ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page බලන්නකො බල්ගේරියාවෙ ලස්සන...
Reply
 
Thread Tools
(#1)
Old
D_Mad's Avatar
D_Mad D_Mad is offline
Senior Member
D_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant future
 
Posts: 13,264
Join Date: Jun 2013
Oh! බලන්නකො බල්ගේරියාවෙ ලස්සන... - 01-27-2019, 12:23 AM

යුරෝපේ 16 වෙනියට විශාලම රට තමා බල්ගේරියාව.. බලමුද ලස්සන...



කලු මුහුද රොමේනියාව සර්බියාව ග්‍රිසිය තුර්කිය වගේ රට වලින් වට වෙලා තියෙන ලංකාව වගේ දෙගුනෙකට පොඩ්ඩක් අඩු රටක්..
පුරාතනයේ ඉදන්ම බල්ගේරියාවේ දියුණු ශිශ්ඨාචාර පැවතුනා..
6th to 3rd century BC දක්වා කාලේ මේ රටේ තිසියන්ස්ලා, මැසඩොනියානුවො, පර්සියන්ල එක්ක යුධ බිමක් විදියට පැවතිලා..
පලවෙනි බල්ගේරියන් රාජධානිය පිහිටෙව්වා AD 681 දී..
11වන සියවසේදි බයිසන්ටයින්වරු මේ රාජ්‍යයය ආක්‍රමනය කලා.. ආයෙම දෙවන බල්ගේරියන් රාජධානිය 1185 දි පිහිටෙව්වා..ඉතාමත්ම ශක්තිමත්ව පැවතුනා 1396 තෙක් ඔටෝමාන්වරුන් විසිනි මේ රාජ්‍යය යටත් කරගන්නකන්...
රුසියන් -තුර්කි යුද්ධයේ ඵලයක් විදියට වර්තමාන බල්ගේරියාව පිහිටෙව්වා 1877–78 ..(තුන්වන බල්ගේරියා රජය )
ඉතිහාසේ පුරාවටම සටන් වලින් හෙම්බත් උන රටක් කියන්න පුලුවන්...


බල්ගේරියානු කැපිටල් එකේ තියන ප්‍රධානම පල්ලියක්.. ලස්සනයි..(The Aleksandr Nevsky Cathedral)

මේ රට යුරෝපා සංගමේ රටක්.. හැබැයි ෆුල් මෙම්බර් කෙනෙක්ම නෙවෙයි..නේටොවේත් සමාජිකයෙක්..


උල් සමෝච්ච රේඛා හදාගෙන තියන ලස්සන කදු පන්තියක්....


තුන් වෙනි රෝමය කියලා කියන්නේ මේන්න මේ Veliko Tarnovo's බලකොටුව තියන නගරෙට...{එතකොට දෙවැනි රෝමේ ???? ඒ කොන්ස්තන්තිනෝපලය. (එතකොට පලවෙනි රෝමෙ ? ඒක තමයි යකෝ ඔරිජිනල් රෝමේ)} නැගෙනහිර යුරොපේ සංස්කෘතික මධ්‍යස්තානයක් මේ කොටුව..


බල්ගේරියන් කදුමුදුනක පිහිටි සම්භාවනීය ඔර්තොඩොක්ස් පල්ලියක් ..රටේ ජනගහනෙන් 60%ක් කිතුනුවන්..7%ක් හම්බයෝ


බෝල්කන් කදු මුදුනක් වූ Buzludzha හි පිහිටි ස්මාරකයක්. බල්ගේරියාව ඔටෝමාන් අධිරාජ්‍යට යටත් වෙලා ඉදපු ඔටොමාන්ලගෙන් නිදහස් වෙන්න කරපු යුද්ධ වලින් බිහිසුනු සටන ඇති වුන තැනක්ලු මේක.. රටේ අයට හරියට වටින තැනක්..ඔටෝමන්වරු/ඔටෝමාන්-තුර්කිය බල්ගේරියාව 13වෙනි සියවසේ යටත් කරගෙන අවුරුදු500ක් විතර පාලනේ කලා..


ගොඩක් පරණ බලකොටුවෙ ඉතිරි ගෙවල් වල බවුන්ඩේසම ඉතුරුවෙල තියනවා...


බෝල්කන් කදු පන්තියේ තියනව රෝස් වැලි කියන පැත්තක්.. මේ පලාත තනිකරම රෝස වගා කරන පලාතක්..ලෝක රෝස ඔයිල් නිශ්පාදනයෙන් 85% පංගුවක්ම හදන්නේ මෙයාල.. සුවද විලවුන් වලට, බෙහෙත් වලට යොදාගන්නවා..රෝස වගාව මෙයාල අවුරුදු සිය ගාණ තිස්සේ කරගෙන එන දෙයක්.. කොටින්ම රෝස එක්ස්පර්ට්ලා..


සොවියට් සෙබල ස්මාරකයක්.. පහු ගිය කාලේ මේක එතනින් අයින් කරන්න දෙපාරක්ම කට්ටිය සෙට් උනත් කරන්න උනේ නෑ.. බල්ගේරියාව කවදාවත් සෝවියට් එකේ සමාජිකයෙක් උනේ නෑ. නමුත් සොවියට්1ත් එක්ක ලගින් ගනුදෙනු කලා..


රට පුරාම හැමතැනම මෙහෙම ලස්සන ඉදිකිරීම්.. බල්ගේරියාවේ අගනුවර සොෆියා(Sofia)


ත්‍රසියන්වරුන්ගේ(Thracian ) රාජකීය සොහොන් ගෙයක් මේ පේන්නේ. 4BCE වල තිබ්බ රාජධානියක නටබුන් මෙහි තියෙන්නේ..
ත්‍රසියන් කියන්නේ පුරාණ ජනවර්ගයක්.. ඔය ඉස්පාටකස් ෆිල්ම් එකේ එහෙම කියවෙන්නේත් ත්‍රසියන් පරපුරෙ ග්ලැඩියේටර්ල ගැන තමා.. පුරාන නැගෙනහිර යුරෝපෙ රන් කලේ මේ ත්‍රසියන් වරු...මෙයාල බල්ගේරියා, තුර්කිය, ග්‍රීසියේ ජීවත් වෙන්නේ දැනටත්. ඒ කාලේ වගේ පියෝ නෑ කලවම්.


පෞරානික ධීවර ගමක් මේ Sozopol. 2012 අවුරුද්දේ මේ ගම ලෝක ප්‍රසිද්ධ උනා එක රැයින්.. මධ්‍යකාලීන යුගයේ වැම්පයර් මීනීවලක් හොය ගැනීමත් එක්ක...(විස්තර හොයල බලන්න ආස අය)


කලු මුහුදට ආව ලස්සන තුඩුවක්...ලංකාවෙ උනා නම් මෙතන හොටෙල් 100ක්වත් ගහල තියේවි..(Kaliakra)


ලෝකෙ පැරණිම රන් ස්වර්ණාභරන නිශ්පාදකයෝත් බල්ගේරියානුවො... (Varna Necropolis, from 4,600 BC to 4,200 BC)


The Forgotten Communist


තනිවූ අසල්වැසි කදු දෙක යා කරන ගල් පාලම...සෑහෙන්න පරණයි...


විටෝශා කදු මුදුනේ ටීවී ටවර් එක පේන්නේ මේ. පහලින් පේන්නේ බල්ගේරිය කැපිටල් - සොෆීයා


කදුකරය මායිම්වෙලා කැලේ අස්සෙන් පාරක් එක්ක ඕර්හොඩොක්ස් පල්ලියක්..


ගුලාග් ඉස්ටයිල්1ට හදපු ස්මාරකයක්..


රටේ තැනින් තැන තියන ලස්සන කොන්ක්‍රීට ස්මාරක අමුතුම ලස්සනක් රටට එකතු කරනවා.. විශාල කොන්ක්‍රීට් සිංහයා මේ...(Shumen hill)


සොවියට්1කත් එක්ක ලගින් කටයුතු කලත් තමන්ගෙ කිතුනු ආගම විනාශ කරගත්තෙ නෑ කියන දේ රටේ හැමතැනම තියන චැපල් වලින් පේනවා.


කලු මුහුදේ මාලු බාන්න යන ධීවරයෝ දෙන්නෙක්..


ඔටෝමාන් කාරයෝ 16th and 17th centuries දී බලෙන් ඉස්ලාම් වලට හරවපු මිනිස්සු ඉන්න පලාතක් මේ.. නමුත් තාමත් කතෝලිකයන් මෙහි සිටිනවා..(Rhodope Mountains)


Rila අරාමය සිසිර ඉර්තුවේ ..


Varna's Dormition Of The Mother Of God Cathedral


දෙවන බල්ගේරියානු රාජධාණියේ අටසීයවන සැමරුමට ඉදිකල ස්මාරකය මේ පේන්නේ..(The Assens Monument in Veliko Tarnovo)


මොනියුමන්ට් නියර් හයිවේ Blagoevgrad..


ගැහැණු ළමයි...

විකි ඩේලි මේල් සමහර බල්ගේරියා සයිට්ස් වලින් ගත්තෙ


Last edited by D_Mad; 01-27-2019 at 07:38 PM.
Reply With Quote
(#2)
Old
Silly point's Avatar
Silly point Silly point is offline
Senior Member
Silly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to behold
 
Posts: 21,035
Join Date: Apr 2011
01-27-2019, 12:30 AM

Reply With Quote
(#3)
Old
hichchiputha's Avatar
hichchiputha hichchiputha is offline
Senior Member
hichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud of
 
Posts: 17,789
Join Date: Jan 2018
Location: වොන්ඩර් ලැන්ඩ්
01-27-2019, 12:33 AM

ela ban patta bokka
Reply With Quote
(#4)
Old
D_Mad's Avatar
D_Mad D_Mad is offline
Senior Member
D_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant future
 
Posts: 13,264
Join Date: Jun 2013
smile 01-27-2019, 12:33 AM

Quote:
Originally Posted by Silly point View Post
Thanks mchn..
Rep++++
Reply With Quote
(#5)
Old
hichchiputha's Avatar
hichchiputha hichchiputha is offline
Senior Member
hichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud of
 
Posts: 17,789
Join Date: Jan 2018
Location: වොන්ඩර් ලැන්ඩ්
01-27-2019, 12:33 AM

ElaKiri.com Message
You must spread some Reputation around before giving it to D_Mad again.
Reply With Quote
(#6)
Old
thilaknawe's Avatar
thilaknawe thilaknawe is offline
Senior Member
thilaknawe is a glorious beacon of lightthilaknawe is a glorious beacon of lightthilaknawe is a glorious beacon of lightthilaknawe is a glorious beacon of lightthilaknawe is a glorious beacon of lightthilaknawe is a glorious beacon of lightthilaknawe is a glorious beacon of lightthilaknawe is a glorious beacon of lightthilaknawe is a glorious beacon of lightthilaknawe is a glorious beacon of lightthilaknawe is a glorious beacon of light
 
Posts: 1,851
Join Date: Jul 2016
Location: Under the sky
01-27-2019, 12:35 AM

bump
Reply With Quote
(#7)
Old
Smartm's Avatar
Smartm Smartm is offline
Senior Member
Smartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these parts
 
Posts: 6,905
Join Date: Jul 2008
Location: හස්තිශෛලපුර
Send a message via Skype™ to Smartm
01-27-2019, 12:41 AM

+TFS
Reply With Quote
(#8)
Old
Chathuranga1's Avatar
Chathuranga1 Chathuranga1 is offline
Senior Member
Chathuranga1 is a splendid one to beholdChathuranga1 is a splendid one to beholdChathuranga1 is a splendid one to beholdChathuranga1 is a splendid one to beholdChathuranga1 is a splendid one to beholdChathuranga1 is a splendid one to beholdChathuranga1 is a splendid one to beholdChathuranga1 is a splendid one to beholdChathuranga1 is a splendid one to beholdChathuranga1 is a splendid one to beholdChathuranga1 is a splendid one to behold
 
Posts: 9,331
Join Date: Jan 2008
Location: ඇතුගල පාමුල
01-27-2019, 12:43 AM

Bump
Reply With Quote
(#9)
Old
hzr27's Avatar
hzr27 hzr27 is offline
Senior Member
hzr27 is a glorious beacon of lighthzr27 is a glorious beacon of lighthzr27 is a glorious beacon of lighthzr27 is a glorious beacon of lighthzr27 is a glorious beacon of lighthzr27 is a glorious beacon of lighthzr27 is a glorious beacon of lighthzr27 is a glorious beacon of lighthzr27 is a glorious beacon of lighthzr27 is a glorious beacon of lighthzr27 is a glorious beacon of light
 
Posts: 1,762
Join Date: Jan 2011
01-27-2019, 12:59 AM

You must spread some Reputation around before giving it to D_Mad again
Reply With Quote
(#10)
Old
bandara77's Avatar
bandara77 bandara77 is offline
Senior Member
bandara77 is just really nicebandara77 is just really nicebandara77 is just really nicebandara77 is just really nicebandara77 is just really nicebandara77 is just really nicebandara77 is just really nicebandara77 is just really nice
 
Posts: 3,174
Join Date: Feb 2009
Location: Oman
Send a message via MSN to bandara77 Send a message via Skype™ to bandara77
01-27-2019, 01:03 AM

TFS
Reply With Quote
Reply

Bookmarks

Tags
154, d_mad all threads

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04339 seconds with 9 queries