ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Open Forum
Reload this Page ධර්මපාලතුමා වීරයෙක්ද ජාතිවාදියෙක්ද?
Reply
 
Thread Tools
(#1)
Old
Destiny Found Destiny Found is offline
Senior Member
Destiny Found is on a distinguished road
 
Posts: 729
Join Date: Feb 2011
ධර්මපාලතුමා වීරයෙක්ද ජාතිවාදියෙක්ද? - 04-19-2011, 05:02 AM


අනගාරික ධර්මපාලතුමා සිහි කරමින් වසරකට වරක් අපේ දහම් පාසලේ එතුමා ගේ ඦායාරුවකට මල් මාලයක් දමය්. ඉන්පසු මයික්‍රෆෝනය අතට ගන්න අයියා කෙනෙකු විසින් දෝරෙ ගලන තරමට ධර්මපාලතුමාගේ ගුන වර්නනා කරය්, ඉන්පසු මැක්කාගේ තියරියෙන් දෙමල හා මුස්ලිම් ජාතීන්ට පලු යන්නට බැනීම ආරම්භ කරන අතර සුලු ජාතීන් සිංහල බෞද්ධයන්ගේ රට අල්ලා ගැනීමට කුමන්ත්‍රනය කරන බවත්, එයට එරෙහිව සිංහල අපි වහා නැගී සිටිය යුතු බවත් පවසා කතාව අවසන් කරය්. එය අසා අපි ජාති ආලයෙන් චූන් වී අත්පුඩි ගසන හැටි හොන්දට මතකය. නායක ස්වාමීන් වහන්සේද, ශා මරු කතාවයය් තවත් හොන්දට පොහොර දමය්. අපිත් ඉතින් ශා සිංහලයො වෙලා ඉපදෙන්න අපි කොච්චර පින් කරල ඇත්දය් හිතාගෙන ආතල් එකේ පන්ති කාමරයට යය්. පන්ති කාමරයේදීද ධර්මපාලගෙන් අපිට ගැලවීමක් ඇත. මන්දයත් උන්නාන්සෙට වෙන් කෙරූ පාඩමක්ම ඇති බැවිනි. එයින් කියැවෙන්නෙ ධර්මපාලතුමා නියම බොදු පුතෙකු බවය්, ජාතික වීරයෙකු බවය්. මේවා කියවූ මම ධර්මපාල වගේ වෙන්න්ට ඇත්නම් කියා සිහින මැවූ වාර ගනන අනන්ත අප්‍රමානය.

නමුත් වයසින් මුහුකුරා යත්ම මේ අපි ඉගෙන ගෙන ඇත්තේ මොන හරුපයක්දැය් මට සිතෙන්නට පටන් ගත්තේය. ඇත්තටම අනගාරික ධර්මපාල යනු කවරෙක්ද.දොන් ඩේවිඩ් හේවාවිතරන නම වෙනස් කොට ධර්මපාල යැය් නම පටබැඳගෙන අනගාරික ජීවිතයට පිවිස අයෙකි. ධර්මපාල යනු ධර්මය ආරක්ශා කරන්නා යන්නය්. ධර්මපාලතුමා තම රථයේ නැගී සිංහල බෞද්ධයනි නැගිටපල්ලා, හරක් මස් කන්න එපා යැය් කියමින් රට පුරාම ගියේය. ඒ කාලයේ මිනිස්සුන්ට මෝටර් රථයක් යනු මහා මැජික් එකකි. එම නිසා ඔවුන් ධර්මපාල වටා එකතු කරගන්නට පහසු විය. ඉන්පසු ධර්මපාල විසින් ඔහුගේ ඓතිහාසික ප්‍රකාශයන් සිදු කරන ලදී. ධර්මය රැක ගන්නට යැය් කියා රට වටේ ගිය අති උත්තම ධර්මපාලගේ එක් ප්‍රකාශයකි මේ



"උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් භාශා බේදයක් එපා කියල, දෙමලත් හම්බයත් මරක්කයත්,කොච්චියත් බෝරකාරයක් එකය කියල"

කුඩා කාලයේ පටන් අපි වීරයකු ලෙස සැලකූ ධර්මපාලතුමාගේ ප්‍රකාශයකි ඔය. මුස්ලිම් හෝ දෙමල හෝ යැය් වෙන් නොකොට සියල්ලන් සමඟ සුහදව කටයුතු කරන මට මෙම ප්‍රකාශය කියවීමේදී ඇති වන්නේ මහත් පිලිකුලකි. දොන් ඩේවිඩ් හේවාවිතාරනට අනුව ඔහු බෞද්ධ ධර්මය අනුගමනය කරන්නෙකි, බෞද්ධ ධර්මය ආරක්ශා කරන්නට කැප වූ අයෙකි. නමුත් මා දන්නා බුදු දහමේ නම් තිබෙන්නේ මිනිසුන් ජාති කුල මල ආගම් වලින් බෙදීම නොවිය යුත්තක් බවත්ය, එමෙන්ම යමෙකු උසස් වන්නේත් පහත් වන්නේත් තමන්ගේ ක්‍රියාව අනුව බවය්.

නමුත් ධර්මපාල පවසන්නේ සමාජයට ජාති භාශා ආගම් බේද අවශ්ය බවයි, එසේ නොසිතීම වැරදි බවය්,දෙමල සහ මුස්ලිම් මිනිසුන් සිංහල ජාතියට සමාන නොවන බවය්. එනම් සිංහලයා හරි විශිෂ්ට යන්නය්(සිංහලයාට අනිත් මිනිස්සුන්ට නැති අමුතු මෙව්ව එකක් තියේද?, සිංහලය අනිත් ජාතීන්ට වඩා වෙනස් ඇය් දැය් ධර්මපාලතුමා කිසිවිටකත් පැහැදිලි කලේ නැත. ). සියල්ලන්ට එක සේ සලකන්නටය් කියන බුදු දහම ආරක්ශා කිරීමට කැපවූ කෙනෙකු යැය් කියාගන්නා කෙනෙකුගේ මුවින් ඔවැනි ප්‍රකාශ නිකුත් වීම ඇත්තටම ජෝක් එකකි. නමුත් මෙම විහිලුව ඇස් රතු වෙන විහිලුවකි. මන්දයත් ධර්මපාලතුමා ගම් නියම්ගම් පාසා ගොස් අපූරුවට ජනයාගේ මොල ඇතුලට මෙම සංකල්ප ඇතුල් කිරීමට සමත් වූ නිසාය.

මේ ඔහුගේ තවත් ප්‍රකාශයකි.
"උඹල වංශෙ කබල් ගාපල්ලා, අරූ ගොවි ගම, අරූ දුරාවෙ, අරූ කරාවෙ කිය කියා, හතර පැත්තට බෙදිලා, උඩරට පහත රට කියලා දෙපැත්තට බෙදිලා.... " .ඇත්ත, අතීතයේ ලංකාවේ කුල බේදය දැඩිව පැවතුනි. ධර්මපාලතුමාට එය මහා අපරාධයකි, නමුත් ධර්මපාලතුමා කලේ ඊට හපන් එකක් ලංකාවට හඳුන්වා දීමය්. එනම් ජාතිවාදයය්. ධර්මපාලතුමාට අනුව ජාතිවාදය සහ ආගම්වාදය ලෝකයට අත්‍යවශ‍ය දෙයකි, එනම් මිනිස්සු ජාති ආගම් නාමයෙන් කුලල් කාගත යුතුය. අනුන්ගේ ආගමටත් ගරු කරන්න යැය් බුදු දහමේ ඉගැන්නුවත්, ඔහුට අනුව ලංකාවේ පල්ලි කෝවිලි නොතිබිය යුතුය. ඔහුට අනුව කුල බේදය වැරදිය, නමුත් ජාති බේදය හා ආගම බේදය ශෝක්ය. ධර්මපාලතුමාට දෙබිඩි පිලිවෙත් බොහෝමයක් තිබූ බව පැහැදිලිය.

Last edited by Destiny Found; 04-19-2011 at 05:06 AM.
Reply With Quote
(#2)
Old
Destiny Found Destiny Found is offline
Senior Member
Destiny Found is on a distinguished road
 
Posts: 729
Join Date: Feb 2011
04-19-2011, 05:02 AM

මෙසේ ගම් නියම්ගම් පාසා ගිය ධර්මපාලතුමා තමන්ට ලැබුනු ජන බලය සාර්ථකව භාවිතා කරමින් මිනිස්සුන්ගේ මොල තුලට ජාතිවාදයේ විස බීජය ඇතුල් කලේය. ධර්මපාලතුමාට අනුව ආර්යන්ගෙන් පැවත එන සිංහල ජාතිය ලංකාවට අයිතිවාසිකම් කියය්. අනිත් එවුන්ට ලංකාව අයිති නැත. එසේම ඔහු ඔන්න ඔන්න සුලු ජාතීන් රට අල්ල ගන්න හදනව යකෝ, ඉක්මනට නැගිටපල්ල නැත්තන් තොපිලට මුහුදට පනින්නය් වෙන්නේ යැය් කියා සිහල මිනිසුන් තුල අනවශ්ය බියක් ඇති කලේය. අසරන සිංහල මිනිසුන් ධර්මපාලතුමාගේ දර්ශනයේ ගොදුරක් බවට පත්විය. ධර්මපාලතුමා මැනවින් සිංහල මිනිසුන්ගේ මොල හේදුවේය. ධර්මපාලතුමා ලේසි පහසු පුතයෙකු නොවේ, ඔහු කට්ටකමට ඉඳ හිට ශේප් තියරියද භාවිතා කලේය, ඉඳ හිට ඔහු සුලු ජාතීන් උන්ගෙ දේට ආදරෙය්, උන්ගෙන් උඹල ඉගෙන ගනිල්ල යැය් කියන්නටද අමතක කලේ නැත. නමුත් එවැනි කතා වලින් ඔහුගේ අනිත් ප්‍රකාශ වල ඇති ජුගුප්සාජනක බව මැකිය නොහැකි විය.

ඇත්තටම දොන් ඩේවිඩ් හේවාවිතාරනගේ අරමුන වූයේ කුමක්ද යන්න ගැටලුවකි. ඔහුට අවශ්‍යය උනේ බුදු දහම පතුරන්නද? එසේ නම් ජාති වාදයට උඩගෙඩි දුන්නේ ඇය්, එය තනිකර බුදු දහමට පටහැනිය.

ඔහුට අවශ්‍යය උනේ සුද්දගෙන් රට බේරා ගැනීමටද? එසේ නම් ඔහු කිවයුතුව තිබුනේ " ජාති බේද අමතක කරල දාල දෙමල මනුස්සයය් මුස්ලිම් මනුස්සයය් එක්ක එකතු වෙලා සුද්දව එලවන්න ලෑස්ති වෙයල්ල" කියා නොවේද?

අරමුන පැහැදිලිය, දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔහු විසින් කලේ ලංකාවේ ජනතාව බෙදීමට කටයුතු කිරීමය්. ධර්මපාලගේම වචනයෙන් කිවහොත් "පරසුද්ද" ට උවමනා කර තිබුනේද අපේ රටේ මිනිසුන් බෙදා වෙන් කිරීමය්. එසේනම් ධර්මපාලතුමා ඇත්තටම කර ඇත්තේ සුද්දාගේ අරමුන සාක්ශාත් කරගැනීමට උදව් කිරීමක් නොවේද. එසේ නම් නියම කලු සුද්දා ධර්මපාලතුමාය.

මෙසේ තමන්ගේ project එක දිගටම කරගෙන ගිය ධර්මපාලතුමා අවසානයේදී ලංකාවේ වාසනාවට රට හැර ගියේය. නමුත් ඒ වන විටත් ඔහු ලාංකීය ජනසමාජයට ඉතිහාසයේදී සිදූවූ ලොකුම හානිය කර අවසන් කොට තිබුනි. ධර්මපාලතුමා ජාතිවාදය නමැති විස බීජය සාර්ථක ලෙස ලංකාවේ ව්‍යාප්ත කලේය. එහි වක්‍රාකාර ප්‍රතිපලයක් ලෙස ඇති වූ සිවිල් යුද්ධයෙන් සිහල දෙමල මුස්ලිම් මේ සියල්ලන්ටම දුක් විඳින්නට සිදු විය, හමුදාවේ හෝ කොටි හෝ ජීවිත දහස් ගනන් අහිමි විය. එමෙන්ම දෙමල සිංහල, මුස්ලිම් දෙමල කෝලහල ඇතිවී දහස් ගනන් මිනිස්සුන්ට ජීවිත අහිමිවිය, වටිනා දේපල අහිමි වී රට අගාධයකට වැටුනේය. ඒ මදිවට නිර්මල බුදු දහමද විකෘති කලේය. අහෝ දොන් ඩේවිඩ් හේවා විතාරනගෙ වීරකම්.මේ මහා වීරයා අනුගමනය කලේ හිට්ලර් තියරියය්. එනම් තමන්ගේ ජාතිය අනිත් ජාතීන්ට වඩා උසස් බව සිතීමත්, අනිත් ජාතීන්ට අයිතිවාසිකම් කිසිවක් නැතැය් සිතීමත්ය. වෙනසකට ඇත්තේ, හිට්ලර් මිනි මැරුවේය, ධර්මපාලතුමා ඔහුගේ දෙබිඩි දර්ශනයෙන් වක්‍රාකාර ලෙස මිනී මැරෙන තැනට වැඩ සැලැස්සුවේය.

ධර්මපාලතුමා පැවසූයේ සුද්දා යන විට කලු සුද්දන්, සුද්දො පැටව් ලංකාවේ ඉතිරි කර යන බවය්. එය කෙසේ වෙතත් ධර්මපාලතුමා අපවත් වූයේ ධර්මපාල පැටව් ලක්ශ ගනන් බිහි කිරීමෙන් පසුය. මෙවැනි ජාතිවාදී ධර්මපාල පැටවුන් මුලු ලෝකයටම පිලිලයකි, උන් සිතන්නේ බෞද්ධ සිංහල කම ලෝකෙ උතුම්ම දෙය බව බවත්, එය රැක ගැනීමට අනිත් ජාතීන් සමග ගහ මරා ගත යුතුය. මෙවැනි ධර්මපාල පැටවු බිහි කිරීමට ලංකාවේ අධ්‍යාපනයද උදව් කරය්. ඒ ධර්මපාලතුමා වීරයෙකු යැය් හැඳින්වීමෙනි. එවැනි ධර්මපාල පැටවුන් copy paste බබාලා ලෙස එලකිරියේද හිටි හැටියේ මතු වේ.පාලකයෝද කුඩා කල සිට කපටි ලෙස ධර්මපාල තියරිය අපේ ඔලුවලට ඔබා ඇත. ලාංකික සමාජයේ බහුතරයක් ජාතීවාදීන් වී ඇත්තේ එබැවිනි.

ඔබ ධර්මපාලතුමා ගැන කුඩා කල පටන් ඉගෙන ගෙන ඇති දේ මදකට අමතක කොට සිතන්න, ජාතිවාදය පතුරවා රටක මිනිසුන් ගහ මරාගන්නා තත්වයට පත් කරන්නෙකු වීර පට්ටමට සුදුසුද? වීරයෙකු යනු සමාජය හොන්ද අතට වෙනස් කිරීමට හැකියාවක් ඇති මනුස්සයෙකි. ජාතිවාදයට උඩගෙඩි දෙන්නෙකු නියම බෞද්ධයෙක්ද? නැත. එවැන්නෙකු ධර්මපාල නොහොත් ධර්මය ආරක්ශා කරන්නා යන නම භාවිතය පවා ධර්මයට කරන අපහසයකි. ධර්මපාලතුමා බෝ කල වසංගතයෙන් තවමත් අපට ගැලවීමක් නැත.

එමනිසා ධර්මපාල තියරිය ලංකාවෙන් මැකී යා යුතු වේ. නැතිනම් මීලඟ සිවිල් යුද්ධය ආරම්භ වීමට වැඩි කාලයක් ගත නොවනු ඇත.

-DF-

Last edited by Destiny Found; 04-19-2011 at 05:09 AM.
Reply With Quote
(#3)
Old
yasas bandara's Avatar
yasas bandara yasas bandara is offline
Senior Member
yasas bandara is a name known to allyasas bandara is a name known to allyasas bandara is a name known to allyasas bandara is a name known to allyasas bandara is a name known to allyasas bandara is a name known to allyasas bandara is a name known to allyasas bandara is a name known to allyasas bandara is a name known to allyasas bandara is a name known to allyasas bandara is a name known to all
 
Posts: 1,587
Join Date: Oct 2009
Location: Colombo
04-19-2011, 11:04 AM

සිංහල බෞද්ධයන්ට මඩ ගැසීමෙන් පොරක් වීමට දඟලන DF මහතා දැන් සියලු සිංහල බෞද්ධයන්ට පොදුවේ පහර ගැසීමේ ප්‍රතිපත්තිය අමතක කොට එක එකා වෙනම ගෙන පහර ගැසීමට පටන් ගෙන ඇත.

ධර්මපාලතුමාගේ ප්‍රකාශ වල සත්‍ය පෙන්වන හොඳම උදාහරණයක් වන්නේ මොහුය.

එක
thread එකක් අනාථ වූ විට මොහු කරන්නේ නැට්ට කකුල් දෙක අස්සේ ඔබාගෙන පලා ගොස් වෙනthread එකක් පටන් ගැනීමයි.


Quote:
Originally Posted by Destiny Found View Post
මා දන්නා බුදු දහමේ නම් තිබෙන්නේ මිනිසුන් ජාති කුල මල ආගම් වලින් බෙදීම නොවිය යුත්තක් බවත්ය, එමෙන්ම යමෙකු උසස් වන්නේත් පහත් වන්නේත් තමන්ගේ ක්‍රියාව අනුව බවය්.



මෙය අමූලික බොරුවකි. බුදු දහම එහෙන් මෙහෙන් කට ගාගත් මෝඩයන්ගේ ප්‍රකාශයකි.

යමක් උසස් හෝ පහත් වන්නේ අප ඒ දෙස බලන ආකාරය ,මතවාද, ප්‍රවාද ආදිය නිසාය.

භවයක් උපත නම් ප්‍රතිසන්ධියයි. බෞද්ධයන්ට වැදගත් වන්නේ ප්‍රතිසන්ධිය මිස ජීව විද්‍යාත්මක උපත නොවේ.

සියලු පුද්ගලයන් ප්‍රතිසන්ධියෙන් උසස් හෝ පහත් වේ. අහේතුක ප්‍රතිසන්ධියක් ලැබූ කෙනා තිහේතුක ප්‍රතිසන්ධියෙන් උපත ලැබූ කෙනාට වඩා පහත් වන බව ඉදුරාම කිව හැක්කේ ඔහුට් හෝ ඇයට කිසි දිනක නිවන් අවබෝධ නොවන නිසාය.

මෙසේම දිවිහේතුකයන්ටද කිසි දිනක නිවන් අවබෝධ නොවේ. ප්‍රතිසන්ධියේ බලපෑමෙන් ඇතිවන භවාංග සිත් පරම්පරාවේ ස්වභාවය මැරෙන තුරු පවතී.

සියලු බෞද්ධයන් උත්සහ කරන්නේ ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලබා නිවන් දැකීමටයි. උපතින් සියලු දෙනා සමාන නම් මෙවන් උපතක් පතන්නේ මොන කෙංගෙඩියකටද
?


අනික් අතට ක්‍රියාවෙන් පමණක් මිනිසුන් උසස් වන්නේ නම් උපන්දා සිට බලු තපස් රැකි, අසූචි අනුභව කරමින් ජීවත් වූ (පසුව රහත් වූ)ජම්බුකාජීවක සාමාන්‍ය ජීවිතයක් ගත කළ දිවිහේතුකයෙකුට වඩා පහත් විය යුතුය.

කප් ලක්ෂයක් පාරමිතා පුරා ආ (එහෙත් මිනිසුන් දහස් ගණනක් මැරූ) අහිංසක සාමාන්‍ය ජීවිතයක් ගත කළ දිවිහේතුකයෙකුට වඩා පහත් විය යුතුය. මේවා විහිළු බව පැහැදිළිය.

බෞද්ධයන් අමතක කර උපත හුදෙක් ජීව විද්‍යාත්මක ප්‍රපංචයක් ලෙස පමණක් ගත් විටද මේ ප්‍රශ්ණය මතු වේ.

A නම් බබා, මවගේ සංකූලතාවයක් නිසා අඩු මාසයෙන් උපත ලබා මොළයට ඔක්සිජන් අඩු වී මොළයේ කොටසක්ද විනාශ වී, නොමේරූ පෙනහැළි නිසා නොමේරූ ළදරු ඒකකයේ සති ගානක් සිටියා යයි සිතමු. මේ දරුවාට පසුව ලොවෙත් නැති වෛද්‍ය ගැටලු ඇති වේ. මෙවන් උපතක් පතන්නේ කවර මෝඩයෙක්ද?

B නම් බබා කිසිදු ගැටලුවකින් තොරව සාමාන්‍ය කාලයකින් උපත ලැබුවා යයි සිතමු.

කිසිදු ආහමක් නොඅහදහන භෞතිකවාදියා පවා කියනු ඇත්තේ B ගේ උපත Aගේ උපතට වඩා උසස් බවයි. එසේ නැත්හොත් A ට වඩා B උපතින් උසස් බවයි.

මෙය කෙස් පැලෙන තර්ක ගෙන ඒමට අවශ්‍ය කාරණයක් නොවේ. ඕනෑම සාමාන්‍ය බුද්ධියක් ඇත්තෙකුට අවබෝධ විය යුත්තකි.


අප සාමාන්‍යයෙන් කිසිවෙක් උපතින් උසස් නොවේ යයි කියන්නේ උපතින් පමණක් මිනිසුන් උසස් පහත් ලෙස නොගත යුතුය කියන අර්ථයෙනි. මෙහි වරදක් නැත.

Quote:
Originally Posted by Destiny Found View Post
දෙමල සහ මුස්ලිම් මිනිසුන් සිංහල ජාතියට සමාන නොවන බවය්. එනම් සිංහලයා හරි විශිෂ්ට යන්නය්(සිංහලයාට අනිත් මිනිස්සුන්ට නැති අමුතු මෙව්ව එකක් තියේද?, සිංහලය අනිත් ජාතීන්ට වඩා වෙනස් ඇය් දැය් ධර්මපාලතුමා කිසිවිටකත් පැහැදිලි කලේ නැත. ).

DF නැවත නැවත නගන තර්කය නම් කිසිදු ජාතියක් වෙන ජාතියකට වඩා උසස් හෝ පහත් නොවන බවයි.

එසේ නම් අප්‍රිකාවේ මිනී මරමින්, මිනී මස් උයා බුදිමින්, අතිශය පහත් ජීවිතයක් ගත කොට මිනී මස් කෑම නිසාම හටගත් රෝග නිසා අතුගෑවී ගිය ජාතියක් අපගේ සිංහල ජාතියට වඩා උසස් හෝ පහත් නොවේ!
මේ වගේ විකාර විශ්වාස කරන මිනිසුන් මානසික රෝහල් වල වත් නැතුව ඇති....

ජාතිවාදය යන වදන කිසි දිනකත් අර්ථ දැක්විය නොහැක්කේ මේ නිසාය.
ජාතිවාදය = තමාගේ ජාතිය අනික්වාට වඩා උසස් යයි සිතීම ලෙස ගනිමු..


කිසි කෙනෙක් තමාගේ ජාතිය අනික්වාට වඩා පහත් යයි නොසිතයි.

ජාතීන් සියල්ල සමාන යයි ගත්විට එය ඕනෑම අවස්ථාවක
, ඕනෑම කාලයක් සඳහා වලංගු විය යුතුය. එවිට මා කළින් සඳහන් කළ උදාහරණය අනුව විකාර නිගමන වලට ඒමට සිදු වේ.


මෙයට එකම තර්කානුකූල විසදුම නම් ඕනෑම කෙනෙක් තමාගේ ජාතිය වඩා උසස් යයි සිතන බව පිළිගැනීමයි.

Quote:
Originally Posted by Destiny Found View Post
මේ මහා වීරයා අනුගමනය කලේ හිට්ලර් තියරියය්. එනම් තමන්ගේ ජාතිය අනිත් ජාතීන්ට වඩා උසස් බව සිතීමත්, අනිත් ජාතීන්ට අයිතිවාසිකම් කිසිවක් නැතැය් සිතීමත්ය.

ඕනෑම කෙනෙක් සිතන්නේ තමාගේ ජාතිය වඩා උසස් බවයි. මුස්ලිම් ජාතිය දෙවියන් වහන්සේගේ 'තෝරාගත් ජාතිය' බවත් අනික්වාට වඩා උසස් බවත් මුස්ලිම් වරු අදහති. මේවාDF ට ප්‍රශ්ණ නොවේ. සිංහලයන් එසේ ඇදහීම ඔහුට ප්‍රශ්ණයකි.

අපි අනගාරික ධර්මපාලතුමාට ගරු කරන්නේ එතුමා වාග් සංයමයෙන් උසස් නිසා නොවේ (ඕනෑම කෙනෙකුට එතුමාට වාග් සංයමයක් නොතිබූ බව කිව හැක.) එතුමා සිංහල ජාතිකත්වය යළි ගොඩනැංවූ නිසාය.

සිංහල ජාතිකත්වය යන්න සිංහල ජාතිවාදය නොවේ. ජාතිවාදය යන්න කිසිදු අර්ථයක් නැති වචනයක් පමණි.

Quote:
Originally Posted by Destiny Found View Post
අනුන්ගේ ආගමටත් ගරු කරන්න යැය් බුදු දහමේ ඉගැන්නුවත්, ඔහුට අනුව ලංකාවේ පල්ලි කෝවිලි නොතිබිය යුතුය.

ධර්මපාලතුමා මේවා කියා ඇත්තේ DF ගේ සිහින ලෝකයේ විය යුතුය



Last edited by yasas bandara; 04-19-2011 at 11:06 AM.
Reply With Quote
(#4)
Old
zooza12345's Avatar
zooza12345 zooza12345 is offline
Senior Member
zooza12345 is just really nicezooza12345 is just really nicezooza12345 is just really nicezooza12345 is just really nicezooza12345 is just really nicezooza12345 is just really nicezooza12345 is just really nicezooza12345 is just really nice
 
Posts: 2,110
Join Date: Sep 2009
Location: colombo
04-19-2011, 11:25 AM

ඕනෑම කෙනෙක් සිතන්නේ තමාගේ ජාතිය වඩා උසස් බවයි. මුස්ලිම් ජාතිය දෙවියන් වහන්සේගේ 'තෝරාගත් ජාතිය' බවත් අනික්වාට වඩා උසස් බවත් මුස්ලිම් වරු අදහති. මේවාDF ට ප්‍රශ්ණ නොවේ. සිංහලයන් එසේ ඇදහීම ඔහුට ප්‍රශ්ණයකි.

ay ban muslim agama wiswasakarannethi hema ekama maranna agamen kiyala thiyenne ethakota ewa harida anagarika darmapala thuma kawawath maranna kiyala nene.yako buddiyen hithapan muslim wage agamak minissunwa hodin ho narakin agame radawagena inneay neththam kafir la kiyala unwa maranna one kiyanne.ethakota hemoma samanawa inna one nedda????????????ane me DF palayanban ape le kopa karan nethuwa......
Reply With Quote
(#5)
Old
Double S's Avatar
Double S Double S is offline
Senior Member
Double S is a glorious beacon of lightDouble S is a glorious beacon of lightDouble S is a glorious beacon of lightDouble S is a glorious beacon of lightDouble S is a glorious beacon of lightDouble S is a glorious beacon of lightDouble S is a glorious beacon of lightDouble S is a glorious beacon of lightDouble S is a glorious beacon of lightDouble S is a glorious beacon of lightDouble S is a glorious beacon of light
 
Posts: 5,142
Join Date: Mar 2009
Location: Colombo
04-19-2011, 11:27 AM

Quote:
Originally Posted by yasas bandara View Post
සිංහල බෞද්ධයන්ට මඩ ගැසීමෙන් පොරක් වීමට දඟලන DF මහතා දැන් සියලු සිංහල බෞද්ධයන්ට පොදුවේ පහර ගැසීමේ ප්‍රතිපත්තිය අමතක කොට එක එකා වෙනම ගෙන පහර ගැසීමට පටන් ගෙන ඇත.

ධර්මපාලතුමාගේ ප්‍රකාශ වල සත්‍ය පෙන්වන හොඳම උදාහරණයක් වන්නේ මොහුය.

එක
thread එකක් අනාථ වූ විට මොහු කරන්නේ නැට්ට කකුල් දෙක අස්සේ ඔබාගෙන පලා ගොස් වෙනthread එකක් පටන් ගැනීමයි.





මෙය අමූලික බොරුවකි. බුදු දහම එහෙන් මෙහෙන් කට ගාගත් මෝඩයන්ගේ ප්‍රකාශයකි.

යමක් උසස් හෝ පහත් වන්නේ අප ඒ දෙස බලන ආකාරය ,මතවාද, ප්‍රවාද ආදිය නිසාය.

භවයක් උපත නම් ප්‍රතිසන්ධියයි. බෞද්ධයන්ට වැදගත් වන්නේ ප්‍රතිසන්ධිය මිස ජීව විද්‍යාත්මක උපත නොවේ.

සියලු පුද්ගලයන් ප්‍රතිසන්ධියෙන් උසස් හෝ පහත් වේ. අහේතුක ප්‍රතිසන්ධියක් ලැබූ කෙනා තිහේතුක ප්‍රතිසන්ධියෙන් උපත ලැබූ කෙනාට වඩා පහත් වන බව ඉදුරාම කිව හැක්කේ ඔහුට් හෝ ඇයට කිසි දිනක නිවන් අවබෝධ නොවන නිසාය.

මෙසේම දිවිහේතුකයන්ටද කිසි දිනක නිවන් අවබෝධ නොවේ. ප්‍රතිසන්ධියේ බලපෑමෙන් ඇතිවන භවාංග සිත් පරම්පරාවේ ස්වභාවය මැරෙන තුරු පවතී.

සියලු බෞද්ධයන් උත්සහ කරන්නේ ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලබා නිවන් දැකීමටයි. උපතින් සියලු දෙනා සමාන නම් මෙවන් උපතක් පතන්නේ මොන කෙංගෙඩියකටද
?


අනික් අතට ක්‍රියාවෙන් පමණක් මිනිසුන් උසස් වන්නේ නම් උපන්දා සිට බලු තපස් රැකි, අසූචි අනුභව කරමින් ජීවත් වූ (පසුව රහත් වූ)ජම්බුකාජීවක සාමාන්‍ය ජීවිතයක් ගත කළ දිවිහේතුකයෙකුට වඩා පහත් විය යුතුය.

කප් ලක්ෂයක් පාරමිතා පුරා ආ (එහෙත් මිනිසුන් දහස් ගණනක් මැරූ) අහිංසක සාමාන්‍ය ජීවිතයක් ගත කළ දිවිහේතුකයෙකුට වඩා පහත් විය යුතුය. මේවා විහිළු බව පැහැදිළිය.

බෞද්ධයන් අමතක කර උපත හුදෙක් ජීව විද්‍යාත්මක ප්‍රපංචයක් ලෙස පමණක් ගත් විටද මේ ප්‍රශ්ණය මතු වේ.

A නම් බබා, මවගේ සංකූලතාවයක් නිසා අඩු මාසයෙන් උපත ලබා මොළයට ඔක්සිජන් අඩු වී මොළයේ කොටසක්ද විනාශ වී, නොමේරූ පෙනහැළි නිසා නොමේරූ ළදරු ඒකකයේ සති ගානක් සිටියා යයි සිතමු. මේ දරුවාට පසුව ලොවෙත් නැති වෛද්‍ය ගැටලු ඇති වේ. මෙවන් උපතක් පතන්නේ කවර මෝඩයෙක්ද?

B නම් බබා කිසිදු ගැටලුවකින් තොරව සාමාන්‍ය කාලයකින් උපත ලැබුවා යයි සිතමු.

කිසිදු ආහමක් නොඅහදහන භෞතිකවාදියා පවා කියනු ඇත්තේ B ගේ උපත Aගේ උපතට වඩා උසස් බවයි. එසේ නැත්හොත් A ට වඩා B උපතින් උසස් බවයි.

මෙය කෙස් පැලෙන තර්ක ගෙන ඒමට අවශ්‍ය කාරණයක් නොවේ. ඕනෑම සාමාන්‍ය බුද්ධියක් ඇත්තෙකුට අවබෝධ විය යුත්තකි.


අප සාමාන්‍යයෙන් කිසිවෙක් උපතින් උසස් නොවේ යයි කියන්නේ උපතින් පමණක් මිනිසුන් උසස් පහත් ලෙස නොගත යුතුය කියන අර්ථයෙනි. මෙහි වරදක් නැත.



DF නැවත නැවත නගන තර්කය නම් කිසිදු ජාතියක් වෙන ජාතියකට වඩා උසස් හෝ පහත් නොවන බවයි.

එසේ නම් අප්‍රිකාවේ මිනී මරමින්, මිනී මස් උයා බුදිමින්, අතිශය පහත් ජීවිතයක් ගත කොට මිනී මස් කෑම නිසාම හටගත් රෝග නිසා අතුගෑවී ගිය ජාතියක් අපගේ සිංහල ජාතියට වඩා උසස් හෝ පහත් නොවේ!
මේ වගේ විකාර විශ්වාස කරන මිනිසුන් මානසික රෝහල් වල වත් නැතුව ඇති....

ජාතිවාදය යන වදන කිසි දිනකත් අර්ථ දැක්විය නොහැක්කේ මේ නිසාය.
ජාතිවාදය = තමාගේ ජාතිය අනික්වාට වඩා උසස් යයි සිතීම ලෙස ගනිමු..


කිසි කෙනෙක් තමාගේ ජාතිය අනික්වාට වඩා පහත් යයි නොසිතයි.

ජාතීන් සියල්ල සමාන යයි ගත්විට එය ඕනෑම අවස්ථාවක
, ඕනෑම කාලයක් සඳහා වලංගු විය යුතුය. එවිට මා කළින් සඳහන් කළ උදාහරණය අනුව විකාර නිගමන වලට ඒමට සිදු වේ.


මෙයට එකම තර්කානුකූල විසදුම නම් ඕනෑම කෙනෙක් තමාගේ ජාතිය වඩා උසස් යයි සිතන බව පිළිගැනීමයි.



ඕනෑම කෙනෙක් සිතන්නේ තමාගේ ජාතිය වඩා උසස් බවයි. මුස්ලිම් ජාතිය දෙවියන් වහන්සේගේ 'තෝරාගත් ජාතිය' බවත් අනික්වාට වඩා උසස් බවත් මුස්ලිම් වරු අදහති. මේවාDF ට ප්‍රශ්ණ නොවේ. සිංහලයන් එසේ ඇදහීම ඔහුට ප්‍රශ්ණයකි.

අපි අනගාරික ධර්මපාලතුමාට ගරු කරන්නේ එතුමා වාග් සංයමයෙන් උසස් නිසා නොවේ (ඕනෑම කෙනෙකුට එතුමාට වාග් සංයමයක් නොතිබූ බව කිව හැක.) එතුමා සිංහල ජාතිකත්වය යළි ගොඩනැංවූ නිසාය.

සිංහල ජාතිකත්වය යන්න සිංහල ජාතිවාදය නොවේ. ජාතිවාදය යන්න කිසිදු අර්ථයක් නැති වචනයක් පමණි.



ධර්මපාලතුමා මේවා කියා ඇත්තේ DF ගේ සිහින ලෝකයේ විය යුතුය





මචෝ උඹ නම් දෙවියෙක්,

මේ වගේ දෙයක් කියපු එකට උඹට පිං මචෝ.
Reply With Quote
(#6)
Old
hirashgeff's Avatar
hirashgeff hirashgeff is online now
Senior Member
hirashgeff is a glorious beacon of lighthirashgeff is a glorious beacon of lighthirashgeff is a glorious beacon of lighthirashgeff is a glorious beacon of lighthirashgeff is a glorious beacon of lighthirashgeff is a glorious beacon of lighthirashgeff is a glorious beacon of lighthirashgeff is a glorious beacon of lighthirashgeff is a glorious beacon of lighthirashgeff is a glorious beacon of lighthirashgeff is a glorious beacon of light
 
Posts: 6,014
Join Date: Jan 2007
Location: ලොවෙත් නැති තැනක
04-19-2011, 11:28 AM

Quote:
Originally Posted by zooza12345 View Post
ඕනෑම කෙනෙක් සිතන්නේ තමාගේ ජාතිය වඩා උසස් බවයි. මුස්ලිම් ජාතිය දෙවියන් වහන්සේගේ 'තෝරාගත් ජාතිය' බවත් අනික්වාට වඩා උසස් බවත් මුස්ලිම් වරු අදහති. මේවාDF ට ප්‍රශ්ණ නොවේ. සිංහලයන් එසේ ඇදහීම ඔහුට ප්‍රශ්ණයකි.

ay ban muslim agama wiswasakarannethi hema ekama maranna agamen kiyala thiyenne ethakota ewa harida anagarika darmapala thuma kawawath maranna kiyala nene.yako buddiyen hithapan muslim wage agamak minissunwa hodin ho narakin agame radawagena inneay neththam kafir la kiyala unwa maranna one kiyanne.ethakota hemoma samanawa inna one nedda????????????ane me DF palayanban ape le kopa karan nethuwa......
නොදන්න කමට අහන්නේ කුරානයේ ගත්තු තැනක් පෙන්නන්න
Reply With Quote
(#7)
Old
genius89's Avatar
genius89 genius89 is offline
Senior Member
genius89 is a glorious beacon of lightgenius89 is a glorious beacon of lightgenius89 is a glorious beacon of lightgenius89 is a glorious beacon of lightgenius89 is a glorious beacon of lightgenius89 is a glorious beacon of lightgenius89 is a glorious beacon of lightgenius89 is a glorious beacon of lightgenius89 is a glorious beacon of lightgenius89 is a glorious beacon of lightgenius89 is a glorious beacon of light
 
Posts: 2,836
Join Date: Nov 2010
Location: Dubai, UAE
04-19-2011, 11:29 AM

මුලින්ම, ධර්මපාල තුමා කිව කියල දාල තියන ප්‍රකාශය මං අන්තර්ජාලය තුල දකිනතාක්කල් එතුමා කිව කියල අහල තිබුනේ නෑ.. අපිට 100% ස්ථිරව කියන්න බෑ එතුමා මේ විදියටම කිව කියල මොකද මේකේ කිසි මුලාශ්‍රයක් නැති දෙයක් (කාට හරි ඔප්ප්ලු කරලා පෙන්නන්න පුළුවන් නම් මේක අහවල තැන, අහවල් කාලේදී කිව, මේක අහවල් පොතේ, පත්තරේ, සටහනේ, තිබ්බේ කියල මං පිලිගන්නවා..) ඒ නිසා එවැනි දෙයක් අල්ලගන කෑගැසීම බොරු වැඩක්.

සුද්දා අපේ රටෙන් ගියාට පස්සේ මෑත කාලය වන විට පවුල් සැලසුම්, ජනගහන වර්ධනය, උද්දමනය, ආර්ථිකය, ජීවන බර කියන ගැටළු නිසා සිංහල ජනසමාජයේ සාමජිකයි අඩුවන බවක් අපිට පැහැදිලිව පෙනෙන බව අවිවාදයෙන් පිළිගත්තා යුතුයි. නමුත් ඔය ඔක්කොම සිංහලයට, මුස්ලිම් අයට ඔය මුකුත් නෑ.. අවුරුද්දට එකා ගානේ එලියට දාන්න අම්මයි දුවයි ආච්චි ඔක්කොම එකට ගැබිණි වාට්ටුවේ ඉන්නේ..

මුස්ලිම් ජාතිය ව්‍යාප්ත කිරීමට ඔවුන් ජාතියක් විදියට පෙළ ගැසී සිටින බවත් කොමන් සෙන්ස් එකක් තියන ඕනෑම කෙනෙකුට වැටහේ.. ඔවුන් පල්ලිය මුලික කරගන නැගී සිටි. ඔවුන් ව්‍යාපාරයක් ඇරඹු පසු එය වැසි යාමට පල්ලියෙන් ඉඩ නොතබයි, පල්ලියේ අරමුදලින් මුදල් වෙන් කොට එම ව්‍යාපාර වලට යොදවා ඒවා නගා සිටුවයි.

මේ සියල්ල මං පුද්ගලිකව දන්නා දේවල් බවත් අනගාරික ධර්මපාල තුමා ආරම්භකළ පාසලක ඉගනුම ලබා කුරුණෑගල මුස්ලිම් අයිතිකරුවෙකු කරනා ලද ව්‍යාපාරය අවරුදු 2 ක් සිට ලැබූ අත්දැකීමෙන් මේ අදහස දැම්මේ..
Reply With Quote
(#8)
Old
~v3n0m~'s Avatar
~v3n0m~ ~v3n0m~ is offline
Senior Member
~v3n0m~ has a spectacular aura about~v3n0m~ has a spectacular aura about~v3n0m~ has a spectacular aura about
 
Posts: 6,784
Join Date: Aug 2008
04-19-2011, 11:30 AM

රට ජාතිය වෙනුවෙන් හඬ නගපු, සටන් කරපු හැම කෙනෙක්ම ජාති වාදීන් කියල හන්වඩු ගහන්න පුලුවන් විදියෙ අලුත් සිස්ටම් අද නිර්මාණය වෙල තියෙනව.



Last edited by ~v3n0m~; 04-19-2011 at 11:33 AM.
Reply With Quote
(#9)
Old
genius89's Avatar
genius89 genius89 is offline
Senior Member
genius89 is a glorious beacon of lightgenius89 is a glorious beacon of lightgenius89 is a glorious beacon of lightgenius89 is a glorious beacon of lightgenius89 is a glorious beacon of lightgenius89 is a glorious beacon of lightgenius89 is a glorious beacon of lightgenius89 is a glorious beacon of lightgenius89 is a glorious beacon of lightgenius89 is a glorious beacon of lightgenius89 is a glorious beacon of light
 
Posts: 2,836
Join Date: Nov 2010
Location: Dubai, UAE
04-19-2011, 11:42 AM

නජජ්ජා වසලෝ හෝති - නජජ්ජා හෝති බ්‍රාහ්මණා
කම්මනා වසලෝ හෝති - කම්මනා හෝති බ්‍රාහ්මණා


කිසිවෙකුත් උපතින් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නොවෙයි
ඔහු කරන කියන දේ අනුව ඔහු වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු වෙයි


බුදුරජානන්වහන්සේ කිවේ මේ විදියටයි..
Reply With Quote
(#10)
Old
ShanikDJs's Avatar
ShanikDJs ShanikDJs is offline
Senior Member
ShanikDJs has a spectacular aura aboutShanikDJs has a spectacular aura aboutShanikDJs has a spectacular aura aboutShanikDJs has a spectacular aura about
 
Posts: 8,582
Join Date: Jan 2009
Location: ඇමරිකාවේ
Send a message via Skype™ to ShanikDJs
04-19-2011, 11:43 AM

BUMP
Reply With Quote
Reply

Bookmarks

Tags
තවත් පොන්න idඑකක්, මම පොර, සිංහලබෞද්ධ(tm), darmapala jathiwadiyek, darmpala kariya, destiny found = prothean, destiny found ass licker, destiny found demala, destiny found kotiya, df අන්ත වාදියා, df ගේ ඇට නැහැ ලු, df ජාති වාදියා, df හම්බය, df awajathakaya, df f*ck off, df hamabayaa, df joker, df methna kakakaralaa, df mother fucker, df palayankoo paw nodee, gong aathal godai, live dfජෝකර්, mr. tikko = කළු සුද්දා, palliya lewa kana df, silentsahan hambayek

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.07593 seconds with 11 queries