ඔබට ජයග්‍රහණ අවැසි නම්, වාසි සහ අවාසි දෙපස# -
10-05-2019, 02:41 PM
කීර්තිමත් ජපන් සෙනෙවියෙකු වූ නොබුන්නාගා ප්‍රතිවාදීන් හා යුද වැදීමට පිටත් වුණා. එහෙත් තම කණ්ඩායම සමග යුද වැදීමට නියමිත සතුරු කණ්ඩායමේ තමන්ගේ මෙන් දස ගුණයක් සෙබළුන් සිටින බව නොබුන්නාගා ගේ සෙබළුන් දැන සිටියා. එය ඔවුන්ව අධෛර්යමත් කලා. මේක දිනන්න පුලුවන් වෙයි ද? සෙබළුන් තුල තිබුණේ සැකයක්. 🙄
යුද්ධයට පෙර මේ සෙබලුන් පන්සලක් වැද පුදා ගත්තා. සිය සෙනෙවිතුමන් ආගම සිහි කරන අතරේ එක් සෙබලෙක් අනෙක් අයට මෙසේ කීවා.😥
" දැනටමත් උඹලා දන්නා පරිදි අපි සටන් කරන්න යන්නේ විශාල බලමුළුවක් එක්කයි. අපි සෙනෙවිතුමන්ට කාසියක් උඩ දමන්නට යැයි කියමු. එහි හිස පැත්ත වැටුණොත් අපි නිසැකව ම දිනාවි. අගය පැත්ත වැටුනොත් අපට අත්වන්නේ මරණයයි. එන්න අපි එය උරගා බලමු." 😔
සෙනෙවිතුමා පැමිණි පසු සෙබලුන් ඔහුට තමන්ගේ ඉල්ලීම දැන්වූවා. නොබුන්නාගා සිය සාක්කුවෙන් තෝරා බේරාගෙන කාසියක් උඩ දැම්මා. නිසැකව ම එහි හිස පැත්ත වැටුණා. සෙබළුන්ට විශ්වාසයක් ඇතිවුණා 🎆
පසුදින පහරදීම ඇරඹුනා. සෙනෙවියාගේ උපායන්වලට හසු වූ ප්‍රතිවාදීන්ට විශාල වශයෙන් ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු වුණා . අන්තිමේ දී සතුරා පලා ගියා. 🏆️
ජය පැන් බොන එදින රාත්‍රියේ මදුවිතක් අතින් ගත් කාසිය උඩ දැමීමට යෝජනා කල සෙබලා සෙනෙවියාට ලං වුණා. 🍻
" සෙනෙවිතුමනි. දැක්කා නේද මං කිව්වා හිස වැටුනොත් අපි දිනනවා කියලා. ඉරණම වෙනස් කරන්න කාටවත් බෑ." ඔහු වහසි බස් දෙඩුවා. 🤪
" නිසැකව ම බෑ." සෙනෙවියා වියරු සිනාවක් පාමින් කිව්වා.
"උඹ හැම පැත්තේම දකින්නේ ජයග්‍රහණයම නම් උඹ පරාජයක් ලබන්නේ ම නෑ" කියූ සෙනෙවියා කාසියක් අතට ගෙන මේසය මත තබා යන්නට ගියා. ☹️
කාසිය අතට ගෙන බැලූ සෙබලාට හීන් දාඩිය දැම්මා. 😳
එහි දෙපැත්තේ හිස සහ අගය සටහන් වනවා වෙනුවට දෙපැත්තේම හිස සලකුණ පමණක් තිබුණා. 😬
උගත් පාඩම - ඔබට ජයග්‍රහණ අවැසි නම්, වාසි සහ අවාසි දෙපසේදී ම ඕනෑම මොහොතක ජයග්‍රහණයම පමණක් දැකිය යුතුමය. ❤
සටහන - අභිප්‍රේරක, පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරු Bhathiya Arthanayake
|