ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > News
Reload this Page කාඩ් කුඩු
Reply
 
Thread Tools
(#1)
Old
piyal1234's Avatar
piyal1234 piyal1234 is offline
Senior Member
piyal1234 will become famous soon enough
 
Posts: 102
Join Date: Jul 2014
laugh කාඩ් කුඩු - 09-18-2019, 02:43 PM

කාඩ් කුට්ටම කුඩු


රූප කොළ ඇතුළු කාඩ් පනස් දෙකෙන් සෙල්ලම් සිය ගණනක් පෙන්විය හැකි බූරුවා කොළ කුට්ටම, පැක් එක යන නමින්ද හඳුන්වති. කඩදාසිය නොපිට පෙරළා වුව අනිත් පැත්තේ ඇත්තේ කුමක්දැයි කිව හැකි තරමට දැනුමක් ඇති අය අප අතර සිටිති. ආසියා, හේරා, බූරුවා, පොරොව වැනි වදන්වලින් ඇතැම් කොළ නම් කර තිබේ. නිෂ්පාදකයා හිත සතුටින් නොමිලේ පිරිනමන ජෝකර්ලා දෙදෙනෙක්ද මේ අතර සිටිති.


තනි වංශයේ කුට්ටම්ද හතර වංශයේ කුට්ටම්ද වෙයි. හතර වංශයේ කුට්ටමක් නම් ඉස්කෝප්ප, රුවිත, හාරත, කලාබර යනු මේ මේ ඒවා යයි සාමාන්‍ය දැනීමක් ක්‍රීඩකයාට අවශ්‍යය. ඇදලා ගැහිල්ල, වහලා ගැහිල්ල, අනලා ගැහිල්ල, බේස්ත ගැහිල්ල, කුජීත ගැහිල්ල, කපා ගැහිල්ල හැරුණු විට යට කිරීමද මේ ක්‍රීඩාවේ යෙදෙන විට අවශ්‍ය වන්නේය.

බූරුවා කුට්ටමෙන් සෙල්ලම් කිරීමේදී තමා අතේ ඇති කඩදාසි ගැන මෙන්ම අනුන් අතේ ඇති කාඩ් ගැනද මනා දැනීමක් තිබිය යුතුවේ. එය සාමාන්‍ය දැනීම වන අතර වටහා ගැනීමට තරම් බුද්ධියක් ක්‍රීඩකයාට අවශ්‍යය. දේශපාලනයත් කුට්ටමේ සෙල්ලමත් බොහෝ විට එක සමානය.



දෙකේ කොළේට වැටු ජෝකර්ලා රජවිය. වල් ආසීන්ට නොසිතු සැප සම්පත් ලැබුණි. තුරුම්පු ආසීන් කිහිප දෙනෙකු කැට ගණනටවත් ගත්තේ නැත.
මේ සෙල්ලමේ හැටි ඔහොමය. තුරුම්පු හංගාගෙන සෙල්ලම් කිරීමට හැකියාව ඇති බව එමගින් ඔප්පු කළේය. දැන් වැඩේ නැගලා යන්නේ වල් ආසීන්ගෙනි. ආසි හංගාගෙන බූරුවන්ගෙන් පමණක් සෙල්ලම පවත්වාගෙන යාම තමාගේ දක්ෂකමය. ආසීන් දෙකේ කොළේට වැටුණු අවස්ථාද මෙතන සිදුවිය.


පිට ඔට්ටු ඇල්ලු ඔල්මොරොන්දන්ලා පිටියේ වාඩි නොවී බලාගෙන සිටියේ මළ පෙරේත රොත්ත පින් ඉල්ලා සිටි ඉරියව්වෙනි. අවසානයේ තටුවේ තිබුණු ගොඩදිය මස් පමණක් නොව නියපොතු කැබැල්ල පවා අහිමි වූයේය. ඒ පෙර පවය. පූරුවේ කරුමයක් පලදීමකි. වස්දණ්ඩ පිම්බාට ඇතුළු වූයේ නැත. ඒ හිතේ චකිතය නිසාවෙනි.


readmore
Reply With Quote
Reply

Bookmarks

Tags
කාඩ් කුඩු

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03690 seconds with 11 queries