ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page විල්පත්තු ප්රශ්නය හා බොදුබල පිහිය
Reply
 
Thread Tools
(#1)
Old
Pium Witharanage Pium Witharanage is offline
Senior Member
Pium Witharanage has a spectacular aura aboutPium Witharanage has a spectacular aura aboutPium Witharanage has a spectacular aura aboutPium Witharanage has a spectacular aura aboutPium Witharanage has a spectacular aura about
 
Posts: 1,054
Join Date: Jun 2016
Location: Maharagama
විල්පත්තු ප්රශ්නය හා බොදුබල පිහිය - 01-10-2017, 10:36 PM

~Mahinda Pathirana~

විල්පත්තු වනෝද්යානය කපා ඇති බව කියන විට ම ඊට සහායට මතුවන ඡායාරූප දෙස බලන ඕනෑම සිංහලයෙකුගේ හද කම්පා කරන්නේ ය. මේ මොන අපරාධයක් දැයි යන්න සිතෙන්නේ ය. මුස්ලිමුන් ඉතිරි හරියත් අල්ලා ගනු ඇතැයි සිතන්නේ ය.විල්පත්තු ප්රශ්නය ඉතා සංවේදී එකකි. විශේෂයෙන් ම සිංහයාට එය සංවේදී එකකි. මන්ද"විල්පත්තු වනය කපා" එහි පදිංචි කොට ඇත්තේ "මුස්ලිම්වරුන්"නිසා ය. ඇත්ත ප්රශ්නය ඒ ය.
එහෙත් මේ ඇත්ත ම ද?අප සතු තොරතුරුවලට අනුව නම් විල්පත්තු වනෝද්යානයට අයත් කිසිදු කොටසකට හානි කොට නැත. හානි වී ඇත්තේ කල්ලාලු රක්ෂිතයයේ කොටසකටයි. එහෙත් රක්ෂිතයකට වුව හානි කිරීම වරදකි. කෙසේ වෙතත්, කල්ලාරුව රක්ෂිතයක් වූයේ ඇයි ද යන්න සොයා නොබලා ඒ ගැන නිගමනය කිරීම අසාධාරණයකි.
කල්ලාරුව රක්ෂිතයක් වන්නේ එහි සිටි මුස්ලිමුන් එල්ටිටියේ අණින් 1990 ඕක්තෝම්බර්යේ ඉන් පළා යාමත් සමග ය. උතුරු ප්රදේශයෙන් මුස්ලිම් පවුල් 70,000ක් පමණ එල්ටිටිය විසින් පැය දෙකක් පමණක් දී එළවා දමනු ලැබූයේ ඔවුන්ගේ ජීවිත නන්නත්තාර කරමිනි. මුස්ලිම් ජනයා එල්ටිටියේ උදහසට ලක්වීමට ප්රධාන හේතුව වූයේ හමුදාවට ඔත්තු සැපයීම හා භාෂා පරිවර්තන කටයුතුවල නිරත වීමය. බොහෝ මුස්ලිම් සෙබළු ද හමුදාව සමග එල්ටිටියට එරෙහි ව පෙරමුණේ සටන් කළහ. කෙසේ වෙතත්, අනාථ වූ මෙම පිරිස පුත්තලමේ කඳවුරුවල ගාල් කරන ලදුව වසර 25ක් තිස්සේ ඔවුහු එහි ජීවත් වෙති.අතහැර දැමූ ගම්මාන කාලයත් සමග ඝන වනාන්තර බවට පත් විය.
ගම්මානයක් වුව කැලයක් බවට පත් වූ විට එය හෙළි කිරීම සඳහා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේඅවසරය අවශ්ය වේ. ඒ අනුව, මුසලි ප්රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් මරිච්චිකට්ට හා පාලෛකුලි හි ජනයා නැවත පදිංචි කිරීමට අවසර ගැණුනි.පසුගිය රජය විසින් මෙසේ අනාථ වූ මුස්ලිම් පවුල් 1500ක් පමණ ඔවුන් කලින් ජීවත් වූ ප්රදේශවල පදිංචි කරනු ලබන්නේ ඒ අනුව ය.
අදාළ ක්රියාවලිය ආරක්ෂක අමාත්යාංශය, උතුරු වසන්තය, ත්රිවිධ හමුදාව ඇතුළු රජයේ ආයතන ගණනාවකින් සැදුම්ලත් කමිටුවකින් මෙහෙයවුණි.මේ අතර, මුස්ලිම් පවුල් සේ ම සිංහල පවුල්-විශේෂයෙන්ම ආරක්ෂක හමුදා පවුල් විශාල ප්රමාණයක් ද මෙහි ම පදිංචි කෙරුණේ ජන විවිධත්වය වෙනුවෙනි. මෙම ප්රදේශවල සිංහල පවුල් 2800ක් පමණ පදිංචි කොට තිබේ. මෙම සිංහල පවුල් හම්බන්තොට ප්රදේශයෙන් ගෙනා ආ බවට එවක චෝදනා ද එල්ල විය. පදිංචි කිරීමට පළමු ව අක්කර 1500ක් පමණ නාවුක හමුදාව යටත ද ගැණුනි.
මහින්ද හා බැසිල් විල්පත්තුව මුස්ලිමුන්ට දෙන බවට එවකට ප්රචාරයක් ගෙන ගියේ බොදු බල සේනාව විසිනි. ඒ පිටුපස චම්පික රණවක හා රාජිත සේනාරත්න විය. එහි මූලික අරමුණ වූයේ සිංහල බෞද්ධයා මහින්දගෙන් ඉවත් කිරීම ය.බුද්ධ චීවරය මේ රැවටිල්ල සඳහා යොදාගත් ආවරණයකි. අනිත් අතින් බොදු බලය විසින් මුස්ලිමුන් මහින්දගෙන් ඉවත් කිරීම සඳහා වෙනත්ව්යාපෘථියක් දියත් කොට තිබුණි. අලුත්ගමින් අවසන් වූයේ ඒ ය. ඒ කෙසේ වෙතත්, බදුර්දීන් ඇමතිවරයා සමග විල්පත්තුව විනාශ කරන බවට මහින්දට චෝදනා කළ යහපාලකයින් එසේ චූදිත බදුර්දීන් ම ජනපතිවරණයේ දී මෛත්රී පිලට ගත්තේ කිසිදු හිරිකිතයක් නැතිව ය.

එක් කරුණක් පමණක් අවධාරණය කොට මෙය අවසන් කරමි. ආණ්ඩුවට දැන් නැවත වරක් 2015 ජනවාරි 08ක්අවශ්ය කොට තිබේ. ඒ ජනමත විචාරණය ජයගනු සඳහා ය. දෙමළ ජනයා ඔවුන්ට ප්රශ්නයක් නැත. ප්රශ්නය ඇත්තේ මුස්ලිම් ජනයා ය. එහෙත් සිංහල බෞද්ධ බහුතරය ව්යවස්ථාවට එරෙහි වුව හොත් එය ඉදිරියට දමා මුස්ලිම් ජනයා ඊට පක්ෂ කර ගැනීම අපහසු නැත. බොදු බල සේනා නැමැති දෙපස කැපෙන පිහිය එහි දී ආණ්ඩුවට ප්රයෝජනවත් ය.
Reply With Quote
(#2)
Old
Pium Witharanage Pium Witharanage is offline
Senior Member
Pium Witharanage has a spectacular aura aboutPium Witharanage has a spectacular aura aboutPium Witharanage has a spectacular aura aboutPium Witharanage has a spectacular aura aboutPium Witharanage has a spectacular aura about
 
Posts: 1,054
Join Date: Jun 2016
Location: Maharagama
01-18-2017, 11:40 AM

Bump
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03071 seconds with 11 queries