ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri Traveler > Travel Sri Lanka
Reload this Page ගාල්ලේ දවසින් ගිහින් එමු
Reply
 
Thread Tools
(#1)
Old
විල්සන් මාමා's Avatar
විල්සන් මාමා විල්සන් මාමා is offline
Senior Member
විල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of light
 
Posts: 4,187
Join Date: Apr 2012
Location: දගයාගේ ගේ ගාව
Up ගාල්ලේ දවසින් ගිහින් එමු - 04-19-2019, 12:31 PM

ගාල්ලේ දවසින් ගිහින් එමු



ටික දවසක් වෙනවා ගාල්ලේ ගිහින් ඇවිල්ලා. වෙලාවක් තිබ්බේ නැහැ ත්‍රෙඩ් එකක් දාන්න . හැබැයි මේක ගැන විස්තරයක් දාන්න ලොකු උවමනාවක් තිබ්බ. තව යන එකෙක්ට උදව්වක් වෙන්න. මේක ඉතින් family trip එකක්. ගෙදෙර කට්ටිය එක්ක ගිය. Family trip එකක් plan කරන කෙනෙක්ට මේක උදව්වක් වෙයි.
මුලින්ම මම කලේ හොද plan එකක් හදාගන්න එක . එළකිරියේ පෝරිසාදයා ලොකු සප් එකක් දුන්නා . ගොඩක් ස්ත්තුයි මචන්. තාමත් කොහේ හරි යද්දී මම නම් මුගෙන් තමයි විස්තර ගන්නේ . එච්චරට ර‍ට වටේ ගියපු ඩයල් එකක් .

ගෙදෙරින් 7ට වගේ පිටත් වුණා . කෙලින්ම highway එකෙන් දැම්මා . ඊට පස්සේ ඉතින් පින්නදුවෙන් exit වුණා. 8:30 ට වගේ ගාල්ලට එන්න ඇති .

Google map එක දාගෙන මම ගියපු හැමතනකට යන්න පුළුවන්.
මගේ ප්ලැන් එකේ විදියට මුලින්ම අපි යන්න හිටියේ රූමස්සල පැත්තේ. එහෙ තියෙනවා ලස්සන පන්සලක් . මේක ජපන් පන්සලක්. Japanese Peace Pagoda කියලා ගූගල් එකේ ගහන්න . ඒක බැලුවා . මේ තියෙන්නේ මම ගත්තු ෆොටෝ එකක් .


පනසලේ උඩ ඉදන් බැලුවාම රූමස්සල වෙරල ලස්සනට පේනවා


කාටහරි ඕනනම් මේ පන්සල ගාවට ගියාට පස්සේ jungle beach වගේ ගිහින් පොඩ්ඩක් relax වෙන්න පුළුවන් . ගෙදෙර කට්ටිය එක්ක ගිය හින්දා beach පැත්තේ යන එක ප්ලැන් එකෙන් අයින් කලා . ඒවාට ඉතින් යන්න ඕනේ යාලුවෝ එක්ක

ඊට පස්සෙත් ගියේ ඉතින් තව පන්සලකට. යටගල රජ මහා විහාරායට .මේක ලෙන් විහාරයක්. අපි ගියේ සෙනසුරාදා දවසක. එත් කිසි සෙනගක් නැහැ . මේකට ගියාම පුදුම සැනසිල්ලක් එන්නේ.



ඊට පස්සේ ගියේ කැස්බෑවෝ බලන්න. ඒක තියෙන්නේ හබරාදුවේ. Habaraduwa sea turtle hatchery කියලා නෙට් එකේ ගහන්න. ඒ හරියේ තව කස්බැවෝ බලන තැන් තිබ්බා. මම කලින් ඉදන්ම ප්ලැන් කරන් ගියේ මෙතන. මතක විදියට රුපියල් 100ක් ද කොහෙද ගත්තා එක්කෙනෙක්ගෙන් ඇතුල් වෙන්න.


වෙලාව මේ වෙද්දී 2 ත් පහු වෙලා තිබ්බ . පට්ට බඩගිනි . කොහමත් ඊළඟට යන්න හිතන් හිටියේ කොග්ගල පැත්තට . එක හින්ද ඒ පැත්තේම restaurant එක්ක කලින්ම හොයාගත්තා . මේකේ නම Catalina Grill Restaurant. අපේ Air Force එකෙන් කරන restaurant එකක් . මෙතන parking නම් ඕන තරම් තියෙනවා . පොඩි plane එකකුත් නවත්තලා තියෙනවා. ඕනනම් ඇතුලට ගිහින් බලන්න පුළුවන් . රුපියල් 30 ගන්නේ එක්කෙනේකෙගෙන් . කැමැත් හොදයි මචන් මටනම්. Service charges එහෙම ගන්නෙත් නැහැ .

මේ තියෙන්නේ ඒ plane එක


කාල ඉවර වුනාට පස්සේ restaurant එක පිටිපස්සේ තියෙන්නේ beach එක . ඒක ළඟ පොඩ්ඩක් වෙලා ඉදලා අපි ගියා මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරය බලන්න . මේකේ ඇතුලේ නම් පින්තුර ගන්න දෙන්නේ නැහැ ඒගොල්ලෝ


ඊට පස්සේ ගාලු කොටුවට ආවා අපි. කොටුවට එද්දී වහින්න ගත්තා . එක හින්දා මම කැමරා එක ගෙනිච්චේ නැහැ . කොටුවේ රවුමක් දැම්මා . එතන ඉන්නවා Crazy jumpers ල සෙට් එකක්. ඒගොල්ලෝ හිටියොත් කට්ටියගෙන් සල්ලි කීයක් හරි අරන් උඩ ඉදන් පනිනවා . මම ගිය වෙලේ මොකෙක්වත් සල්ලි දුන්නේ නැහැ උන්ට . දැන් ඉන්න සුද්දොන්ගෙන් ඉස්සර වගේ සල්ලි ගන්න අමාරුයි . ඒගොල්ලෝ අපිට වැඩිය කපටි

මේක නම් clear නැහැ photo එක . ෆෝන් එකෙන් ගත්තේ . රෑ වෙලත් තිබ්බේ.


හිතුවා වගේම බලන්න හිතන් හිටපු හැමතැනකම බැලුවා . එන ගමන් ගාල්ලෙන් අලුත් මාළු අරගෙන සහන බේකරියෙන් හවසට කාලා highway එකෙන් දාලා ගෙදෙර අවා . 8 වගේ වෙද්දී ආපහු ගෙදෙර එන්න ඇති.

හැමදේම plan කරලා යන්න . Google maps දාගෙන ඕන තැනක යන්න පුළුවන් මම ගියපු. කාගෙන්වත් මුකුත් අහන්න ඕනෙත් නැහැ . තව ගියපු තැන් ගැන ත්‍රෙඩ් දාන්නම් වෙලාවක් හම්බවෙන විදියට . ලැබෙන ප්‍රතිචාර හොදයිනම් . ජය වේවා කට්ටියටම

Last edited by විල්සන් මාමා; 04-19-2019 at 01:34 PM.
Reply With Quote
(#2)
Old
Rahula Kasun's Avatar
Rahula Kasun Rahula Kasun is offline
Senior Member
Rahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to behold
 
Posts: 6,212
Join Date: Feb 2013
Location: හැමිනේශන්
Up 04-19-2019, 12:53 PM

මචං, Photo size එක ලොකු වැඩියි.. පොඩි කරල දාහන්.. ජය..!

|B|U|M|P|
Reply With Quote
(#3)
Old
විල්සන් මාමා's Avatar
විල්සන් මාමා විල්සන් මාමා is offline
Senior Member
විල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of light
 
Posts: 4,187
Join Date: Apr 2012
Location: දගයාගේ ගේ ගාව
04-19-2019, 12:58 PM

Quote:
Originally Posted by Rahula Kasun View Post
මචං, Photo size එක ලොකු වැඩියි.. පොඩි කරල දාහන්.. ජය..!

|B|U|M|P|
Image resize karanna puluwanda machan
Reply With Quote
(#4)
Old
Deleted's Avatar
Deleted Deleted is offline
Senior Member
Deleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to behold
 
Posts: 4,931
Join Date: Aug 2016
04-19-2019, 01:01 PM

Quote:
Originally Posted by විල්සන් මාමා View Post
Image resize karanna puluwanda machan
http://jpeg-optimizer.com/
Reply With Quote
(#5)
Old
hodakolla's Avatar
hodakolla hodakolla is offline
Senior Member
hodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to behold
 
Posts: 16,276
Join Date: Feb 2017
Send a message via AIM to hodakolla
04-19-2019, 01:05 PM

BUMP
Reply With Quote
(#6)
Old
NK123's Avatar
NK123 NK123 is offline
Senior Member
NK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud of
 
Posts: 24,733
Join Date: Jul 2015
Location: Colombo
04-19-2019, 01:13 PM

TFS
☆☆☆27+ From NK123 ☆☆☆
Reply With Quote
(#7)
Old
HKavinda's Avatar
HKavinda HKavinda is offline
Senior Member
HKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond repute
 
Posts: 43,920
Join Date: Dec 2013
Location: 🅸🅽🆃🅴🆁🅽🅴🆃
04-19-2019, 01:26 PM


T F S මචං R E P +
Reply With Quote
(#8)
Old
Mr Dilshan's Avatar
Mr Dilshan Mr Dilshan is offline
Senior Member
Mr Dilshan is a glorious beacon of lightMr Dilshan is a glorious beacon of lightMr Dilshan is a glorious beacon of lightMr Dilshan is a glorious beacon of lightMr Dilshan is a glorious beacon of lightMr Dilshan is a glorious beacon of lightMr Dilshan is a glorious beacon of lightMr Dilshan is a glorious beacon of lightMr Dilshan is a glorious beacon of lightMr Dilshan is a glorious beacon of lightMr Dilshan is a glorious beacon of light
 
Posts: 5,787
Join Date: Jun 2007
04-19-2019, 01:29 PM

bump
Reply With Quote
(#9)
Old
විල්සන් මාමා's Avatar
විල්සන් මාමා විල්සන් මාමා is offline
Senior Member
විල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of light
 
Posts: 4,187
Join Date: Apr 2012
Location: දගයාගේ ගේ ගාව
04-19-2019, 01:31 PM

පින්තුර පොඩි කලා
Reply With Quote
(#10)
Old
විල්සන් මාමා's Avatar
විල්සන් මාමා විල්සන් මාමා is offline
Senior Member
විල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of lightවිල්සන් මාමා is a glorious beacon of light
 
Posts: 4,187
Join Date: Apr 2012
Location: දගයාගේ ගේ ගාව
04-19-2019, 01:32 PM

Quote:
Originally Posted by Deleted View Post
Reply With Quote
Reply

Bookmarks

Tags
අඩියක් ගසමු, වැල්ලේ බොකදාමු, වැල්ලේ රෙමු, mydone, nb diabetic, trip

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03090 seconds with 9 queries