අර අර හොදට වැඩ දාන හසරන්ගයට ඔච්චර අඩුද දික්වැල්ලගේ ටික ඌට දීල දික්වැල්ල ගෙදර යවන්න තියෙන්නේ

පසුව ලියමි

යකෝ කබරයත් ඉන්නවානේ ඌට වඩා දසුන්ට දෙන්නඩ එපැයා

Last edited by Ultron; 10-24-2019 at 02:06 PM.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02566 seconds with 9 queries