ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Reply
 
Thread Tools
(#1)
Old
dath kimbula's Avatar
dath kimbula dath kimbula is offline
Senior Member
dath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud of
 
Posts: 35,847
Join Date: Jan 2011
Location: යහපාලන ඈස්-චර්යේ
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2 - 05-30-2012, 06:50 PM








හෙළ සුභාවිත ගීතයේ රුව ගුණ වරුණ දකින කවුලුවයි, “හද විල කළඹන ගී ජල රේඛා”.
අපේ මහ ගෙදර, *ධනුෂුක* සොයුරා ගේ “සුන්දර ගීයක ඇරඹුම” සම්මානිත හුයෙහි ම ද්විතීය භාගය ලෙසයි,
මේ “හද විල කළඹන ගී ජල රේඛා” ඔබට තිළිණ කෙරෙන්නේ.

ඒ අපේ මහ ගෙදර අප්පච්චි වූ *ධනුෂ්ක* සොයුරා ගේ පූර්ණ අනුදැණුම, අනුමැතිය,අනුග්‍රහය සහ මග පෙන්වීම යටතේ.
අපේ මුල් හුය එන්න එන්නම දිගු වීමෙන් සහ ගී විචාර නැවත නැවත උපුටා දැක්විමෙන් ඇති වි තිබෙන විඩාබර බව ඉවත් කිරිමටයි මේ වෙර, සවිය.


ඒ හැරුනු කොට අප මෙම හුයෙන් බලාපොරොත්තු වන දේ කීපයකි. අප ගියක් රස විදින අයුරද, අප ගේ හදවතට ද, බුද්ධියට ද එය දැනෙන, අප එයින් ප්‍රලය වන අයුරද, ආත්මාර්ථයෙන් තොරව පරාර්ථයෙන් බෙදා ගැනීම ප්‍රමුඛත ම බලාපොරොත්තුවයි. වර්තමානයේ අප ගේ දෙසවනට බලහත්කාරයෙන් පොම්ප කරන සුභාවිත නොවන ගීයෙහි අවගුණය කෙසේ වෙතත්, අප රස විදින සුභාවිත ගීයෙහි ගුණය මතුකොට පෙන්වීම අනෙකයි. හෙල ගී කෙත තුළ වපුරා ඇති විචාරය යයි සම්මත අන්‍යන්‍යෙ පිටකසා ගැනිම් වෙනුවට අපේ හදවත් තුළින් ම නැගෙන සබුද්ධික විචාරයක් රස භාව හදුනනවුන් ගේ සම්මතය තුල රෝපනය කිරීම අපේ තෙවන බලාපොරොත්තුවයි. අවසන, දැන් දැන් ඇසෙන හර සුන් ගී අතරින් ඉදහිට හෝ ගැයෙන සුභාවිත ගී පෙරා, තෝරා, හරවත් විචාර වලින් ඔප කොට, එහි ඇති අර්ථ රසය පමණක්ම නොව, සංගීතය, ගායන විලාශය, සංගීත යෙදුම් ඈ වින්දනීය තැන් එළකිරියන් ගේද, රස භාව හදුනන දුහුනන් ගේද, ගී සාහිතය පිලිබදව ගවේෂණය කරන විද්‍යාර්ථින් ගේ ද පරිශීලනයට, විදීමට , හැදෑරීමට ඉදිරිපත් කිරීම අප බලාපොරොත්තු වෙමු.

මේ සියල්ලම තබා අප, අප ලෙස අපේ ඇසින් ගී ලොව දකින්නට, රස විදින්නට එලකිරියන් හට මග නොමග පෙන්වන ප්‍රදීපස්ථම්භයක් වීම, මේ හුයට සම්මාදන් වන සියලු ම එලකිරි කොල්ලන් සහ කෙල්ලන් ගේ රස මනස ඥාණනය කිරීම අප ගේ නොතිත් ඉලක්කයයි.

මේ හුයට සම්බන්ධ වන, පෙදෙහි රස හව් විදින එළකිරියේ සුධීන් ගෙන් කෙරෙන ඉල්ලීමකි. ඔබ යම් විචාරයකට ප්‍රතිචාර දැක්විමේ දී කරුණාකර මුලු විචාරය ම නැවත උපුටා දැක්විමෙන් වළකින ලෙස ඉතාමත් බැහැපත් ව ඉල්ලා සිටිමු. ඒ පෙර මෙන් ම මේ හුය ද, අතිශයින් ම දිගු විමද, විඩාබර තත්ත්වයකට ඒමද වැලැක්විමටයි.



ඉදින් අරඹමු, ගීතයේ වින්දනීය ඉසවු සොයා යන තීර්ථ යාත්‍රාව..............


හද විල කළඹන ගී ජල රේඛා.....................!!!!!!

Last edited by dath kimbula; 05-30-2012 at 07:38 PM.
Reply With Quote
(#2)
Old
dath kimbula's Avatar
dath kimbula dath kimbula is offline
Senior Member
dath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud of
 
Posts: 35,847
Join Date: Jan 2011
Location: යහපාලන ඈස්-චර්යේ
පළමු විචාරය - 05-30-2012, 07:00 PM

පළමු විචාරය අද ඉපදුන මෙම හුයට කරන ආසිරි යාගයකි..............!!!!!!!!


මේ අලුතින් ඉපැදී මෙලොව රුව ගුන ඉව කරන නව ජීවියාට කෙරෙන ආසිරි යාගයයි............

අද ඉපැදුණු නැවුම් ලොවට



අද ඉපැදුණු නැවුම් ලොවට සිව් දෙවියනි වරම් දෙන්න..........ආ....ආ....ආ......
පතිනි මවුණි බැල්ම හෙලා හද සුව යහනේ රකින්න......... ආ....ආ....ආ......//

උපන් බිළිදු නහවන්නට රුවන් පිරිත පැන් වඩතී......
සිරි මා බෝ පත් සෙළවී මෙත් සිහිළෙන් සුවය දෙති...
දහසක් දෙව් බඹුන් නිතින තුන් තිස් පැය තනි රකිති........
සද හිරු දෙපසින් අවදිව කල්පයකට ආයු දෙතී.......
කල්පයකට ආයු දෙතී....................

සහසක් බුදු වදන් නිතර නැළවිලි ගීයෙන් ගයතී......
සිරි දළදා හිමි සරනින් පිහිට ලබා නිදුක් වෙතී..........
උපන් පුතුට ලෙවන් අතර දහසක් කිරි මවුන් ඇතී.........
බාල බිලිදු පිළි ගන්නට සමන් දෙවිදු දෝත දෙති........
සමන් දෙවිදු දෝත දෙති..........

අද ඉපදුනු මේ හුය බිලිදෙකු නම් මේ ගයන්නේ ඒ බිලිදාට කෙරෙන පලමු ආසිරි යාගයයි. මේ ගැයෙන ආසිරි යාග කව, මේ රටේ උපදනා බිලිදුන් කෙතරම් වාසනාවන්ත ද යන්න අපට රචකයා මනාව අවබෝධ කරන්නේය. අපේ පැරණි උරුමය තුල ඇති ආශිර්වාදය ද, රැකවරණය ද, අපේ සම්, මස්, ඇට , නහර විනිවිදින හැදියාවේ ද, සියළු ම රුව ගුණ රචකයා මෙයින් වර්නනය කරයි.


අද ඉපැදුණු නැවුම් ලොවට සිව් දෙවියනි වරම් දෙන්න..........ආ....ආ....ආ......
පතිනි මවුණි බැල්ම හෙලා හද සුව යහනේ රකින්න......... ආ....ආ....ආ......//


නැග්ග වහාම ගසේ කරුවක් බදු මේ යෙදුම පිලිබදව උකටලීව උන් මම, මෙය රචනාකල කුමාදාස සපුතන්ත්‍රී මහතාණන් මාගේ රෝගියෙකු වන බැවින ම ඇමතුමක් ලබා දුනිමි. මා හට අවැසි වූයේ මේ යෙදෙන සිව් දෙවියන් යනු සතර වරම් දෙවියන්ද, එසේ නම් “සිව් වරම් දෙවියන්” යන්න නොයෙදුවේ මක් නිසාද යන්න පැහැදිලි කර ගැනීමටය. එතුමානන් දුන් පිලිතුරින් මම මා ගැනම විපිළිසර වූයෙමි. එතුමා කිවු ලෙසින් මේ කියන්නේ ධ්‍රත්‍රරාෂ්ඨ, විරූඪ, විරූපාක්ෂ සහ වෙසමුණි යන සතර වරම් දෙවියන් ගැන නොවේ. මේ සිවු දෙවියන් හෙළ සිව් දෙවියන් ය-එනම් නාථ, දෙවොල්, විභීෂණ සහ සමන් බොක්සැල් යන හෙළ සිව් දෙවියන් ය. මගේ ඊළග පැනය වූයේ රසේ නම් දෙවැනි පදයෙන් පත්තින් නම් ඉන්දු දේවතාවියක් කැදවන්නේ ඇයි ද යන්නය. “පුතා, අපට හෙල දෙවිවරුන් මිස හෙළ දේවතාවියන් නැහැ” එතුමා ගේ පිළිතුර විය.
ඇත්තෙන් ම ගේය පද රචකයන් යම් පද රචනාවකදී කෙතරම් සියුම් ලෙස දේවල් විමර්ශනය කරනවාද යන්නට හොද ම නිදසුන මේ යයි සිතමි. අද උපදින දරුවා, මේ රචකයාට නැවුම් ලොවකි. මේ බිළිදා ඔහුට ලොවක් තරම් විසල්ය. මේ නැවුම් ලොවටය, ඔහු සිව් දෙවියන්ගෙන් වරම් පතන්නේ. පතිනි මෑණියන් ගෙන් සුව යහනක ලෙස හදවතේ රුවා රකින්නට ඔහු ඉල්ලන්නේ මේ ඔහු ගේ ලොවක් තරම් බලාපොරොත්තු ඇති බිළිදාය.

උපන් බිළිදු නහවන්නට රුවන් පිරිත පැන් වඩතී......
සිරි මා බෝ පත් සෙළවී මෙත් සිහිළෙන් සුවය දෙති...
දහසක් දෙව් බඹුන් නිතින තුන් තිස් පැය තනි රකිති........
සද හිරු දෙපසින් අවදිව කල්පයකට ආයු දෙතී.......
කල්පයකට ආයු දෙතී....................

මේ පද කීපය ම බලන්න. අලුත් බිලිදා නමෝ විත්තියෙන් නහවන්නට පැන් වඩන්නේ ආරක්ෂක පිරිතක් ලෙස හෙළ සම්මත රුවන් පිරිතය. මෙත් සිසිලෙන් සුවය සදන්නේ බොදුනුවන් ගේ මුදුන් මල් කඩක් වන සිරිමා බෝ සමිදුන් ගේ බෝපත් ය. අළුත් උපන් බිලිදාට මුළු දිනය පුරාම තනි රකින්නේ සිහළුන් විශ්වාස කරන දහසක් වූ දෙවියන් සහ බඹුන් ය. සිහලුන් විශ්වාස කරන්නේ සදු හිරු යනු කල්පයක් පවතින ප්‍රපංචයන් බවය. ඔවුන් දෙදෙනා මේ බිලිදාට කල්පයක් තරම් වූ ආයුෂ ලබාදෙති. මේ සියළු ම උරුමයන් බිලිදුනට ලැබෙන්නේ උපතින් ම හෙළ වූ උරුමයෙනි.

සහසක් බුදු වදන් නිතර නැළවිලි ගීයෙන් ගයතී......
සිරි දළදා හිමි සරනින් පිහිට ලබා නිදුක් වෙතී..........
උපන් පුතුට ලෙවන් අතර දහසක් කිරි මවුන් ඇතී.........
බාල බිලිදු පිළි ගන්නට සමන් දෙවිදු දෝත දෙති........
සමන් දෙවිදු දෝත දෙති..........

මේ බිළිදාට ගැයෙන්නේ නැළැවිලි ගී ලෙස සහසක් වූ බුදුන්වහන්සේ වදාළ ඒ අමරස වූ ධර්මස්කන්ධයයි. බුදු වදනක් නැළැවිලි ගීයක් වීමේ ඵලය වන්නේ බිලිදා කාරුණික වූ නසැළෙන්නා වූ පුද්ගලයෙකු ලෙස වැඩීමය. බිලිදා නිදුක් නීරෝගී අයෙකු කරන්නේ දළදා හිමියන් ගේ සරණයයි. මේ උපදින බිලිදා කෙදිනකවත් ලොවෙහි තනි නොවන බවය, ගේය පද රචකයා කියන්නේ. ඒ මේ බිලිදාට ලෝ වැස්සන් අතර දහසක් වූ කිරි අම්මාවරුන් සිටින නිසාවෙනි. මේ යෙදුම අපට ඇත් රැළක එක් පැටියෙකු උපන් විට ඇත් රලේ ම ඇතින්නියන් හට කිරි එරෙන බවට ඇති ජනප්‍රවාදය සිහි ගන්වයි. එහි ආනුභාවය වන්නේ කෙදිනකවත් අළුත උපන් ඇත් පැටවා කුස ගින්නේ නොසිටීමය. මේ දරුවා ද කුස ගින්නේ නොසිටින බව ය, ඔහුට නිතොරවම මවු උනුසුමද, මව් කිරි මෙන් ම ලැබෙන බවය රචකයා මේ පවසන්නේ. සිදුහත් කුමරු උපදින විට සක් දෙවිදුන් දෝතට පිලි ගත්තා හා සේමැ, මේ බිලිදුන් දෝත පා පිලිගන්නේ සමන් දෙවිදුන් බවය, රචකයා පවසන්නේ.


රෝහණ වීරසිංහයන් මේ ගීයට යොදා තිබෙන තනුව දෙවියන් හට ස්තෝත්‍ර පිනිස කියන කෝලමුර කවි ආශ්‍රයෙන් ගොඩ නැගුණකි. අසූව දශකයේ හෙල ගී කෙතට ඉතාම සරු අස්වැන්නක් දායාද කල හවුලකි, සුනිල්, රෝහණ,සපුතන්ත්‍රී හවුල. හෙලයන් ගේ උරුමය, හෙළයන් ගේ යශෝ කීර්තිය සමග හනා කරන මෙබදු පබැදුම්, කාලය සමග වටිනාකම වැඩි වනවා විනා අඩු නොවන බවය මගේ හැගීම.
Reply With Quote
(#3)
Old
charith077's Avatar
charith077 charith077 is offline
Senior Member
charith077 is a glorious beacon of lightcharith077 is a glorious beacon of lightcharith077 is a glorious beacon of lightcharith077 is a glorious beacon of lightcharith077 is a glorious beacon of lightcharith077 is a glorious beacon of lightcharith077 is a glorious beacon of lightcharith077 is a glorious beacon of lightcharith077 is a glorious beacon of lightcharith077 is a glorious beacon of lightcharith077 is a glorious beacon of light
 
Posts: 2,146
Join Date: Jul 2010
Location: කොලොම්පුරේ
05-30-2012, 07:04 PM

බම්ප්
Reply With Quote
(#4)
Old
gayankuwait's Avatar
gayankuwait gayankuwait is offline
Senior Member
gayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud of
 
Posts: 57,927
Join Date: Oct 2010
Send a message via Skype™ to gayankuwait
05-30-2012, 07:05 PM

bump
Reply With Quote
(#5)
Old
gayankuwait's Avatar
gayankuwait gayankuwait is offline
Senior Member
gayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud of
 
Posts: 57,927
Join Date: Oct 2010
Send a message via Skype™ to gayankuwait
05-30-2012, 07:06 PM

elazzzzzzz digatama kara gena yamu
Reply With Quote
(#6)
Old
dj ice cold's Avatar
dj ice cold dj ice cold is offline
Senior Member
dj ice cold is a name known to alldj ice cold is a name known to alldj ice cold is a name known to alldj ice cold is a name known to alldj ice cold is a name known to alldj ice cold is a name known to alldj ice cold is a name known to alldj ice cold is a name known to alldj ice cold is a name known to alldj ice cold is a name known to alldj ice cold is a name known to all
 
Posts: 34,396
Join Date: Nov 2010
Location: නෙතූෂි අක්කි ගාව
Send a message via Skype™ to dj ice cold
05-30-2012, 07:06 PM

Reply With Quote
(#7)
Old
Pink panther's Avatar
Pink panther Pink panther is offline
Senior Member
Pink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to behold
 
Posts: 23,493
Join Date: Nov 2011
Location: ~ ση тнє ƒℓσω ~
Send a message via ICQ to Pink panther Send a message via AIM to Pink panther Send a message via MSN to Pink panther Send a message via Yahoo to Pink panther Send a message via Skype™ to Pink panther
05-30-2012, 07:06 PM

සොඳුරු මිනිසුන්ගේ කලාපයට මාගේ හදපිරි සුභ පැතුම්....
Reply With Quote
(#8)
Old
*danushka*'s Avatar
*danushka* *danushka* is offline
Senior Member
*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light
 
Posts: 13,760
Join Date: Oct 2007
Location: Hali-ela
Send a message via MSN to *danushka* Send a message via Yahoo to *danushka*
05-30-2012, 07:12 PM

"හද විල කළඹන ගී ජල රේඛා " වට මගේ උණුසුම් සුභපැතුම් මුලින්ම පිරිනමනවා.ඒ වගේම මෙම සත්කාර්ය සාර්ථකව කරගෙන යන්න හැමෝගෙම සහයෝගය ලබාදෙන මෙන්ද කරුණාවෙන් එල්ල සිටිනවා..
Reply With Quote
(#9)
Old
sasliit's Avatar
sasliit sasliit is offline
Senior Member
sasliit is a splendid one to beholdsasliit is a splendid one to beholdsasliit is a splendid one to beholdsasliit is a splendid one to beholdsasliit is a splendid one to beholdsasliit is a splendid one to beholdsasliit is a splendid one to beholdsasliit is a splendid one to beholdsasliit is a splendid one to beholdsasliit is a splendid one to beholdsasliit is a splendid one to behold
 
Posts: 36,358
Join Date: Jun 2007
Location: ලොවෙත් නැති තැනක
05-30-2012, 07:17 PM

පළමුවෙන්ම මෙවැනි ගී විචාර සංවාදයක් ආරම්භ කරන ලද *ධනුෂ්ක* සොයුරාට හදපිරි ප්‍රණාමය පුදකරමි... ඉන් අනතුරුව එහි දෙවැනි අදියර හදවිල කළඹන ගී ජල රේඛා ආරම්භ කරන ලද දත්කිඹුලා සොයුරාණන්ටත් ස්තූතිවන්ත වෙමි....

මෙහි
විචාරයන් මුල් හුයට වඩා වෙනස් ආරකින් සිදු කිරීමටයි මා අදහස් කරනුලබන්නේ... හුදෙක් ගී වල ඇති සුන්දරත්වය පමණක් නොව... පිළිගත් පද රචකයන් විසින් සිය ගී පදරචනයේ දී කරනු ලබන විවිධ වූ වැරදි, අඩුපාඩු පෙන්වා දීමත් (මා දන්නා තරමින්) මෙහිදී මා විසින් සිදු කිරීමට අපේක්ෂා කරමි... මෙහිදී මුලින් විචාර කරනු ලැබූ ක්‍රමයටත්, ඊට එහා ගිය දඩබ්බරවූ ක්‍රමයකටත් විචාර කිරීමට මට ඔබ සැමගෙන් අවසර උවමනාය....

පද
රචකයන්, ගායකයින්, සංගීතඥයින්, ගීතයන් පිළිබදව මා විසින් පසුගිය හුයෙහි විචාරය 90කට ආසන්න ප්‍රමාණයෙකින් වැණුවෙමි, ගුණ ගැයුවෙමි. එසේ නම් එහි ප්‍රතිලෝමයද සිදු කල යුතුයැයි මා අපේක්ෂා කරමි... එබැවින් ගීත කලාවේ වැරදි, අඩුපාඩු පෙන්වා දීමත්, ගී පද රචනයේදී පද රචකයින් විසින්ට සිදුවූ වැරදීම් පෙන්වාදීමත්, කලින් හුය මෙන් සාම්ප්‍රදායික විචාර හා අපේ හදවතට දැනෙන දේ ලිවීමටත් මා අපේක්ෂා කරමි... ඒ සදහා පැහැදිලවම මෙම හුයෙහි හිමිකරු දත් කිඹුලාගේ අවසරය කලින් හුයෙහි *ධනුෂ්ක* ගෙන් ඉල්ලූ පරිදි නිහතමානීව ඉල්ලමි...

ආරම්භයක්ලෙසට විවිධ සිත් ඇත්තෝ ගීත දකින අයුරු පිළිබද පුංචි උදාහරණයක් දී යන්නම්..... මෙම කතාව බන්ධුල නානායක්කාරවසම් නම් මාගේ ප්‍රියතම හා හිතවත් ගීපද රචකයා කිහිප විටක ප්‍රකාශකරන ලද්දක්....

බන්ධුල
නානායක්කාරවසම් මහතා කොළඹ වැඩසටහනකට ගියාලු... ඉතින් ඒ ගියවෙලේ ටිකක් මුහුකුරා ගිය පුද්ගලයෙක් ඇවිත් ඔහු හා පිළිසදරක යෙදුනාළු... මෙන්න මෙහෙම....

මම ඔබතුමාගේ ගීත වලට හරිම කැමතියි
, මම වැඩියෙන්ම කැමති අර උපාසිකාවක් නිසා හාමුදුරුවො සිවුරු අරින ගීතයට..

මොනව
, මම එහෙම ගීතයක් ලියල නෑනේ... බන්ධුල නානායක්කාරවසම් වික්ෂිප්ත වෙලා කීවලු...

ඇයි නැත්තෙ
මහත්තයෝ, අදත් මහත්තයගෙ නම කියලම රේඩියෝවේ ගියේ, අර කාන්තාවකට සිත ගිහින් සිවුරු අරින්නෙ... ඒ වගේ මාතෘකාවක් ගැන මම ඇහුවාමයි... හරි ලස්සනයි මහත්තයෝ....

මම හිතන්නෙ ඔබ තුමාට වැරදිලා... මම එහෙම ගීතයක් ලියල නෑ...


ඇයි නැත්තෙ
බෝසත් සිත... ඒ කියන්නෙ බෝසතාණන් වහන්සේගෙ වගේ හිත.. ඒ කියන්නෙ මහණ වුකෙනෙක්... ඊළගට කියනව උවැසිය... ඒ කියන්නෙ උපාසිකාවනේ.... එතකොට අර පූජාසනේ මල් පරවෙනවලු... උපාසිකාව හාමුදුරුවොන්ට බැතිබර වෙලා ඉන්නවාලු.... ඉතින් ඒක ලිව්වෙ ඔබ තුමා නේද...?

මෙතනින් එහාට කතාකර වැඩක් නැත
, ඇත්තය ඒ ගීය ලීවේ බන්ධුල නානායක්කාරවසම්ය..... මෙන්න ගීතය...


සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්

මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්

නොහඩා ඉන්නම් ගිලිහුන දා පෙම් ලොව මල්දම්

දුටුව නිසා අදරයෙ දෙව් රුව ඔබගෙන් මං


බොසත් ඔබ සිත ලග උවැසිය වි දැහැනට වී

සිටියා මිස නොදනිමි කොයි සිටියාදැයි මලවී

පුදසුන් මත මිය යද්දි සහසක් මල් පරවී

නොපිදු මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී


මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී

ඔබට ලංව දුක බෙදා ගන්න බැරිකම දුකකී

මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී

එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී


දැන්
ඔබ හිතනවානම් ඒ රසිකයාට පිස්සු කියා නැත ඔහුට පිස්සු නොවේ... ඔහු ඒ ගීතයවිදිනු ලැබුවේ ඔහුට හැකි පමණින්ය... නමුත් කාරණය එය නොවේ... මෙහි ප්‍රභලම වැරැද්ද කරණු ලැබුවේ පදරචකයා විසින්ය.... ගීතයකට අර්ථ කිහිපයක් තිබිය හැක... නමුත් ඒ හැමෙකක්ම ආසන්න වශයෙන් සමාන වියයුතුය යන්න එදිරිවීර සරචන්ද්‍රයන් කිහිප විටකදීම පහදා ඇත. එසේ රසිකයන්ගේ සිත මංඥංකරනවානම් ඒ ගීතය හොද ගීතයකි, නමුත් හොද නිර්මාණයක් නොවේ.... ඉතා සාර්ථක නිර්මාණයකදී සමස්ථ රසිකයන් එක් ඉලක්කයකට, අරමුණකට ගෙනා යා යුතුමය... රසිකයින් දසඅතේ දිවවීමෙන් ඇතිවන්නේ අවුලක්ම පමණි...

ආරම්භයේදීම දඩබ්බරවීම එතරම් හොද නැත... ඒ නිසා මේසේ පවසමින් සමුගන්නම්... බලන්න මේ පද පේලි දෙක දිහා...


මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී

ඔබට ලංව දුක බෙදා ගන්න බැරිකම දුකකී

මගෙන් ඔයා මිදිල ගියානම් ඒක ඔයාට මිහිරිනම් මට ඒ ඇති. ඒකම මට සතුටක්....

හැබැයි ඔයා එක්ක දුක බෙදාගන්න බැරි එක දුකක්....


මේක
මොන අපබ්‍රන්සයක්ද... ඔයා හොදින්නම් මට සතුටුයි, ඔයා නැති එකට දුකයි... සතුටුයි කියපු කාන්තාව ඊලග පේලියෙ දුකයිලු... සතුටුනම් දුකක් කොහෙන්ද ආවේ... දුකනම් සතුටුයි කීවෙ මොන එහෙකටද..? ගී විචාරයෙහි මූලික රීතීන් වලට අනුවමේ ගීතය විප්‍රලම්භ ශංගාරී ගීතයකි.. එනම් වෙන්වීමේ වේදනාව ඔස්සේ ඇතිවන හැගීම්... එහෙත් විප්‍රලම්භය ඕනෑවට වඩා දෙන්න ගොස් විකාර රූපි හා අරුත්සුන්වී ඇත.... නමුත් මෙය ඉතා ගැබුරින් බැලුවහොත් මිස සාම්ප්‍රදායික ගීපදවිචාරකයෙකුට හෝ රසිකයෙකුට මෙම අඩුපාඩු හසුකරගත නොහැකි මානයේ තිබෙන්නක් බව මගේ මතයයි....

(
මගේවිචාරය හා එකග වන හා නොවන මත තිබෙන්න පුළුවන්... මේ විචාරකයෙකු ලෙසට මා මෙම ගීතය දකිණු අයුරු පමණයි.. සිත් රිදීම් ඇතිකරගන්න එපා...)

ඔන්න ආරම්භයේදීම ඉල්ලීමක් කරනවා.. අදහස් දීල යන්න අපිව දිරිමත් වන්න.... තවත් ගීයකින් හමුවෙමු...

Last edited by sasliit; 05-30-2012 at 07:21 PM.
Reply With Quote
(#10)
Old
Pink panther's Avatar
Pink panther Pink panther is offline
Senior Member
Pink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to behold
 
Posts: 23,493
Join Date: Nov 2011
Location: ~ ση тнє ƒℓσω ~
Send a message via ICQ to Pink panther Send a message via AIM to Pink panther Send a message via MSN to Pink panther Send a message via Yahoo to Pink panther Send a message via Skype™ to Pink panther
05-30-2012, 07:23 PM

Quote:
Originally Posted by sasliit View Post

මේක
මොන අපබ්‍රන්සයක්ද... ඔයා හොදින්නම් මට සතුටුයි, ඔයා නැති එකට දුකයි... සතුටුයි කියපු කාන්තාව ඊලග පේලියෙ දුකයිලු... සතුටුනම් දුකක් කොහෙන්ද ආවේ... දුකනම් සතුටුයි කීවෙ මොන එහෙකටද..?
දඩබ්බර විචාරෙත් නරක නෑ බන්....

Last edited by Pink panther; 05-30-2012 at 07:28 PM.
Reply With Quote
Reply

Bookmarks

Tags
!!මුස්තාපා ඇරෝ!!!!, !apatha hamba tag->, !jathiwadiyage thread, අනුභූති, අපි එකට ඉන්නවා, ආයෙත් අහලා, ඇඩෙනවා, ඒ අහිංසක ආදරේ, ගිත විචාර, ටැග් එක මගේ, ඩෙෆා අදත් දාල, ප්‍රචාර, මුස්තාපා සමග, මේකත් මගේ, විචාරේ කන්න එපා, jlkio, kibula budu wewa, sasliit is the best, sfsf, tag $1000, tag 1, tag3333, tt1, tt2, user52 we need more

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.07090 seconds with 12 queries