ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > News
Reload this Page කිරිපිටිවල ඇති ඌරු තෙල් ගැන සොයන්න ගැඹුරු
Reply
 
Thread Tools
(#1)
Old
kavindu84's Avatar
kavindu84 kavindu84 is offline
Senior Member
kavindu84 is a name known to allkavindu84 is a name known to allkavindu84 is a name known to allkavindu84 is a name known to allkavindu84 is a name known to allkavindu84 is a name known to allkavindu84 is a name known to allkavindu84 is a name known to allkavindu84 is a name known to allkavindu84 is a name known to allkavindu84 is a name known to all
 
Posts: 6,599
Join Date: Mar 2017
Location: matara
කිරිපිටිවල ඇති ඌරු තෙල් ගැන සොයන්න ගැඹුරු - 02-14-2019, 02:41 PM



කුමන තත්ත්වයක් යටතේ වුවද කිරිපිටි සමාගම්වල අවශ්‍යතා අනුව කටයුතු කිරීමට ආණ්ඩුව සූදානම් නොමැති බව කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ පවසනවා.

වෙළඳපොල තුළ මේ වනවිට මතුව ඇති කිරිපිට හිඟය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමක දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ආනයනික කිරිපිටිවල ගුණාත්මක භාවය සොයා බැලීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් අවශ්‍ය බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

එහිදී "දැනට බරපතල චෝදනා ඇවිල්ලා තියෙනවා මේ කිරිපිටිවල තියෙන සැබෑ කිරි ප්‍රෝටීන එළියට අරගෙන මෙලමයින් සහ DCD ඇතුල් කරනවා කියලා. ඒ වගේම මේ කිරිපිටිවල තියෙන මේද කොටස් එළියට අරගෙන ෆාම් ඔයිල් සහ ඌරු තෙල් වගේ මේද ඇතුල් කරනවා කියලත් චෝදනාවක් ආවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් ගැඹුරු වැඩපිළිවෙලක් අවශ්‍යයි. ජනාධිපති පරීක්ෂණ කොමිසමක් හෝ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මේ සඳහා අවශ්‍යයි කියලා මම කියනවා." යනුවෙන් සඳහන් කළා.

මේ වනවිට පවතින හිඟයට ආනයනික කිරිපිටි තොග රේගුවෙන් නිදහස් කර නොගැනීම මෙන්ම තවත් කරුණු කිහිපයක් බලපා හැකි බවයි පාරිභෝගික අයිතීන් සුරකීමේ සංවිධානය පෙන්වා දෙන්නේ.

එහි සභාපති රංජිත් විතානගේ මේ බව සඳහන් කළා.


http://nethnews.lk/article/63420
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03707 seconds with 11 queries