ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ඩෙංගු උණට ගස්ලබු කොල දෙන්නේ මෙහෙමයි
Reply
 
Thread Tools
(#1)
Old
EXECUTOR's Avatar
EXECUTOR EXECUTOR is offline
Senior Member
EXECUTOR is a jewel in the roughEXECUTOR is a jewel in the roughEXECUTOR is a jewel in the roughEXECUTOR is a jewel in the roughEXECUTOR is a jewel in the roughEXECUTOR is a jewel in the rough
 
Posts: 653
Join Date: Oct 2015
Up ඩෙංගු උණට ගස්ලබු කොල දෙන්නේ මෙහෙමයි - 05-01-2017, 10:04 AM

මම මේක දාන්නේ වගකීමක් ඇතුව මොකද අපේ මල්ලිට ඩෙංගු හැදිලා ඉන්දැද්දී මේ විදිහට මම හදලා ගිහින් දුන්නා..ඒකෙන් ගොඩාක් දුරට අඩු උනා.. මේක දෙන්න කැමති කෙනෙක් හරියටම මේ පිලිවෙලට දෙන්න. (මේවා දෙන එක හොඳ නෑ එහෙම හිතන කෙනෙක් පඬි වදන් නොදී මේ ක්‍රම නොකර සාමාන්‍ය ඉස්පිරිතාලේ ක්‍රමේට බෙහෙත් ගන්න.)
දොස්තරලා මේවා දෙනවට විරුද්ධයි. ඒ නිසා ඉස්පිරිතාලෙදී හොරෙන් තමා දෙන්න වෙන්නේ. මේවා දෙනවා හරි ඉස්පිරිතාලේ කබඩ් එක අස්සේ මේවා තියෙනවා දැක්කොත් හරි පලු යන්න බැනුම් අහගන්න වෙනවා.. නමුත් මේ ක්‍රමේ සාර්ථකයි. සමහර ලෙඩ්ඩුන්ට නම් හරියන්නේ නෑ කියලා අහලා තියෙනවා ඒත් මම මේ විදියට කරලා හරි ගියා ඒකයි දාන්නේ..

විදුරු මස් වලින් ලේ එන අන්තිම තත්වෙට ආවම මේවා දෙන්න එපා.ඊට කලින් මුල් අවධියේදී දෙන්න..

ගස්ලබු ගස් වර්ග 2ක් තියෙනවා..රතු පාට සහ සාමාන්‍ය කොල පාට
මේ පහල පිංතූර දෙකේ උඩින් තියෙන්නේ රතු පාට ගස්ලබු.
යට එක කොල පාට.






මෙන්න මෙහෙමයි ක්‍රමේ

රතු පාට ගස්ලබු ගහේ කොල තමා හොඳයි කියන්නේ..කොළ පාට එකත් කමක් නෑ..
ගස්ලබු ගහේ උඩම දල්ලේ ඉඳන් 3 වෙනි කොලේ තමා කඩාගන්න ඕන. (පණුවෝ ගහලා මකුලු දැල් අනන් මනන් නැති පිරිසිදු කොල විතරක් ගන්න.)
මේ තියෙන්නේ 3 වෙනි කොලේ..(අඟල් බාගයක් විතර පුංචි කොලේ ගණන් ගන්නෙ නෑ..සාමාන්‍යයෙන් කොලයක් බවට පරිවර්තනය වෙලා තියෙන කොල විතරයි. එතන ඉඳන් 3 වෙනි කොලේ.)



මේ විදිහේ කොල දහයක් පහලවක්වත් උවමනා වෙනවා. කඩාගත්තු කොල ටික පිරිසිදු වතුරෙන් හොඳට හෝදගෙන මද අව්වේ වතුර ලාවට තෙතමනය වේලෙනකම් වේලගෙන අත් හොඳට හෝදගෙන අර කොල ටිකේ නාරටි/ රේණු (අර කේශ නාලිකා අහු නොවෙන්න) කොලේ විතරක් අතින් කඩාගන්න. මේකට එක කොලේකට විනාඩි 15ක් 20ක් විතර යාවි සමහරක් විට. ඊලඟට ඒ කඩාගත්තු කොල ටික ලී වංගෙඩියක කොටාගන්න.(ගල් වංගෙඩියේ ගල් කුඩු මිශ්‍ර වෙන නිසයි එහෙම කිව්වේ.) ඒ කොටාගත්තු ටික පිරිසිදු කොට්න් රෙදි කෑල්ලකට දාලා පිරිසිදු පීරිසියකට වගේ ඉස්ම ටික පෙරාගන්න. එක උගුරකට ප්‍රමාණවත් බිංදු දහයක් විතර තිබ්බානම් ඇති. වතුර දාලා මිරිකන්නම එපා. අර කොල ටිකේ ඉස්ම විතරයි..ඊලඟට ලෙඩාට ඒ ටික බොන්න දෙන්න දවසකට සැරයක් හෝ දෙවරක් උදේ හවස..(මේ හදාගත්තු ඉස්ම හදාගන්න අමාරුයි කියලා ෆ්රිජ් වල දාලා තියාගෙන දවස් ගනන් තියාගන්න එපා උපරිම දවසක් උදේ හවස බොන්න දෙන්න තියාගන්න ආපහු අලුතෙන් හදාගන්න.)
මේකට සමහරු මීපැණි දාන්න කියනවා. ඒකට කමක් නෑ. ගොඩක් නෙමෙයි පොඩ්ඩක්. මම නම් කියන්නේ මේක බොන්න දීලා මීපැණි බිංදු දෙක තුනක් කන්න දෙන්න කටේ අප්පිරියාව යන්න.. එක සැරයක් දෙසැරයක් දීලා ප්ලේට්ලට් කවුන්ට් එක බලන්න. (ඒ වගේම WBC -white blood cells count එක නැගල නම් වැඩේ සාර්ථකයි.)
හිතේ විස්වාසයක් නැත්තම් මේවා දෙන්න එපා.
ප්‍රශ්න තියෙනවානම් අහන්න.

තව කෙනෙකුට බලන්න බම්ප් එකක්වත් දාගෙන යන්න.

ඒ වගේම පොලොස් ජූස් එකත් හොඳයි මේ වගේම.. තව ගම්පහ හාමුදුරුවන්ගේ තෙල් එකත් හොඳයි.


ප.ලි. --->>

තව වැදගත් දෙයක් කියන්න තියෙනවා.. ප්ලේට්ලට් කවුන්ට් එක අඩුම උනාම දොස්තරලා කියනවා පැයෙන් පැයට වතුර මිලි ලීටර් 100ක් දීලා ඒක පොතක ලියන්න පැය දෙකෙන් දෙකට (සමහර තැන් වල පැය 3න් 3ට - කෝම උනත් දොස්තරලා කියන දේ කරන්න.) මුත්‍රා මැනලා ලියන්න මිලිලීටර් 100ට වඩා අඩු උනොත් වහාම එයාලට කියන්න කියලා. ඒ දේවල් වගකීමක් ඇතුව වෙලාවට කරන්න විශේෂයෙන්ම රෑට ලෙඩා ලඟ ඉන්න කෙනා ඒ දේ හරියට කරන කෙනෙක් තියන්න. (ගොඩක් අය රෑ 2 වෙද්දි නිදි ලෙඩා ඇහැරලා )

මේ වෙද්දි ලෙඩා හරිම කපටි වැඩ කරනවා. මොකද වතුර තිබහ වැඩි නිසා වැඩිපුර වතුර ඉල්ලයි. අඬයි කෑගහයි. (අපේ මල්ලි නම් වතුර ඉල්ලලා උද්ගේෂණ කරලා බැරිම තැන මම බාජන යක් හෝදං එන්න ගියාම හොරෙන් වතුර බීලා මාට්ටු උනා මට) නමුත් දොස්තරලා නියම කරපු ප්‍රමාණයෙන් දෙන්න, අනුකම්පාවට දෙන්න ගිහින් අන්තිමේ අඬන්න වෙන දේවල් කරන්නෙපා. බේරන්නම බැරි නම් දොස්තරලාට නැත්තම් නර්ස්ට කියන්න.. පොතක් තියාගෙන එක පැත්තක හරියට වෙලාව දාලා වතුර දුන්නු ප්‍රමාණය ලියන්න. යූරීන් ප්‍රමාණය ලියන්න. අනුමාන කරලා ලියන්නෙපා. අනිත් එක පොතේ එක පැත්තක ලෙඩාගේ ප්‍රෙෂර් එක ෂුගල් මැනපුවා නර්ස්ගෙන් අහලා ලියන්න. ඒ වගේම සේලයින් වැඩි අඩු කරපුවා ලියන්න. මොකද මම මේ වැරැද්දක් කියනවා නෙමෙයි. දොස්තරලා නර්ස්ලා අතිනුත් වැරදි අඩුපාඩු වෙනවා. විශේෂයෙන්ම රෑට. ඒ නිසා ලෙඩා ගැන වගකීමක් තියෙනවා තමුන්ට බලන්න ඉන්න කෙනාට. ඒ වගෙම අමාරුම උනාම කියනවා හෙල්ලෙන්නෙවත් නැතුව ඉන්න කියලා මේක අමාරුයි ඒ වගේම ලෙඩා හිතුවක්කාර වෙලා ඔහේ දඟලන්න තියෙන ඉඩකඩ වැඩී. එයාට පැහැදිලි කරලා දෙන්න බැරිම උනොත් සැර කරලා කියන්න සනීප වෙලාගෙදර යනවද නැත්තම් පෙට්ටියක ගෙදර යනවද කියලා. මොකද ලෙඩාත් තේරුම් ගන්න ඕන මේ දේවල් වල වැදගත්කම,

මම මේක ලියන්න හේතුව මේ මාසය සහ ඊලඟ මාසයේ මේ ඩෙංගු උණ පැතිරීමේ අවදානමක වැඩීලු, ඒ වගේම මගේ මල්ලිව ගෙදර එක්කන් ඇවිත් අදට මාස තුනයි. අපේ පුන්චි කෙනෙක් ඩෙංගු නිසා දරුවෝ 3 දෙනෙක් එක්ක සැමියව දාලා ගිහින් ඊයේට මාස 3යි. ඊයේ දවසේ තමා ඩෙංගු කියලා අපේ මාමා කෙනෙක්ගේ පුතෙක්ව ඩෙංගු කියලා රත්නපුර මහ ඉස්පිරිතාලෙට ඇතුලත් කරලා ටිකට් කැපුවේ. (රෝග විනිශ්චය ලියලා තිබ්බේ dengue fever & gum bleeding) නමුත් ඇත්තටම ඊයේ විනිශ්චය කලා ඩෙංගු නෙමෙයි මී උණ කියලා..(ඩෙංගු වලට විතරක් නෙමෙයි ප්ලේට්ලට් බහින්නේ. )

*****
* හවස 2න් පස්සේ පැඟිරි තෙල් ටිකක් ගාගන්න. (
පැඟිරි තෙල් කාලේ බෝතලයක්ම රුපියල් 550යි. සිද්ධාලේප එකේ මිශ්‍ර කරපු ඒවා නෙමෙයි.. මිනී පෙට්ටියක් අවම රුපියල් 45000යි. ලාබ වැඩේ කරගන්න)
* මේ දවස් වල රස්නෙයි තමා ඒත් කරන්න දෙයක් නෑ. මදුරු දැලක් දාගන්න. විශේෂයෙන්ම පොඩි දරුවන්ව ගැබිණි අයව පරිස්සම් කරන්න.

*නිකම්ම උණක් හැදුනත් දවස් 3ක් යද්දී උණ බැස්සේ නැත්තම් රජයේ රෝහලකට යන්න. fbc test එකක් නෙමෙයි. ඩෙංගු වලට බ්ලඩ් ටෙස්ට් එකක් කරගන්න.

* ඩෙංගු හැදිලා නම් (මී උණ හෝ ඉන්ෆ්ලුවෙන්සා උනත්) දෙයියනේ කියලා අයි ඩී එච් රෝහලට යන්න.
ප්‍රයිවට් ඒවගේ අන්තිමට කෙල උනාම කියන්නේ රජයේ රෝහලකට ගෙනියන්න කියලා. (එහෙම කියන ප්‍රයිවට් හොස්පිටල් වල නම් කියන්න ඕන නෑ නේ)
ප්‍රයිවට් හොස්පිටල් වල තියලා අන්තිම උනාම ඇම්බියුලන්ස් එකේ ගෙනිච්චත් වැඩක් නෑ ගැස්සෙන නිසා
* පුලුවන් තරම් විවේක ගන්න උණ හැදිලා නම්.

**
තව වැදගත් දෙයක් catheter ඒ කිව්වේ මුත්‍රා බටයක් දාලනම් පරිස්සමෙන් ඉන්න. ඕක ගැලවුනොත් එන වේදනාව උඹලාට උහුලගන්න බැරි වේවි. අනික ඔය දොස්තර කෙනෙක්ටම ගලවන්න දෙන්න එක එකා ඔය බටේ ඇදලා ලේ එන්න ගත්තොත් විනාසයි. මොකද ඔය සාත්තු සේවකයෝ ඕක මම කරන්නම් මට මෙච්චර ගානක් දෙන්න කියනවා. කවදාවත් එපා. එයිට හොඳයි තට්ටු 10කින් බිමට පනින්න. පට්ට වේදනාවක් එන්නේ.




පී ඇස්. - මම පැරනොයිඩ් නෙමෙයි. ඒත් මේ පහුගිය මාස හයට ඩෙංගු මලගෙවල් 2කට ගියා. ලෙඩ්ඩු 7ක් ඩෙංගු. 3 දෙනෙක් ලඟ රෑ දවල් හිටියා. ඒ අමාරුව දන්න නිසා මෙච්චර විස්තර කිව්වේ. අවදානමට පෙර සූදානම් වෙන්න

තෙරුවන් සරණයි.


p.s. - i am adding this thread link because it is also related

http://elakiri.com/forum/showthread.php?t=1795735

මේ තියෙන්නෙ රසකිඳ කොල වලින් හදාගන්න බෙහෙතක්..


Last edited by EXECUTOR; 05-01-2017 at 03:57 PM.
Reply With Quote
(#2)
Old
udsic's Avatar
udsic udsic is offline
Senior Member
udsic is a glorious beacon of lightudsic is a glorious beacon of lightudsic is a glorious beacon of lightudsic is a glorious beacon of lightudsic is a glorious beacon of lightudsic is a glorious beacon of lightudsic is a glorious beacon of lightudsic is a glorious beacon of lightudsic is a glorious beacon of lightudsic is a glorious beacon of lightudsic is a glorious beacon of light
 
Posts: 2,862
Join Date: Mar 2008
Send a message via Yahoo to udsic
05-01-2017, 10:14 AM

Bump
Reply With Quote
(#3)
Old
Vandetta's Avatar
Vandetta Vandetta is offline
Senior Member
Vandetta is a glorious beacon of lightVandetta is a glorious beacon of lightVandetta is a glorious beacon of lightVandetta is a glorious beacon of lightVandetta is a glorious beacon of lightVandetta is a glorious beacon of lightVandetta is a glorious beacon of lightVandetta is a glorious beacon of lightVandetta is a glorious beacon of lightVandetta is a glorious beacon of lightVandetta is a glorious beacon of light
 
Posts: 3,229
Join Date: Dec 2015
Location: V
05-01-2017, 10:18 AM

bump
Reply With Quote
(#4)
Old
thinking_guy's Avatar
thinking_guy thinking_guy is offline
Senior Member
thinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of light
 
Posts: 3,743
Join Date: Apr 2011
05-01-2017, 10:34 AM

bump
Reply With Quote
(#5)
Old
බෙන් 10's Avatar
බෙන් 10 බෙන් 10 is offline
Senior Member
බෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to behold
 
Posts: 1,962
Join Date: Aug 2014
Location: Earth-Cj025
05-01-2017, 10:41 AM

TFS
Reply With Quote
(#6)
Old
jeevan pussella's Avatar
jeevan pussella jeevan pussella is offline
Senior Member
jeevan pussella is just really nicejeevan pussella is just really nicejeevan pussella is just really nicejeevan pussella is just really nicejeevan pussella is just really nicejeevan pussella is just really nicejeevan pussella is just really nicejeevan pussella is just really nicejeevan pussella is just really nice
 
Posts: 3,958
Join Date: May 2007
Location: Balangoda
Send a message via AIM to jeevan pussella Send a message via Skype™ to jeevan pussella
05-01-2017, 10:43 AM

Bump
Reply With Quote
(#7)
Old
EXECUTOR's Avatar
EXECUTOR EXECUTOR is offline
Senior Member
EXECUTOR is a jewel in the roughEXECUTOR is a jewel in the roughEXECUTOR is a jewel in the roughEXECUTOR is a jewel in the roughEXECUTOR is a jewel in the roughEXECUTOR is a jewel in the rough
 
Posts: 653
Join Date: Oct 2015
05-01-2017, 10:45 AM

තව කෙනෙකුට බලන්න බම්ප් එකක්වත් දාගෙන යන්න.
Reply With Quote
(#8)
Old
thilina.rp's Avatar
thilina.rp thilina.rp is offline
Senior Member
thilina.rp is a glorious beacon of lightthilina.rp is a glorious beacon of lightthilina.rp is a glorious beacon of lightthilina.rp is a glorious beacon of lightthilina.rp is a glorious beacon of lightthilina.rp is a glorious beacon of lightthilina.rp is a glorious beacon of lightthilina.rp is a glorious beacon of lightthilina.rp is a glorious beacon of lightthilina.rp is a glorious beacon of lightthilina.rp is a glorious beacon of light
 
Posts: 5,876
Join Date: Dec 2014
05-01-2017, 10:49 AM

athatama watinawa ban. bohoma sthuthi........ aluth maduru jathiyath ekka bowima wadi wela thiyenne dan.
Reply With Quote
(#9)
Old
BonziBUDDY's Avatar
BonziBUDDY BonziBUDDY is offline
Senior Member
BonziBUDDY is a glorious beacon of lightBonziBUDDY is a glorious beacon of lightBonziBUDDY is a glorious beacon of lightBonziBUDDY is a glorious beacon of lightBonziBUDDY is a glorious beacon of lightBonziBUDDY is a glorious beacon of lightBonziBUDDY is a glorious beacon of lightBonziBUDDY is a glorious beacon of lightBonziBUDDY is a glorious beacon of lightBonziBUDDY is a glorious beacon of lightBonziBUDDY is a glorious beacon of light
 
Posts: 5,140
Join Date: Nov 2010
05-01-2017, 10:50 AM

Bump
Reply With Quote
(#10)
Old
Vidu89's Avatar
Vidu89 Vidu89 is offline
Senior Member
Vidu89 is a glorious beacon of lightVidu89 is a glorious beacon of lightVidu89 is a glorious beacon of lightVidu89 is a glorious beacon of lightVidu89 is a glorious beacon of lightVidu89 is a glorious beacon of lightVidu89 is a glorious beacon of lightVidu89 is a glorious beacon of lightVidu89 is a glorious beacon of lightVidu89 is a glorious beacon of lightVidu89 is a glorious beacon of light
 
Posts: 1,567
Join Date: Mar 2010
05-01-2017, 10:51 AM

බුම්ප්
Reply With Quote
Reply

Bookmarks

Tags
ගස්ලබු, ඩෙංගු, ඩෙංගු හදං මැරෙමු, ඩෙංගු rocks, තෛලය, ප්‍රතිකාර, පොන්න ඩෙංගු, මදුරු හැත්ත මරමු, 154, blackp, dat, dengue, ek_lib, fever, health, rukshrulz, una

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03689 seconds with 9 queries