ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page අභිරහස් නිල් එළිය
Reply
 
Thread Tools
(#301)
Old
laknath123's Avatar
laknath123 laknath123 is offline
Senior Member
laknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to behold
 
Posts: 17,331
Join Date: Jun 2007
Location: click here
10-03-2019, 09:18 PM

අභිරහස් නිල් එළිය 35

(හෝලොග්‍රෑම් ෆිල්ම් concept එකේ ෆෑන්ස්ලට මේක)

මම යානය පදවගෙන ගියත් මම දැනගෙන හිටියෙ නෑ මම කොහේද යන්නෙ කියලා ඒත් මම යානය පැදෙව්වෙ මම යන්නෙ කොහෙද කියලා මම හරියටම දැනගෙන හිටියා වගේ. යානය සම්පූර්ණයෙන්ම හදලා තිබුනෙ විනිවිද පේන මැටීරියල් එකකින් හින්දා මට මගෙ වටේ පරිසරයේ තිබුණ හැමදේම පෙනුනා. මම යානය පදවගෙන ගියේ කෙලවරක් නැති විශාල කැලෑවක් උඩින් ඇත්තටම ඒක කෙලවරක් පේන්න තිබුනෙ නැති වනාන්තරයක්. මට ඕනි උනාත් යානය තව ටිකක් පාත් කරලා කැලෑව ලඟට ගිහින් බලන්න මම යානය පැදෙව්වෙ මට ඒ කැලෑව ගැන කිසිම ගානක් නෑ වගේ.

පැයක් විතර යානය පදවගෙන යනකොට තැනිතලා වනාන්තරය ඉවර වෙලා හුදෙකලා කන්දක් මුණ ගැහුනා. කන්දක් උනාට ඒක පාෂාණ වලින් හැදිච්ච කන්දක් ඒ කන්දෙ එකම එක ගහක්වත් තිබුනෙ නෑ. යානය කන්දට වේගෙන් ලං වෙනකොට මට යානය කන්දෙ හැපෙයි කියලා මට බය හිතුනා මට ඕනි උනේ යානය යන පැත්ත වෙනස් කරන්න උනත් මම දිවිනසා ගන්න තීරණය කලා වගේ කන්ද දිහාවටම යානය පැදගෙන ගියා. යානය කන්දෙ වදින්න ඔන්න මෙන්න තියෙද්දි ඇතිවෙච්චි බයටම අත්දෙකෙන් මූණ වහගන්න හැදුවත් මට යානයේ ස්විච් බෝර්ඩ් එකෙන් අත්දෙක අහකට ගන්න බැරි උනා. කන්ද එකේලි කරගෙන ආපු යානය එක තැනම උඩ ගිහින් කන්ද පහුකලා මම මැරෙන්න තරම් බය උනත් මම යානය පැදෙව්වෙ හරියට මම යානය හැමදාම පදවන්නෙ ඒ විදිහට වගේ. ඒ කන්දෙන් එහා පැත්තෙ තිබිච්ච නිම්නයෙ තිබුනෙ විශාල ජනපදයක් වී බිස්සවල් වගේ ගෙවල් දාහදාහක් විතර ඒ නිම්නයේ තිබුනා. නිම්නය කෙලවර උනේ වරායක් තිබිච්ච මුහුදකින්. වරායෙ අමුතුම හැඩයක යාත්‍රා සීයක් විතර නතර කරලා තිබුනා. මට හිතුනත් මුහුදට උඩින් රවුමක් ගිහින් එන්න ඒ කිසිම දෙයක් care කරන්නෙ නැතුව මම යානය තවත් බිත්‍තර හැඩයේ යානා දෙක තුනක් නවත්තලා තිබිච්ච තැනක නැවැත්තුවා.
මම යානයෙන් බහිනකොට තනි රත්තරන් වලින් හදපු අන්ඩර් වෙයාර් එකක් වගේ එකකුයි උරහිසේ ඉඳලා අතේ මැණික් කටුව වෙනකම්ම තියෙන රත්තරන් ආර්ම් ගාඩ් දෙකකුයි දාගෙන පපුව හරහා නිල්පාට සලුවකුයි දාගත්තු මූණ පුරා රැව්ව වවා ගත්තු වයසක මනුස්සයෙක් තවත් සීයක් විතර කට්ටියක් එක්ක යානය ලඟට ආවා. උන්ගෙ විකාර ඇඳුම දැක්කම මට හිනාවෙන්න ඕනි උනත් ඒකෙ හිනාවෙන්න කිසිම දෙයක් නෑ වගේ මම හිනා උනේ නෑ. මට ඕනි නැති උනත් ඒ වෙනුවට මම පපුව හරහට අත තියලා ඔලුව නමලා ආචාර කලා. ඒ වයසක මනුස්සයයි එයත් එක්ක ආපු අයයිත් මට ඒ විදිහට ආචාර කරනකොට මට ලොකු ආඩම්බරයක් දැනුනත් මම හිටියෙ ඕවනම් මොනවද ඔයිට වඩා ලොකු මිනිස්සුත් මට ගරු කරනවනෙ වගේ ලයින් එකකින්.

" විභීක්ෂ ඇත්තටම ඔබතුමාගේ පැමිණීම අපිට ගෞරවයක්"

ඒ වයසක මනුස්සයා කිව්වා.

"චෝරනාග තුමා ඔබතුමා හමුවීමත් ගෞරවයක්."
පලයං නාකියෝ යන්න කියලා කියන්න මට ඕනි උනත් ජීවිතේට දැකල නැති මේ නාකියට නමකියලාම මම එහෙම කතා කලා. මම මේ නාකියාට චුට්ටක්වත් කැමති උනේ නෑ මට ඕනි උනේ ආපහු යානෙට නැඟලා මුහුදට උඩින් රවුමක් යන්න උනත් මම හරියට චෝරනාගත් එක්ක කතාකර කර ගියේ වැදගත්ම දේ ඒක වගේ. මම චෝරනාගත් එක්ක කතාකර කර වරායට ගියා. චෝරනාගත් එක්ක කතාකරන්න මම කැමති නැති උනත් වරායට එන්න මම කැමති උනා. මට මුහුද දිහා බලන්න ඕනි උනත් මම මුහුදට කැමති නෑ වගේ චෝරනාගත් එක්ක කතා කලේ මුහුදට පිටිපස්ස හරවගෙන. මට ඒ කතාව නවත්තලා මුහුද දිහා බලන්න ඕනි උනත් මම චෝරනාගත් එක්ක සාග්‍රා මහද්වීපය ජනාවාස කරන හැටිගැන කතාකර කර හිටියෙ මට වැදගත්ම දේ ඒක වගේ. චෝරනාගත් එක්ක කරපු සාකච්චාවෙන් මට තේරුනා මේ ලෝකෙ මහද්වීපය දෙකයි තියෙන්නෙ කියලා එකක් සාග්‍රා අනික තම්බපණ්ණි කියලත් තම්බපණ්ණි ටිකෙන් ටික ජනාවාස උනත් සාග්‍රා තවම ජනාවාස වෙලා නෑ කියලා. මේ හැමදේම මට අලුත් දේවල් උනත් මම හැසිරුනෙ ඒ හැමදේම මම කලින් ඉඳලම දන්නවා වගේ. චෝරනාගත් එක්ක මම මත්ස්‍ය වගා බිම් බලන්න මුහුදට ගියා. මත්ස්‍ය වගාබිම් වල මත්ස්‍ය පැටව් වැඩුනු උන්ගෙන් වෙන්කරලා තිබුනෙ wave fence එකකින්. ඒ wave fence එක හරහා මත්ස්‍ය පැටවුන්ට ලොකු එවුන් ඉන්න පැත්තට යන්න බෑ. ඒ ලෝකෙ පරිණාමය අතින් ලපටි යුගයක් හිටපු හින්දා ඒ මුහුදු වල ඉන්නේ කාටිලේජීය මාලු විතරයි කියල මට චෝරනාගගෙ කතාවෙන් තේරුනත් මම නිකං චෝරනාගගෙ කතාව අහගෙන හිටියෙ මට ඕව අලුත් දේවල් නෙවෙයි වගේ.

මට තව ටිකක් වෙලා මාලු බල බලා ඉන්න ඕනි උනත් මම චෝරනාගත් එක්ක වරායට එන්න ආවෙ නිකං මට ඕවයෙ බලන්න දෙයක් නෑ වගේ. අපිට ඕනි මස් පෘථිවියේ ඉඳලා ගෙන්වන්න යන වියදම වැඩි හින්දත් අපි බෝ කරගන්න ගෙනාපු ගොඩක් සත්තු තවම ලොකු වෙලා මදි හින්දත් මිනිස්සුන්ගෙ කෑම මාලුන්ගෙන් සම්පූර්ණ කරන්න ට්‍රයි එකක් දෙන්න වගේ මම කිසිම දෙයක් නොදන්න කතා චෝරනාගට කියන්න මට ඕනි කමක් තිබුනෙ නැතත් මං ඒවා කිව්වෙ මම ඒ හැමදේම දන්නවා වගේ. චෝරනාගට ආචාර කරපු මම යානෙට නැඟලා යන්න පිටත් උනත් මම යන්නෙ කොහේද කියලා මම දැනගෙන හිටියේ නෑ.මට ඕනි උනේ මම චුට්ටක් හරි කැමති උන රුද්‍රා ඉන්න තැනට යන්න උනත් මේ කෙලවරක් පේන්නෙ නැති කැලෑව උඩින් පාර හොයාගෙන යන්න බැරිවෙයි කියලා මම බයවෙලා හිටියෙ . ඒත් මම යානය එලෙව්වෙ යන්න ඕනි කොහේටද කියලා මම හරියටම දන්නවා වගේ.

තිස් හයවෙනි කොටසින් හමුවෙමු....https://www.facebook.com/groups/atam...0334146372684/
Reply With Quote
(#302)
Old
ManjuT ManjuT is offline
Senior Member
ManjuT is just really niceManjuT is just really niceManjuT is just really niceManjuT is just really niceManjuT is just really niceManjuT is just really niceManjuT is just really niceManjuT is just really nice
 
Posts: 1,511
Join Date: Mar 2016
10-03-2019, 10:15 PM

මෙච්චරකල් කියවපු හින්දා ඔන්න ඔහේ කියවනවා වගේ හැඟීමක් දැන් නම් තියෙන්නේ. සමහරවිට ඉස්සරහට ආයෙත් කතාව හොඳ වෙන්නත් පුලුවන්. කොහොම උනත් කාලෙකින් කියවන්න හුරු කලාට රංගනට ස්තූතියි
Reply With Quote
(#303)
Old
Dhanushka.N's Avatar
Dhanushka.N Dhanushka.N is offline
Senior Member
Dhanushka.N is a name known to allDhanushka.N is a name known to allDhanushka.N is a name known to allDhanushka.N is a name known to allDhanushka.N is a name known to allDhanushka.N is a name known to allDhanushka.N is a name known to allDhanushka.N is a name known to allDhanushka.N is a name known to allDhanushka.N is a name known to allDhanushka.N is a name known to all
 
Posts: 4,631
Join Date: Sep 2007
Location: කැන්ඩි...
10-03-2019, 10:58 PM

Kiyawanawa digatama
Reply With Quote
(#304)
Old
40minutesmusic 40minutesmusic is offline
Senior Member
40minutesmusic is a jewel in the rough40minutesmusic is a jewel in the rough40minutesmusic is a jewel in the rough40minutesmusic is a jewel in the rough40minutesmusic is a jewel in the rough40minutesmusic is a jewel in the rough40minutesmusic is a jewel in the rough
 
Posts: 624
Join Date: Dec 2011
Location: colombo
10-04-2019, 11:19 AM

Quote:
Originally Posted by Dhanushka.N View Post
Kiyawanawa digatama
ha kalekin dakke. kohomada.?
Reply With Quote
(#305)
Old
laknath123's Avatar
laknath123 laknath123 is offline
Senior Member
laknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to behold
 
Posts: 17,331
Join Date: Jun 2007
Location: click here
10-04-2019, 10:10 PM

අභිරහස් නිල් එළිය 36B

යානය පදවගෙන මම ගියේ මුලින්ම මම යානයෙන් ඇවිත් ගොඩ බැස්ස බිල්ඩින් එක ගාවට. සම්පූර්ණයෙන්ම two way mirror එකක් විදිහට හැසිරෙන මැටීරියල් එකකින් හදලා තිබ්බ ඒ බිල්ඩින් එක ඒ ලෝකයේ පරිපාලන මධ්‍යස්ථානය විදිහට තමයි සැලකුවේ. ඒ පරිපාලන ගොඩනැඟිල්ල ආශ්‍රිතව තමයි යක්ෂ ගෝත්‍රිකයන්ගෙ ජනාවාස තිබුනෙ. ජනගහනය දාහක් විතර උනත් යක්ෂ ගෝත්‍රිකයින් තමයි සම්පූර්ණයෙන්ම පරිපාලන කටයුතු කලේ. ජනාවාස කිව්වට ඒවා ලෑන්ඩ් කරලා තිබිච්ච අභ්‍යාවකාශ විමාන සියයකින් විතර තමයි ඒ ජනාවාසය ගොඩනැඟිලා තිබුනෙ.

යානය නතර කරලා මම පරිපාලන ගොඩනැගිල්ලට යනකොට මගෙත් එක්ක පරිපාලන වැඩ වලට සම්බන්ධවෙන යක්ෂ ගෝත්‍රිකයො හතර දෙනා කලින්ම ඇවිත් board meeting room එකේ වාඩිවෙලා හිටියා. මට හෙනම ආඩම්බරයක් ගෙනාව උනත් මම ගානක් නෑ වගේ හැසිරුණු සුපුරුදු ආචාර සමාචාර වලට පස්සෙ මමත් වාඩි උනා. ඒ ලෝකෙ පාලනය කලේ මමයි ආරක්ෂක ප්‍රධානියා විරූඨයි , ආර්ථික කටයුතු පිලිබඳව ප්‍රධානියා විරූපකයි, අන්තර්ග්‍රහලෝක කටයුතු පිලිබඳව ප්‍රධානියා ලම්භකර්ණයි, විමාන තාක්ෂණය හා ප්‍රවාහන කටයුතු පිලිබඳව ප්‍රධානියා වෙච්චි වෛශ්‍රමනයි.
ත්‍රිමාන යුධ භූමියක සැකැස්ම ආධාරයෙන් විරූඨ යම් දෙයක් පැහැදිලි කරන්න පටං ගත්තාම ඉස්සරට වඩා මට දැන් භාෂාව තේරෙන නිසා ගොඩක් දේවල් මට පැහැදිලි උනා. සෞරග්‍රහ මණ්ඩලයේ පාලනය කරන අපේ පාලන බලය අරගන්න දේව ගෝත්‍රිකයන් අපිට විරුද්ධව පටං අරගෙන තිබුනු යුද්ධයක දැන් තත්වය ගැන විරූඨ විස්තරය මට මෙලෝ රහක් නැති උනත් මම අහගෙන හිටියෙ මුලු ලෝකෙම තියන වැඳගත්ම දේ ඒක වගේ පෙන්නගෙන. ඒ වෙනකොටත් දේව ගෝත්‍රිකයන් අඟහරු වල අපි ඇතිකරලා තිබුනු ජනාවාස වල පාලනය බලය අල්ලගෙන තිබුනා. අඟහරු වලදි අපි පරාද වෙන්න හේතුව දේව ගෝත්‍රිකයන්ගෙ විමානවල ක්ෂණික ආක්‍රමණයි ඒ ආක්‍රමණය වෙලාවෙ නාග ගෝත්‍රිකයන් ජනාවාස තුල භූමි මට්ටමේ කැරැල්ලක් ඇතිකරපු එකයි වගේ දේවල් තමයි මට හේතු විදිහට තේරුනේ. මට මේ හැමදේම ඇතෑරලා රුද්‍රා බලන්න යන්න ඕනි උනත් මම හරියට වාඩිවෙලා අහගෙන හිටියෙ මට රුද්‍රා ගැන මතකයක්වත් නෑ වගේ. මේ වෙනකොට අඟහරු සම්පූර්ණයෙන්ම දේව ගෝත්‍රිකයන්ගෙ පාලනයට යටත් වෙලා තිබුනත් විමාන විනාශ වෙච්චි යක්ෂ ගෝත්‍රිකයන් දේව හා නාග ගෝත්‍රිකයන්ට විරුද්ධව භූමි මට්ටමින් සටන් කරමින් ඉන්නවා කියලා අඟහරු වලින් ලැබිච්ච විස්තර වලට අනුව ලැබිච්ච තොරතුරු විශ්ලේෂණය කරලා විරූඨ කිව්වා.
විරූපක ඇරෙන්න අනිත් හැමෝම හිටියේ මේ වෙලාවෙ අඟහරු වල අපේ අයට යුධමය වශයෙන් අපි උදව් කරන්න ඕනි කියන මතයේ. අඟහරු වලට උදව් කරනවද නැද්ද කියන එක තීරණය කරන්න උනේ මට. හෙනම ආඩම්බරයෙන් මම ඒ ගැන කල්පනා කර කර ඉන්නකොට අපේ මව් ග්‍රහලෝකය වෙච්චි පෘථිවියෙන් ආපු පණිවිඩයක් අරගෙන සේවකයෙක් මීටින් රූම් එකට ආවා. පණිවිඩයක් කියලා කිව්වට පොඩි පතුරු කෑල්ලක් අරගෙන ආපු ඌ විරූඨට ඒක දීලා යන්න ගියා. විරූඨ ඒක මේස උඩින් තියලා ස්විච් එකක් තද කලාම රැව්ල් කොන්ඩෙ පිලිවෙලකට වවපු බොහොම ගාම්භීර පෙනුමක් තියෙන මනුස්සයෙක්ගෙ ත්‍රිමාන රූපයක් මතු උනා. මට නැඟිටින්න ඕනි කමක් තිබුනෙ නැතත මමයි වාඩිවෙලා හිටපු හැම කෙනාමයි නැඟිටලා ආචාර කලා.
ඒ මනුස්සයා කිව්වා පෘථිවියේ පාලන බලය අල්ලන්න දේව ගෝත්‍රිකයො කැරැල්ලක් ඇතිකරලා තියන හින්දා අඟහරු මේ වෙලාවෙ දේව ගෝත්‍රිකයන්ගෙ පාලනයට යටත්වෙන එක ගොඩක් අවාසියි. පුලුවන් තරම් ඉක්මනට අඟහරු වලට පහර දීල යටත් කරගෙන පාලනය විරූඨට පවරලා බිම් මට්ටමින් ආරක්ෂාව සලසා ගන්න උපදෙස් දීලා ඔක්කොම විමාන ටික අරගෙන පෘථිවියට එන්න කියලා. ඒ මනුස්සයා කියන දේ හැමෝම බොහොම සාවදානව අහගෙන හිටියා. උඹට ඕනි නම් අඟහරු වලට පලයන් කියන්න මට ඕනි උනත් මමත් නිකන් අහගෙන හිටියේ සෞරග්‍රහ මණ්ඩලයේ ඉන්න වැදගත්ම කෙනා කියන වැදගත්ම කතාව අහගෙන ඉන්නවා වගේ. පණිවිඩය ඉවර වෙච්චි ගමන් මිනිහා අතුරුදන් උනා.
මට ඕනි උනේ මෙතනින් පුලුවන් ඉක්මනට එළියට පැනගන්න උනාට මම අඟහරු ආක්‍රමණය සෑහෙන්න වැදගත් දෙයක් වගේ තමයි අනිත් අයට උපදෙස් දුන්නෙ. යානා ඔක්කොම අභ්‍යාවකාශ ගතකරන්න ලෑස්තිකරන්න කියලා වෛශ්‍රමනට උපදෙස් දීලා මිනිහව පිටත් කරපු මම ඊට පස්සෙ උපදෙස් දුන්නෙ කොහොමද අපි ආක්‍රමණයට ගියාට පස්සෙ අපේ ග්‍රහලෝකය සතුරු ආක්‍රමණයක් ඇති උනොත් හරි අභ්‍යන්තර කැරැල්ලක් ඇති උනොත් හරි ආරක්ෂා කරගන්නෙ කියලා. විමාන නාශක ප්‍රහාරක අවි ස්ථානගත කරන ස්තාන ගැන අපි දෙන්න ගොඩක් වෙලා සාකච්ඡා කලා ලෝකයේ ත්‍රිමාන අවකාශීය සැකැස්ම අරගෙන මම විමාන නාශක අවි ස්ථානගත වෙන්න ඕනි තැන් පැහැදිලි කරනකොට මට පුදුම හිතුනා යකෝ මම අහලවත් නැති විමාන නාශක අවියක් ගැන මං කොහොමද පැහැදිලි කරන්නෙ කියලා. රාක්ෂ ජනාවාසයි නාග ජනාවාසයි නිරන්තරයෙන් නිරීක්ෂණය කරන්නත් භූමි මට්ටමින් ඇතිවෙන්න පුලුවන් කැරැල්ලකදි ගන්න ඕනි ආරක්ෂක විධිවිධාන ගැනත් අපි ගොඩක් වෙලා සාකච්ඡා කලා. මට සෑහෙන්න වෙලාවක ඉඳලා මෙතනින් පිටත් වෙන්න ඕනි උනත් මම ඒ ගැන ගානක්වත් නැතුව මේ අනම් මනම් සාකච්ඡා කරන එක මට එපා වෙලා හිටියත් මම දැන්ම නැඟිටින ගතියක්වත් තිබුනෙ නෑ.
අද රෑ 12ට අඟහරු ආක්‍රමණයට පිටත් වෙන්න ලෑස්ති වෙන්න කියලා හැමෝටම නියෝග කරපු මම මගෙ යානෙට නැඟලා පිටත් උනා. මම වෛනී රුද්‍රා එහෙම ඉන්න පිටිසර ගෙදරට යන්න ආසාවෙන් හිටියට මම යානය අරගෙන ගියේ වෙනම පැත්තකට.

තිස් හත්වන කොටසින් හමුවෙමු......
Reply With Quote
(#306)
Old
ManjuT ManjuT is offline
Senior Member
ManjuT is just really niceManjuT is just really niceManjuT is just really niceManjuT is just really niceManjuT is just really niceManjuT is just really niceManjuT is just really niceManjuT is just really nice
 
Posts: 1,511
Join Date: Mar 2016
10-05-2019, 09:49 AM

bump
Reply With Quote
(#307)
Old
Thunderhawk's Avatar
Thunderhawk Thunderhawk is offline
Senior Member
Thunderhawk is a glorious beacon of lightThunderhawk is a glorious beacon of lightThunderhawk is a glorious beacon of lightThunderhawk is a glorious beacon of lightThunderhawk is a glorious beacon of lightThunderhawk is a glorious beacon of lightThunderhawk is a glorious beacon of lightThunderhawk is a glorious beacon of lightThunderhawk is a glorious beacon of lightThunderhawk is a glorious beacon of lightThunderhawk is a glorious beacon of light
 
Posts: 2,457
Join Date: Nov 2013
laugh 10-05-2019, 11:16 AM

මේක දැන් අභිරහස් නිල් එලිය නෙවෙයි, අභිරහස් බඩ එලිය වෙලා තියෙන්නේ..
Reply With Quote
(#308)
Old
navinnuwan's Avatar
navinnuwan navinnuwan is offline
Senior Member
navinnuwan is a name known to allnavinnuwan is a name known to allnavinnuwan is a name known to allnavinnuwan is a name known to allnavinnuwan is a name known to allnavinnuwan is a name known to allnavinnuwan is a name known to allnavinnuwan is a name known to allnavinnuwan is a name known to allnavinnuwan is a name known to allnavinnuwan is a name known to all
 
Posts: 5,791
Join Date: Sep 2006
10-05-2019, 11:57 AM

මෙලෝ රහක් නැති වෙලා දැන් නම්
Reply With Quote
(#309)
Old
imhotep imhotep is online now
Senior Member
imhotep is a glorious beacon of lightimhotep is a glorious beacon of lightimhotep is a glorious beacon of lightimhotep is a glorious beacon of lightimhotep is a glorious beacon of lightimhotep is a glorious beacon of lightimhotep is a glorious beacon of lightimhotep is a glorious beacon of lightimhotep is a glorious beacon of lightimhotep is a glorious beacon of lightimhotep is a glorious beacon of light
 
Posts: 2,599
Join Date: Mar 2017
10-05-2019, 02:16 PM

Quote:
Originally Posted by Thunderhawk View Post
මේක දැන් අභිරහස් නිල් එලිය නෙවෙයි, අභිරහස් බඩ එලිය වෙලා තියෙන්නේ..
Reply With Quote
(#310)
Old
BLJboss's Avatar
BLJboss BLJboss is offline
Senior Member
BLJboss has a spectacular aura aboutBLJboss has a spectacular aura aboutBLJboss has a spectacular aura aboutBLJboss has a spectacular aura about
 
Posts: 505
Join Date: Aug 2015
Location: On Earth
10-05-2019, 02:19 PM

Quote:
Originally Posted by Thunderhawk View Post
මේක දැන් අභිරහස් නිල් එලිය නෙවෙයි, අභිරහස් බඩ එලිය වෙලා තියෙන්නේ..
හොටුත් පැන්නා
Reply With Quote
Reply

Bookmarks

Tags
ගූnp media, නාමල් සර්, සිරිකොත කොලු මඩම, හාමුගේ කොල්ලෝ, hamuge puke eliya, ranil sirrrrr

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04977 seconds with 11 queries