ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Chat!
Reload this Page Book Donation එකේ වැඩි විස්තර සහ පින්තුර
Reply
 
Thread Tools
(#1)
Old
Satan_at_Hell's Avatar
Satan_at_Hell Satan_at_Hell is offline
Senior Member
Satan_at_Hell is a glorious beacon of lightSatan_at_Hell is a glorious beacon of lightSatan_at_Hell is a glorious beacon of lightSatan_at_Hell is a glorious beacon of lightSatan_at_Hell is a glorious beacon of lightSatan_at_Hell is a glorious beacon of lightSatan_at_Hell is a glorious beacon of lightSatan_at_Hell is a glorious beacon of lightSatan_at_Hell is a glorious beacon of lightSatan_at_Hell is a glorious beacon of lightSatan_at_Hell is a glorious beacon of light
 
Posts: 2,715
Join Date: Nov 2014
Up Book Donation එකේ වැඩි විස්තර සහ පින්තුර - 04-05-2016, 10:02 PM



මුලින්ම කියන්න ඕනේ,මගේ හිතට ආපු මේ අදහස මේ විදියට යථාර්තයක් කරගන්න උදව් හැමෝටම ගොඩක්ම,ගොඩක්ම ස්තුත්යි.ඔයාලගේ උදව් නැති උනා කවදාවත් මේක කරගන්න බැරිවෙනවා.කියවන පොත් වලින්,අභ්‍යාස පොත් වලින්,සල්ලි වලින්,ශ්‍රමයෙන් ඒ වගේම වචනෙන් හරි උදව් හැමෝටම ගොඩක්ම ස්තුතියි. ඒ වගේම ඉස්කෝලේ සෙට් කරල දීල,අපේ උන්ට කන්න බොන්න (අපේ උන්ට කන්න බොන්න දෙන එක තමයි වැඩේ ) ,නවාතැන්, වගේ සියලුම පහසුකම් උපරිමෙන්ම සලසා දීපු රිපොස්ට් සහෝදරයාටත් විශේෂෙන්ම ස්තුති වෙන්න ඕන.ඔයාල මේ මහගු සත්කාරයට දායකවෙලා කරගත්තේ මොනතරම් ලොකු පිනක්ද කියල ඔයාලට මේ පොඩි උන්ගේ මූණු දැක්කම හිතෙයි.ඒ වගේම මාසයකටත් වැඩි කාලයක් තිස්සේ තමන්ගේ මහන්සිය,සල්ලි,වෙලාව, මේ කැපකරගෙන පොත් එකතුකරගෙන,මේ වැඩේට සක්රියවම දායක උණු පොත් බෙදන්නත් සහබාගි උණු අපේ 10 දෙනාගේ සෙට් එකටත් ගොඩක්ම ස්තුත්යි.ඔෆිස් එකේ නිවාඩු දා ගෙන,වැඩ පාඩු කරගෙන,අත් කපෙනකම් පොත් මිටි උස්සගෙන බෝඩිමටත්,ඔෆිස් එකටත්,ගෙදරටත් කිලෝමීටර් ගණන් ඇවිදපු, හුදෙක්‌ සද්සිතින්ම වැඩේට එකා වගේ කැප වුනු මුන් ටිකගේ අගේ නම් කියන්න වචන නෑ.

මේ තියෙන්නේ අපි ගියපු වාහනේ සහ අපේ සෙට් එක.



යද්දී පෙරමගටම රිපොස්ට් ඇවිත් අපිව පිලි අරගෙන එයාගේ සර්කිට් එකට එක්කගෙන ගියා.
සර්කිට් එක පිටිපස්සේ තියෙන වැව.


අපි යද්දිත් දවල් කෑම රෙඩි.හම්මේ ඉතින්..කෑම ටිකට වෙච්ච දෙයක් නෑ. අර වැඩ ඉන්න මිනිස්සු දෙතුන් දෙනා හිස් දීසි අරන් එහෙ මෙහෙ යනවා විතරයි දැක්කේ.


ඩෙසර්ට් එකට යෝගට්


කලා ,හවස ගිය මැච් ගහන්න.එකේ විස්තර නම් රිපොස්ට් දල තිබ්බ මන් හිතන්නේ..ඒ ගැන නම් මම වැඩිය කියන්න කැමති නෑ,මොකද අපි එක දිනපු හින්ද..


ඊට පස්සේ වැවක වතුර බැහැලා යන ඇලකින් නෑව.පස්සේ තමයි දන්නේ එක මඩ සොරොව්ව ඇරියම වතුර එන ඇල කියල.ඒකෙත් ෆන් එකක් නැත්තෙමත් නෑ.
නාල කරලා අපහු රෑට නවතින්න ගියේ දවල් හිටපු සර්කිට් එකට නෙවෙයි.එතන වැව නිසා රෑට සීතලයි කියල ඊට කිලෝමීටර් 20ක් විතර දුරින් තියෙන මහවැලියට අයිති වෙනමම සර්කිට් එකකට තමයි ඊට පස්සේ ගියේ.එකත් රිපොස්ට්ගේ මම හිතන්නේ. (ඔයාල උනත් පොළොන්නරුවේ පැත්තේ යනවා නම් රිපොස්ට් ව අමතක කරන්න එහෙම එපා. )


ඊ ලගට අපේ අය කෙලින්ම ගිහින් වැඩට බැස්ස.සෙට් එකක් ලයිබ්‍රරි පොත් සිලෙක්ට් කරලා ඒ ටික පැක් කල.අනිත් සෙට් එක එක්සර්සයිස් පොත්,පෑන්,පැන්සල්,.... 1 සිට 11 වසර වෙනකන් වෙන වෙනම පාර්සල් කලා.
අරගෙන ගිය බඩු තොගෙන් ටිකක්...

[/img]






කට්ටිය වැඩ






















මේ තමයි රොක්ස් කොයිවෙලවෙත් අතේ තියන් හිටපු ළමයින්ට දෙන බඩු ලිස්ට් එක.


මෙතැනදී තවත් දෙයක් කියන්න ඕන.මුලින්ම අපි එකතු කලේ කියවන පොත් විතරයි.එත් පස්සේ ගොඩක් අය අභ්‍යාස පොත් දෙන්න ඇහුව හින්ද වගේම,ප්රින්සිපලුත් කියපු නිසා අපි අභ්‍යාස පොතුත් එකතුකලා.මුලින්ම අපිට පුළුවන් උනේ එක ලමයුකුට පෑන් 2ක්,පොත් 2ක්,මකනයක්,පන්සලක් වගේ දෙන්න.එත් දවස් අන්තිම වෙද්දී එකතු උණු සහ අපේ මුදල් වලින් ගන්න පුළුවන් උණු පොත් වලින් අපිට පුළුවන් උනා එක ළමයෙකුට පොත් 5ක්,පැන් 3ක්,පන්සල් 3/4 ක් 7න සහ 7න් සියලුම ළමයට කවකටු පෙට්ටි එකගානේ දෙන්නත්,1-4 දක්වා හැම ළමයෙකුටම පාට පෙට්ටි එක බැගින් දෙන්නත් (තව කතුරු,බ්‍රිස්ටල් බෝඩ්,ගම්,කලේ,සිතියම්,..... ගොඩාක් ජාති...).එකත් ආඩම්බරෙන් මතක් කරන්නත් ඕනේ.ඒ වැඩේදී සැහෙන්න මහන්සි උනේ අපේ රොක්ස් සහෝදරයා කියන එකත් කියන්නම ඕනේ.

ඊලගට අපි උදෙන්ම ... නෑ උදෙන්ම නම් නෙවෙයි,මම නම් නැගිට්ටේ ගොඩක් පරක්කු වෙලා.එත් අපේ උන් නම් උදෙන් නැගිටලා කටේ තියන්න බැරි තේ එකක් එහෙම හදල තිබ්බ.කව්ද මන්ද හැදුවේ ඒක නම්..

කියන්න අමතක උන නේ. අතේ සල්ලි ඉතුරු උණු විදියට ළමයින්ට පොඩියට සංග්‍රහයක් කරන්නත් අපි යන්න කලින් දවසෙම කතාකරගෙනයි තිබුනේ.කේක් මෙහෙන් අරගෙන ගියා .අපි හැලප,කෙසෙල් ගෙඩි කලින් දවසේ ඒ ලග තැනකින් ඔඩර් කරලා තිබ්බේ.කිරිපැකට් යනගමන් ගත්ත.

ඔන්න ඉතින් රිපොස්ට් ඔෆිස් එකට ගිහින් කෙලින්ම ඉස්කෝලෙට එන්නම් කියල උදෙන්ම ගිය අතරේ අපේ උන් හෙමින් හෙමින් රේඩි වෙලා ඉස්කෝලෙට අවා 12 වෙද්දී වගේ.යද්දී ප්‍රින්සිපල් මේන් හෝල් එකේ පොඩියට උත්සවෙකුත් ලෑස්ති කරලා.ළමයිත් වාඩිවෙලා.
අපේ උන් ගියපු ගමන් පොත් පෙට්ටි ටික වාහනෙන් බාල, ස්ටේජ් එකට ගේනවා.ඒ අතරේ කීපදෙනෙක් 'එළකිරි.කොම්' කියල ගහපු බැනර් එකකුත් ස්ටේජ් එකේ බිත්තියේ අමාරුවෙන් අදිනවා මන් දැක්ක.

ඉස්කෝලෙට ගිය අපේ සෙට් එක




බඩු බානව






බැනර් එක




ලමයි වාඩිවෙලා අපි යද්දී







ගුරුමණ්ඩලය



පස්සේ ඉතින් සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන පත්තු කරලා,අගමැ සිහිකරලා, කතාවක් කරලා, අපිට ස්තුති කලා.
එළකිරි කිව්වම ළමයි ,ගුරුවරු මොනවා හිතයිද දන්නේ නැති නිසා අපි හරි අමාරුවක වැටුනේ.අන්තිමට අන්තර්ජාල මිතුරු හවුල කියලයි කිව්වේ.







අපේ කෙනෙක් කතාවකුත් කලා. අන්තිමට කලේ පාඩම්කරගෙන ගියපු කතාව නොවුනත් කියලයි මට නම් හිතුනේ.එක නම් පට්ටයි ඈ..




ඔන්න ඉතින් අපි පොත් බෙදන්න පටන් ගත්ත. මුලින්ම එක වසරේ ගුරුතුමීගේ තෑගි පාර්සලේ දීල ඊට පස්සේ 1 වසරේ ළමයින්ගේ තෑගි.ඊට පස්සේ 2 වසරේ ගුරුතුමීගේ සහ ළමයින්ගේ...ඔය විදියට 11 වසරේ ළමයින්ට වෙනල්කන්ම පොත් බෙදුවා.හැම ළමයම කකුල් දෙක අල්ලලා වැදලා තමයි පොත් ගත්තේ.අපිට එක ඒ තරම් හුරු නැති උනත් එක ඒ ළමයින්ගේ කැමැත්ත නිසා අපිටත් කරන්න දෙයක් තිබුනේ නෑ.
(11 වසරේ ගැණු ළමයි වදිද්දී අපේ උන්ට මොකද්ද වගේ කියලත් කියනවා අහුන.. ජෝක් )











අලුත්ම අලුත් සුවඳ ගහන පොත් අතට හම්බුනාම අපිත් පොඩි කලේ කොච්චර අසද.ඒ වගේ සියගුනයක සතුටක් අපි ඒ පුංචි ඇස් වලින් දැක්කා.මේ තමයි අපේ සද්කාර්යේ අග්රපලය.ඔයාලත් මේ ෆොටෝස් ටික බලල ඒ සතුට විදගන්න.මේක දැක්කොත් ගොඩක් සංවේදී කෙනෙක්ගේ ඇහැට කදුලක් එන්නත් පුළුවන්.මේ මහගු සත්කාරයට දායක උණු ඔයාල හැමෝමත් ඒ පුංචි ඇස්වල උතුරන සතුට බලන්න එතන හිටිය නම් කියල අපි හැමෝටම හිතුන..
ගොඩක් පින් යාලුවනේ.




















ඔයාලට පෙන්වා ඇති චූටි නංගියෙක් පැස්ටල් පෙට්ටිය ඉඹල එකේ අලුත් සුවඳ විඳින හැටි..
මේ තමයි ඔයාල හම්බරකරගනිපු සතුට..




අපේ අය ඒ අතරේ ගෙනාපු කෑම ටිකත් පොඩි උන්ට බෙදුවා.








ඔන්න ඉතින් වැඩ ටික ඉවරයි.හැමෝම තියලා ෆොටෝ එකකුත් අරගෙන,කියවන පොත් ටිකත් ප්‍රින්සිපල්ට ට බාරදීලා අපිත් එන්න පිටත් උනා ඉස්කෝලෙන්.





ඒ අතරේ අපේ කෙනෙක් සෙල්ෆියකුත් අරන් ඈ..

[CENTER]/CENTER]

වැඩේ ඉවරයි.රිපොස්ට් අපිට ගමේ ගෙදරකින් දවල් කම සෙට් කරලා තිබුනා.එකේ රහ විස්තර කරන්න බෑ දැන් ඇත දෙක රිදෙන නිසා.
එකත් කල,රිපොස්ට් දීල පරාක්‍රම සමුද්රෙන් නාල අපිත් කොළබ එන්න පිටත් උනා.


ඒ එන අතරේ බලින් නම් රොක්ස් ගේ බර්ත්ඩේ එක.එකත් ඉතින් අමාරුවෙන් සමරලා, රොක්ස්ටත් හොද බිලක් දාල අවා ..


අන්තිමට කියන්න තියෙන්නේ වැඩේට දායක උණු හැමෝටම ගොඩක් පින්.ඒ පින් ඒ අයටත්,හදපු,වඩපු දෙමවුපියන්ටත්,නැදයෝන්ටත් මියගිය අයටත් අනුමෝදන් වේවා.මේ කරගත්තා වූ කුසල කර්මයෙන් ඔයාලගේ දරුවොන්ට හොදට ඉගෙනගන්න පුළුවන් වෙනවා වගේම ඔයාලගෙත් ඉදිරි ජීවිතය සාර්ථක වෙයි.
අයෙත් මේ වගේ වැඩකින් හම්බෙමු ..
$ සාතන් $

සමාවෙන්න ඕන.ගොඩක් ෆොටෝස් ගැහුවේ ෆෝන් වලින්..ඒ නිසා ක්ලියර් නෑ.




Last edited by Satan_at_Hell; 04-06-2016 at 10:58 AM. Reason: image resize..
Reply With Quote
(#2)
Old
Gayan_BC's Avatar
Gayan_BC Gayan_BC is offline
Senior Member
Gayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of light
 
Posts: 6,420
Join Date: Jan 2012
Location: Everywere
laugh 04-05-2016, 10:09 PM

eloo..01
Reply With Quote
(#3)
Old
subash dushmantha's Avatar
subash dushmantha subash dushmantha is offline
Senior Member
subash dushmantha is just really nicesubash dushmantha is just really nicesubash dushmantha is just really nicesubash dushmantha is just really nicesubash dushmantha is just really nicesubash dushmantha is just really nicesubash dushmantha is just really nicesubash dushmantha is just really nice
 
Posts: 1,486
Join Date: Aug 2010
Location: Ja-Ela
Send a message via Skype™ to subash dushmantha
04-05-2016, 10:10 PM

Reply With Quote
(#4)
Old
සොහොන's Avatar
සොහොන සොහොන is offline
Senior Member
සොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to all
 
Posts: 12,394
Join Date: Dec 2012
Location: revolυтιoɴαry
04-05-2016, 10:11 PM

daapala dapala elakiri
Reply With Quote
(#5)
Old
King_cobra's Avatar
King_cobra King_cobra is offline
Senior Member
King_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to behold
 
Posts: 16,452
Join Date: Apr 2015
Location: මාතොට
04-05-2016, 10:14 PM

Reply With Quote
(#6)
Old
King_cobra's Avatar
King_cobra King_cobra is offline
Senior Member
King_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to behold
 
Posts: 16,452
Join Date: Apr 2015
Location: මාතොට
04-05-2016, 10:15 PM

Quote:
Originally Posted by සොහොන View Post
daapala dapala elakiri
රිසයිස් කරනකන් ඉදහන්
Reply With Quote
(#7)
Old
lakshane251's Avatar
lakshane251 lakshane251 is offline
Senior Member
lakshane251 is a glorious beacon of lightlakshane251 is a glorious beacon of lightlakshane251 is a glorious beacon of lightlakshane251 is a glorious beacon of lightlakshane251 is a glorious beacon of lightlakshane251 is a glorious beacon of lightlakshane251 is a glorious beacon of lightlakshane251 is a glorious beacon of lightlakshane251 is a glorious beacon of lightlakshane251 is a glorious beacon of lightlakshane251 is a glorious beacon of light
 
Posts: 2,198
Join Date: Apr 2009
Location: උබල එන්නද ?
Send a message via Skype™ to lakshane251
04-05-2016, 10:17 PM

Oh finally......
😂😂😂
Reply With Quote
(#8)
Old
pradeeplk1025 pradeeplk1025 is offline
Senior Member
pradeeplk1025 is a glorious beacon of lightpradeeplk1025 is a glorious beacon of lightpradeeplk1025 is a glorious beacon of lightpradeeplk1025 is a glorious beacon of lightpradeeplk1025 is a glorious beacon of lightpradeeplk1025 is a glorious beacon of lightpradeeplk1025 is a glorious beacon of lightpradeeplk1025 is a glorious beacon of lightpradeeplk1025 is a glorious beacon of lightpradeeplk1025 is a glorious beacon of lightpradeeplk1025 is a glorious beacon of light
 
Posts: 5,266
Join Date: May 2007
04-05-2016, 10:20 PM

අහපු දැකපු විස්තර වලින් මුලින්ම කියන්න ඕන වැඩේ නම් එකෙන්ම සුපිරියටම කරපු බව පෙනෙන්න තියෙනව. හරිම පිළිවෙලට වැඩ ටික ගොඩ දාලා ෆොටෝ වල පෙනෙන විදියෙන්

මේ වැඩේට මුලින්ම අයිඩියා එක දුන්න සාතන් මට මතකයි ත්‍රේඩ් එක දාල තිබ්බා ඒ ගැන කියලා. මමත් එදා ඉඳලම එලකිරියට ආව හැම වෙලාවකම වගේ කිව්වෙ කෙරෙන දෙයක් අනිවා අපිටත් කියපන්, ඕන සපෝට් එකකට උපරිමෙන් ඉන්නව කියලා. නමුත් ටික කාලයක් යනකම් එලකිරි එන්න බැරි වුනා. ආයෙ ආවම දැක්කේ ත්‍රේඩ් එකක් දාලා පොත් එකතු කරන්න


ඉන් පස්සෙ මට තිබ්බෙ ටික දවසයි අවසන් දවසට කලින් පොත් බාරදෙන්න. ඒ නිසා මගෙ සුළු දායකත්වයක් විතරක් දෙන්න පුළුවන් වුනා වැඩේට. නමුත් දවස් කීපෙන් මේ වැඩේ organizer සාතන් සහ අශ්මන් එක්ක කතා බහ කරලා, සොහොන සාමාජිකයත් එක්කත් පීඑම් වලින් විස්තර දැනගෙන කොහොම හරි මගෙනුත් පොඩි දායකත්වයක් දුන්නා. විශේෂයෙන්ම අශ්මන්ගේ අම්මයි තාත්තයි නිසා මට ලේසි වුනා අශ්මන්ට මම දෙන දේවල් ටික භාරදෙන්න.

කොහොමහරි වැඩේ අවසන් වෙනකම්ම හුඟක් හොඳ අය මේකත් එක්ක හිටියා. අවංකවම ඉගෙනගන්න දරුවො ටිකකට උදව් කරන චේතනාව මිසක් වෙන කිසිම අදහසක් ඒ අයට තිබුනේ නෑ කියලා කියන්න පුළුවන් ඒ අයගේ ක්‍රියාවෙන් සහ කතාබහෙන්.

ඉතින් පලවෙනි වතාවට එලකිරියේ මෙහෙම දේකට ඉතාම සුළුවෙන් හරි දායක වෙන්න ලැබුන එකත් මට ලොකු සතුටක් ඇත්තටම. ආයෙ මේ වගේ දෙයක් කෙරෙනව නම් අනිවාර්යෙන්ම එලකිරියේ සෙට් එකත් එක්ක ඉන්නවා. මම සයිට් එකට ලොග් වුනේ නැතත් නම්බර් එක තියෙන අය මැසේජ් එකක් හරි දාන්න කියලා ඉල්ලීමක් කරනවා.

මේ වැඩේට දායක වුන අයට බොහෝ පින් රැස් කරගන්නත් හිතේ අහින්සක සතුටක් ලබාගන්නත් ඒ වගේම තනි තනිව කරන්න අමාරු දෙයක් එකමුතු වෙලා ගොඩක් හොඳින් කරගන්නත් පුළුවන් වුනා. එලකිරියට ආව ගිය අපිටත් මේ වැඩෙන් පිනක් කරගන්න අවස්ථාවක් උදා වුනා. මේකට සම්බන්ධ වෙන්න ප්‍රමාද වුන අය ඊලඟ සැරේ මේ හැමෝම එක්ක එකතු වෙන්න. සාතන් සහෝදරයා මුල්ම ත්‍රේඩ් එකේ කියලා තිබ්බ වගේ කොච්චර පෝසත් වුනත් ඉගෙනගන්න බැරි පවුල් වල අය ඉන්නවා. ඒ අයට එහෙම වෙන්න ඇත්තේ මොන දේ දන් දුන්නත් දැනුම/ඉගෙනගන්න අවශ්‍ය දේ දන් දෙන්න බැරිවෙන්න ඇති.

සාතන්, අශ්මන්, සොහොන සහෝදරවරුත්, නමින් නොදන්න නමුත් මේ වැඩේට එකා වගේ ෆිට් එකෙන් දායකත්වය දුන්න අනික් සියළු දෙනාටත් බොහොම ස්තූතියි සහ අනේක වාරයක් පිං. ඒ දරුවො පොතක අකුරක් ලියන වාරයක් පාසා ඔයගොල්ලො හැමෝටම පිං. පුස්තකාලේ පොත් අවුරුදු ගාණක් දරුවො දාස් ගාණක් බලාවි. ඒ අයගෙ දැනුම වැඩි කරගන්න ඒ පොත් කියවන වාරයක් ගානේ පිනක්මයි රැස් වෙන්නේ ඔයාලට.

ඉදිරියටත් අනිවා මේ වගේ හොඳ වැඩ කරමු. සංවිධානය වෙලා මීට වඩා ගොඩක් අයගෙ දායකත්වයෙන්. අවංකවම හිතේ තියෙන සතුටට මේ පෝස්ට් එක දැම්මේ.

Last edited by pradeeplk1025; 04-06-2016 at 10:04 PM.
Reply With Quote
(#9)
Old
knight11 knight11 is online now
Senior Member
knight11 is a jewel in the roughknight11 is a jewel in the roughknight11 is a jewel in the roughknight11 is a jewel in the roughknight11 is a jewel in the roughknight11 is a jewel in the rough
 
Posts: 570
Join Date: Jun 2011
04-05-2016, 10:23 PM

Reply With Quote
(#10)
Old
Elysium's Avatar
Elysium Elysium is offline
Senior Member
Elysium is a name known to allElysium is a name known to allElysium is a name known to allElysium is a name known to allElysium is a name known to allElysium is a name known to allElysium is a name known to allElysium is a name known to allElysium is a name known to allElysium is a name known to allElysium is a name known to all
 
Posts: 21,309
Join Date: Sep 2007
Location: Horizon!
04-05-2016, 10:25 PM

Finally
Reply With Quote
Reply

Bookmarks

Tags
!මෙන්න කොල්ලෝ, එලකිරි සමාජ සේවා, එලකිරිය දිනේවා, එලකිරියට ජය, එළකිරි, ටැග් දාමු, නයා, මිතුරු හවුල, ashan_ j z hr, king_cobra, mission completed! :cool:, repost බුවා ආවා, repost බුවාගේ, satan_at_hell

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.08197 seconds with 9 queries