ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri Traveler > Travel Sri Lanka
Reload this Page කලුපහනේ තුන්හිස්ගල ආයෙමත් වතාවක්....
Reply
 
Thread Tools
(#1)
Old
Dodo Mahaththaya's Avatar
Dodo Mahaththaya Dodo Mahaththaya is online now
Senior Member
Dodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant future
 
Posts: 11,746
Join Date: Jun 2017
Location: සෞරග්‍රහ මණ්ඩලය&
Love කලුපහනේ තුන්හිස්ගල ආයෙමත් වතාවක්.... - 08-31-2019, 01:49 AM

කලුපහනේ තුන්හිස්ගල ආයෙමත් වතාවක්....

ආයුබෝවන් අපේ එළකිරි සාමාජිකයන්ට.....

ටික දවසකින් සංචාරක නූලක් අරගෙන ආවා.

"එපිට කොනට කළුපානා කැලේයා
මෙපිට කොනට ලග්ගල මීමුරේයා
දෙසිය දෙකක් උස ඇති ගෝමරේයා
සොදයි පරකාස ලක මීමුරේයා"

මේ ඉස්සර ඉඳලම දුම්බර වනපෙතේ මීමුරේ, රණමුරේ වගේ ගම්මාන වල ගැමියන් අතර කියවුණු කවියක්.....
අපේ එළකිරි එකේ සමහරු දකින්න ඇති කලුපහනේ කන්ද මුලින්ම නැගපු ගමන ගැන මම කලින් ලිව්ව ත්‍රෙඩ් එක. මේ යටින් මම ඒ නූල අමුණලා තියනවා.


http://www.elakiri.com/forum/showthread.php?t=1857219

අද මම කියන්න යන්නේ කළුපහන කන්ද හෙවත් තුන්හිස්ගල 3 වෙනි වතාවටත් ගියපු ගමනේ විස්තර.
මේ ගමන අපි ගියේ ගිය අවුරුද්දේ ජූලි මාසේ දවස් වල.අපේ ගමේ යාළුවො තමා ගමනට එකතු වුනේ.ගමන සංවිධානය කලේ ඔවුන්.
තුන්හිස්ගල අපේ ඉලක්කය විදිහට තෝරා ගන්න විශේෂ හේතුවක් තිබුන. ඒතමයි ඊට මාස කිහිපයකට කලින් මම කලුපහනෙන් දූවිලි ඇලි යද්දී කළුපහන කැලේම සැඟවුණු දිය ඇල්ලක් දැකල ඒක හොයාගෙන යාමේ ගවේෂණයත් උත්සහ කිරීමේ අරමුණකුත් ඇතිව.

මිත්‍රයන්වත් ඒ වැඩේට කැමති කරගෙන අපි සුපුරුදු විදිහට නුවරින් වත්තේගමට ඇවිත් එතනින් ගෝමරය බස් එකේ ගෝමරය හන්දියට වෙනකන් ආවා.
දීර්ඝ සති අන්තයක් නිසා තවත් සංචාරක නඩ දෙකක් ඇවිත් හිටියා.
ගෝමරයේ ඉඳල ලෙබනන් වතු යායට වෙනකන් පයින්ම ආවා.
එතන උන්නු අනිත් නඩ වල කට්ටිය තුන්හිස්ගල වගේම දූවිලි ඇලිත් යන්න බලාපොරොත්තුවෙන් උන්නු නිසා ඒ කට්ටිය අපිට ඉස්සරවෙලා ගියා.
අපි 05 දෙනා බොහොම හිමින් සීරුවේ කලබලයක් නැතුව දුම්බරට ඇතුළු වුනා.දුම්බර වනය සෑහෙන මීදුමකින් වැහිලා තිබුනේ.


ගෝමරය බස් එකෙන් ඇවිත් ගෝමරේ හන්දියෙන් බැස්සා.


ගෝමරේ ගල සහ කන්දසාමි ගල






ලෙබනන් වත්තෙන් රත්නගිරියට ඇතුල් වෙද්දී සෑහෙන මීදුමක් තිබුන.

ඔහොම ටිකෙන් ටික ඉස්සරහට යන ගමනේදී අපේ පළවෙනිම අරමුණ වුනේ අර කිව්ව හැංගිච්ච දිය ඇල්ලට කොහොම හරි යන එක.
මොකද ඒක දැකපු දවසේමයි මම තීරණය කලේ කොහොම හරි එතනට යනවා කියන එක.
ඒක නිසා ඒ ගැන විස්තර, සිතියම් සේරම කලින්ම අධ්‍යනය කරලා තමා වැඩේට බැස්සේ.කොහොම හරි කළුපහන අඩි පාරේන් 04 වතාවක් කැලේට පැනල කැලේ වට ගහල , ගස් උඩ නැගල , පල්ලම් බැහැල අන්තිමේදී ජයග්‍රාහි 05 වෙනි වතාවේදී අපිට පුළුවන් වුනා ඒ දිය ඇල්ල නිර්මාණය කරන වතුර පාර හොයා ගන්න.
එතනට එන්නත් සෑහෙන දුෂ්කර ප්‍රයත්න කිහිපයකම යෙදෙන්න සිද්ධ වුනා. ඝන නෙලූ ගාල්, බට කැලෑ පීරගෙන තමා එතනට ලඟා වුනේ.










කැලේ පීරලා, බට ගාල්, නෙලූ කැලෑ මැදින් ගිහින් අවසානෙට කොහොම හරි වතුර පාර හොයා ගත්තා.


කොහොම හරි වතුර පාර දිගේ පහලට ගිහින් පලවෙනි දිය ඇල්ලේ මුදුනට වෙනකන් එන්න පුළුවන් වුනා.
හැබැයි ඒ වෙද්දී අපිට එදා දවසේ නැවතුම වුනු kmp එනසාල් වාඩියට තව බාගෙකට වඩා දුරක් ඉතුරු වෙලා තිබුන.
ඒ වගේම වෙලාවත් දවාල පහුවෙලා හැන්දෑවට කිට්ටු නිසා අපි ආපහු කැලේ පීරගෙන නැවත අඩි පාරට ඇවිත් හැන්දෑවේ වෙද්දී kmp වාඩියට සේන්දු වුනා.












මේ විදිහට වතුර පාරට උඩින් ඇවිත් පලවෙනි දිය ඇල්ලේ මුදුනට වෙනකන් ආවා.
දිය ඇල්ල සම්පුර්ණ ගවේෂණයට වෙලාව මදි නිසා ඒක වෙනින් දවසකට තියාගෙන ආපහු පිටත් උනා.


කොහොම කලත් මගේ අරමුණ සාර්ථක වුනා.අපි අඩි පාරෙන් කැලේට ඇවිත් දිය ඇල්ලේ වතුර පාර නිර්මාණය වෙන තැනට එනකන් ගමන් මාර්ගය මම සලකුණු කර ගත්තා.හැබැයි ඒ ෆෝන් එහෙක gps විදිහට නෙමේ, ගස් වල කරපු සලකුණු විදිහට.
එහෙම කලේ මට ෆෝන් එකක් නැති නිසා.
( හරියටම ඊට මාසෙකට විතර පස්සේ අපි ඒ දිය ඇලි පද්ධතියම සම්පුර්ණයෙන්ම ගවේෂණය කරලා '' ගෝනා ගිය ඇල්ල '' කියල නමක් දැම්මා. )

අපි වාඩියට එද්දී කලින් ආපු පිරිස ඒ වෙද්දී කළුපහන තුන්හිස්ගල නගින්න පිටත් වෙලා. මොකද ඒ උදවිය පහුවදා උදෙන්ම දුවිලි ඇලි යන්න පිටත් වෙන්න තියෙන නිසා පලවෙනි දවසෙන්ම එයාල කළුපහන නගින්න තීරණය කරලා.
ඉතින් අපි වාඩියට ආපු හැටියේ කලේ අපේ රෑ කෑම සුදානම් කරගන්න එක.
අපි පුළුවන් තරම් දර එකතු කරගෙන ඉක්මනට උයාගෙන ලිප නිවෙන්න නොදී තියා ගත්තා. මොකද එතකොට අනිත් පිරිසටත් වැඩේ ලේසි වෙන නිසා.










ඔහොම දිගටම කැලේ මැදින් එද්දී පාරේ මැද යාලුවෙක් ගොදුරක් අල්ලාගෙන...මෙයාගේ නම '' වයිරි හාල්දන්ඩා ''. නිර්විෂ සර්පයෙක්..මම නම දැන ගත්තේ ෆේස්බුක් එකේ සර්ප ගෘප් එකෙන්.


ඉක්මනට කෑම ටික උයා ගත්තා.

එදා රාත්‍රිය බොහොම සුන්දර විදිහට ගෙවුනා. අපේ පිරිස 05 නිසා අපි වාඩියේ ඉස්සරහ කාමරයට ගිහින් අනිත් කට්ටියට සාල කොටස දුන්නා, මොකද එයාලගේ පිරිස වැඩි නිසා.

පහුවදා උදෙත් අපි අනෙක් නඩ වලට මුලිකත්වය දුන්නා මොකද එයාලගේ ගමන දුර වැඩි නිසා.
අපි ඊට පස්සේ උදේට කන්න හදාගෙන තුන්හිස්ගල නගින්න පිටත් වෙද්දී උදේ 9 පහු වෙලා.

අපි කලින් දවසේ ඇතුළු වෙද්දී තිබුණු කාලගුණය නෙමේ දුම්බර ඇතුලේ තිබුනේ. වඩාත් වියලි, හිරු රැස් වැඩි කාලගුණයක් තිබුනේ.ඒක නිසා වැඩි අමාරුවක් නැතුව පැය දෙකකින් වගේ අපි කඳු මුදුනට සේන්දු වුනා.


ගමනට කලින් ....





කන්ද මුදුනේ සහ යන අතරමග දැකපු වටාපිටාව.....








ඔය මොල්ලි දෙකක් වගේ පේන්නේ ''සුදුගල '' කන්ද....


අළුගල් කන්ද....





මෙතන තමා තුන්හිස්ගලේ මුදුන.අර කලින් ත්‍රෙඩ් එකේ අපි බොහොම අමාරුවෙන් රාත්‍රිය ගතකලේ මෙතන


ලකේගල කන්ද ( මීමුරේ ලකේගල, නාරන්ගොමුව මීරියගොල්ල ලකේගල , කොමලෑවේ ගල )



දකුණේ අළුගල් කන්ද, වමේ දුම්බානාගල කන්ද..


තුන්හිස්ගල මුදුනේ තියෙන්නේ උස් කඳුකර වනාන්තරයක්. ඒකනිසා කුරු ගස් තමා මුදුනට වෙන්න තියෙන්නේ.ඔය පාට පාටින් තියෙන්නේ ගස් වල දළු...


වමාරපුගල. නකල්ස් දුවිලි ඇල්ලට පණ දෙන්නේ ඔය කන්දේ මුදුනෙන්.






ඔය ගස් අතරින් පේන්නේ මීමුරේ ගමේ වෙල් යායවල්...




මේක තමා ගඟ බොක්ක.ඔය පේන කන්දේ පහලින් තමා හීන් ගඟ ගලන්නේ. ඔය පින්තුරේ මැද්දෙන් ගල් දෙබෝක්කාවක් අස්සෙන් දිය ඇල්ලක් වැටෙනවා පේනවා..


ගඟ බොක්කේ දිය ඇල්ලේ zoom කරපු පින්තුරයක්.මේකට ලඟා වෙන එකනම් ප්‍රායෝගිකව සෑහෙන අමාරුයි වගේ පේන්නේ ...






හේමචන්ද්‍ර වාඩියේ අවශේෂ නටඹුන්....


kmp වාඩිය


ගිනිකෙලියා පතන සහ දුවිලි නිම්නය


ගඟ බොක්කේ තවත් දිය ඇල්ලක zoom කරපු පින්තුරයක්.....






වමාරපුගල සහ පහලින් තියෙන රැහැන කෙටු පතන..




Reply With Quote
(#2)
Old
Dodo Mahaththaya's Avatar
Dodo Mahaththaya Dodo Mahaththaya is online now
Senior Member
Dodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant future
 
Posts: 11,746
Join Date: Jun 2017
Location: සෞරග්‍රහ මණ්ඩලය&
08-31-2019, 01:50 AM

මේ මගේ තුන්හිස්ගල නැගපු 03 වෙනි වතාව. ඒ නිසා කරදරයක් නැතුවම කන්ද නැගල ආපහු පහලට එන්න පුළුවන්කම ලැබුන.
අපි නැවත වාඩියට එද්දී හැන්දෑවේ තුනට කිට්ටුයි. ඒ ඇවිත් ටක් ගාලා උයල, කෑම කාලා බෑග් සේරම අස් කරගෙන අපේ ගමනේ දෙවෙනි රාත්‍රියට සුදානම් වුනා.
අපේ සැලසුම වුනේ කලුපහනට එන අතරමග තියෙන මහගඟ නැත්තන් මහා ඇළමග කියන වතුර පාර පහලින් කඳවුරු වෙන්න.
අපි එතනට එද්දී හැන්දෑවේ පහට විතර ඇති.ඉතින් අපි එතනට ඇවිත් කුඩාරම අටවල පොඩි ගිනි මැලයක් පත්තු කරලා රෑ කෑමත් සකස් කරලා සෑහෙන වෙලාවක් එක එක දේවල් ගැන කතා කර කර උන්නා.




ආපහු පල්ලම් බසිමින්


හේමචන්ද්‍ර වාඩියේ නටඹුන් තියෙන තැනට තුන්හිස්ගල පෙනෙන අයුරු...


හේමචන්ද්‍ර වාඩියේ නටඹුන්








වාඩියෙන් පිටත් වෙලා මහගඟ අපේ දෙවෙනි නැවතුම්පොළේ කුඩාරම් ඉදිකළා.





කොහොමටත් ගලාගෙන යන වතුර පාරක සද්දේ අහගෙන ඉන්න එක එක්තරා විදිහකට භාවනාවක් වගේ. මම කැමතිම දෙයක් ඒක.
ඒ වගේම තමයි රූස්ස වනාන්තරයේ හුළඟට ගස් ඇඹරෙන සද්දෙයි, ඈතින් හුළඟ කඳු වල වදිද්දී ඇහෙන '' හෝ '' සද්දෙටයි.
ඒ වෙලාවට හිත පුදුම විදිහට එව්වත් එක්ක බැඳෙනවා..හරියට සුරංගනා කතා වල වගේ.

කොහොම හරි පහුවදා උදෙන්ම නැගිටලා අපේ බඩු මුට්ටු අස් පස් කරගෙන කුඩල්ලෝ කාගෙන උදේ 10,11 විතර වෙද්දී බඹරැල්ලට ඇවිත් පාලම යටින්
හුළුගඟ න් නාගෙන නුවරට ඇවිත් රෑ වෙද්දී ගෙදර ආවා.













තුන්වෙනි දවසේ උදෙන්ම නැගිටලා කඳවුරු බිම සුද්ධ කරලා ගමන් මලු ඔක්කොම ලැස්ති කරගෙන ආපහු පිටත් වෙන්නයි සුදානම...








පරිසරය ආපහු වෙනස් වුනා. බඹරල්ලට කිට්ටු වෙන්න මීදුමයි, පින්නයි තිබුනේ...






කුඩල්ලෝ කාගෙන, ලේ පෙරාගෙන ගමට ආවේ...


ඒ ඇවිත් පාලම යටින් ගලාගෙන යන හුළු ගඟේන් හොඳට නාගෙන ආපහු බස් එකේ නුවරින් ගෙදරට ගියා.

ඔය විදිහට තමා අපේ තුන්හිස්ගල සවාරිය සිද්ධ වුනේ.කලිනුත් තුන්හිස්ගල ගැන මම ලියල තියෙන නිසාත්, KMP වාඩිය ගැන කිහිප විටක්ම ලියල තියෙන නිසාත් ගමන් විස්තර අවශ්‍ය නැහැ කියල මම හිතනවා.
තුන්හිස්ගල නගින්න කෙනෙක් ඉන්නවා නම් මොන පැත්තකින් හරි KMP වාඩියට ඇවිත් එතන ඉඳල යන්න ඕනේ.

එහෙමනම් කිරියේ ඔබ හැමෝටම ජය වේවා....

............//..............


තව දෙයක් කියන්න ඕනේ,

එළකිරියේ කාලෙක ඉඳල මම ලියපු ට්‍රැවල් ත්‍රෙඩ් කියවල ගමන් වලට සහභාගී වෙන්න පුලුවන්ද කියල කිහිප දෙනෙක්ම මගෙන් අහල තියෙනවා.
පෞද්ගලිකව මම ඇවිදින්න කැමතිම මගේ ගමේ මිත්‍රයෝ එක්ක. මොකද අපේ යාළුකම් ඇති වුනේ අපි දුවන්න පනින්න ඉගෙන ගත්තු කාලේ ඉඳලමයි.
ඒ යාළුකම් අදටත් එහෙමමයි.
අනිත් දේ තමයි නන්නාදුනන අයත් එක්ක මම එකම එක වතාවයි ඇවිදලා තියෙන්නේ.ඒ මුහුණු පොතේ ගෘප් එකකින් දැරණියගල ඇලි හතට ගිය ගමනක්.
ඒ ගමනේදී මගෙත් එක්කම වගේ උන්නු මිත්‍රයෙක් තමා පස්සේ ඔහුගේ ගමන් වලට මට ආරාධනා කලේ.ඔය කළුපහන ගමන, දුවිලි ඇලි ගමන එහෙම ගියේ පොරත් එක්ක.
හැබැයි එලකිරිය කියන්නේ සයිබර් අවකාශයේ වෙනමම තැනක්.ඉස්සර තිබුණු එලකිරිය නෙමේ දැන් තියෙන්නේ. ඒක ඇත්ත. නමුත් අපිට පුළුවන් ඒ දවස් වල තිබුණු සමහර දේවල් වලට නැවත පන දෙන්න.
ඉස්සර තිබුණු එළකිරි ට්‍රැවල් ක්ලබ් එක නැවත පටන් ගන්න කියල කිහිප දෙනෙක්ම කියා සිටියා.හැබැයි ඒ වැඩේට මගේ කිසිම කැමැත්තක් නැහැ.
මොකද පලවෙනි හේතුව අපි දැන් out of generation..තව නොබෝ දිනකින් 30 + ක්ලබ් එකට ඇතුළු වෙන්න නියමිතයි.
දැනට කරගෙන යන දේවල් සහ ඉදිරියේදී ජීවිතේ ගන්න තීරණ එක්ක තව බොහොම සුළු කාලයයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ.
අනික් කාරණය ඒ වගේ දෙයක් සංවිධානය කරලා වගකීමක් අරගන්න තරම් මගේ ඇති නොහැකියාව.

මගේ මෙහෙම යෝජනාවක් තියෙනවා. එළකිරි සාමාජිකයන්ට විවෘත වෙන විදිහට එළකිරි හයිකින් ක්ලබ් ( Elakiri hiking club ) එකක් පටන් ගමු.
ඒකට කැමති කට්ටිය එකතු වෙන්න.ඒ වගේම හොඳ සංවිධාන ශක්තියක් තියෙන පිරිසක් එකෙ වැඩ කටයුතු බාර ගන්න.
ඒ සම්බන්ධයෙන් දැනුම, විස්තර අපි බෙදාහදා ගන්න පුළුවන්. වැදගත්ම දේ කට්ටියට එකතු වෙලා ගමන් යන්න පුළුවන්.
අන්න ඒ වගේ දෙයක් සංවිධානය වෙනවා නම් ඒ සම්බන්ධයෙන් දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙන්න මම සුදානම්...
ඒ වගේම වෙලාව තියෙන හැටියට සහභාගී වෙන්නත් පුළුවන්....
එළකිරි ට්‍රැවල් වලට කැමති අයගේ අදහස් කියන්න.....
Reply With Quote
(#3)
Old
War Fighter's Avatar
War Fighter War Fighter is offline
Senior Member
War Fighter is a glorious beacon of lightWar Fighter is a glorious beacon of lightWar Fighter is a glorious beacon of lightWar Fighter is a glorious beacon of lightWar Fighter is a glorious beacon of lightWar Fighter is a glorious beacon of lightWar Fighter is a glorious beacon of lightWar Fighter is a glorious beacon of lightWar Fighter is a glorious beacon of lightWar Fighter is a glorious beacon of lightWar Fighter is a glorious beacon of light
 
Posts: 1,259
Join Date: Mar 2017
08-31-2019, 02:05 AM

නියමයි මචන්. කාලෙකට පස්සෙ තමයි නියම travel thread එකක්. රෙප් දෙන්න බෑලු ඒකයි දුක
Reply With Quote
(#4)
Old
wingman's Avatar
wingman wingman is offline
Senior Member
wingman is a glorious beacon of lightwingman is a glorious beacon of lightwingman is a glorious beacon of lightwingman is a glorious beacon of lightwingman is a glorious beacon of lightwingman is a glorious beacon of lightwingman is a glorious beacon of lightwingman is a glorious beacon of lightwingman is a glorious beacon of lightwingman is a glorious beacon of lightwingman is a glorious beacon of light
 
Posts: 6,269
Join Date: Oct 2009
Location: In this moment
08-31-2019, 02:06 AM

pattama lssnai machn kadu tika
Reply With Quote
(#5)
Old
Dilshan94's Avatar
Dilshan94 Dilshan94 is online now
Senior Member
Dilshan94 has a spectacular aura aboutDilshan94 has a spectacular aura aboutDilshan94 has a spectacular aura aboutDilshan94 has a spectacular aura aboutDilshan94 has a spectacular aura about
 
Posts: 417
Join Date: Dec 2016
08-31-2019, 02:07 AM

meka thamai hodama welwa..niyamai mchn budusaranai
Reply With Quote
(#6)
Old
King_cobra's Avatar
King_cobra King_cobra is offline
Senior Member
King_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to behold
 
Posts: 16,452
Join Date: Apr 2015
Location: මාතොට
08-31-2019, 02:37 AM

niyamayi dodo

උබ ත්‍රෙඩ් දාන වෙලාව බලපන්
Reply With Quote
(#7)
Old
LINDA_ADERSON_22's Avatar
LINDA_ADERSON_22 LINDA_ADERSON_22 is offline
Senior Member
LINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to all
 
Posts: 7,991
Join Date: Dec 2010
08-31-2019, 03:33 AM

++
Reply With Quote
(#8)
Old
Hayao's Avatar
Hayao Hayao is online now
Senior Member
Hayao has much to be proud ofHayao has much to be proud ofHayao has much to be proud ofHayao has much to be proud ofHayao has much to be proud ofHayao has much to be proud ofHayao has much to be proud ofHayao has much to be proud ofHayao has much to be proud ofHayao has much to be proud ofHayao has much to be proud of
 
Posts: 36,300
Join Date: Sep 2009
Location: ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
08-31-2019, 04:26 AM

Ado umbala mara lucky
Reply With Quote
(#9)
Old
Hayao's Avatar
Hayao Hayao is online now
Senior Member
Hayao has much to be proud ofHayao has much to be proud ofHayao has much to be proud ofHayao has much to be proud ofHayao has much to be proud ofHayao has much to be proud ofHayao has much to be proud ofHayao has much to be proud ofHayao has much to be proud ofHayao has much to be proud ofHayao has much to be proud of
 
Posts: 36,300
Join Date: Sep 2009
Location: ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
08-31-2019, 04:26 AM

Quote:
Originally Posted by King_cobra View Post
niyamayi dodo

උබ ත්‍රෙඩ් දාන වෙලාව බලපන්
Hike karana aya ehemai
Reply With Quote
(#10)
Old
youtube's Avatar
youtube youtube is offline
Senior Member
youtube is just really niceyoutube is just really niceyoutube is just really niceyoutube is just really niceyoutube is just really niceyoutube is just really niceyoutube is just really niceyoutube is just really niceyoutube is just really niceyoutube is just really nice
 
Posts: 640
Join Date: Feb 2012
08-31-2019, 04:40 AM

bump
Reply With Quote
Reply

Bookmarks

Tags
නාමල්ට රට, walk121, ~ ඩෝඩො ගේ ත්‍රෙඩ් ~

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06166 seconds with 9 queries