ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri Traveler > Travel Sri Lanka
Reload this Page Awesome Camping @ Reverstan / Riverstone
Reply
 
Thread Tools
(#1)
Old
jkadithya's Avatar
jkadithya jkadithya is offline
Senior Member
jkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to all
 
Posts: 14,922
Join Date: Mar 2007
Location: ~ElaKiri Traveler~
Up Awesome Camping @ Reverstan / Riverstone - 10-07-2011, 10:22 PM

Awesome Camping @ Reverstan / Riverstone
with Little bit fear


*This thread will take few moments to load..*


දුම්බර මිටියාවත පැත්තේ... සුන්දර ගම්මානෙක උන්නේ... ඉස්සර ඇහුන සිංදුවක්..ඉතිං ඒ සුන්දරත්වය ‍රැගෙන එන සුන්දර දෙයක් තමා නකල්ස් කදු යාය..නකල්ස් කියන්නේ කදු කීපයක එකතුවක්....මහනුවර සිට මාතලේ දිස්ත්‍රික්කය පුරා ‍රැගෙන යන මේ කදු යායේ රිවර්ස්ටන් කියන්නේ ගොඩාක්ම ලස්සන ප්‍රදේශයක්..ගොඩක් දුෂ්කර ප්‍රදේශයක් වුනාට සුන්දරත්වයෙන් නම් කිසිම අඩුවක් නෑ, සුන්දරත්වයෙන් පමනක් නෙවේ, ජීව විද්‍යාත්මක අගයෙන් ද මෙහි වටිනාකම කියා නිම කරන්න බෑ,..මීදුමෙන් වට වෙන කදු පන්තියද, ඇගේ හිරිගඩු පිපෙන සීතල සමග සුළග ගෙන එන්නේ අමුතුම චමත් කාරයක්..
මුහූදු මට්ටමේ සිට අඩි 6109 වැඩි උසක් මෙම කදු වලට තියන බව තමයි ආරංචි...

මේ අපේ පුංචි දූපතේ ලස්සන නැත්තේ කොතනද නේද?





....................

Trip info



ලංකාවේ ලස්සන බලන්න ගොඩක් අය ආසයි..ඒ වගේම තමා ගොඩක් අයට නිවාඩු නෑ...ඒ වගේම නවාතැන් පහසුකම්...


You just need 2 days off at Weekend..




මේ සංචාරයෙදී ඔයාලට ඕන වෙන්නේ සති අන්ත සෙනසුරාදා ඉරිද නිවාඩුවක්..නවාතැන් පහසුකම් ඕන වෙන්නේ නෑ
කූඩාරමක් තියනව නම්..එහෙම නැත්නම් බත්තරමුල්ල වනජීවී කාර්යාලයට කතා කරල ඉලුක්කුඹුර බංගලාව වෙන්කර ගන්නත් පුලුවන් ..
(වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව බත්තරමුල්ල 0112866631-632)

.................................................. .

  • ගමන් මාර්ගය මෙන්න මෙහෙමයි (route)
Colombo > Mathale > Rattota > Reverstan , pathana




Mathale > Rattota



Rattota > Reverstan , pathana


came back on same route


  • කොහොමද යන්නේ? (Transport)

From Colombo to Rattota by Public Transport

* You can find public buses from MATHALE to RATTOTA by 15min to 15min

From Rattota hired van


(Jayantha - 0771759895 . very good person and for best price and very helpful..i recomend if you are going there just hire his van and go with him)





  • නවාතැන්? (Accommodation)


කූඩාරමක් ගෙනියනව නම් ඔයාලට කෑම්පින් කරන්න පුලුවන්...හැබැයි වනජීවී එකෙන් අහල තමා තැනක් හොයා ගන්න වෙන්නේ..අපිට නම් ගමේ කෙනෙක් තමා තැනක් හොයල දුන්නේ..පවුලක් යනව නම් ඉලුක්කුඹුරේ බංගලාවක් තියනව..ඒකේ නවතින්න පුලුවන්..
(වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව බත්තරමුල්ල 0112866631-632)

if you are going as a family you can reacave a place from wild life department by calling 0112866631..As we wanted to do camping we found the place by asking villeger

  • ගෙනියන්න ඕන මොනවද (what should we bring with us)?

වතුර බෝතලයක් අනිවාර්යයෙන්ම ගෙනියන්න...
(water Bottle)

ඊට අමතරව සීතලින් ආරක්ෂා වීම සදහා අවශ්ය සියලුම දේ ගෙනියන්න..

(weather is cool there..so bring jacket)

සැහැල්ලු, ක්ෂනික අහාර ගෙනියන්න..උයන පිහින බඩු බාහිරාදිය
(fast foods and al the sfuff that need for cook)

හදිසි වැසි වැටෙන නිසා ඒවයෙන් ආරක්ෂා වීමට වැහිකබා ගෙනියන්න පුලුවන්නම් ගොඩක් හොදයි , සහ කූඩාරම
(Rain coat and Tent )

පොලිතින් භාවිතය අවම කරන්න
(Reduce the using of Polythene)



  • විශේෂ (Special Note)



* මීදුම වෙලාවට පරිස්සමෙන්

* යන්න තියන පාරෙන් පිට පනින්න එපා..පාරක් හදල තියෙන්නේ ඒක භාවිත කරන්න..

* සතුන්ගෙන් ප්‍රවෙසම් වෙන්න .. කූඩැල්ලොත් ඕන හැටියට ඉන්නව

* කැලෑවේ තිබෙන ලස්සන මල්, ශාක කඩන්න එපා..ඒව එතනම තියෙන්න අරින්න..ගෙදරට ගෙන්න හදන්න එපා..


* මෙම පරිසර පද්දතිය ලෝක උරුමයකි...එහි කිසිම දේකට කිසිම අයුරින් හානියක් නොකිරීමටත්, පොලිතීන් ආදී අපද්‍රව්‍ය නිසි තැන් වලින් බැහැර කිරීමටත් වග බලා ගන්න



මේය අපේ උරුමයකි..අපේ අභිමානයකි...මෙය අපට විතරක් පොදු දෙයක් නොවේ...අපේ අනාගත පරපුර සදහා ‍රැක ගැනීම ඔබේත් මගේත් යුතු කමකි

........

සංචාරය පටන් ගමු.........



ගමන් මාර්ගය මෙන්න මෙහෙමයි (route)

Colombo > Mathale > Rattota > Reverstan , pathana



සංචාරය සදහා සහභාගී වු අපේ Elakiri Traveler Team එකේ අය








......................

මී මුරේ කෑම්පින් කලාට පස්සේ කෑම්පින් කරන්න තිබ්බ ආසාව වැඩි උනත්, දින සති, මාස ගෙවිල ඒ අදහස කල් ගියා..කොහොමෙන් කොහොම් හරි ඉතිං මේ ළගදි ඒ ආසාව ආයේ ඇවිත් කෑම්පින් එකක් කරමු කියල අයිඩියා එක ඔලුවට ආව ගමන් මට මතක් උනේ රිවර්ස්ටන් පැත්ත..ඒ එක්කම මාතලේ පැත්තේ ඉන්න අපේ චමිත් ගෙන් ඇහුවම කිව්වු, හරි මචං යං කියල..කොහොමි කොහොම හරි බදාදා දවසක ගමන ගැන කතා වෙලා සිකුරාදා රෑ යන්න පිටත් උනා..

පටා- ජේ.කේ.. 3.30 ඉන්ට්‍රසිටි ට්‍රෙන් එක තියනව..අල්ල ගත්තොත් ගොඩ..
මං- මචං මං තාම ට්‍රේනින් එකේ..ඉවර උන ගමන් මං අදිනව සිං ගාල
පටා- දිලුම එනව කිව්වුඅ 3 වෙද්දි..
මං- එල..චම්ත් එනව කිවුව ඒ ටයිම් වෙද්දි..

ඔන්න ඔහොමයි ගමන යන දවසේ කතා උනේ යමු කියල..

මේ සංචාරයේදී අපිට අපේ , චාමික සහ බොල්ට්, නික් සහ අලුත බැදපු අපේ පෙරා නැති අඩු පාඩුව නම් හොදටම දැනුනා.. වෙන කාටවත් කියන්නත් බැරි අපිට ටෙන්ට් එකේ ඉඩ ප්‍රශ්නෙකුත් තිබ්බා



කොහොම හරි වෙලාව එද්දි අපි කට්ටියම කො‍ටුව ස්ටේශන් එකට සෙට් උනා





අපේ වෙලාව හොද කමට කොච්චියේ සීට් එකක් වත් ඉතුරු වෙලා තිබ්බේ නෑ..උදේ කෝල් කලාම හවස ඇවිත් ගන්න පුලුවන් කිවුව විශ්වසෙට තමා අපි ගියේ..ඉතිං අපේ ලක් එක ඉහලින්ම තිබ්බ නිසා අපි 4.30ට යන කොච්චියට ටිකක් අරන් ස්ටේශන් එක ඇතුලට ගියා




කොහොම හරි වෙලාව 4 .10 වගේ වෙද්දි දුම්රිය අවා..සති අන්තය නිසා සෑහෙන සෙනගක් හිටියා..ෆුල් ට්‍රයි එක දීල අපිත් සීට් 2ක් අල්ල ගත්ත යාන්තමට වගේ




4.35 වෙද්දි මහනුවර දක්වා දිවෙන අපේ දුමිරිය සුපුරුදු ගමන් ඇරඹුවා...පොල්ගහවෙලට යනකල් නම් පුදුම සෙනගක් හිට්යේ..






ඔක්කොටම මහන්සියි




රඹුක්කනදී..


මෙතන ඉදන් කෝච්චිය ටිකක් මන්දගාමීව තමා ගියේ.එ වගේම දැන ගන්න ලැබුන ඉස්සරහින් ගිය කෝච්චියකට කෙල්ලෙක් පැනලා කියල..ඒකෙන් අපේ වාසනව තවත් වැඩි කරමින් අපේ ගමනේ වෙලාව තවත් වැඩි කලා.










දුම්රියේ අපේ මැදිරිය Class 3




ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානය පහු කරලා ටිකක් දුර ගියාට පස්සේ දුම්රිය එක පාරටම නැවතුනා

ටික වෙලාවක් තිබුනා..වටේම කලුවරයි...මොකක් වෙලාද කියල හිතා ගන්න බෑ..ටිකක් වෙලා ගියාම ඉස්සර හිට්ය මිනිස්සු කියන්න ගත්ත කෝච්චිය පීලි පැනල කියල,..මහ රෑ මේ වගේ තැනක පීලි පැනපුවාම දැනන සතුට..අපේ ලක් එක එදා නම් මාරයි

දැන් මොකද කරන්නේ..බැහැල ඊළග ස්ටේශන් එකට පයින් යන්න කිවුව එතන ඉන්දන් නුවරට කෝච්චියක් දාල ඇති කියල..ඒකට කි.මී 3ක් විතර දුරයි...ටෙන්ට් එකත් උස්සන්, කූඩැල්ලොත් පිරිච්ච පාරක, ලාවට තියන ටෝච් එලියෙන් අපි මහ රෑ රේල් හයික් එකක් කලා...



එක පාරටම මෙහෙම දෙයක් උනාම අසරණ උන මිනිස්සු..





මෙන්න මෙහෙමයි එන්ජින් එක පීලි පැනල තිබ්බේ











හොද වෙලාවට කොහෙ ගියත් මල්ලේ ටෝච් එකක් දාන යන අපේ චමිතය නිසා අපිට ටෝච් එලියක් නම් හම්බුනා...මෙතන භයානකම සිද්දිය තාමා දකුනු පැත්තෙන් තියෙන්නේ හෙල..ඒ නිසා අපි රේල් පාරෙම ගමන් කරන්න ඕන



අපි යන අතර මගදි පරා කියල අයිය කෙනෙක් සෙට් උනා..අපිට ට්‍රිප් ගැන ගොඩක් දේවල් කියල දෙනව වගේම දවසක එයාලගේ ගෙදර එන්න කියලත් කට්ටියටම අරාධනා කලා...පරාට ගොඩක් ස්තූති.









රෑ ජාමේ බිං ගෙයක් ඇතුලෙන්






10.30 විතර එද්දි අපිට යානතමින් මහනුවර ළගාවෙන්න පුලුවන් උනා..අපි එද්දි අපේ ජාස ස්ටෙසන් එකේ ඇන ගනන් කර කර හිට්ය


නුවරින් අන්තිම සී.ටී.බී බස් එක මාතලේට රෑ 11ට..අපේ වාසනව රජයපු එදා අපිට අවසාන බස් එකත් අල්ල ගන්න පුලුවන් උනා


රෑ 12 වෙද්දි මාතලේට අපි ගොඩ බැස්ස...අපේ කිඩෝ ආව මාතලේට අපිව ගන්න..එදා රෑ අපි හිට්යේ කිඩෝලගේ ගෙදර...අපි වෙනුවෙන් සංග්‍රහ කරපු කිඩෝලගේ අම්ම ඇතුලු පවුලේ සැමට ගොඩක් ස්තූති වන්ත වෙන්න ඕන...රෑ 1ට,2ට වගේ අපි නිදාගන්න ගියේ පහුවදා ලොකු ගමනක් යන්න තියන නිසා..

ඒ පහුවදා රෑ නිදා ගනන් තැන මොකක් වෙයිද කියල අපි කාටවත් අදහසක් තිබ්බේ නෑ..ඒ වගේම ඒවගේම ඒ ගැන ලොකු ආසවකින් හිට්යේ...


.............................





Last edited by jkadithya; 10-07-2011 at 10:50 PM.
Reply With Quote
(#2)
Old
jkadithya's Avatar
jkadithya jkadithya is offline
Senior Member
jkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to all
 
Posts: 14,922
Join Date: Mar 2007
Location: ~ElaKiri Traveler~
10-07-2011, 10:23 PM

Day 2



රෑ එකට දෙකට නිදා ගත්ත අපි ඇහැරුනේ උදේ 7ට වගේ...චමත් මාතලේ ටවුන් එකට පොඩ්ඩක් එහායින් හිට්යේ..කොහොම හරි 8.30 වෙද්දි අපි උදේට කාල බීල ලෑස්ස්ති උනා..කිඩෝලගේ අම්ම අපිට දවල්ටත් එක්ක බත් ටිකක් බැදල දුන්න එපා කියද්දිත්..ඇත්තටම කිඩෝට වගේම කිඩෝලගෙ මෑනියන්ටත් ගොඩක් ස්තූති වන්ත වෙන්න ඕන අපිට කරපු සංග්‍රහ වලට..

ජීවිතේ ප්‍රථම වතාවට උදේට තේ 2ක් බොන්නත් හම්බනුනා

9 විතර වෙද්දි කිඩෝලගේ ගෙදරට සමුදුන්න අපි අපේ ටෙන්ට් උයන්න ගන්න ඕන හට්ටි මුට්ටිත් උස්සන් එකක් අරන් මාතලේ ටවුන් එකට එන්න පිටත් උනා food city එකට ගිහින් උයන පිහින බඩු ටික ගන්න




ටවුන් එකට එන අතර මග..



බංඩයි කිඩයි ප්ලෑන් එකක්



අපේ යාලුවෙක්ව මතක් උනා



bar



මගදි දැක්ක කෝවිලක්



අපේ ගමන් මලු ටික..



කෑම්ප්පින් යන ගමන්...








බඩු ටික අරගත්ත...ඊළට අපි කලේ මාතලේ බස් නැවතුම් පලට ගිහින් රත්තොට බස් එකක් හොයන එක..රත්තොට බස් නම් පැය කාලෙන් කාලට වගේ තියනව




බඩු ටිකත් පොදි පැදන් අපි ගොඩ උනා බස් එකට..බස් එකේ කට්ටිය දන්නව අපි රිවර්ස්ටන් යන්නේ කියල




ටිකක් ගත්ත ඕන්




මාතලේ ඉදන් රත්තොටට යන පාර නම් අබලන් ට්කක්..හදනව අතර මග







දැන් ලගයි වගේ





අපේ එකෙක් කැටේ හදනව...අපේ බ්ලැකාත් මේ කැට පිස්සෙක් ලු නේද?





ඔන්න අපි ආව රත්තොට ට

අපේ ට්‍රැවලර්ස්ල සෙට් එක බඩු ටිකත් අරන් බැස්ස බස් එකෙන්



රත්තොට බස් නැවතුම් පොළ



මෙතනදී අපිට මුන ගැහුන ජයන්ත අයිය..ජයන්ත අයිය කියන්නේ රත්තොට ඉන්න රියදුරු මහත්මයෙක්..ඉතිං ජයන්ත අයියගේ වාහනේ රිවර්ස්ටන් දක්වා යන්න අපි තීරනය කලා..

* ත්‍රීවීල් එකක් උනත් ඔයාලට ගන්න පුලුවන්..ඒත් වාහනේක යන එක ලේසි..වැඩි ගානක් වෙන්නේ නෑ කට්ටිය ඉන්නව නම්.. ඔයාල යනවනම් ජයන්ත අයියව contact කර ගන්න 0777159895..මොකද ජයන්ත අයිය ඒ වට පිට හොදට දන්නව වගේම හරිම හොද පුද්ගලයෙක්

අපේ කටිටිය වෑන් එකට බඩු ටික පටව ගන්නකල් මායි පටයි ගියා රෑට කන්න ඕන අඩුම කුඩුම ටික ගන්න...





ඔන්න ඉතිං කට්ටියවත් දාගෙන අපි රිවර්ස්ටන් බලා පිටත් උනා













රිවර්ස්ටන් යන අතරමග අපිට හම්බෙන මුල්ම ලස්සන තැන තමා බඹර කිරි ඇල්ල (Bambara Kiri Ella)



මේ තැන ගොඩක් ලස්සනයි..දිය ඇල්ල ගැන වැඩි විස්තරයක් නම් දන්නේ නෑ..හබැයි දැක්කම නම් වතුර ටික නාන්නම හිතෙනවා..ඒ වුනාට වතුරට බහින්න එපා..අපිට ගයිඩ් කරපු වෑන් එකේ ජයන්ත අයියා වගේම එතන හිට්ය අයත් කිවුවේ ලස්සන උනාට බහින්න එපා කියල..මොකද එතන බිලි ගන්නවලු..දැනට ජීවිත 13ක් විතර බිලි අරන් තියන බවට තමා ආරංචි..කොච්චර ලස්සන උනත්.. වතුර පාර කොච්චර හිමීට පැහැදිලි උනත් අපි මේකට බැස්සේ නෑ...ඔයාලත් ගියොත් බහින්න එපා

අපි යන්නයි යන්නේ ඹබර කිරි ඇල්ල බලන්න



මෙතන ලස්සන ෆොටෝ ශූට් එකක් තිබ්බ මතකද දන් නෑ කට්ටියට..



මේ පාලම නම් හොදටම අබලන්...ඒක නිසා අපි ඒකේ යන්න ගියේ නෑ







මගදි හෙල්ලෙනවා :p



කොහොමහ්ද පාලම






පාලම උඩට ඹබර කිරි ඇල්ල පේන විදිහ



ඹබර කිරි ඇල්ල Bambara Kiri Ella







Panorama from ChamithCP's phone



මෙවන් දේ කර මෙහි සුන්දරත්වය කෙලසන්න එපා



ජනතාව busy



සැට් එක



නදිය ආවෙ දෙවනි දවසෙ නිසා නදිය ව මිස් උනා



මේ ඉන්නේ ජයන්ත අයිය....



සුන්දර ඹබර කිරි ඇල්ලට සමු දුන්න අපි ඊලගට ගියේ තෙල්ගමුව ඔය බලන්න



Last edited by jkadithya; 10-07-2011 at 11:11 PM.
Reply With Quote
(#3)
Old
jkadithya's Avatar
jkadithya jkadithya is offline
Senior Member
jkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to all
 
Posts: 14,922
Join Date: Mar 2007
Location: ~ElaKiri Traveler~
10-07-2011, 10:24 PM

ඹබර කිරි ඇල්ලෙන් සමු දුන්න අපි ඊළගට යන්න ලෑස්ති වුනේ තෙල්ගමුව ඔය බලන්නයි...

පාර නම් තනිකරම වංගු







ඉදිරියටම



කස්ටිය ගමනේ...





Reverstan වලට මෙතනින් හැරෙන්න

මෙතන පොඩි කතාවක් මතක් උනා..අපේ නදීරය ආවේ දවල් ක්ලාස් ඉවර වෙලා රෑ වෙලා අපි හිටිය තැනට..ඉතිං මූ මහ රෑ කාර් එකේ පාර හොයන් එද්දි මේ හරියෙන් පාරේ හිටිය අන්කල් කෙනෙක්ගෙන් අහල පාර...අන්කල් අහල පුතා මේ වෙලේ යන්නද කියල..මූ ඉතිං ඔව් කියල..කෙලින්ම යන්න පුතා දෙයියන්ගේ පිහිටයි කිවුවලු...නදියට හිතුන දේ හිටතාගන්න පුලුවන් නේ...




ආයේ ගමනේ...




මේ ෆයින් කැලේ විශුවල් එකක් කරල තියනව..



මේ යන අතර මග ඔයාලට නැවතෙන්න ඕන නම් පොඩි පොඩ් නැවතුම් පොලවල්/හොටෙල් තියනවා





මේ පාරේ යන එකම බස් එකද කොහෙද



ඇවිද්ද පය දහස් වටී



අපේ රටේ ප්‍රධාන අපනයන බෝගයක් තේ...



එන්න එන්න පරිසරය සිසිල් වෙනව වගේම ලස්සන වෙනව



තේ වත්තක් මැදින්



මෙතන view එකට නම් අපිට මාර ආස හිතුන







බංඩා බිසී



දැන් අපි ඇතුලු වන්නේ නකල්ස් වන අඩවියටයි









දැන් අපි try කරන්නේ රිවස්ටන් හරියයි..තෙල්ගමු ඔය ට පතන පහු කරල, ඉලුක් කුඹුරට යන්න ඕන



This is our Sri Lanka

දැන් අපි පහු කරන්නේ රිවස්ටන් හරියයි..තෙල්ගමු ඔය ට පතන පහු කරල, ඉලුක් කුඹුරට යන්න ඕන












මෙතන්ට කියන්නේ පතන කියල...අපි කෑමිපින් කරන්න කියල හිතන් හිට්යේ මේ හරියේ..




පිටවල කියන ගමට යන්නේ මෙතනින්






ඔන්න අපි ආව තෙල්ගමුව කොමළිය බැහැ දකින්න



මෙතන තමා වන සංරක්ෂන දෙපාර්තමේන්තුවෙන් කරන බංගලාව තියෙන්නේ..ඒකට එනවන්ම් කලින් ම ඔයාල කෝල් කරල බුකින් එකක් දාගන්න ඕන





අපි එහෙනම් යමු තෙල්ගමුව ඔය බලන්න.






අපේ ජනතාව short cut එකෙන්












Here we go..........

මෙතනත් පොඩි කේස් එකක් තියනව..මෙතන ඈතට යන්න එපා කිවුව නාන්න..ගැඹුර වැඩී කියල..අනිත් එක තමා මාලු ඉන්නවා සෑහෙන්න..කොටනවා ඉවරයක් නෑ.. අපේ කිඩෝ පුදුම ආසවෙන් හිට්යේ..

this





මාළු...කිඩෝගේ යාලුවෝ





උඩින් බලද්දි මෙහෙමයි



දැක්කමත් ජඹුරයි කියල හිතෙනව නේ






මෙතන පොදු ස්ථානයක්..ඒ වගේම ස්වභාවික උරුමයක්..අපේ කටිටිය ඇවිත් විනෝද වෙනව වගේම තමා හිතන්න ඕන මේක මේ ලස්සන ස්වභාවික විදිහටම තියල යන්න..
බලන්න ඔයාලත් ඇවිත් මෙහෙම දේවල් කරනවද? මේ වගේ දේවල් දැක්කම නම් හරිම දුක හිතෙනව...අපිට ඉතිං අකමැත්තෙන් උනත් ඒ වෙලාවට කියවෙන එකම වචනේ "කාලකන්නි" කියල තමයි..





දවල් වරුවේ රස්නෙත් එක්ක අපි කට්ටියත් හිතුවා නා ගත්තොත් හොදයි කියල...





නාල ඉවර වෙලා අපිත් පොඩි පොටෝ ශූට් එකක් කලා

1i



2ii



3iii



Camithcp's panorama











නාල ඉවර වෙලා අපි ආපුහු යන්න හැරුන පතන දිහාට කෑම්පින් කරන්න...





Last edited by jkadithya; 10-07-2011 at 11:18 PM.
Reply With Quote
(#4)
Old
jkadithya's Avatar
jkadithya jkadithya is offline
Senior Member
jkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to all
 
Posts: 14,922
Join Date: Mar 2007
Location: ~ElaKiri Traveler~
10-07-2011, 10:24 PM



මේ පතන






තෙල්ගමුව ඔයෙන් නාල බඩගින්නත් එක්කම අපි කලේ අපේ කූඩාරම අටවගන්න තැනක් හොයාගන්න පුලුවන් තැනක් බලන එක..වෑන් එකේ අයිය නම් කිවුවේ පතනේ කෑම්ප් එක ගහන් ඉන්න පුලුවන් කියල..අපි පතනට ගියාම එතන අපිට කෑම්ප් කරන්න අවසර දුන්නේ නෑ..ඒ වෙන මොකක් නිසාවත් නෙවේ වස්ගමුවෙ කැලෑවෙන් අලි වගයක් ඇවිත් ලු..ඒ නිසා රෑට කෑම්ප් එකක් ගහන් මෙතන ඉන්න එක ගොඩක් අවදානම් කිවුව..අපේ කට්ටිය ඕනම අවදානමක් ගන්න කැමති උනත් එතන තියන තත්වෙ හැටියට එතන කෑම්පින් කරන අදහස අත් ඇරිය..අපේ උත්සහය උනේ කොහොම හරි කෑම්ප් එක අටව ගන්න එකයි...අපේ වෑන් එකේ අයියටත් තේරුනා ඒක.."හරි මල්ලි, රිවර්ස්ටන් පැත්තට යමුකෝ' මේ හරියේ ඉන්න එක හරි අවදානම්..මටත් හිතට හරි නෑ මෙතන ඔයාලව දාල යන එක"..අපිත් ඉතිං හා බෑ ගානට වාහනේට ගොඩ උනා...රිවර්ස්ටන් පැත්තට යන්න

ටිකක් ඉස්සරහට යද්දි අපිට මාරම ලස්සන සීනරී එකක් දකින්න හම්බ උනා..පිස්සු වැ‍ටුන වගේ අපිට..අලිත් අමතක වෙලා අපි වාහනේ නතර කරල ෆොටෝස් ගත්ත..

හරියට දිය ඇල්ලකින් වතුර වැටෙනව වගේ ඉර එලිය කදු පන්තියෙන් පාතට වැ‍ටුනේ...



















අපිට මෙතන මේ ටික ෆොටෝ ගද්දි ඈතින් හක් ගෙඩියක් බිම්බිනව ඇහුන..ඒකේ තේරුම අලි ඉන්නව කියල දැනුම් දෙන එකලු..අපේ වාහනේ අයියත් ටක් ගාල අපිට වාහනේට නගින්න කියල රිවස්ටන් පැත්තට එලවන්න ගත්ත..අපිත් දැන් ටිකක් බය වෙලා වගේ..ඉස්සරහට යද්දි හමුබුන ලොරියකින් කිවුව අලි ඉන්නවලු පාරේ ඉස්සරහ පරිස්සමෙන් කියල..වෑන් එකේ අයිය කට වරද්ද ගන්න එපා කියල අපිට උන් ගැන කතා කරන්න එප කියල බොහොම පරිස්සමෙන් වාහනේ ඉස්සරහට පදවන් ගියා..මොකද අපි මේ ඉන්නේ කන්ද පාමුල..කන්ද උඩ හරියට අලි එන්නේ නෑ..ඒ නිසා ඉක්මනටම ඕන උනේ කැලෑව පොඩ්ඩක් පහු කරල කන්ද උඩ හරියට යන්න...



අපිට ඔය පේන ටවර් එක ගාවට තමා යන්න ඕන උනේ..එතනටත් නගින්න පුලුවන් ලු..කෝම හරි තැනක් හොයන් යද්දි මෙන්න බොලේ අපිට හම්බ උනා නියම තැනක් හරියට අපිටම කෑම්පින් කරන්න හදපු වගේ..මේ හරියට අලි එන්නෙත් නෑ කිවුව කන්ද නිසා..බය වෙන්න දෙයකුත් නෑ ..අපේ කෑම්පින් ආසාව උපරිමෙන් තිබ්බ වෙලේ මෙහෙම තැනක් හමුබුන එක ගැන අපිට මාරම සතු‍ටුයි...අපි එතනින් බඩු ටික බාගෙන අපේ සුන්දර කෑම්පින් කරන වැඩේ පටන් ගත්ත..ජයන්ත අයියව ආපහු ගියේ "මල්ලි මොකක් හරි ඕන කමක් උනොත් රෑ හරි කමක් නෑ කෝල් කරන්න " කියල යන ගමන්..අපි පොරොන්දු උන ගානට වඩා ටිකක් වැඩියෙනුත් දුන්න .අපිට කරපු උදවුවට...


දැන් ඉතිං පටන් ගමු අපේ කෑම්ප් එක ගහන්න






මෙතනට එද්දි නම් අපි හොදටම බඩගින්නේ හිටියේ..අපි මුලින්ම කලේ කිඩෝලගේ අම්ම බැදල දුන්න බත් මුල් ටික ලෙහාගෙන කාපු එක .. නාල කරල හිටපු නිසා බඩගින්න හොදටම වැඩි වෙලා හිට්යේ...

ඊට පස්සේ අපි කරපු දේ තමා අපේ ටෙන්ට් එක අටව ගන්න එක..අපිට ලොකු ප්‍රශ්නෙකට මුහුන පාන්න උනා එතන කන්ද උඩ වගේ හින්ද හුළග වැඩි..ඒකෙන් කවර් වෙන්නත් ඕන...ඒ ඔක්කොම බලල තමා අපිට අපේ ටෙන්ට් එක ගහන්න උනේ

වැඩ පටන් ගන්න කලින් අපි ෆොටෝ එකක් ගත්ත



නදිය විතරයි අඩු..නදියා ආවේ රෑ නේ..



ඔන්න අපි ටෙන්ට් එක ගහන්න යන්නේ..
















Done






පුංචි අපිට ස්මාටිස්ට්



බංඩ කෑම්ප් එක මුර...



වනේ පිපිනු මලක් වගේ...



අපේ පුංචි නිවහන





මෙතන මන් කිවුවනේ ඔයාලට ටවර් එකක් තියන්ව කියල..අපි මේ හිටිය තැන පොඩ්ඩක් ගිමන් නිවන්න පුලුවන් ඔයාලට යද්දි..



එගෙම ගිමන් නිව්න්න ඇවිත් අපේ අය පරිසරය ගැන පොඩ්ඩක්වත් හිතන් නැතුව කරල යන මේ විනාශය බලන්න..





* පොලිතීන් නම් ගෙනියන්නම එපා..ගෙනියන්ව නම් ආපහු ගෙනත් නිසි තැන් වලින් බැහැර කරන්න...

*ගිනි ඇවිලීම් කරද්දි පරිස්සමේන්..වැරදියට කලෝතින් නවත්තන්න බැරිව පළාතක්ම ගිනි ගනීවි..

*මෙහි තිබෙන ශාක ආදියට හානි නොකරන්න..

*මතු පරපුරටද මේ ලස්සන මෙහෙම බලන්න ඉඩ තියන්න





මෙතන මාර හුළගක් එනව..ඒ වගේම රෑ වෙද්දි හරි සීතලයි..අපි වටේ පිටේ පොඩ්ඩක් ඇවිද්ද..රෑට පොඩි ගිනිමැලයක් ගහ ගන්නත් එපැයි, උයන්න පිහින්නත් තියනවනේ..මේ බලන්න ටවර් එකට වෙන දේ...







ඒ අතරේ එකෙක් මල් කඩනව




Just wow like wallpaper





පොඩි රවුමක් දැන්ම අපි ආව කෑම්ප් එකට රෑට උයන්න පටන් ගන්න..මොකද හදිස්සියේ ප්ලෑන් කරපු නිසා අපිට ලන්තෑරුමක් ගේන්න බැරි උනා..ඒ වගේම අපිට ටෙන්ට් එක ගාව ගිනි මැලේ ගහන්න උනේ නෑ හුළන් වැඩි නිසා...ඒ නිසා අපි කලුවර වැටෙන්න කලින් උයන්න ගත්තත් අපිට කලින් කලුවර උනා...කට්ටියක් ගිනිමැලේ ගහනකල් මායි, දිලුමයි උයන්න පටන් ගත්ත...

අපි රෑට කන්න තීරණය කලේ පානුයු කුකුල් මසුයි තාමා...ඉතිං උයන්න ගියාම පොඩි ප්‍රශ්නෙකට මුහුණ පෑව...ඊට පස්සේ කොහොම කොහොම හරි විදේශ ආධාර මාර්ගයෙන් උයානම් ගත්ත...

මස්, ලූනු කපල දාල. මිරිස් තුනපහ දාල අතගාලා........









ඔන්න අපි ගියා උයන්න..හැන්දක්නම් නෑ..ඒ වෙනුවට ගත්තේ කෝ‍ටු කෑල්ලක්..



ම්ම්ම්...පාට නම් හරියටම ආව වගේ...



අපි මේ උයන අතරේ නදීරය කාර් එකේ අපි හිට්ය තැනට එමින් හිට්යේ..ඇත්තම නදිය අපි ඉන්න තැනට එනකල් අපි ට්කක් බයෙන් බලන් හිට්යේ..මොකද එකක් මීදුම, අනික මේ වංගු තියන පාර, නදිය එන්නේ තනියම සහ මේක හිමීට යන එකෙක් නොවීම...

කොහොම හරි අපි උයල ඉවර වෙදිදි නදීරය ආව...ආව ගමන් බංඩ පැන්න කාර් එකට...



නදීරය ආපු නිසා දැන් අපි සෙට් එකට ඌ ගැන බය වෙන්න දෙයක් නෑ..කට්ටියම ඉතිං ඒ වෙද්දි හොද බඩගින්නේ හිට්යේ..ඉතිං උයපු එක තියන් බලං ඉන්නද කියල අපි වැඩ ඇරඹුවා...




කාල බීල ඉවර උනාම නදිය කිවුව BBQ පාරක් දාමු කියල..,ඒ සදහා නම් මූලිකවම කටයුතු කලේ අපේ මල් කොල්ල හෙවත් Mr.රුත්තාපනේ..(දිලුම)

මෙන්න අපේ BBQ



රන් වන් පැහැ වෙනතෙක් අපි බලා සිටියෙමු...



කඩි q :p



අනේ අපොයි



එක කටට ඇතිවෙයි වගේ



බීමක් නොවේ..



කොහෙ ගියත් යාලුවෙක්..




BBQ ඉවර වෙලා අපි ගියා නිදා ගන්න අපේ ටෙන්ට් එකට





බංඩට ඉතිං ලැප් එකක් කිවුවොත් ආයේ මුකුත් ඕන නෑනේ..



කිඩා දොයි



ඔන්න ඉතිං රෑ සීතලේ වෙවුල වෙවුල හුලං සද්දෙටත් කන් දීගෙන අපි අපේ සුන්දර රිවස්ටන් කෑම්පින් එකේ අපි ටෙන්ට් එක ඇතුලේ නිදාගන්න වැ‍ටුනා..



රෑ නම් මාර සීතලයි..ඒ වගේම මාර හුළගක් තිබ්බේ...කොහොම කොහොම හරි කැඩි කැඩි නින්දකුත් ගියා...

Reply With Quote
(#5)
Old
jkadithya's Avatar
jkadithya jkadithya is offline
Senior Member
jkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to all
 
Posts: 14,922
Join Date: Mar 2007
Location: ~ElaKiri Traveler~
10-07-2011, 10:24 PM

Day 3...Final day...


උදේ පාන්දරම අපේ ඇහැරුනේ දිලුම..ඒ මලක් කඩන්නද කියල නම් දන්නේ නෑ..මූ මාව නැගිට්ටෙවුව.."ජේ.කේ..එලියට ඇවිත් බලපන් කියල..

මාත් ඉතිං ඇව්ත් බැලුව..බැලින්නම් මෙන්න වැඩේ...මාරම ලස්සනයි...ජීවිතේ මං ගොඩක් ආස කරන එක සිද්දියක්...ටෙන්ට් එකකින් එලියට එද්දි මෙහෙම ස්වභාවදම් මෑනියන්ගේ දසුනක් දකින්න අපි පිං කරල තියෙන්න ඕන..ඒ සීත සුළං එක්ක දැක්ක සීනරි එක නම් මාරේම මාරයි..



















චමතුත් එලියට ආව කූඩාරමෙන්...



අපේ කූඩාරම



පටා පොඩ්ඩක් සෙම වැඩි උන නිසා නදියත් එක්ක කාර් එකේ නිදා ගත්තේ.. නදියත් එලි බැස්ස...





අපි ඉතිං හැම දාම දත් මදින ළමයි නේ..අපි දත් මදිමු.





බංඩත් කටේ බ්‍රෂ් එක ගහන් වැඩ





පටා උදේම ලෙඩ අමතක කරල කැමරාව අරගෙන



උදෑසන ආහාරය චොකලට්..ඇත්තටම අපි උදේට කන්න මැගී ගත්තත් අපිට ඒක අමතක උනා..ඒ තරමට අපි සතුටින් හිට්යේ...



චමත් ගේ බියුටි කචල්



මේ අපි හරිය.. මෙතන පාරෙන් තමා ටවර් එක උඩට යන්නේ..අපිට යන්න නම් උනේ නෑ..









අයිති කාරයා



ෆුල් සැට් එක..



උදේම අපි පොඩි ෆොටෝ ශුට් එකක් කලා..





ඉගිලෙන්න තහනම්ද අපිට?



ALTO




ජීවිතයක නිදහස



මෙන්න මෙහෙමයි මේ යට තියන ෆොටෝ ටික ගත්තේ..


.
.
.
.
.





මං කිවුව වගේම මෙතන යටිතල පහසුකම් නම් තියනව...අන්තිමට වතුර ඉවර උනා



ආපහු ගෙදර යන්නත් තියන නිසා කෑම්ප් එක අස්පස් කරල අපි පතනට ගිහින් පුංචි ලෝකාන්තේ බලන්න තාමා ඊළගට ලෑස්ටි උනේ...





අපි හිට්ය තැන අපි පිරිසුදු කලේ පරිසරයට කිසිම හානියක් නොවෙන්නයි



one of greatest camping





නදියගේ කාර් එකේ 5ක් දාන්න පුලුවන් උනත් මේ පාරේ හැටියට 4යි දාන්න පුලුවන්..අපි ආයේ ජයන්ත අයියට කතා කරල වාහනේ ඇහුව..ජයන්ත අයියට එන්න බැරි උනත් වෙන කෙනෙක්ව අපි වෙනුවෙන් එවන්න තරම් අපිට උපකාරී උනා...

වෑන් එක එනකල් කෑවා කෑමක්.. පානුයි සෝසුයි..නදීරයගේ කෑමක්...








පැයකින් වගේ වෑන් එක ආව...අපි වෑන් එකේ නැගල ආයේ පතන බලා ගන්න පිටත් උනා...එතනින් අපි යන්නේ පුංචි ලෝකාන්තය බලන්න





පතනට යන අතර මග දසුන්...












යන පාර





නදිය එක්ක යන ගමන්









මග දිගට ෆොටෝ














.............


ඔන්න අපි ආව පිටවලපතන ට - PATHANA PATHANA

මෙතන කුඩා ලෝකාන්තයක් තියනව..





මේතන වාහන පාක් කරන්න පුලුවන්..





ඕයාලට ඒක බලන්න ඕන නම් ටිකට් එකක් ගන්න වෙනව..අපි ගත්ත වෙලේ නම් ටිකට් එකක් රු.25..





The Big foot with small feet





let's go...



අපි කුඩා ලෝකාන්තය බලන්න යද්දි මේ කහ පාටින් ලකුණු කරල තියන පාරෙන් තමා යන්න ඕන..







මෙන්න අපේ අයියලාගේ තවත් වීර ක්‍රියාවක්...අමරණීය වෙන්න ගලේ කොටල ගිහින්...





බංඩ වැඩ..



මෙතන ඉදන් බැලුවම වටේම කදු යායම පේනව..ඒක ගන්න නම් ඉතිං පැනරාම ම තියෙන්න ඕන..වාසනාවකට අපේ චමත් ගේ ෆෝන් එකේ පැනරාම තිබ්බ
Panorama from ChamithCP








normal view..





අපි සංචාරේ...







ක‍ටුස්සෙක්...



මේ කලාපයේ උස ගස් නෑ..පොඩි පොඩි මේ වගේ ක‍ටු පදුරුයි මිටි ගසුයි තමා තියෙන්නේ







මොකෙක් නමුත් කුරුමිනියෙක්



පුංචි කැලෑවක් තුලින්



කුඩා ලෝකාන්තය ඉදිරියෙන්



මෙන්න කුඩා ලෝකාන්තය,...



















මුලින්ම අපි හිතුවේ අලි කියල..zoom කරල බැලින්නම් මී හරක්



Travelers at Mini World's End Pathana



ජීවිතය...



අපේ ගයිඩ චමා



පටා පරිස්සමෙන්...



මේ තවත් එක තැනක් ..
එතන බලන්න පුලුවන් තැන් 2ක් තියනව



කුඩා ලෝකන්තය බැලුව අපි ඊළට ආපහු පතනට යන්න පිටත් උනා...ඒකට ආපු පාරෙමත් යන්න පුලුවන්..ඒ වගේම එතන තියන කැලෑව ඇතුලෙනුත් යන්න පුලුවන්...අපි ඉතිං කෑලෑ පෑනල පුරුද්දට කැලෑ පාර ‍තෝර ගත්ත



Last edited by jkadithya; 10-07-2011 at 11:15 PM.
Reply With Quote
(#6)
Old
jkadithya's Avatar
jkadithya jkadithya is offline
Senior Member
jkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to all
 
Posts: 14,922
Join Date: Mar 2007
Location: ~ElaKiri Traveler~
10-07-2011, 10:26 PM

මේ කැලෑ පාරෙන් යද්දි එතන බලන්න ආපු 2ක් අපිට කිවුව ඕක ඇතුලෙන් පාරක් නෑ ආව පාරෙන්ම යන්න කියල..අපි ඉතිං ඒක ඇහුවේ නෑ..මොක්ද පාරක් නැත්නම් ලකුණු කරන් නෑනේ..ඒ නිසාම ඒ අවධානම අරන් අපි කැලේ මැද්දෙන් යන්න ගත්ත...

මෙන්න මෙතනින් තමා යන්නෙ..



මෙන්න ඇතුලේ ඉදන් එලිය බැලුවම



ආයෙත් අපි කැලෑවට...



අපේ කලා කාරයෝ...මුන්ට අතක් පයක් තියන් ඉන්නම බැරි හැටි



තවත් එකෙක්



ෂ්.....
රොබින් ඉන් ද හුඩ්...



jungle mission



කැලෑව තුලින් සීරුවෙන් ඉදිරියටම ගමන් කරමින්









කිඩා දැඩි අවධානෙන්



වන සම්පත...









අපිට කලින් දවසේ කිවුව කතාව ඇත්ත කරමින් අපිට ඒ සදහා සාක්ෂියක් හම්බුනා...
ඒ තමා මේ..
අලිබෙටි..



තුරි හිස් අතරින්





අන්තිමේදි කැලෙන් එලියට











පටාගේ ෆොටෝග්‍රැපි



ඔන්න අපි ආයේ පිටවලපතනට ආව...





පොල්ක‍ටු නිර්මාණ







.......


පිටවල පතනට සමුදුන්න අපි පිටත් උනේ අපේ ගමනේ අවසාන වෙතට..ඒ ආයේ මාතලේට යන්න පිටත් උනා..පහුවදා නැවත රාජකාරී තිබීමත්, ගෙදර යන්න රෑ වෙන නිසාත් අපි ආපහු යන්න පිටත් උනා

නැවත ගමනේ





අපේ සෙට් එක...



අපි ගිය වාහන 2..නදියගෙ වංඩිය සහ වෑන් එක..





මෙතන ලස්සන දැකල අපිට හිතුන නැවතිලා ෆොටෝ එකක් ගන්න..ඒ අපේ වීඩියෝ එකේ අවසාන රෑප රාමු පෙල රෑ ගත කරන්න..

වට පිට ලස්සන















රිවස්ටන් වල අන්තිම සමුහ ජායාරූප පෙල...



තවත් මෙවන් සුන්දර දේවල් ලංකාවේ සොයා යා යුතු වේ...!!!




කිඩා...බොහොම ස්තූති මචං හැමදේටම



චමිතයා.. උඹටත් බොහොම ස්තූති මේ ගමන මෙහෙම සාර්ථක කර ගන්න කරපු හැමදේටම..



නදියා...කිව්ව විදිහටම ආවා...ලොකුම ලොකු අවධානමකින්...ගොඩක් ස්තූති බ්‍රදර්



තවත් එක සාරථක සංචාරයක අවසානය වීඩියෝ ගත කරමින්





නැවත ගමනේ...





පොඩි එකෙක්ගේ වාහනය



බඩ ඉරිගු..



වංගු..ආයුබෝවන් රිවස්ටන්



නදිය ගේ එලකිරි ඩ්‍රයිවින්



නදිය මේ පාරෙත් 60ට හැටේ යනව



කෝක් එකක් PERERA වෙනුවෙන්..





නදියගෙ සුරතලා



.............


මෙහම අපි පාටත ඇවිත් ආව තවත් ලස්සන තැනකට..
කට්ටියට මතක ඇති සිංහාවලෝකනය කිලය ‍ෆිල්ම් එකක් ආව..
අන්න එකේ "මතකද හැන්දෑවේ" කියන රූපරාමුව රූ ගත කරපු තැනට...
ඒ හරියට කියන්නේ දන් කන්ද (dankanda) කියල..





Reply With Quote
(#7)
Old
jkadithya's Avatar
jkadithya jkadithya is offline
Senior Member
jkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to all
 
Posts: 14,922
Join Date: Mar 2007
Location: ~ElaKiri Traveler~
10-07-2011, 10:26 PM

ඔන්න ආව අපි එතනට..
මේ හරියට කියන්නේ දන් කන්ද කියල..ඒ නිසා මේකට කියන්නේ දන් කන්ද පාලම කියල
මෙතනත් නානවනන් නාන්න කියාපු තැන..
වැඩි විස්තර ඕන නෑනේ..
බලන්න කොච්චර ලස්සනයිද කියල..






මටතකද හැන්දෑවේ අපි දෙන්නා...








ජිවිතය...



කොල්ලො සැට් එක...






රුත්තාපනේ ලද අතුරු ප්‍රතිථල..





මාලුත් ඉන්නව..




කොහෙ ගියත් මේ වගේ දෙයක් දකින්න ලැබුනම හිතට දැනෙන දුක නම් කියල නිම කරන්න බෑ,,,..
මේ වගේ වැඩ නම් කරන්න ඒපා..




කුඩා ජීවිතයක් කැමරාවට ගන්න try එකක්..



සාරථක හසුකර ගැනීමක්..





පරිසරය සහ සුන්දරත්වය..











ගලන සුන්දර දිය පහර





OoooooooooOh YeaaaaaaH.......




ඉතිං දන් කන්ද පාලමට සමු දීල නැවත මාතලේ පිටත් උනා








....

සංචාරය නිවා කරන්න අපිට දවල් කෑමට චමත් ලගේ ගෙදරට ආරාධනා කලා..
දවල් කිවුවා අපි 2 පහු උනා එහාට යද්දි..




චමත් ලගෙ ගෙදරට යන්න කලින් අපිට පොඩි ස්ටේශමක් හමුබුනා...
ඉතිං අපේ පෙරාව මටත් වෙලා අපි එතන පොඩි ෆොටෝ කෑලි ටිකක් ගැහුවා...








චමත් ලගෙ ගෙදරට ගිය අපිට රසවත් දිවා ආහාරයක් හම්බුනා...
චමත්ලගෙ මව පියා ඇතුලු සියලු දෙනාට බෙහෙවින් ස්තූති වන්ත වෙන්න ඕන අපි වෙනුවෙන් කළ ඒ සංග්‍රහයට..



හවස 4.30 වගේ අපි චම්ත් ලගේ ගෙදරින් දිල්ම්, නදියා, පටා, බංඩ (බංඩව නුවරින් දැම්ම හොදේ)සහ මං නැවත කොළඹ බලා ඒමට සමු ගත්තේ ඉතාමත් සාර්ථක සංචාරයක් නිමා කරමිනි...








Last edited by jkadithya; 10-07-2011 at 11:20 PM.
Reply With Quote
(#8)
Old
jkadithya's Avatar
jkadithya jkadithya is offline
Senior Member
jkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to all
 
Posts: 14,922
Join Date: Mar 2007
Location: ~ElaKiri Traveler~
10-07-2011, 10:26 PM

ඉතිං වෙනද වගේම ඉතාම හොද සංචාරයක් කරන්න පුලුවන් උනා මෙදා සැරේ..හදිස්සියෙන් සෙට් උනත් කාටවත් කියන්න බැරි උනත් පොඩි පොඩි ප්‍රශ්න වගයක් තිබුන නිසා හොද සාරථක සංචාරයක් නිමා කරන්න හැකි උනා...කූඩැල්ලෝ කාල කකුල ඉදිමිලා, අලි පාරේ ඉදී කියල බයේ ගිහින්, රෑ ටෙන්ට් එක හුලගට ගහන් යයි කියල බයේ ඉදල, මහ රෑ කෝව්වි පීලි පැනල පයින් ගිහින් කට්ට කාල, නදියට ජීවිතේට අමටතක නොචන ඇත්දැකීමක් ලැබිල නියම අත්දැකීම් ටිකක් ජීව්තේට හමුබුන තවත් එක් සාරථක සංචාරයක අවසානයයි මේ..

ඉතිං තවත් අලුත් සංචාරයක් සමග පුලුවන් ඉකමනට ඔබ හමු වෙන්නම් කියන බලාපොරොත්තුව තබමින් සංචාරකය අදට සමු ගන්නව..

එතෙක් ‍රැදී ස්ටින්න ElaKiri Traveler සමග..




________________________________




















We Highly Appreciate Your Ideas..

send your Suggestions and ideas :-

[email protected]




Reply With Quote
(#9)
Old
jkadithya's Avatar
jkadithya jkadithya is offline
Senior Member
jkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to all
 
Posts: 14,922
Join Date: Mar 2007
Location: ~ElaKiri Traveler~
10-07-2011, 10:27 PM

Special Thank goes to

* Kiddorockz and his parents
* Chamithcp and his Parents
* Jayantha ayya - Rattota Van - 0771759895
* Parakrama (PARA) ayya
* all the people who helped us even telling by words..



Thanks for watching this thread and highly appreciate your comments..


Reply With Quote
(#10)
Old
chamithcp's Avatar
chamithcp chamithcp is offline
Senior Member
chamithcp is a glorious beacon of lightchamithcp is a glorious beacon of lightchamithcp is a glorious beacon of lightchamithcp is a glorious beacon of lightchamithcp is a glorious beacon of lightchamithcp is a glorious beacon of lightchamithcp is a glorious beacon of lightchamithcp is a glorious beacon of lightchamithcp is a glorious beacon of lightchamithcp is a glorious beacon of lightchamithcp is a glorious beacon of light
 
Posts: 5,148
Join Date: Sep 2008
Location: Matale,Maharagama,Ratnapura
10-07-2011, 10:31 PM

මෙන්න දාලා......
Reply With Quote
Reply

Bookmarks

Tags
අර දෙන්නා කෝ, බබා පව්, බබාට මෝල්, dilum ela kollek, ek traveler to riverston, ek traverlers rox, elakiri trip, kiddorockz, mal mama samaga riverston, mr.ruththapane :p, paradise island, riverston

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.15412 seconds with 9 queries