ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page අභිරහස් නිල් එළිය
Reply
 
Thread Tools
(#291)
Old
parker.peter parker.peter is offline
Junior Member
parker.peter has a little shameless behaviour in the past
 
Posts: 29
Join Date: Jan 2016
10-03-2019, 06:00 AM


අභිරහස් නිල් එළිය 34

ඒ ගෑනු කෙනා මාව බදාගෙන චුට්ටක් වෙලා ඉඳලා මොනව හරි මට කියන ගමන් මගෙ අතින් අල්ලගෙන මාව ගේ ඇතුලට එක්කගෙන ගියා. ගේ ඇතුලෙ ගොඩක් මිනිස්සු හිටියත් ඒ හැමෝම ඇඳගෙන හිටපු ඇඳුම් වල මහ විකාර ගතියක් මට දැනුනෙ. ගොඩක් පිරිමි අය රත්තරන් වගේ ලෝහයකින් හදපු අන්ඩර් වෙයාර් එකක් වගේ ඇඳුමක් ඇඳගෙන උරහිස් හරහට නිල්පාට සලුවක් වගේ එකක් දාගෙන හිටියා. ගෑනු කට්ටියගෙ ඇඳුම් හදලා තිබුනෙ විනිවිද පේන සැහැල්ලු යමකින්. ගැහැණු අයත් පිරිමි අය වගේම ඇඳුමක් තමයි ඇඳගෙන හිටියේ ඒ විනිවිද පේන ඇඳුමට යටින්. විශේෂ දෙයක් තිබුනෙ ලෝහ වලින් හදපු පපු ආවරණයක් ගෑනු අයට තිබුනා.

මාව එක්කගෙන ගිය ගෑනු කෙනාව මම හොඳටම දන්නව වගෙයි මගෙ හැසිරීමෙන් මට තේරුනේ. ඒ ගෑනු කෙනත් එක්ක මම ඇතුලට යනකොට ඇතුලෙ හිටිය හැමෝම අතක් පපුව හරහට තියාගෙන ඔලුව නමලා ආචාර කලා. පිරිස මැදින් මාව අරගෙන ගිය ඒ ගෑනු කෙනා මාව අරගෙන ගියේ සෝෆා එකක් වගේ එකක වාඩිවෙලා හිටපු කීප දෙනෙක් ලඟට. එතන ලස්සන ගෑනු ලමයෙකුයි තව ගෑනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි හිටියා මාව එක්කගෙන ආපු ගෑනු කෙනයි මමයිත් අර සෙටි එකෙන්ම වාඩි උනේ අතක් පපුව හරහට තියාගෙන ඔලුව නමලා එකිනෙකාට ආචාර කරගත්තට පස්සෙ . මගෙ හැසිරීමෙන් මට දැනුනෙ මම අර ගෑනු ලමයට අකමැත්තෙන් ඉන්න බවක්. අර ගෑනුකෙනාගෙ හැසිරීමෙන් කතාවෙන් පෙනුනෙ ඒ ගෑනු කෙනා මේ ලමයට ගොඩක් කැමති වගෙයි.ඒ ගෑනු කෙනාට ඕනි උනේ ඒ ගෑනු ලමයවයි මාවයි එක තැනින් තියන්න වගේ මට දැනුනෙ. මම ඒ ගෑනු ලමයා එක්ක කතා කරන්නෙ හිනාවෙන්නෙ මාව එක්කගෙන ආපු ගෑනු කෙනාට විරුද්ධ වෙන්න බැරිකමට වගේ මට දැනුනා. මාව එක්කගෙන ආපු ගෑනු කෙනාට හැමෝම කතා කලේ වෛනී කියලා හින්දා මට තේරුනා එයාගෙ නම වෛනී කියලා. මට බලපෑම් කරන්න තරම් බලයක් වෛනීට තියනවා කියලා මට දැනුනෙ එයා ලඟදි මගෙ හැසිරීමෙන්. වෛනී ඇරෙන්න අනිත් හැමෝම මට කතා කලේ විභීක්ෂ කියලා. වෛනී විතරක් මට කතා කලේ බාට් කියලා. මේ හැම හැසිරීමකින්ම වගේ මට දැනුනෙ වෛනී කියන්නෙ මගෙ අම්මා කියලා. මගෙ ලඟ හිටපු ගෑනු ලමය මගෙ දිහාව ආදරෙන් බලනවා මම දැක්කා. හැමෝම එයාට කතා කලේ රුද්‍රා කියලා. මට තේරුනා හැමෝගෙම හැසිරීමෙන් රුද්‍රාගෙයි මගෙයි විවහාය ගැන තමයි කට්ටිය කතා කරන්නෙ කියලා. මම ඒකට විරුද්ධව මොනවා හරි කිව්වා කියලා මට තේරුනේ අනිත් අය මගෙ දිහා බලාගෙන හිටපු විදිහෙන්. මම ඉඳගෙන හිටපු තැනින් නැඟිටලා එහෙට මෙහෙට ඇවිද ඇවිද මොනව හරි කිව්වා. මට දැනුනෙ මම රුද්‍රාගෙයි මගෙයි මගුල කල්දාන්න වෙන හේතු ගැන එයාලට දේශනයක් දුන්නා වගේ. එතන හිටපු පිරිමි කෙනා රුද්‍රාගෙ තාත්තා මගෙ පිටට තට්ටු කරලා මොනවද කිව්වා. ඒ කිසිම දෙයක් මට තේරුනේ නැතත් මම රුද්‍රාගෙ තාත්තව බදාගෙන හැසිරුණු ව්දිහ හින්දා මට තේරුනා රුද්‍රාගෙ තාත්තා මම කිව්ව දේට කැමති වෙලා කියලා.

වෛනී එයාගෙ අතින් මුද්දක් ගලවලා මගේ අතට දුන්නා. වෛනී කිව්ව දේ මට තේරුනේ නැතත් මම රුද්‍රාගෙ ඇඟිල්ලකට මුද්ද දානකොට මට තේරුනා වෛනී කිව්වෙ මට රුද්‍රාගෙ ඇඟිල්ලට මුද්ද දාන්න කියන එක කියලා. රුද්‍රාගෙ තාත්තා එයාගෙ අතින් ගලවලා දුන්නු මුද්ද රුද්‍රා මගේ ඇඟිල්ලට දැම්මාම මට තේරුනා කසාදෙට කලින් වෙන මොකක් හරි චාරිත්‍රයක් රුද්‍රාගෙයි මගෙයි අතර සිද්ධ උනා කියලා. වෛනී රුද්‍රා රුද්‍රාගෙ අම්මයි තාත්තයි මමයි රෑ කෑමට වාඩි උනා. මම මස් කන්නෙ නැති හින්දා මගෙ පිඟානට මස් බෙදනකොට මට ලොකු අප්පිරියාවක් දැනුනත් මම රසකර කර මස් කනවා කියලා දැක්කම මට තේරුනා මම මස්වලට කෑදරයි කියලා. කෑම මේසෙ අඩුවෙන්ම තිබුනෙ එලවලු වර්ග ඒවත් අමුවෙන්මයි මේසෙට ගෙනත් තිබුනෙ. එලවලු ටිකක් බෙදාගෙන කන්න මට ආසාවක් ආවත් රුද්‍රා එලවලු බෙදන්න හදනකොට මම නැවැත්තුවෙ මම එලවලුවලට ආස නැති හින්දා කියලා මට තේරුනා. කෑමෙන් පස්සෙ හැමෝම පිටත්වෙලා ගියා ගෙදර ඉතුරු උනේ වැඩ කරන මිනිස්සුයි වෛනී මමයි විතරයි. මම මිදුලෙ බංකුවක වාඩිවෙලා ඈතින් පේන කඳු වැටි දිහා බලාගෙන හිටියා. පරිසරයේ තිබුනෙ මහ පාලු මූසල ගතියක් හින්දා මට ඕනි උනේ ගේ ඇතුලට යන්න ඒත් මම ඔහේ වාඩිවෙලා ඈත කඳුවැටි දිහාව බලාගෙන හිටියා. මට දැනුනෙ මම කැමති කිසිම දෙයක් කරන්න බැරි තැනක මම හිරවෙලා ඉන්නවා වගේ.
මම ගොඩාක් එලියට වෙලා වාඩිවෙලා ඉන්නකොට වෛනී ඇවිත් මගෙ ලඟින් වාඩි උනා. එයා ලොකු සතුටකින් ඉන්නව කියලා එයාගෙ හැසිරීමෙන් පෙනුනා. මට ඕනි උනේ වෛනීගෙන් පුලුවන් තරම් ඈතට යන්න ඒත් මම වෛනීගෙ උකුලෙන් ඔලුව තියාගෙන මොනවා හරි කිව්වා. වෛනී මගෙ ඔලුව අතගාන ගමන් කිව්ව සමහර දේවල් වගේම මම කිව්ව සමහර දේවලුත් ඒ භාෂාව යන්තමට තේරෙන්න අරගෙන තිබුනු නිසා මට තේරුනා. වෛනී ඇහුවා මම රුද්‍රා ගැන කැමැත්තෙන් නෙවෙයිද ඉන්නෙ කියලා. මට ඕනි උනේ මම රුද්‍රාට ආදරෙයි කියන්න ඒත් මම කිව්වෙ මම රුද්‍රාට කැමති නෑ කියලා. මට දැනෙන්න ගත්ත මට කිසිම දෙයක් පාලනය කරන්න බැරි හීනෙක මම හිරවෙලා වගේ වෙන හැමදේම වෙන්නෙ මට ඕනි විදිහට නෙවෙයි අඩුම තරමෙ මට හිතුනට මට ඇවිදින්න බෑ මට හිතුනට මට කන්න බෑ වෙන හැමදේම බලාගෙන ඉන්න විතරක් පුලුවන් මිනිහෙක් වෙලා මම මට තේරුනා.

ඒ හිර ජීවිතේ මට එපා උනත් මට කරන්න පුලුවන් දෙයක් තිබුනෙ නෑ. මට තිබිච්ච ලොකුම ප්‍රශ්නෙ වෙච්චි අපි කතා කරන කිසිම දෙයක් මට තේරිච්චි නැති එක ක්‍රමයෙන් හරි ගියා ක්‍රමයෙන් මට ඒ භාෂාව තේරුනා. මට තේරුනා වෛනී කියන්නෙ මගෙ අම්මා කියලා. රුද්‍රා කියන්නෙ මට කසාද බඳින්න පෘථිවියෙන් මෙහෙට ගෙන්වපු යක්ෂ ගෝත්‍රික ගෑනු ලමයෙක්. ඒත් මම රුද්‍රාට කැමති උනත් මම රුද්‍රාට කැමති උනේ නෑ කියලා මට දැනුනා. තනියම හම්බ උනාම රුද්‍රා මාව කිස් කරන්න හදනකොට මට ඕනි උනා රුද්‍රාව බදාගෙන සිය දහස් පාරක් රුද්‍රව කිස් කරන්න ඒත් මම රුද්‍රාව මග ඇරලා ඈතට යන්න පටන් ගත්තම මට දැනුනා මම රුද්‍රාගෙ කිස් එකට කැමති උනේ නෑ කියලා. මේක පුදුම කාලකණ්ණි ජීවිතයක් වගේ මට දැනෙන්න ගත්තා මට ඕනි දේ මට කරන්න බෑ වෙන්න තියන දේ විතරයි වෙන්නෙ.
මට තේරුනා මම තමයි මේ ලෝකය පාලනය කරන යක්ෂ ගෝත්‍රික පෘථිවි නියෝජිතයා කියලා. යක්ෂ ගෝත්‍රිකයො දාහක් විතර තමයි ඒ ලෝකෙ හිටියෙ ඒත් රාක්ෂ ගෝත්‍රිකයො ලක්ෂ දහයක් විතරයි නාග ගෝත්‍රිකයෝ ලක්ෂයක් විතරයි මේ ලෝකෙ ඉන්නවා කියලා මට තේරුනා. ග්‍රහ ලෝකයේ පාලනය කලේ මම ඇතුලු අපේ යක්ෂ ගෝත්‍රික පිරිස රාක්ෂ ගෝත්‍රිකයො වගා කටයුතු වලට යොදවපු අඩු බුද්ධිමත්භාවයක් සහිත පිරිසක් උනත් මම ආදරය කලේ රාක්ෂ ගෝත්‍රික ගෑනු ලමයෙක් වෙච්චි සුපර්ණාට.
රුද්‍රා කිස් කරන්න හදපු වෙලාවෙ රුද්‍රාගෙන් ඈතට යන්න මම කැමති උනේ නෑ ඒත් මම රුද්‍රාගෙන් ඈතට යනකොට මට තේරුනා මම රුද්‍රට කැමති උනාට මට රුද්‍රට ලං වෙන්න බෑ හැමදේම වෙන්නෙ වෙන්න තියන විදිහට කියලා. රුද්‍රාගෙන් ඈතට ගියපු මම මගෙ යානයට නැඟලා යන්න පටන් ගත්තා.

තිස් පස්වන කොටසින් හමුවෙමු.......

Reference:
https://www.facebook.com/groups/atam...5740/?sfnsn=mo

Last edited by parker.peter; 10-03-2019 at 06:03 AM.
Reply With Quote
(#292)
Old
aneasarayana's Avatar
aneasarayana aneasarayana is offline
Senior Member
aneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to behold
 
Posts: 2,603
Join Date: Oct 2013
10-03-2019, 07:58 AM

bump
Reply With Quote
(#293)
Old
jmzsl's Avatar
jmzsl jmzsl is offline
Senior Member
jmzsl is a name known to alljmzsl is a name known to alljmzsl is a name known to alljmzsl is a name known to alljmzsl is a name known to alljmzsl is a name known to alljmzsl is a name known to alljmzsl is a name known to alljmzsl is a name known to alljmzsl is a name known to alljmzsl is a name known to all
 
Posts: 4,785
Join Date: Apr 2013
Location: kandy
10-03-2019, 08:42 AM


අභිරහස් නිල් එළිය 34

ඒ ගෑනු කෙනා මාව බදාගෙන චුට්ටක් වෙලා ඉඳලා මොනව හරි මට කියන ගමන් මගෙ අතින් අල්ලගෙන මාව ගේ ඇතුලට එක්කගෙන ගියා. ගේ ඇතුලෙ ගොඩක් මිනිස්සු හිටියත් ඒ හැමෝම ඇඳගෙන හිටපු ඇඳුම් වල මහ විකාර ගතියක් මට දැනුනෙ. ගොඩක් පිරිමි අය රත්තරන් වගේ ලෝහයකින් හදපු අන්ඩර් වෙයාර් එකක් වගේ ඇඳුමක් ඇඳගෙන උරහිස් හරහට නිල්පාට සලුවක් වගේ එකක් දාගෙන හිටියා. ගෑනු කට්ටියගෙ ඇඳුම් හදලා තිබුනෙ විනිවිද පේන සැහැල්ලු යමකින්. ගැහැණු අයත් පිරිමි අය වගේම ඇඳුමක් තමයි ඇඳගෙන හිටියේ ඒ විනිවිද පේන ඇඳුමට යටින්. විශේෂ දෙයක් තිබුනෙ ලෝහ වලින් හදපු පපු ආවරණයක් ගෑනු අයට තිබුනා.

මාව එක්කගෙන ගිය ගෑනු කෙනාව මම හොඳටම දන්නව වගෙයි මගෙ හැසිරීමෙන් මට තේරුනේ. ඒ ගෑනු කෙනත් එක්ක මම ඇතුලට යනකොට ඇතුලෙ හිටිය හැමෝම අතක් පපුව හරහට තියාගෙන ඔලුව නමලා ආචාර කලා. පිරිස මැදින් මාව අරගෙන ගිය ඒ ගෑනු කෙනා මාව අරගෙන ගියේ සෝෆා එකක් වගේ එකක වාඩිවෙලා හිටපු කීප දෙනෙක් ලඟට. එතන ලස්සන ගෑනු ලමයෙකුයි තව ගෑනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි හිටියා මාව එක්කගෙන ආපු ගෑනු කෙනයි මමයිත් අර සෙටි එකෙන්ම වාඩි උනේ අතක් පපුව හරහට තියාගෙන ඔලුව නමලා එකිනෙකාට ආචාර කරගත්තට පස්සෙ . මගෙ හැසිරීමෙන් මට දැනුනෙ මම අර ගෑනු ලමයට අකමැත්තෙන් ඉන්න බවක්. අර ගෑනුකෙනාගෙ හැසිරීමෙන් කතාවෙන් පෙනුනෙ ඒ ගෑනු කෙනා මේ ලමයට ගොඩක් කැමති වගෙයි.ඒ ගෑනු කෙනාට ඕනි උනේ ඒ ගෑනු ලමයවයි මාවයි එක තැනින් තියන්න වගේ මට දැනුනෙ. මම ඒ ගෑනු ලමයා එක්ක කතා කරන්නෙ හිනාවෙන්නෙ මාව එක්කගෙන ආපු ගෑනු කෙනාට විරුද්ධ වෙන්න බැරිකමට වගේ මට දැනුනා. මාව එක්කගෙන ආපු ගෑනු කෙනාට හැමෝම කතා කලේ වෛනී කියලා හින්දා මට තේරුනා එයාගෙ නම වෛනී කියලා. මට බලපෑම් කරන්න තරම් බලයක් වෛනීට තියනවා කියලා මට දැනුනෙ එයා ලඟදි මගෙ හැසිරීමෙන්. වෛනී ඇරෙන්න අනිත් හැමෝම මට කතා කලේ විභීක්ෂ කියලා. වෛනී විතරක් මට කතා කලේ බාට් කියලා. මේ හැම හැසිරීමකින්ම වගේ මට දැනුනෙ වෛනී කියන්නෙ මගෙ අම්මා කියලා. මගෙ ලඟ හිටපු ගෑනු ලමය මගෙ දිහාව ආදරෙන් බලනවා මම දැක්කා. හැමෝම එයාට කතා කලේ රුද්‍රා කියලා. මට තේරුනා හැමෝගෙම හැසිරීමෙන් රුද්‍රාගෙයි මගෙයි විවහාය ගැන තමයි කට්ටිය කතා කරන්නෙ කියලා. මම ඒකට විරුද්ධව මොනවා හරි කිව්වා කියලා මට තේරුනේ අනිත් අය මගෙ දිහා බලාගෙන හිටපු විදිහෙන්. මම ඉඳගෙන හිටපු තැනින් නැඟිටලා එහෙට මෙහෙට ඇවිද ඇවිද මොනව හරි කිව්වා. මට දැනුනෙ මම රුද්‍රාගෙයි මගෙයි මගුල කල්දාන්න වෙන හේතු ගැන එයාලට දේශනයක් දුන්නා වගේ. එතන හිටපු පිරිමි කෙනා රුද්‍රාගෙ තාත්තා මගෙ පිටට තට්ටු කරලා මොනවද කිව්වා. ඒ කිසිම දෙයක් මට තේරුනේ නැතත් මම රුද්‍රාගෙ තාත්තව බදාගෙන හැසිරුණු ව්දිහ හින්දා මට තේරුනා රුද්‍රාගෙ තාත්තා මම කිව්ව දේට කැමති වෙලා කියලා.

වෛනී එයාගෙ අතින් මුද්දක් ගලවලා මගේ අතට දුන්නා. වෛනී කිව්ව දේ මට තේරුනේ නැතත් මම රුද්‍රාගෙ ඇඟිල්ලකට මුද්ද දානකොට මට තේරුනා වෛනී කිව්වෙ මට රුද්‍රාගෙ ඇඟිල්ලට මුද්ද දාන්න කියන එක කියලා. රුද්‍රාගෙ තාත්තා එයාගෙ අතින් ගලවලා දුන්නු මුද්ද රුද්‍රා මගේ ඇඟිල්ලට දැම්මාම මට තේරුනා කසාදෙට කලින් වෙන මොකක් හරි චාරිත්‍රයක් රුද්‍රාගෙයි මගෙයි අතර සිද්ධ උනා කියලා. වෛනී රුද්‍රා රුද්‍රාගෙ අම්මයි තාත්තයි මමයි රෑ කෑමට වාඩි උනා. මම මස් කන්නෙ නැති හින්දා මගෙ පිඟානට මස් බෙදනකොට මට ලොකු අප්පිරියාවක් දැනුනත් මම රසකර කර මස් කනවා කියලා දැක්කම මට තේරුනා මම මස්වලට කෑදරයි කියලා. කෑම මේසෙ අඩුවෙන්ම තිබුනෙ එලවලු වර්ග ඒවත් අමුවෙන්මයි මේසෙට ගෙනත් තිබුනෙ. එලවලු ටිකක් බෙදාගෙන කන්න මට ආසාවක් ආවත් රුද්‍රා එලවලු බෙදන්න හදනකොට මම නැවැත්තුවෙ මම එලවලුවලට ආස නැති හින්දා කියලා මට තේරුනා. කෑමෙන් පස්සෙ හැමෝම පිටත්වෙලා ගියා ගෙදර ඉතුරු උනේ වැඩ කරන මිනිස්සුයි වෛනී මමයි විතරයි. මම මිදුලෙ බංකුවක වාඩිවෙලා ඈතින් පේන කඳු වැටි දිහා බලාගෙන හිටියා. පරිසරයේ තිබුනෙ මහ පාලු මූසල ගතියක් හින්දා මට ඕනි උනේ ගේ ඇතුලට යන්න ඒත් මම ඔහේ වාඩිවෙලා ඈත කඳුවැටි දිහාව බලාගෙන හිටියා. මට දැනුනෙ මම කැමති කිසිම දෙයක් කරන්න බැරි තැනක මම හිරවෙලා ඉන්නවා වගේ.
මම ගොඩාක් එලියට වෙලා වාඩිවෙලා ඉන්නකොට වෛනී ඇවිත් මගෙ ලඟින් වාඩි උනා. එයා ලොකු සතුටකින් ඉන්නව කියලා එයාගෙ හැසිරීමෙන් පෙනුනා. මට ඕනි උනේ වෛනීගෙන් පුලුවන් තරම් ඈතට යන්න ඒත් මම වෛනීගෙ උකුලෙන් ඔලුව තියාගෙන මොනවා හරි කිව්වා. වෛනී මගෙ ඔලුව අතගාන ගමන් කිව්ව සමහර දේවල් වගේම මම කිව්ව සමහර දේවලුත් ඒ භාෂාව යන්තමට තේරෙන්න අරගෙන තිබුනු නිසා මට තේරුනා. වෛනී ඇහුවා මම රුද්‍රා ගැන කැමැත්තෙන් නෙවෙයිද ඉන්නෙ කියලා. මට ඕනි උනේ මම රුද්‍රාට ආදරෙයි කියන්න ඒත් මම කිව්වෙ මම රුද්‍රාට කැමති නෑ කියලා. මට දැනෙන්න ගත්ත මට කිසිම දෙයක් පාලනය කරන්න බැරි හීනෙක මම හිරවෙලා වගේ වෙන හැමදේම වෙන්නෙ මට ඕනි විදිහට නෙවෙයි අඩුම තරමෙ මට හිතුනට මට ඇවිදින්න බෑ මට හිතුනට මට කන්න බෑ වෙන හැමදේම බලාගෙන ඉන්න විතරක් පුලුවන් මිනිහෙක් වෙලා මම මට තේරුනා.

ඒ හිර ජීවිතේ මට එපා උනත් මට කරන්න පුලුවන් දෙයක් තිබුනෙ නෑ. මට තිබිච්ච ලොකුම ප්‍රශ්නෙ වෙච්චි අපි කතා කරන කිසිම දෙයක් මට තේරිච්චි නැති එක ක්‍රමයෙන් හරි ගියා ක්‍රමයෙන් මට ඒ භාෂාව තේරුනා. මට තේරුනා වෛනී කියන්නෙ මගෙ අම්මා කියලා. රුද්‍රා කියන්නෙ මට කසාද බඳින්න පෘථිවියෙන් මෙහෙට ගෙන්වපු යක්ෂ ගෝත්‍රික ගෑනු ලමයෙක්. ඒත් මම රුද්‍රාට කැමති උනත් මම රුද්‍රාට කැමති උනේ නෑ කියලා මට දැනුනා. තනියම හම්බ උනාම රුද්‍රා මාව කිස් කරන්න හදනකොට මට ඕනි උනා රුද්‍රාව බදාගෙන සිය දහස් පාරක් රුද්‍රව කිස් කරන්න ඒත් මම රුද්‍රාව මග ඇරලා ඈතට යන්න පටන් ගත්තම මට දැනුනා මම රුද්‍රාගෙ කිස් එකට කැමති උනේ නෑ කියලා. මේක පුදුම කාලකණ්ණි ජීවිතයක් වගේ මට දැනෙන්න ගත්තා මට ඕනි දේ මට කරන්න බෑ වෙන්න තියන දේ විතරයි වෙන්නෙ.
මට තේරුනා මම තමයි මේ ලෝකය පාලනය කරන යක්ෂ ගෝත්‍රික පෘථිවි නියෝජිතයා කියලා. යක්ෂ ගෝත්‍රිකයො දාහක් විතර තමයි ඒ ලෝකෙ හිටියෙ ඒත් රාක්ෂ ගෝත්‍රිකයො ලක්ෂ දහයක් විතරයි නාග ගෝත්‍රිකයෝ ලක්ෂයක් විතරයි මේ ලෝකෙ ඉන්නවා කියලා මට තේරුනා. ග්‍රහ ලෝකයේ පාලනය කලේ මම ඇතුලු අපේ යක්ෂ ගෝත්‍රික පිරිස රාක්ෂ ගෝත්‍රිකයො වගා කටයුතු වලට යොදවපු අඩු බුද්ධිමත්භාවයක් සහිත පිරිසක් උනත් මම ආදරය කලේ රාක්ෂ ගෝත්‍රික ගෑනු ලමයෙක් වෙච්චි සුපර්ණාට.
රුද්‍රා කිස් කරන්න හදපු වෙලාවෙ රුද්‍රාගෙන් ඈතට යන්න මම කැමති උනේ නෑ ඒත් මම රුද්‍රාගෙන් ඈතට යනකොට මට තේරුනා මම රුද්‍රට කැමති උනාට මට රුද්‍රට ලං වෙන්න බෑ හැමදේම වෙන්නෙ වෙන්න තියන විදිහට කියලා. රුද්‍රාගෙන් ඈතට ගියපු මම මගෙ යානයට නැඟලා යන්න පටන් ගත්තා.

තිස් පස්වන කොටසින් හමුවෙමු.......

Reference:
https://www.facebook.com/groups/atam...5740/?sfnsn=mo


kyawanna lesi wenna loku kala

Last edited by jmzsl; 10-03-2019 at 08:43 AM.
Reply With Quote
(#294)
Old
P o o L's Avatar
P o o L P o o L is offline
Senior Member
P o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to all
 
Posts: 3,586
Join Date: Jun 2018
Location: in different countries around the world! ...
10-03-2019, 09:17 AM

සැක් කතාව වැඩක් නෑ . ඌ ඉවර කරන්න හදලා ආපහු අදින්න පටං ගත්තයිං .

දැං මේක සුජීව අයියගෙ ස්ටයිල් එකට ගිහිල්ලා .


මේ යකා ටීවී සීරිස් බලලා වැඩී. බලපු කතා ඔක්කොම එක කතාවක් හැටියට අපිට කියන්න හදන්නෙ .

Reply With Quote
(#295)
Old
rangana26 rangana26 is offline
Senior Member
rangana26 is infamous around these partsrangana26 is infamous around these parts
 
Posts: 4,336
Join Date: Feb 2013
10-03-2019, 01:44 PM

Quote:
Originally Posted by P o o L View Post
සැක් කතාව වැඩක් නෑ . ඌ ඉවර කරන්න හදලා ආපහු අදින්න පටං ගත්තයිං .

දැං මේක සුජීව අයියගෙ ස්ටයිල් එකට ගිහිල්ලා .


මේ යකා ටීවී සීරිස් බලලා වැඩී. බලපු කතා ඔක්කොම එක කතාවක් හැටියට අපිට කියන්න හදන්නෙ .

හ්ම්ම්
දැන්නම් කියවන්න හිතෙන්නෙත් නෑ
Reply With Quote
(#296)
Old
manjula_nadeeka's Avatar
manjula_nadeeka manjula_nadeeka is offline
Senior Member
manjula_nadeeka is just really nicemanjula_nadeeka is just really nicemanjula_nadeeka is just really nicemanjula_nadeeka is just really nicemanjula_nadeeka is just really nicemanjula_nadeeka is just really nicemanjula_nadeeka is just really nicemanjula_nadeeka is just really nice
 
Posts: 412
Join Date: Mar 2009
Location: Colombo
10-03-2019, 02:23 PM

ලස්සනට ලිව්ව කතාව කාලා. දැන්නම් මෙලෝ රහක් නෑ
Reply With Quote
(#297)
Old
Naughtykolla48's Avatar
Naughtykolla48 Naughtykolla48 is offline
Senior Member
Naughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to all
 
Posts: 4,868
Join Date: Nov 2017
Location: හඳට කිට්ටුව
10-03-2019, 04:06 PM

bump
Reply With Quote
(#298)
Old
amilabanuka's Avatar
amilabanuka amilabanuka is offline
Senior Member
amilabanuka is a glorious beacon of lightamilabanuka is a glorious beacon of lightamilabanuka is a glorious beacon of lightamilabanuka is a glorious beacon of lightamilabanuka is a glorious beacon of lightamilabanuka is a glorious beacon of lightamilabanuka is a glorious beacon of lightamilabanuka is a glorious beacon of lightamilabanuka is a glorious beacon of lightamilabanuka is a glorious beacon of lightamilabanuka is a glorious beacon of light
 
Posts: 6,944
Join Date: Sep 2006
Location: Thama math hoyanooo....
Send a message via ICQ to amilabanuka Send a message via Skype™ to amilabanuka
10-03-2019, 04:51 PM

අභිරහස් නිල් එළිය 35

ක්ෂනිකවම මගෙ වටේ තිබිච්ච හැමදේම අතුරුදන් උනාම මට හිතාගන්න බැරි උනා මොකද උනේ කියලා. ඇත්තටම මම පියවි සිහියට ආවෙ ප්‍රොෆෙසර් අනුර මගෙ උරිස්වලින් අල්ලලා හොල්ලනකොට. හීනයක් බල බලා ඉන්නකොට කවුරුහරි එකෙක් ඇවිත් ඇහැරෙව්වහම දැනෙන ෆීලිං එක මට ටික වෙලාවක් යනකම් දැනුනා ටිකින් ටික තමයි මට නියම තත්වය තේරුම් යන්න පටන් ගත්තෙ.
මම සම්පූර්ණයෙන්ම හෝලො ෆිල්ම් එක ඇතුලෙ හිරවෙලා ඉඳලා එළියට ආවා කියලා තේරෙන්න මට ලොකු වෙලාවක් ගියා විතරක් නෙවෙයි ඇත්තටම මගෙ මොලයට මම ඉන්න නියම කාලය පරිසරය ගැන decision එකක් ගන්න ප්‍රොෆෙසර් අනුරගෙ උදව්වත් ඕනි උනා.

"මොකක්ද ප්‍රොෆෙසර් අපිට උනේ"

දැනිච්ච ඔලුවෙ කැක්කුම දරාගන්න බැරුව කකුල් දෙක අතර ඔලුව හිර කරහෙන ඉන්න ගමන් මම ඇහුවා. මොලයට වැඩියෙන් ලේ ලැබෙන හින්දද කොහෙද ඒ විදිහට ඉන්න කොට ඉක්මනට ඔලුව පැලෙන්න වගේ තිබිච්ච ගතිය අඩු උනා.

"දැන් කොහොමද පුතා."

ප්‍රොෆෙසර් අනුර ඇහුවෙ මගෙ ඔලුව අතගාන ගමන්.

මගෙ ඔලුව පැලෙන්න තරම් රිදෙනවා ප්‍රොෆෙසර් මොකක්ද අපිට ඒ උනේ. මම ඇහුවෙ ඔලුව කෙලින් කරලා ඇස් දෙක අරින ගමන්. ඇස් ඇරපු ගමන් මම මුලින්ම දැක්කෙ කළු මාමයි සාලිතයි අත් දෙකින් ඔලුව තද කරගෙන පිස්සුවෙන් දුවන හැටි. මටත් ඔලුව රිදෙන ගතිය තිබුනත් මගෙ සිහිකල්පනාව හොඳට තිබුනා.

"මොකක්ද ප්‍රොෆෙසර් මේ වෙලා තියෙන්නෙ. ඉක්මනට මෙයාලට මොනව හරි බෙහෙතක් දෙනවකො පඹයෙක් වගේ හිටගෙන ඉන්නෙ නැතුව"

නැඟිටලා සාලිතව අල්ල ගන්න දුවන ගමන් මම මම ප්‍රොෆෙසර්ට කෑ ගැහුවා. ප්‍රොෆෙසර් අනුරත් නින්දෙන් ඇහැරිච්ච එකෙන් වගේ මගෙ පස්සෙන් දුවලා ඇවිත් කළු මාමව අල්ල ගත්තත් කළු මාමා ප්‍රොෆෙසර්ව තල්ලු කරලා දාලා ආයෙමත් පිස්සුවෙන් වගේ දුවන්න ගත්තා.

ප්‍රොෆෙසර් මෙයාලට ලොකු ඔලුවෙ කැක්කුමක් තියනවා වගේ ඉක්මනට මෙයාලට මෙන්ටලි ප්‍රෙෂර් එක අඩුකරන මොනවා හරි දෙන්න වෙනවා. ඉක්මන් කරනවා මනුස්සයෝ මට මෙයාලව පහල assembling hall එකට අරගෙන යන්න උදව් කරනවා.

මම ප්‍රොෆෙසර්ට කෑගැහුවෙ සාලිතව අමාරුවෙන් අල්ලගෙන air lift එක තියන තැනට අරගෙන යන ගමන්. ප්‍රොෆෙසර් අනුරයි මමයි වදෙන් පොරෙන් සාලිතව air lift එකෙන් පහල assembling hall එකට අරගෙන ඇවිත් පොරකාල වගේ කෑම මේසෙ පුටුවක වාඩි කරලා අල්ලගෙන හිටියෙ ඌ පිස්සුවෙන් වගේ දුවන්න දඟලන හින්දා. සාලිතට ආපු කෑම පිඟානෙ තිබුනෙ එතනෝල් සුවඳට හුරු සුවඳක් තිබිච්ච ලික්විඩ් එකක් තිබිච්ච පැක් එකක් විතරයි. මිලිලීටර් දෙසිය පනහක් විතර තිබිච්ච ලික්විඩ් එක බොහොම අමාරුවෙන් වදෙන් පොරෙන් පොවා ගෙන විනාඩි දහයක් විතර යනකොට සාලිත ඩවුන් උනා. ඊට පස්සෙ සාලිතව එහෙම්මම තියලා ප්‍රොෆෙසර් අනුරයි මමයි කළු මාමව අරගෙන එන්න කොන්ට්‍රෝල් රූම් එකට යනකොට කළු මාමා ඔලුව බදාගෙන ෆ්ලෝ එකේ පෙරලෙනවා. බොහොම අමාරුවෙන් කළු මාමවත් පහලට ගෙනත් සාලිතට දුන්නු ට්‍රීට්මන්ට් එකම දීලා මම ෆ්ලෝ එකේම ඇල උනා ඇඟට දැනිච්චි තෙහෙට්ටුවයි ඔලුවෙ කැක්කුමයි හින්දා.

මම හිතුවෙ නෑ පුතා මෙහෙම දෙයක් වෙයි කියලා. ඔයාලගෙ හැසිරීමෙන් මට පේනකොට ඔයාලා හෝලොග්‍රෑම් ෆිල්ම් එක ඇතුලෙ සිද්ධිය ඇතුලෙ මනසින් ජීවත් වෙනවා කියලා මම ඉක්මනට ෆිල්ම් එක නැවැත්තුවෙ හොඳ වෙලාවට නැත්තම් ඔයාල පිස්සො වෙන එක නවත්තන්න බෑ.

ප්‍රොෆෙසර් අනුර කිව්වෙ මගෙ ලඟින්ම ඇල වෙන ගමන් සිද්ධවෙච්චි දේ ගැන ගොඩක් පසුතැවීමෙන් වගේ.

"ඇයි තමුසෙ දැනගෙන හිටිය නම් එහෙම දෙයක් වෙන්න පුලුවන් කියලා ඒ මඟුල් හෝලොග්‍රෑම් ෆිල්ම් එක අපිට බලන්න දුන්නෙ. "

මම ප්‍රොෆෙසර් අනුරගෙන් ඇහුවා.

නිමලුයි මමයිත් ඕක බැලුවා ඒත් අපිට ඔය වගේ ප්‍රශ්නයක් ආවෙ නෑ පුතා. ඒත් නිමල් කිව්වා මේක බලන කෙනා ෆිල්ම් එකට ආස වෙලා ෆිල්ම් එක ඇතුලෙ මනසින් ජීවත් වෙන්න ගිහින් තමන් ජීවත් වෙන කාලය ගැන අවබෝධය නැති උනොත් එහෙම වෙන්න පුලුවන් කියලා. ඒත් මම ඒක විස්වාස කලේ නෑ ඔයාලගෙ පිස්සු විකාර දකිනකම්.

ප්‍රොෆෙසර් අනුර ගොඩක් පසුතැවිල්ලෙන් කිව්වා. ඒ මනුස්සයත් හිතාමතා කල දෙයක් නෙවෙයි කියලා තේරෙනකොට මට ප්‍රොෆෙසර්ට කෑගැහුව එක ගැන දුක හිතුනා.

ප්‍රොෆෙසර් සාලිතටයි කළු මාමටයි ඇහැරුණාමවත් හරි සිහිකල්පනාවක් එයිද? මේ මිනිස්සු හෙනම අහිංසකයි අහම්බෙන් මාව මුණගැහිලා මට උදව් කරන්න ඇවිත් සිහිකල්පනාව නැති උනොත් මට ඒක දරාගන්න ලේසි වෙන්නෙ නෑ ප්‍රොෆෙසර්.

මම කිව්වෙ ඔලුව උස්සලා කළු මාමයි සාලිතයි දිහා බලන ගමන්.

"කලඹල වෙන්න එපා පුතා අපි බලමුකො නින්දෙන් ඇහැරෙනකොට සමහර විට ඔක්කොම අමතක වෙලා සාමාන්‍ය තත්වයට එයි. කොහොම උනත් දැන් කරන්න දෙයක් නෑ. අපිට තියෙන්නෙ එයාල ඇහැරෙනකම් බලාගෙන ඉන්න.

ප්‍රොෆෙසර් කිව්වා.

ඒක නෙවෙයි ප්‍රොෆෙසර් ඔයාල ෆිල්ම් එක බැලුවා කිව්වා නේද? ඔයාටත් දැනුනද ඔයා තමයි ඒ ග්‍රහ ලෝකෙ නායකයා කියලා. මට දැනුනෙම මම තමයි ඒ ග්‍රහලෝකෙ නායකයා කියලා.

මම ප්‍රොෆෙසර්ගෙන් ඇහුවෙ මට දැනිච්ච දේ ප්‍රොෆෙසර්ටත් දැනුනද කියලා දැනගන්න ඕනි වෙච්ච හින්දා.

ඒක ඔයාට විතරක් නෙවෙයි ෆිල්ම් එක බලන ඕනි කෙනෙකුට දැනෙනවා පුතා. මමයි නිමලුයි හැමවෙලාවෙම හිතින් අපි ජීවත්වෙන කාලයයි අතීත කාලයයි සංසන්දනය කරන ගමන් ෆිල්ම් එක බලපු හින්දා අපිට මෙන්ටලි කේස් එකක් ආවෙ නෑ. ඒත් ඔයාල ෆිල්ම් එකේ සිද්ධියට විතරක් හිත යොමුකරපු හින්දා තමයි ඔයාල මෙන්ටලි අවුල් ගියේ. දැන් තවත් ඔය ගැන හිතන්න එපා.

ප්‍රොෆෙසර් අනුර කිව්වෙ මගෙ ලඟින් ෆ්ලෝ එකේ වාඩිවෙමින් ගමන්.

"ඒක නෙවෙයි ප්‍රොෆෙසර්. ඔයාල ඉවර වෙනකම් ෆිල්ම් එක බැලුව නම් ෆිල්ම් එකේ අන්තිමට මොකක්ද උනේ කියන්නකො "

මම ඇහුවෙ සුපර්ණාට මොකද උනේ කියලා දැනගන්න ලොකු ආසාවක් මට ඇතිවෙච්චි හින්දා.

තිස් හයවන කොටසින් හමුවෙමු......


https://www.facebook.com/groups/atam...9746039764828/
Reply With Quote
(#299)
Old
laknath123's Avatar
laknath123 laknath123 is offline
Senior Member
laknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to behold
 
Posts: 17,154
Join Date: Jun 2007
Location: click here
10-03-2019, 09:04 PM

up
Reply With Quote
(#300)
Old
amilapradeep100's Avatar
amilapradeep100 amilapradeep100 is offline
Senior Member
amilapradeep100 is just really niceamilapradeep100 is just really niceamilapradeep100 is just really niceamilapradeep100 is just really niceamilapradeep100 is just really niceamilapradeep100 is just really niceamilapradeep100 is just really nice
 
Posts: 1,690
Join Date: Sep 2010
Location: කෙල්ල ලග
Send a message via Skype™ to amilapradeep100
10-03-2019, 09:16 PM

bump
Reply With Quote
Reply

Bookmarks

Tags
ගූnp media, නාමල් සර්, සිරිකොත කොලු මඩම, හාමුගේ කොල්ලෝ, hamuge puke eliya, ranil sirrrrr

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.07914 seconds with 11 queries