ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ජනරාල්_රොක්ස්ටාර් - ක්වාසම් සොලෙයිමනී
Reply
 
Thread Tools
(#1)
Old
Oli_Vili's Avatar
Oli_Vili Oli_Vili is offline
Senior Member
Oli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant future
 
Posts: 3,939
Join Date: Jun 2017
ජනරාල්_රොක්ස්ටාර් - ක්වාසම් සොලෙයිමනී - 01-05-2020, 05:28 PM

මීළඟ ගල්ෆ් යුද්ධයට අත වනමින් මරා දැමුණු ‘රොක්ස්ටාර් ජනරාල්‘ - ක්වාසම් සොලෙයිමනී

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණින් CIA සංවිධානයේ රහස් සැලැස්මකට අනුව ද්‍රෝණ ප්‍රහාරයකට ලක් කර මරා දැමුණේ ඉරානයේ දෙවැනි බලවත්ම මිනිසා වූ ජනරාල් ක්වාසම් සොලෙයිමනී ය. ලෙබනනයේ හෝ සිරියාවේ සිට ඉරාකය බලා පැමිණ සිටි ඔහු ගමන් ගත් මෝටර් රථයට තිතටම මිසයිල ප්‍රහාරය එල්ල කෙරුණේ ඉරාකයේ බැග්ඩෑඩ් අන්තර්ජාතික ගුවන් තොටුපොළේදී ය.




රොක් ස්ටාර් ජනරාල්

දැන් ඉරානය පළි ගන්නා බව දිවුරමින් කියයි. ජනවාරි මාසයේ දෝහා කටාර් හි සිදුකිරීමට නියමිත ව තිබූ ඇමරිකානු පාපන්දු පුහුණු සැසි ද අද (4) දින අවලංගු කරනු ලැබුවේ මේ පසුබිම තුළ ය.

General Qasem Soleimani - ජනරාල් ක්වාසම් සොලෙයිමනී ඉරානයේ වඩාත්ම බලවත්ව සිටි හමුදා කොමාන්ඩෝවරයාය.



ඔහු ඉරානය තුළ කොතරම් ජනප්‍රිය චරිතයක්දැයි කියන්නේ නම්, ඔහුගේ ජනප්‍රියත්වය සහ ප්‍රබලත්වය දෙවැනි වූයේ ඉරාන නායක අයතුල්ලා කොමේනි (Supreme Leader Ayatollah Ali Khamenei) හට පමණි.

බීබීසී පුවත් සේවය අද දින පළ කළ වාර්තාවකට අනුව ක්වාසම් සොලෙයිමනී ඉරානය තුළ ‘රොක් ස්ටාර් ජනරාල්‘ ය.

Quds Force ප්‍රභූ හමුදාවේ මැදපෙරදිග ක්‍රියාන්විතවල ප්‍රධානියා ව සිටි ක්වාසම් සොලෙයිමනී, සිය වසර 62 ක ජීවිතයෙන් වැඩි කොටස ගත කළේ ඉරාන අණසක මැද පෙරදිග තහවුරු කිරීම සඳහා ය.

ඉරාන හමුදාව හැඳින්වෙන්නේ ඉරානයේ විප්ලවීය ආරක්ෂක බලකාය යන නමිනි. මෙම හමුදවේ ප්‍රභූ අංශයක් ලෙසට Quds Force ක්‍රියාත්මක වේ. ඉරාන හමුදාව සෘජුව වාර්තා කළ යුතු වන්නේ අයතොල්ලා අලි කමේනි සහ ක්වාසම් සොලෙයිමනී වෙත පමණි. ක්වාඩ්ස් බලකායට සොලෙයිමනී වසර 21 ක් නායකත්වය සපයා තිබේ. ඉරානය, ලෙබනනයෙන් හෙස්බුල්ලා සහ අනෙකුත් ඉරාන හමුදා කණ්ඩායම් පළවා හැරියේ මේ බලකාය යොදා ගනිමිනි. ඉරාකය සහ සිරියාව දක්වා ඉරානය සිය හමුදා මෙහෙයුම් ව්‍යාප්ත කළේ ද සොලෙයිමනීගේ තිරයෙන් පසුපස තිබූ බුද්ධි අංශ සහ හමුදාමය හැකියාවෙනි.



නායක අයතුල්ලා ඔහුගේ හිස සිඹිමින්

තවද සිරියාව තුළ පවතින සිවිල් යුද්ධයට සිරියානු හමුදාවට ආයුධ සැපයීමේ සිට තවත් බොහෝ කටයුතු ද සිදුවූයේ මේ ඉරාන හමුදා ප්‍රධානියා හරහා ය.

ගුප්ත- මිටි මිනිසා
වරක් ඉරාකයේ හමුදා නිලධාරියෙක් සොලෙයිමනීගේ සැඟවුණු ජනකාන්ත බව විස්තර කර ඇත්තේ මේ ආකාරයට ය. ‘‘ඔහු බොහොම මිටි අයෙක්. මිනිස්සු 10 දෙනෙක් සිටින කාමරයකට ඔහු පැමිණියොත් කවදාවත් ඔහු ඒ අය අසල වාඩි වෙන්නෙ නෑ. ඔහු වාඩි වෙන්නෙ මිනිස්සු අඩුම, කාමරයේ කොණක. බොහොම සන්සුන් විදිහට. ඔහු කතා කරන්නෙ නෑ. අදහස් පළ කරන්නෙ නෑ. වාඩිවෙලා සවන් දෙනවා පමණයි...‘‘

ඇමරිකාවේ සතුරා - ගොවියෙකුගේ පුතා
Soufan හි පළවුණු ලිපියකට අනුව ඇමරිකාව සහ බටහිර බලවතුන් බියපත් කළ මේ ජනරාල්වරයා, ඇෆ්ගනිස්ථාන් පාකිස්ථාන් දේශසීමාවේ පිහිටා ඇති ගිණිකොණදිග ඉරානයේ කඳුකරබද ගම්මානයක උපත ලැබුවෙකි. ඔහුගේ පියා ගොවියෙකි. ඉරානයේ ෂා රජ සමයේ දියත් කළ ඉඩම් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ නිසා ඔහු ඉරාන රජයට බෙහෙවින් ණය වී සිටි බව ද සඳහන් ය.

මැදපෙරදිග හමුදා මහමොළය - සොලෙයිමනී


මැදපෙරදිග හමුදා බලය තුළ ප්‍රබලම ජනරාල්වරයා ලෙස සැලකුණේ ද ක්වාසම් සොලෙයිමනී ය. ඔහුගේ සුවිශේෂී හැකියාව වූයේ මිලීෂියා (සන්නද්ධ) කණ්ඩායම් සහ රාජ්‍ය හමුදාව එකට එකතු කිරීමේ උපක්‍රමයයි. ලෙබනනයේ සහ සිරියාවේ සිට ඉරාකය සහ යේමනය දක්වා ඉරානයේ බලය පැතිරවූ ‘මාස්ටර් මයින්ඩ්‘ එක ඔහු විය.

සල්මාන් කුමරුත් ගේම් එකේ කොටසක්ද?
මේ වන විට රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, ඉරානයේ ක්වඩ්ස් බලකායේ තර්ජනාත්මක බව මේ තරම් ඉක්මනින් අවසන් කර ගැනීමට හැකියාව ලැබීම ගැන සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොම්මද් බින් සල්මාන් (සල්මාන් කුමරු) හට ස්තූති කර තිබේ. එහි අරුත, ඉරානයේ හතුරෙකු වන සල්මාන් කුමරු, ජමාල් ඛෂෝගිගේ ඝාතන සුලමුල යට ගැසීම සඳහා ඇමරිකාවේ සහ ජාත්‍යන්තරයේ හොඳ හිත දිනාගැනීම ද විය හැකිය.

ලෝක තෙල් මිල ඉහළට
මේ අතර, ටෙහෙරාන් අගනුවර ඇතුළු ඉරාන නගර ගණනාවක දහස් සංඛ්‍යාත වැසියෝ සිය රොක්ස්ටාර් ජනරාල්ගේ ඝාතනයට අප්‍රසාදය සහ කෝපය පළ කරමින් සිටිති.

මේ ඉරාන ජාතිකයන් සැරසී සිටින්නේ ද ක්වාසම් සුලෙයිමනීගේ රුව පින්තාරු කළ ටී ෂර්ටවලිනි. සමහරු ඔහුගේ ඡායාරූප අත තබාගෙන කෝපයෙන් ගෑ ගසති.

මේ ප්‍රහාරයත් සමග ලෝක තෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන බව ද දැකගත හැකිය.

ඇත්තටම මොකද වුණේ?
ඇමරිකාව, ඇමරිකාවේ මැදපෙරදිග මිතුරන් සහ ඊශ්‍රායලය වසර ගණනක් මුළුල්ලේ ක්වාසම් සුලෙයිමනී පසුපස ලුහු බැන්දේය.

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ඉරාන හමුදා නායකයාව මරා දැමීමට නියෝග කරන්නේ කොංග්‍රසයෙන් පවා විමසීමක් නොකරමිනි. ඔහු මිය ගිය විට ඇමරිකානු ධජය සහිතව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ‘මේක අපිට කලින් කරන්න තිබුණු දෙයක්‘ යැයි ද වහසි බස් දොඩවයි.

ජාත්‍යන්තර විශ්ලේෂකයන්ට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහිදී කරන්නේ සිය වාසනාව උරගා බැලීමකි. තවද දැලි පිහියෙන් කිරි කෑමකි. මේ මොහොත, ඉරානය ජාත්‍යන්තර සම්බාධකවලින් හෙම්බත් වී තනි වී සිටින රටකි. ට්‍රම්ප්ගේ ඉලක්කය වැරදී ගියා නම් එයින් ට්‍රම්ප්ට අවාසියක් නොවන්නේ, මීට පෙර ද අවස්ථා ගණනාවක එය සිදුව ඇති නිසා ය. නමුත් ඉලක්කය හරියාම නිසාම ට්‍රම්ප් දැන් සිටින්නේ අතිශය අවදානම් තත්වයක ය. ඉරාන හමුදා නායකයා මරා දැමීම ඇමරිකානු ජනාධිපතිවරණය ජය ගැනීමට උත්තේජයක් සපයනු ඇත. නමුත් ඊයේ දිනයේදීම ඉරානය ද එකටෙ‘ක කිරීම ආරම්භ කළේය. ඇමරිකානු නාවික හමුදා කඳවුරකට ඉරාන රැන්සන්වෙයා සයිබර් ප්‍රහාරයක් එල්ල වන්නේ ඒ අනුව ය.

කිහිප වතාවක් මළ මිනිසෙක්
ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තාවලට අනුව ක්වාසම් සුලෙයිමනී මීට පෙර අවස්ථා ගණනාවකදීම මරා දමා ඇතැයි දූෂමාන ආරංචි පැතිරී තිබේ. වරක් ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය 2006 වසරේදී වාර්තා කළේ නිලධාරීන් කිහිප දෙනෙකු සමග ඔහු ගුවන් යානා අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ බවයි. 2002 වසරේ දමස්කස් බෝම්බයට ඔහු හසුවූ බව පැවසුණු අතර, 2015 වසරේදී ද ඔහු ප්‍රහාරයකින් මිය ගොස් ඇති බවට වාර්තා පළ වී තිබිණි.

තවත් ගල්ෆ් යුද්ධයක් අත ළඟද?
ඉරානය තුළ සොලෙයිමනී සුවිශාල චරිතය (colossal figure) කි. ඔහු ඉතා හොඳ උපක්‍රමශීලියෙකු බව හමුදා නිපුණයන් අතර පිළිගැනීමයි.

ඉරාන හමුදා නායකයාගේ ඝාතනය හේතුවෙන් රුසියාව ද කුපිත වී සිටියි.

‘‘මේක මිනීමැරුමක්‘ යැයි රුසියාව කියා ඇත.

ලෙබනනයේ සිටින, ඉරාන සහාය ලබන හෙස්බුල්ලා කණ්ඩායම් කියන්නේ සොලෙයිමනීගේ මරණයට පළිගත යුතුම බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස්ගේ ප්‍රකාශකයෙකු මෙසේ කියයි. ‘‘මේ ලෝකයට තවත් ගල්ෆ් යුද්ධයක් දරාගත නොහැකියි.‘‘




කැමති නම් මටත් Rep+ ටිකක් දීගෙන යන්න
Reply With Quote
(#2)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is online now
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 52,992
Join Date: Aug 2015
Location: කටුකරෝලගම 🦎
01-05-2020, 05:32 PM

Reply With Quote
(#3)
Old
Oli_Vili's Avatar
Oli_Vili Oli_Vili is offline
Senior Member
Oli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant future
 
Posts: 3,939
Join Date: Jun 2017
01-05-2020, 05:35 PM

Quote:
Originally Posted by LazyLizard View Post
REP 41 ++
Reply With Quote
(#4)
Old
hansamalli hansamalli is offline
Senior Member
hansamalli has a spectacular aura abouthansamalli has a spectacular aura abouthansamalli has a spectacular aura abouthansamalli has a spectacular aura about
 
Posts: 875
Join Date: Apr 2016
01-05-2020, 05:37 PM

Thanks
Reply With Quote
(#5)
Old
sidathsaumya sidathsaumya is offline
Senior Member
sidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to behold
 
Posts: 42,771
Join Date: Jun 2009
Location: Seeduwa
Send a message via Yahoo to sidathsaumya
01-05-2020, 05:37 PM

bp
Reply With Quote
(#6)
Old
tupac97's Avatar
tupac97 tupac97 is offline
Senior Member
tupac97 is a jewel in the roughtupac97 is a jewel in the roughtupac97 is a jewel in the roughtupac97 is a jewel in the roughtupac97 is a jewel in the roughtupac97 is a jewel in the rough
 
Posts: 6,855
Join Date: Apr 2016
Location: colombo
01-05-2020, 05:38 PM

[SIZE="5"]was he gay? why is gandalf kissing him?/SIZE]
Reply With Quote
(#7)
Old
ShehanAM ShehanAM is offline
Senior Member
ShehanAM is just really niceShehanAM is just really niceShehanAM is just really niceShehanAM is just really niceShehanAM is just really niceShehanAM is just really niceShehanAM is just really niceShehanAM is just really niceShehanAM is just really niceShehanAM is just really nice
 
Posts: 1,111
Join Date: Feb 2017
Location: polonnaruwa
01-05-2020, 05:38 PM

Godak Mahansiwela. Watinawa
+rep
Reply With Quote
(#8)
Old
Oli_Vili's Avatar
Oli_Vili Oli_Vili is offline
Senior Member
Oli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant futureOli_Vili has a brilliant future
 
Posts: 3,939
Join Date: Jun 2017
01-05-2020, 05:39 PM

Quote:
Originally Posted by sidathsaumya View Post
bp

REP 41 ++

Last edited by Oli_Vili; 01-05-2020 at 05:40 PM.
Reply With Quote
(#9)
Old
Draco Malfoy's Avatar
Draco Malfoy Draco Malfoy is offline
Senior Member
Draco Malfoy is a jewel in the roughDraco Malfoy is a jewel in the roughDraco Malfoy is a jewel in the roughDraco Malfoy is a jewel in the roughDraco Malfoy is a jewel in the roughDraco Malfoy is a jewel in the rough
 
Posts: 173
Join Date: Feb 2019
Location: Malfoy Manor, Wiltshire, England.
01-05-2020, 05:42 PM

Patta Article ekak.
You must spread some Reputation around before giving it to Oli_Vili again.
Reply With Quote
(#10)
Old
Deleted's Avatar
Deleted Deleted is offline
Senior Member
Deleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to behold
 
Posts: 5,560
Join Date: Aug 2016
01-05-2020, 05:42 PM

පලිය ගන්නම ඕන.
Reply With Quote
Reply

Bookmarks

Tags
! ! පච නිව්ස්, ඉල්ලං කෑම, කැරි ට්‍රම්ප්, දැක්ක වගේ ලියල, copy paste, dr.amdan ගේ fake එක, erosan ගේ fake එක, rep higanna

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05907 seconds with 9 queries