ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Health & Lifestyle
Reload this Page Solution for using Gel~ජෙල්~වලට~විකල්පය....!!!(with photos)!!
Reply
 
Thread Tools
(#1)
Old
jkadithya's Avatar
jkadithya jkadithya is offline
Senior Member
jkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to all
 
Posts: 14,921
Join Date: Mar 2007
Location: ~ElaKiri Traveler~
Up Solution for using Gel~ජෙල්~වලට~විකල්පය....!!!(with photos)!! - 02-27-2012, 05:21 PM

මීට කලින් අපේ SRIDAS සහ දත් කිඹුල සහෝදර වරුන් දාල තිබ්බ **~ STOP JEL ! ~** සහ ජෙල් වලට විකල්පය thread වලට සබැදි ලිපියක් විදිහට..

ඒ ත්‍රෙඩ් 2ම මෙහෙම ගෙඩි ජාතියක් තියනවා සහ මෙහමයි ඒක පාවිච්චි කරන්නේ කියල තිබුනට ඒවගේ රූපමය විදිහේ වාර්ථාවක් තිබ්බේ නෑ ( අපේ අය කැමති ෆොටො බලන්න නේ..මොන කියෝනවද ? ) ඉතිං මං කල්පනා කලා ඒකට ෆොටෝ ටිකක් දාල වෙනම ත්‍රෙඩ් එකක් විදිහට ඉදිරිපත් කරන්න

මේකේ නිදාන කතාව අපි කිඹුල බොස් ගේ ත්‍රෙඩ් එකේ තිබ්බ විදිහටම කියවමොකෝ ( මං අලුතින් ඉතිං ඕක ටයිප් කරන්නේ මොකටද..අනික මේ අත් දැකීම බහුල ක්‍රීඩකයෙක් නේ කියන්නේ )



Quote:
Originally Posted by dath kimbula View Post

ජෙල් වලට මෙන්න විකල්පය.......මමත් ජෙල් ගාලා නාගෙන තියෙනවා හොදට. නමුත් මට විකල්පයක් ලැබුණා. එළකිරියො සියළු දෙනා ගේ දැන ගැනීම පිණිස මම මේ දේ ගැන කියන්නම්.

මේක ගෙඩි ජාතියක්. පෙනෙල ගෙඩි කියල කියන්නේ. (වැල් පෙනෙල නෙවෙයි රජෝ..!!!!) රත්තරං බඩු හදන අය මේක විශාල වශයෙන් භාවිතා කරනවා රත්තරං බඩු සුද්ද කරන්න, මොකද මේකෙ සබන් ගතියක් තියෙන නිසා. මේක රට ඉදි ගෙඩියක් වගේ එකක්. ඇතුලේ ලොකු ඇටයක් තියනවා. මේ ඇටය ඉවත් කරලා පිට පොත්ත ටිකක් වෙලා වතුරෙ දාලා තියලා අත් දෙක අතර තියල පොඩ්ඩක් රෝල් කලාම සබන්‍ පෙන වගේ දෙයක් ඇති වෙනවා. මේකයි කොණ්ඩෙ ගාන්න තියෙන "ජෙල්" එක. මේක ගාලා වේලුණාම නැතිනම් ඩ්‍රයර් එකක් දාලා වේලුවාම හිස කෙස් ආයේ හෙල වෙන්නෙවත් නැතුව තියනවා. ටිකක් වැඩියෙන් දැම්මොත් කොණ්ඩෙ හෙල්මට් එකක් දැම්ම වගේ වෙනවා. ඒ තරම් සවි වෙනවා. (ගාලා ඒසී එකේ හිටියා ම හරි...!!) නෑවාම සේදිලා යනවා., කොණ්ඩෙට බැදෙන දූවිලි වගේ දේවලුත් එක්කම. හිසත් සෑහෙන්න සිසිල් වෙනවා. මේක කියල දුන්නේ මම පේරාදෙණියෙ ඉන්න දවස් වල කෙරමිණිය ආයුර්වේද විදුහලේ ආයුර්වේදය ඉගෙන ගත්ත නේපාලයේ සුමන හාමුදුරැවෝ. මේ ‍ශාකය හිස කෙස් සදහා වැළදෙන රෝග ගණනාවකට ප්‍රතිකාර විදියට භාවිතා කරන බව තමයි උන් වහන්සේ වදාලේ.

ම‍ම දැනට අවුරුදු 12ක් වෙලේ ඉදන් හිසේ ගාන්නේ මේක. මගේ කොණ්ඩෙට තියන එකම ලෙඩේ ඉක්මණින් වැඩෙන එක මේක ගාද්දී. මගේ කොණ්ඩෙ එක ගහක් තාම සුදුවෙලා නැහැ...විශ්වාස කරයිද මන්දා...!!!

මේක සිංහල බෙහෙත් බඩු කඩවලින් ගන්න පුළුවන්. හැබැයි රටඉදි වගේ පෙණුම තියන හොදට මෝරපු ඒවා ගන්න. ග්‍රෑම් 500ක් 100/= නිතර වෙන්නේ .ලාබයි අත උඩින්. ග්‍රෑම් 500 ක් ගත්තාම මාස 6-8ක් ගාන්නත් පුළුවන්, මොකද එක ගෙඩියක් එකවරකට වඩා පාවිච්චි කරන්න පුළුවන් නිසා. බය නැතුව ගාන්න. අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි කියන්න පුළුවනි........!!!

ගාලා ප්‍රතිඵල මේකෙම දාන්න.....!!!අනිත් අයටත් දැන ගන්න....!!!!!!!!!


ඔන්න ඕකයි කතාව..කෝ දැන් ෆොටෝ..මෙන්න ෆොටෝ..මටත් ඔය ජෙල් කෙරුවාව හරි යන්නේ නෑ..හවස් වෙද්දි ඔලුව රිදෙනව ජෙල් ගෑවම..මාත් ඉතිං ඔය ත්‍රෙඩ් එක කියවල සිංහල බේත් බඩු කඩේකට ගිහින් රු.20 ක ගත්ත මේ පෙනෙල ගෙඩි .. (අර වතුරේ දැම්මම අලෙන එක කිවුවම තවත් කිලික්)



මෙන්න මේව තමා ඔය පෙනෙල ගෙඩි .. ( කඩෙන් දුන්නේ ඕවා තමා )



ඊට පස්සේ මේක මෙහෙම කපල මැද තියන ඇටේ අරන් දාන්න ඕන




දැන් ඒක පොඩ්ඩක් පෙගෙන්න වතුරේ දාල විනාඩි 3,4ක් තියන්න..




දැන් හරි මේන්න මේක තමා ඔය ගෙඩිය..




දැන් අර කිව්ව වගේ මේක හොදට පොඩි කරන්න..(හරියට නිකන් සබන් ගාන්න කරන්නේ..අන්න ඒ වගේ..) එතකොට සබන් පෙන වගේ මෙහෙම පෙන එනවා




ඊට පස්සේ ඉතිං ඒක ජෙල් එක වගේ ගාන්න තමා තියෙන්නේ..වැඩියෙන් ගෑවොත් ගල් වෙනවා වැඩි..අර කිවුව වගේ අ/ච් එකක් වගේ හිට්යම නියමෙටම සෙට් වෙනවා..ඔලුවේ රිදිලිත් නෑ.. ඔලුවට අමාරුවකුත් නෑ..නෑවට පස්සේ කූල් ..නිකනම නාද්දි හේදිල යනව..පොඩ්ඩක් කොන්ඩේ ඉක්මනට වැවෙනවාදෝ මංද.. මේන්න මෙහමයි වෙන්නේ...









ව්ශේෂ ස්තූතිය :-

මේ පිලිඹදව මුල් ලිපි පල කල කිඹුලා සහ SRIDAS ට වන අතර රූපමය අත්දැකීමක් එක් කිරීම පමණි..

සිංහල බඩු වෙලද සැලේ මේක දුන්න ඒ සේවක මහතාට.
මේක කියවන ඔබ සැමට

Last edited by jkadithya; 02-27-2012 at 06:45 PM. Reason: Edited for resized the images
Reply With Quote
(#2)
Old
delmar's Avatar
delmar delmar is offline
Senior Member
delmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to all
 
Posts: 27,343
Join Date: Oct 2007
Location: හැමතැනම
Send a message via Skype™ to delmar
02-27-2012, 05:24 PM

Very good post
6+
Reply With Quote
(#3)
Old
coollifestyle4u's Avatar
coollifestyle4u coollifestyle4u is offline
Senior Member
coollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to all
 
Posts: 39,863
Join Date: Jun 2008
Location: .:මහනුවර:.
Send a message via Skype™ to coollifestyle4u
02-27-2012, 05:25 PM

ඔව්, මචන් මැක්සා මේක..
මම දැන ගත්තේ එළකිරි සයිට් එකෙන් කලින් දාලා තිබ්බ ත්‍රේඩ් එකෙන් තමයි.
Reply With Quote
(#4)
Old
Mr.Feel's Avatar
Mr.Feel Mr.Feel is offline
Senior Member
Mr.Feel is just really niceMr.Feel is just really niceMr.Feel is just really niceMr.Feel is just really niceMr.Feel is just really niceMr.Feel is just really niceMr.Feel is just really nice
 
Posts: 2,183
Join Date: Jan 2009
Location: anEmanda
Send a message via Yahoo to Mr.Feel
02-27-2012, 05:27 PM

bump ... matath asai gaala balanna ona
Reply With Quote
(#5)
Old
smother's Avatar
smother smother is offline
Senior Member
smother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to all
 
Posts: 19,759
Join Date: Jan 2009
Location: Six Feet Under
02-27-2012, 05:28 PM

ඔය ඇට ගන්නෙ මරිච්ච මිනිස්සුනෙ වල්ල කපලද දන්නෙ නෑ... 5+ added
Reply With Quote
(#6)
Old
GayanSV's Avatar
GayanSV GayanSV is offline
Senior Member
GayanSV is a jewel in the roughGayanSV is a jewel in the roughGayanSV is a jewel in the roughGayanSV is a jewel in the roughGayanSV is a jewel in the roughGayanSV is a jewel in the rough
 
Posts: 2,760
Join Date: Aug 2011
Location: ගෙදර
02-27-2012, 05:29 PM

thanks

+1
Reply With Quote
(#7)
Old
jkadithya's Avatar
jkadithya jkadithya is offline
Senior Member
jkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to all
 
Posts: 14,921
Join Date: Mar 2007
Location: ~ElaKiri Traveler~
02-27-2012, 05:30 PM

Quote:
Originally Posted by smother View Post
ඔය ඇට ගන්නෙ මරිච්ච මිනිස්සුනෙ වල්ල කපලද දන්නෙ නෑ... 5+ added
ඒක නම් දන්නේ නෑ බං..ඒක මං අහන්න ගියේ නෑ
Reply With Quote
(#8)
Old
jkadithya's Avatar
jkadithya jkadithya is offline
Senior Member
jkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to all
 
Posts: 14,921
Join Date: Mar 2007
Location: ~ElaKiri Traveler~
02-27-2012, 05:32 PM

Quote:
Originally Posted by coollifestyle4u View Post
ඔව්, මචන් මැක්සා මේක..
මම දැන ගත්තේ එළකිරි සයිට් එකෙන් කලින් දාලා තිබ්බ ත්‍රේඩ් එකෙන් තමයි.
මාත් දැන ගත්තේ මේකේ තිබිලා තමා..ගෙදර ගෙනාවට පස්සේ , බැලින්නම් අපේ තාත්තත් ඕක දන්නවලු
Reply With Quote
(#9)
Old
jds2012's Avatar
jds2012 jds2012 is offline
Senior Member
jds2012 is a name known to alljds2012 is a name known to alljds2012 is a name known to alljds2012 is a name known to alljds2012 is a name known to alljds2012 is a name known to alljds2012 is a name known to alljds2012 is a name known to alljds2012 is a name known to alljds2012 is a name known to alljds2012 is a name known to all
 
Posts: 9,372
Join Date: Mar 2011
Location: Everywhere...
02-27-2012, 05:33 PM

---නියමයි මිත්‍රයා---
----හොද ත්‍රෙඩ් එකක් ----


* * * * * * * * *
+ + + + රේප් + + + +
Reply With Quote
(#10)
Old
medianet85's Avatar
medianet85 medianet85 is offline
Senior Member
medianet85 is a glorious beacon of lightmedianet85 is a glorious beacon of lightmedianet85 is a glorious beacon of lightmedianet85 is a glorious beacon of lightmedianet85 is a glorious beacon of lightmedianet85 is a glorious beacon of lightmedianet85 is a glorious beacon of lightmedianet85 is a glorious beacon of lightmedianet85 is a glorious beacon of lightmedianet85 is a glorious beacon of lightmedianet85 is a glorious beacon of light
 
Posts: 4,697
Join Date: May 2009
Location: Land of Lions
02-27-2012, 05:33 PM

Quote:
MEKA SABANDA NETHTHAN??????
Reply With Quote
Reply

Bookmarks

Tags
කිඹුල් විසදුම්, ජෙල් ගෙඩිය, තට්ටෙ තමයි එන්නෙ, තොග ගානට දෙන්නෙ, රෙප්_ හිඟන්නා, hair~gel..., jk ගේ කොණ්ඩේ, jk හොද ලමයෙක්

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03529 seconds with 9 queries