Register
Downloads
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
ජනාදිපතිවරනය - හොදම option එක
Page 1 of 4
1
2
3
>
Last
»
Thread Tools
(#
1
)
divoomdelux
Senior Member
Posts: 3,183
Join Date: Apr 2009
Location: Srilanka
ජනාදිපතිවරනය - හොදම option එක -
11-11-2019, 02:47 AM
ජනාදිපතිවරණයට තව දවස් පහයි. අපේක්ශකයෝ 35ක් අතරින් පේන විදියට යම්කිසි සාදනීය බලපෑමක් ඇති කරන්න පුලුවන් අපේක්ෂකයෝ තුන් දෙනෙක් විතරක් තවම race එකේ ඉතුරු වෙලා ඉන්නවා. මහේශ් සේනානායක පුස්සක් වෙලා ඉවරයි. මොකද ඔහුගේ මැතිවරණ ව්යාපායේ බිම් මට්ටමේ අමන්ත්‍රණයක් ඇත්තෙම නෑ. ඊට අමතරව හොදටම අල්ල ගන්න තිබුන සමාජ මාධ්‍ය බාවිතා කරන තරුණ චන්ද ආකර්ෂණය කර ගන්නවත් උනන්දුවක් නෑ. මහේශ් දැනගෙන හරි නොදැනගෙන හරි කාගේ හරි campaign එකක ඉත්තෙක් වෙලා ඉවරයි. තවමත් මහේශ්ට කඩේ යන්නේ සජිත්ට එලිපිට චන්දේ දෙනවා කියන්න බැරි ජානගත unp කාරයෙක් විතරයි.
එතකොට අපිට ඉතිරි වෙනවා ගෝඨා, සජිත්, අනුර කියන තුන් දෙනා. මේ ගොල්ලෝ නියෝජනය කරන පක්ශ බැලුවොත් අපිට කියන්න තියෙන්නේ මේ හැම පක්ශෙටම ඒවගේම පක්ශෙ ඉන්න හැමෝටම ඉතිහාසයක් තියනවා. ඒ කියන්නේ මහින්ද ඇතුලු පොදුජන පෙරමුණ තමන්ගේ 2010-2014 පාලන සමයේ කරපු ලොකු වැරදි දූෂණ මිනීමැරීම් චෝදනා තියනවා. ඒ වගේම සජිත් ඇතුලු unp එක බලය ලැබුන සෑම අවස්ථාවකම රටට අහිතකර තීරන අරගෙන තියනවා වගේම දූශන වංචා මිනීමැරුම් වල අඩුවකුත් නෑ. 80 දශකයේ කරපු මිනීමැරීම් පොදු දේපල විනාශ කිරීම් වලින් චෝදනා වලින් ගැලවෙන්න අනුර කුමාර ඇතුලු ජවිපෙට වගේම යූන්පී එකටත් බෑ. ඒ කියන්නේ මේ හැමෝටම අදුරු අතීත තියනවා. එහෙනම් කරපු අතීත දූෂණ මිනීමැරුම් වලින් මේ තුන් ගොල්ලෝ සමානයි. එහෙනම් අරයට වඩා මෙයා අඩුවෙන් කරලා තියෙන්නේ මෙයාට වඩා අරයා අඩුවෙන් කරලා තියෙන්නේ කියලා සාධාරණීකරනය කරන්න බෑ.
මේ තුන් ගොල්ලොන්ගේ මාධ්‍ය බාවිතාව බැලුවොත්. ගෝඨට හිරු දෙරණ ඉන්නවා. සජිත්ට සිරස ITN ඉන්නවා. අනුරලාට ලංකා වගේ මුද්‍රිත මාද්‍ය ඉන්නවා. අනුරලගේ tv චැනල් එකක් තිබුනා නම් ලංකා පත්තර වල content එකට වඩා වැඩි දෙයක් එලියට එන්නෙත් නෑ. මේ තුන්ගොල්ලොන්ගෙම මාද්‍ය බාවිතාව එක වගේ කියලා අපිට තේරුම් ගන්න පුලුවන් පාට පක්ෂ කන්ණාඩි ගැලවලා ඒ news වල content බැලුවට පස්සේ.
බදිව්දීන්, හකීම්, සුමන්තිරන් සම්බන්දන්, මනෝ ගනේශන්, වික්‍රමබාහු ඇතුලු අන්තවාදී බෙදුම්වාදීන්ගෙන් බහුතරයක් ඉන්නේ සජිත් එක්ක. පාස්කු ප්‍රහාරයට ඍජුවම සම්බන්ද උන බෝම්බකරුවන් දෙන්නෙක්ගේ තාත්තා වගේම මහවිල පාරේ බෝම්බ ප්‍රහාරය සිද්ද උන ගෙදර අයිතිකාරයා උන ඊබ්‍රහීම් ජවිපේ අනුර කුමාරලගේ ජාතික ලයිස්තුවේ ඉදලා තියනවා. කොයිතරම් ජාතික බලවේග පොදුජන පෙරමුන වටා ඒකරාශී උනත් හිස්බුල්ලා වක්‍රාකාරයෙන් ගෝඨාගේ campaign එකට උදව් කරනවා කියන එක සාමාන්‍ය දැනීම තියන ඕනම කෙනෙකුට තේරෙනවා.
ඒ වගේම සජිත්ගේ වේදිකාවේ රාජිත, රවී, මංගල වගේ කාලකන්ණි සෙට් එකක්ම ඉන්නවා. එතකොට ගෝඨාගේ වේදිකාවේ රෝහිතලා මහින්දානන්දලා SBලා වගේ ත්‍රාඩ සෙට් එකක් ඉන්නවා. අනුරත් එක්ක ජාතියක් ජම්මයක් නැති අලුත් පරපුර වගේ කාලකන්ණි සෙට් එකක් ඉන්නවා. එතකොට මේ හැමෝම ලග කාලක්න්ණි කට වචාලයො ඉන්නවා.
උඩ තියන දේවල් කොච්චර ඇත්ත උනත් අපිට තෝරගන්න ඉතිරි වෙලා තියෙන්නෙත් උඩ ඉන්න තුන් දෙනා නම් අපිට කරන්න වෙන්නේ මේ තුන් දෙනාගෙන් සාපේක්ශව හොද අපේක්ශකයා ඉදිරි අවුරුදු 5ට තෝර ගන්න එක. එහෙනම් අපි කොහොමද මේ තුන් දෙනාගෙන් සාපේක්ශව හොදම අපේක්ශකයා තෝරගන්නේ. එතනදී මට නම් හිතෙන්නේ අපි අනුගමනය කරන්න ඕනේ අපි මේ තුන් දෙනාගෙන් කෙනෙක් තෝරන්නේ අපිට තියන මොන ප්‍රශ්නෙට උත්තරයක් විදියටද කියන එක. මුලින්ම අපි රටක් විදියට අපිට තියන ප්‍රායෝගික ප්‍රශ්න මොනවද කියලා තේරුම් ගන්න ඕනේ.
1. ඇත්තටම අපිට රටක් විදියට තියන ලොකු ප්‍රශ්නයක් තමයි Experienced Rigid Visionary Leadership එකක් නැති කම.
2. ඊලග එක තමා නිවැරදි දැක්මක් හා ප්‍රතිපත්ති මූලික system එකක් නැති කම.
3. තවත් තියන ලොකුම ප්‍රශ්නයක් තමා ගෝලීය ප්රවනතා හදුනාගෙන ඒ අනුව රටේ ආර්ථික දැක්ම, කර්මාන්ත, අධ්‍යාපනය මෙහෙයවීමට ඇති නොහැකියාව.
4. තවත් ප්‍රශ්නයක් තමා නිදහසෙන් පස්සේ අව්රුදු 10කට පාරක් විතර එක එක මුහුනුවරවල් වලින් මතුවෙන යුද්ධ විප්ලව හා ජාතික ආරක්ශාවේ දුර්වලතා.
5. සංස්කෘතික හා ආගමික පරිහානිය
මට හිතෙන විදියට නම් උඩින් තියන ප්‍රශ්න ටික විසදන්න පුලුවන් නම් ලංකාවේ ලොකුම සල්ලිකාරයගේ ඉදන් අන්තිම දුගී දුප්පත් මිනිහ දක්වා හැමෝටම මුහුන දෙන්න වෙන එදිනෙදා ප්‍රශ්න වලට උත්තර ලැබෙනවා.දැන් අපි බලමු මේ ප්‍රශ්න වලට තියන සාපේක්ශව නිවැරදිම උත්තරේ අර අපේක්ෂ්කයෝ තුන් දෙනාගෙන් කව්ද කියලා. මෙතනදි අපි mcq වලදි කරන elimination process එකෙන් උත්තරේ හොයන්න බලමු.
ඇත්තටම බැලුවොත් එහෙම නම් මුලින්ම සජිත්ව අපිට race එකෙන් අයින් කරන්න පුලුවන්. මොකද සජිත්ගෙ ප්‍රතිපත්ති දර්ශනය හැමදේම කොහෙන් හරි ඇහිදගතපුවා. සජිත්ගේ නිවාස ව්‍යාපෘති වල තිරසාර බව බැලුවොත් හිතාගන්න පුලුවන් රටේ නායකයා උනොත් මොන වගේ ප්‍රසිද්ද දේශපාලනයක් කරයිද කියලා. සජිත් කියන්නේ දුප්පත්කම මාර්කට් කරන නිසි අධ්‍යාපනයක් නැති අන්තිම සාමාන්යම දේශපාලකයෙක්. එතකොට සජිත් අර උඩ කියපු ප්‍රශ්න වලට උත්තරයක් නෙවෙයි.
එහෙම නම් ඉතිරි උත්තර දෙක ගෝඨා සහ අනුර. මේ මැතිවරණ ව්‍යාපාරය බැලුවොත්, මේ දෙන්නම මම අර උඩ කියපු ප්‍රශ්න වලට එක ලග උත්තර ටිකක් සපයනවා. යල් පැන ගිය දේශපාලකයෝ වෙනුවට මේ දෙන්නා වටේම උගත් වෘත්තීයවේදීන් පිරිසක් එකතු වෙලා ඉන්නවා. වියත්මග, එලිය හා ජාතික ජන බලවේගය කියන මේ සංවිදාන සාම්ප්‍රදායික දේශපාලන ප්රවාහයට ලොකු තර්ජනයක් එල්ල කරලා තියනවා. කිසිම දැක්මක් නැති සජිත් පවා වෘත්තියවේදීන්ගේ සහය හොයන්න යොමු වෙලා තියනවා. ඒ කියන්නේ මේ පාර Election Campaign එකේ දිශානතිය වෙනස් කරන්න ගෝඨාට වගේම අනුරටත් පුලුවන් වෙලා තියනවා.
අපි මේ අපේක්ශකයො දෙන්නට ඉහත ප්‍රශ්න විසදීමට ඇති හැකියාව අනුව points දෙමු. 2 හා 4 කියන ප්‍රශ්න දෙකට මේ දෙන්නගේ points බොහෝ දුරට සමානයි. ඒ කියන්නේ දහයෙන් හතක් වගේ දෙන්නටම දෙන්න පුලුවන්. මට තේරෙන විදියට 1,3 & 5 කියන ප්‍රශ්න වලින් ගෝඨා අනුරට වඩා පොඩ්ඩක් ඉස්සරහින් ඉන්නවා කියල. ඒ කියන්නේ ගෝඨාට දහයෙන් අටක් දෙනවා නම් අනුරට දහයෙන් හතක් වගේ.
මේ points දීලා තියෙන්නේ මට දැනෙන මම අර්ත දක්වගන්න පුලුවන් නිර්නායකත් එක්ක. ඒ කියන්නේ මගේ චන්දේ මේ පාර ගෝඨාට. ඒ ගෝඨා දියසෙන් කුමාරයා නිසා නෙවෙයි. මේ වෙලාවෙ ප්‍රායෝගිකව මට ගන්න පුලුවන් හොදම option එක නිසා.
උපුටා ගැනීමකි..
divoomdelux
View Public Profile
Send a private message to divoomdelux
Find all posts by divoomdelux
(#
2
)
Robinhood wage ekek
Senior Member
Posts: 17,045
Join Date: Feb 2013
Location: Sherwood වගේ තැනක
11-11-2019, 04:23 AM
එකඟයි , ඒ වුනාට ගෝඨා ලකුණු දෙකක් කපා ගන්නවා උගේ වටේ ඉන්න මේ රටේ ලේ උරා බොන්න බලන් ඉන්න හොරු රැල නිසා. උන්ව මහ ඡන්දෙන් එලොනවා ගගා දෙන හුකාරිස් බයි ආතල් නං දැන් දෙන්න එපා, එහෙම නොවෙන බව කවුරුත් දන්නවා , බොරු හීන වැඩක් නෑ
Robinhood wage ekek
View Public Profile
Send a private message to Robinhood wage ekek
Find all posts by Robinhood wage ekek
(#
3
)
topkollek
Senior Member
Posts: 9,198
Join Date: May 2014
Location: ┬┴┬┴┤(·_├┬┴┬┴
11-11-2019, 04:48 AM
සාපේක්ෂහොඳාවාදය
topkollek
View Public Profile
Send a private message to topkollek
Find all posts by topkollek
(#
4
)
BINGU_PUTHA
Senior Member
Posts: 9,386
Join Date: Apr 2013
Location: canada
11-11-2019, 06:04 AM
Last edited by BINGU_PUTHA; 11-11-2019 at
06:07 AM
.
BINGU_PUTHA
View Public Profile
Send a private message to BINGU_PUTHA
Find all posts by BINGU_PUTHA
(#
5
)
buddikagayan
Senior Member
Posts: 12,634
Join Date: Jan 2012
Location: Colombo
11-11-2019, 06:22 AM
true
buddikagayan
View Public Profile
Send a private message to buddikagayan
Find all posts by buddikagayan
(#
6
)
maheshsenadheera
Senior Member
Posts: 18,759
Join Date: Mar 2009
Location: කන්ද උඩරට
11-11-2019, 06:47 AM
same thinking
maheshsenadheera
View Public Profile
Send a private message to maheshsenadheera
Find all posts by maheshsenadheera
(#
7
)
Molock
Senior Member
Posts: 1,658
Join Date: Aug 2012
11-11-2019, 06:49 AM
එය ජනාධිපතිවරණයක් නොවෙයි. හෙළයන් සහ පරයන් අතර සටනකි.
Molock
View Public Profile
Send a private message to Molock
Find all posts by Molock
(#
8
)
snm1990
Senior Member
Posts: 9,465
Join Date: Jun 2015
11-11-2019, 07:17 AM
Quote:
Originally Posted by
Robinhood wage ekek
එකඟයි , ඒ වුනාට ගෝඨා ලකුණු දෙකක් කපා ගන්නවා උගේ වටේ ඉන්න මේ රටේ ලේ උරා බොන්න බලන් ඉන්න හොරු රැල නිසා. උන්ව මහ ඡන්දෙන් එලොනවා ගගා දෙන හුකාරිස් බයි ආතල් නං දැන් දෙන්න එපා, එහෙම නොවෙන බව කවුරුත් දන්නවා , බොරු හීන වැඩක් නෑ
SB activated...
Mahindananda activated....
Pradeshiyasabha guys activated ....
snm1990
View Public Profile
Send a private message to snm1990
Find all posts by snm1990
(#
9
)
C_A_S_P_E_R
Senior Member
Posts: 1,352
Join Date: Apr 2016
11-11-2019, 07:41 AM
Good Review
C_A_S_P_E_R
View Public Profile
Send a private message to C_A_S_P_E_R
Find all posts by C_A_S_P_E_R
(#
10
)
chinmak
Senior Member
Posts: 3,572
Join Date: Oct 2014
Location: මෙන්න මෙතන...
11-11-2019, 07:46 AM
ඒ කියන්නේ මගේ චන්දේ මේ පාර ගෝඨාට. ඒ ගෝඨා දියසෙන් කුමාරයා නිසා නෙවෙයි. මේ වෙලාවෙ ප්‍රායෝගිකව මට ගන්න පුලුවන් හොදම option එක නිසා...
chinmak
View Public Profile
Send a private message to chinmak
Find all posts by chinmak
Page 1 of 4
1
2
3
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
Cooking
Cooking Talk
Recipes and Showcase
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Offline Business
Buy & Sell (Biz Product/Services)
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
Jobs & Employment
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
Automobile
Auto News & Industry updates
Vehicle Talks
Vehicle Reviews & DIY Guides
Automobile Technical Help
Buy & Sell Automobiles
Auto Racing and Touring
Motorcycles
News & Industry updates
Bike Talks
Bike Reviews and DIY Guides
Technical Help
Buy & Sell
Racing and Bike Touring
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.03801
seconds with
12
queries