ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page අපෙන් වෙන්ව ගිය සොදුරු මිනිසා "සසා"
Reply
 
Thread Tools
(#1)
Old
Mr.Tom's Avatar
Mr.Tom Mr.Tom is offline
Senior Member
Mr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud of
 
Posts: 19,118
Join Date: Mar 2013
Location: EK Automobile
sad අපෙන් වෙන්ව ගිය සොදුරු මිනිසා "සසා" - 06-08-2019, 09:11 PM



සසා හෙවත් sasliit අපෙන් වෙන්ව ගිහිල්ලා, අද දවසේ අවසන් කටයුතු කරත්, තවම හිතා ගන්න බෑ ඔහුගේ වියෝව. මට ඔහු වෙනුවෙන් යමක් ලියන්නම ඕනේ. පහුගිය දවස් දෙකෙත් ලියන්න උවමනාව තිබුනට ලියන්න තරම් හිත මෙල්ල කරගන්න බැරි උනා.

සසා කියන්නේ පුදුම චරිතයක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු සරල මනුස්සයෙක්. ඒ වගේම බොහෝම මිත්‍රශීලී මනුස්සයෙක්. අනිත් පැත්තෙන් ගත්තම දැනුම් ගබඩාවක්. ඒ හැම දේම අද වෙනකොට නැති වෙලා. දැන් අපි තුළ තියන්නේ ඔහු ඉතුරු කරලා ගිය ඒ සරළ කම, ඒ නිහතමානී කම, ඒ මිත්‍රශීලී කම සහ ඔහුගේ නිර්මාණ, ගුණ සුවද පමණයි.

මම මුලින්ම සසා ගැන දැන ගන්නේ ගීත විචාර කියවලා. ඒ විචාර එසේ මෙසේ ඒවා නෙවෙයි. ඒවා කියෙව්වට පස්සේ නැවත නැවත බලන්න හිතෙනවා. සම්පූර්ණයෙන් මුළු ඔලුවටම ඒවා වදිනවා. ඒ ඔහුගේ ඉගැන්වීමේ හැකියාව නිසා වෙන්න ඕනේ. ඒ වගේම ඔහුගේ දැනුම ගවේශනයේ ප්‍රතිඵල. ඉතිං ඒ ත්‍රෙඩ් හරහා මට සසා ගැන ඇති උනේ ලොකු පැහැදීමක්. ඉන් පස්සේ කිඹුලා අයියට දවසක් කෝල් කරාම සසා ගැන තව විස්තර දැන ගන්න ලැබුනා. ඒ හරහා සසාව තව දුරටත් ආශ්‍රය කරන්න පෙළඹුනා.

ආදුනිකයෙක් විදිහට මම ගීතයක් විචාරය කරන්න උත්සාහ ගත්තම ප්‍රවින සසා මට PM දාලා අඩුපාඩු පෙන්නලා දීලා මට උදව් කරා. "මචං උඹ හිතේ තියන හැම දේම හරියට එලියට දාලා ලියන්නෙ නෑ. එහෙම ලියපං විචාර" කියලා ඔහු මට කිව්වා. අදත් මට වෙලා තියන්නේ ඒකමයි. සසා ගැන හිතේ තියන හැම දේම එළියට දාලා ලියා ගන්න බෑ.

සසා ඔහුගේ බිරිදත් එක්ක කරපු රේඩියෝ ප්‍රෝ්‍ග්‍රෑම් එළකිරි රේඩියෝව අහපු කාටවත් අමතක වෙයි කියලා මම හිතන්නෙ නෑ. ඒ තරම් ඒක සාරවත්.

හිටපු ගමන් අපේ එළකිරි වෝල් එකට ඇවිත්, අපි හොදින් ඉන්නවද කියලා හොයලා බලලා vm එකක් දාන්න ආයි සසා එන්නෙ නෑ. කොහොමද මචං මේ දවස්වල වැඩ කියලා pm එවන්න ආයි සසා එන්නෙ නෑ. එළකිරියෙන් විතරක් අදුර ගත්තට, අකුරුවලින් විතරක් අදහස් හුවමාරු කරගෙන තිබුනට ඒ මිත්‍රත්වය සෑහෙන්න ලොකුවට දැනෙනවා. සෑහෙන්න ලොකු හිතේ වේදනාවක් මට දැනෙනවා. ඒ සංවේදී මනුස්සයා අද අපි අතර නෑ.
ආයි මේ එකවන්ට් එකෙන් http://www.elakiri.com/forum/member.php?u=35153 සසා ලොග් වෙන්නෙ නෑ.

මිනිස්සුන්ට සැබෑ මිනිසෙක් වෙලා හිටපු සසා ශ්‍රේෂ්ඨ චරිතයක්. කිඹූලා අයියා කියනවා වගේ ඔහු එළකිරියේ එක පුරාවෘතයක්.
ගුරුවරයෙක් විදිහට ළමයින්ගේ ගුණදර්ම හදපු, ළමයින්ට උගන්නපු, මිනිස්සුන්ගේ හිත් හදපු ශ්‍රේෂ්ඨ චරිතයක්

දැන් මේ මොනදේ ටයිප් කරත් වෙනදා වගේ සසා දකින්නෙ නෑ. දැන් අපිට සසාට දෙන්න පුළුවන් පිං විතරයි. උඹට පිං මචං. මේකේ උන්ගේ හිත් හැදුවට, හිත් සතුටින් තිබ්බට, මේකේ උන්ට සාහිත්‍ය රසය කියලා දුන්නට උඹට පිං. ළමයින්ට ඉගැන්නුවට, ළමයින්ගේ ගුණධර්ම හැදුවට උඹට පිං.

ඔඹට නිවන් සුව ලැබේවා මචං...




ඔහුගේ අරුත්බර ගීත විචාර මේ ත්‍රෙඩ් හරහා බලන්න පුලුවන්.
http://www.elakiri.com/forum/showthread.php?t=1313860
http://www.elakiri.com/forum/showthread.php?t=1437174

Quote:
Originally Posted by dmtx View Post
එම සදාදරණීය මිනිසා ගේ මතකයෙන් බිදක්
අවුරුදු 7කට පමණ පෙර.

http://www.mediafire.com/file/y01q5y...t-Clarence.mp3

Last edited by Mr.Tom; 06-09-2019 at 08:46 AM.
Reply With Quote
(#2)
Old
asylum's Avatar
asylum asylum is offline
Senior Member
asylum has a brilliant futureasylum has a brilliant futureasylum has a brilliant futureasylum has a brilliant futureasylum has a brilliant futureasylum has a brilliant futureasylum has a brilliant futureasylum has a brilliant futureasylum has a brilliant futureasylum has a brilliant futureasylum has a brilliant future
 
Posts: 19,367
Join Date: Sep 2013
Location: කැමති තැනක
06-08-2019, 09:13 PM

නිවන් සුව ලැබේවා මචං...
Reply With Quote
(#3)
Old
beam_tech's Avatar
beam_tech beam_tech is offline
Senior Member
beam_tech is a jewel in the roughbeam_tech is a jewel in the roughbeam_tech is a jewel in the roughbeam_tech is a jewel in the roughbeam_tech is a jewel in the roughbeam_tech is a jewel in the roughbeam_tech is a jewel in the rough
 
Posts: 713
Join Date: Oct 2017
06-08-2019, 09:13 PM

😞😞😞😞😞
Reply With Quote
(#4)
Old
asiriwasthu asiriwasthu is offline
Senior Member
asiriwasthu has a spectacular aura aboutasiriwasthu has a spectacular aura about
 
Posts: 333
Join Date: Oct 2013
06-08-2019, 09:16 PM

හොද මිනිසුන් හිමින් යන නිසාම කිරියට ගොඩවුනේ අහම්බෙන් එත් මේ පුවත ඇත්තටම සසල කළා
නිවන් පතන්න බෑ ඒ තරම් ඔහු සමාජයට අවශ්‍ය චරිතයක් .......

අනේ මන්දා
නුදුටු මිතුරාණනි
යලි එන්න

මම
ආසිරි වාස්තු
බත්තරමුල්ල
Reply With Quote
(#5)
Old
CONCORDE777's Avatar
CONCORDE777 CONCORDE777 is offline
Senior Member
CONCORDE777 is a name known to allCONCORDE777 is a name known to allCONCORDE777 is a name known to allCONCORDE777 is a name known to allCONCORDE777 is a name known to allCONCORDE777 is a name known to allCONCORDE777 is a name known to allCONCORDE777 is a name known to allCONCORDE777 is a name known to allCONCORDE777 is a name known to allCONCORDE777 is a name known to all
 
Posts: 3,290
Join Date: Apr 2017
Location: Sri Lanka
06-08-2019, 09:19 PM

ඔබට නිවන් සුව ලැබේවා.
Reply With Quote
(#6)
Old
laknath123's Avatar
laknath123 laknath123 is offline
Senior Member
laknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to behold
 
Posts: 16,794
Join Date: Jun 2007
Location: click here
06-08-2019, 09:24 PM

කියලා වැඩක් නෑ බං පට්ට දුකයි...
හිත හොඳ එකෙක්
Reply With Quote
(#7)
Old
Chuty_Putha Chuty_Putha is offline
Senior Member
Chuty_Putha is a glorious beacon of lightChuty_Putha is a glorious beacon of lightChuty_Putha is a glorious beacon of lightChuty_Putha is a glorious beacon of lightChuty_Putha is a glorious beacon of lightChuty_Putha is a glorious beacon of lightChuty_Putha is a glorious beacon of lightChuty_Putha is a glorious beacon of lightChuty_Putha is a glorious beacon of lightChuty_Putha is a glorious beacon of lightChuty_Putha is a glorious beacon of light
 
Posts: 403
Join Date: Jan 2017
sad 06-08-2019, 09:26 PM

Mona welada mcn nati wela tynne ?

නිවන් සුව ලැබේවා
Reply With Quote
(#8)
Old
SHIELD's Avatar
SHIELD SHIELD is offline
Senior Member
SHIELD has a spectacular aura aboutSHIELD has a spectacular aura about
 
Posts: 138
Join Date: Sep 2018
Location: WWE
06-08-2019, 09:27 PM

Bp
Reply With Quote
(#9)
Old
dath kimbula's Avatar
dath kimbula dath kimbula is offline
Senior Member
dath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud of
 
Posts: 34,989
Join Date: Jan 2011
Location: යහපාලන ඈස්-චර්යේ
06-08-2019, 09:28 PM

Quote:
Originally Posted by Chuty_Putha View Post
Mona welada mcn nati wela tynne ?

නිවන් සුව ලැබේවා
ජානගතව තිබු Wilson's disease නමින් හදුන්වන අක්මාවේ තබ තන්පත්වීමේ අතිශය දුර්ලභ තත්ත්වයක් සමග ඔහු මල්පැන් වෙත තිබු දැඩි ආලය ඔහුගේ මේ අකල් මරණයට හේතු වී තිබුනා......
Reply With Quote
(#10)
Old
-333-'s Avatar
-333- -333- is offline
Senior Member
-333- is a glorious beacon of light-333- is a glorious beacon of light-333- is a glorious beacon of light-333- is a glorious beacon of light-333- is a glorious beacon of light-333- is a glorious beacon of light-333- is a glorious beacon of light-333- is a glorious beacon of light-333- is a glorious beacon of light-333- is a glorious beacon of light-333- is a glorious beacon of light
 
Posts: 2,987
Join Date: Aug 2014
Location: ෆින්ලන්ඩ්
06-08-2019, 09:30 PM

නිවන් සුව...!!! සොදුරු මිනිසානෙනි...!!!.."සසා"...
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05354 seconds with 9 queries