ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page චැතැම් වීදියේ ප්‍රදීපාගාර හෝරාස්ථම්භය
Reply
 
Thread Tools
(#1)
Old
araki's Avatar
araki araki is offline
Senior Member
araki has much to be proud ofaraki has much to be proud ofaraki has much to be proud ofaraki has much to be proud ofaraki has much to be proud ofaraki has much to be proud ofaraki has much to be proud ofaraki has much to be proud ofaraki has much to be proud ofaraki has much to be proud ofaraki has much to be proud of
 
Posts: 4,286
Join Date: Jun 2011
Location: dxb
චැතැම් වීදියේ ප්‍රදීපාගාර හෝරාස්ථම්භය - 04-25-2018, 02:30 PM

චැතැම් වීදියේ ප්‍රදීපාගාර හෝරාස්ථම්භය


සිහිවටනයක පසුබ්ම් කතාව



“තෙරක් නොදන්නා මහ සයුරේ
පහන් කණුවක එළිය පෙනෙන විට
ඔබව නිතැතින්ම අපේ සිහියට එනවා.”

අපට​ මේ පදපෙළ නිතැතින් මතකයට ආවේ පසුගියදා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු රඳවා සිටි කුටිය ගැන කරුණු සොයන්නට ගිය විටය. සෙලින්කෝ මන්දිරයේ රථ ගාලේ කොනක ඇති ශ්‍රී වික්‍රම රාජසිංහ රජු රඳවා සිටි කුටියට හේත්තුවන ලෙසට වාහන නවත්වා ඇත්තේ එතුමා ජීවත්ව සිටියේ නම් එතුමාට වුවද හදිසියකට “දොට්ට පිලට යාමට බැරිවන තරමට කුටියේම සිරකළ අයුරිනි!

මෙම කෞතුක ස්මාරකයේ වටිනාකම ‘පයිසයකට’ ගණන් නොගනිමින් ටොපි, චොකලට් කොළ, සිගරට් කොට මෙන්ම හීරූ රී ලෝඩ් කාඩ්, කුඩා බෝඩ් කෑලිද එම ස්මාරකයට දමා ඇත්තේ රාජසිංහ රජතුමාට කරන උපහාරයක් ලෙස විය යුතුය!

මෙම ස්ථානයේ සිට බැලූ විට පැහැදිලිව පෙනෙන්නේ චැතැම් වීදියේ ප්‍රදීපාගාර හෝරා ස්ථම්භයයි. ​ෙජා්න් ස්මිට්සන් ලෝක ඉතිහාසය තුළ සැළකෙන්නේ මුළු නාවුක ලෝකයටම පහන් කණුවක් ලෙසය. ජෝන් ස්මිට්සන් මුලින්ම පහන් කණුවක් ගොඩනඟන ලද්දේ මීට වසර 322කට පෙර එනම් ක්‍රි.ව. 1696දීය. කොළඹ චැතම් වීදියේ ප්‍රදීපාගාර හෝරා ස්ථම්භය ගැන කියන්නට ගොස් ජෝන් ස්මිට්සන් ගැන ඉතිහාසයේ හාරා අවුස්සන්නට වී ඇත්තේ අන් කිසිවක් නිසා නොව මෙය ලොව එකම ප්‍රදීපාගාර හෝරාස්ථම්භය ලෙස සැළකෙන නිසාය.

ජෝන් ස්මිට්සන් ඉංග්‍රීසි ඕඩයේ එඩ්මියන් නාවිකයින් බියකින් නෙත් හෙළද්දී ක්‍රි.ව. 1759 ඔක්තෝබර් 16 වැනිදා කළු ගලින් නිර්මාණය කළ ප්‍රථම ප්‍රදීපාගාරය මෙරටට හඳුන්වා දෙන ලදී. මේ සඳහා උපයෝගි කරගන්නා ලද ගල් ටොන් ප්‍රමාණය 450ක් වන අතර එහි උස අඩි 70කි. මේ කුලුනේ අඩිතාලම තවමත් දක්නට ලැබීමෙන්ම මෙහි ඓතිහාසික වටිනාකම සිතා ගත හැකිය.

චැතම් වීදියේ ප්‍රදීපාගාර හෝරාස්ථම්භයේ ඇති විශේෂත්වය නම් ලෝකයේ නගරයක් මැද ඇති එකම පහන් කණුව එය වීමය. මෙහි හෝරා යන්ත්‍රය නොහොත් ඔරලෝසුව ක්‍රි.ව. 1814 වර්ෂය ලෙස සඳහන්ව ඇත. ඉන් අදහස් වන්නේ එම ඔරලෝසුව නිෂ්පාදිත වර්ෂය විය යුතුය.



මෙම හෝරා ස්ථම්භය නිර්මාණය කරන ලද්දේ ස්ටින්බර්ග් වෝඩ් ආර්යාව විසින් බවටත් ගොඩනඟා ඇත්තේ රජයේ වැඩ දෙපාර්තමේන්තුවෙන් බවටත් ඉපැරැණි ලේඛන සාක්ෂි දරයි.

මෙම හෝරාස්ථම්බය නිම කරවීමේදී රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ සහකාර ඉංජිනේරු ජේ.එෆ්. චර්චිල් මහතාගේ මෙහෙයවීමෙන් ඉදිකිරීම් සිදුවූ බව එහි ඇති සමරු පළකයේ සඳහන් කොට ඇත. මෙම ප්‍රදීපාගාර හෝරාස්ථම්භය විවෘත කොට ඇත්තේ ක්‍රි. ව. 1857 මාර්තු මස 25 වැනි දින දී එවකට ආණ්ඩුකාර ශ්‍රීමත් හෙන්රි ජෝර්ජ් වෝඩ් විසිනි. මෙම හෝරාස්ථම්භය සැලසුම් කළ ස්ටින්බර්ග් වෝඩ් ආණ්ඩුකාර තුමාගේ ප්‍රිය ආර්යාව බව අමුතුවෙන් සඳහන් කළ යුතු කරුණක් නොවනු ඇත.

මෙම හෝරා ස්ථම්භයේ ඇති සුවිශේෂ ස්ථානයක් වන්නේ මෙහි මධ්‍යයයි. ශ්‍රී ලංකාව පුරා මහා මාර්ග පද්ධතියේ දුර මැනීමේදී කේන්ද්‍රය ලෙස ගැනෙන්නේ මෙහි මධ්‍යයයි. තේරෙන භාෂාවෙන් කිවහොත් කොළඹට, නුවරට, මාතරට හෝ යාපනයට මෙන්ම ඕනෑම නගරයකට දුර මනින්නේ මෙම කුලුනේ මධ්‍යයේ සිටය.

ප්‍රදීපාගාරවල ඉතිහාසය සොයා යද්දි පෙනීයන්නේ එය එහි අතීතය තවත් ඈතට විහිදී යන බවය. ඉතිහාසයේ සඳහන් වන පරිදි ඊජිප්තුවේ දේශ සංචාරයට ප්‍රියකළ රජවරයකුට රාත්‍රියේ නැව් මගින් ගමන් ගැනීමේදී තමන්ගේ රට පිහිටියේ කොතැනකදැයි නිතිපතා දැන ගැනීමේ අවශ්‍යතාවක් විය. රජතුමා අණ කරන ලද්දේ මුහුදේ සිට බැලූවිට පෙනෙන ලෙස උස් කණුවක් සිටුවා පහනක් දැල්වීමටය. එහි ප්‍රතිඵලයක් ලෙස තැනූ ප්‍රදීපාගාර ලොවට ලැබී ඇතැයි එක්තරා මතයකි.

පැරැණි පුදුම හතේ සඳහන් පරිදි “පේරෝ” (Pero) දූපතේ වූ පහන් කණුවේ උස අඩි 440කි. මෙය සුදු පැහැති මාබල්වලින් ගොඩනඟා තිබුණු අතර නිමැවුම් කරවූයේ සොසට් රාස් (sosat russ) ය. ඔහුගේ ගම්පළාත ලෙස සැළකෙන්නේ මිසරයේ ඇලෙක්සැන්ඩ්‍රා නගරයයි. චැතම් වීදියේ ප්‍රදීපාගාරයේ ඡායාරූ පගැනීමට ගිය අපේ ඡායාරූප ශිල්පියාද ‘ඇලෙක්සැන්ඩර්ය”

මිසරයේ ඇලෙක්සැන්ඩරා නගරයේ සොසට් රාස් නම් හාදයකු ගැන අසා ඇත්තැයි අපේ ඡායාරූප ශිල්පී ඇලෙක්සැන්ඩර් බාලසූරියගෙන් අසන්නට සිත්වූ නමුත් මතු ආරක්ෂාව පතා ප්‍රශ්නය අසන්නට ගියේ නැත.
කෙසේ නමුත් ක්‍රි.ව. 1714 දී අටවැනි හෙන්රි රජු ට්රිනිටියු හවුස් (TRINITU HOUSE) නම් ආයතනයක් මගින් රටවල් ගණනාවක් ප්‍රදීපාගාර පාලනය කොට ඇත. ලංකාවේ ප්‍රදීපාගාර පාලනය කොට ඇත්තේ ‘ලංකාවේ ඉම්පීරියල් ප්‍රදීපාගාර සේවයයි’ එම ආයතනය ලංකාවේ පාලනය කොට ඇති ප්‍රදීපාගාර ගණන 90 කි.


ලංකාවේ ප්‍රදීපාගාර පිහිටුවීමට මුල්වී කටයුතු කළ පුද්ගලයන් දෙදෙනකු නම් නාවික හමුදාපතිවරයා වූ ජේ. ජේ. ගෝර්ඩන් බ්රේමන් (Goden Braman) සහ ඩබ්ලිව්. ඇෆ් ඩම්සන්ය. ක්‍රි.ව. 1872 දී මහා රාවණ කොටුවද ක්‍රි.ව. 1878 දී කුඩා රාවණා කොටුවද ගොඩනඟා තිබේ. මේ කොළඹ කොටුවේ චැතම් වීදියේ ඇති කුලුන ප්‍රදීපාගාර ඉතිහාසයට එක්වන්නේ නැත්තේ ඇයි දැයි ප්‍රශ්නයක් ඔබටද පැන නැගිය හැකිය. ඊට හේතු වී ඇත්තේ මුලින් මෙය ඉදිකර ඇත්තේ හෝරාස්ථම්භයක් ලෙස වීමය.

ක්‍රි.ව. 1857 මාර්තු 25 වැනි දින මෙම හෝරාස්ථම්භය එවකට ආණ්ඩුකාර හෙන්ඩ්‍රි ජෝර්ජ් වෝඩ් විසින් විවෘත කරන ලද්දේ වුවත් මෙය ආලෝක බෙ​ෙදන ලෙස ලාම්පුවක් මුදුනේ සවිකොට ප්‍රදීපාගාරයක් ලෙස ප්‍රයෝජනයට ගැනෙන්නේ ක්‍රි.ව. 1860 වසරට ඔන්න මෙන්න කියා තිබියදීය.

මෙම ප්‍රදීපාගාර හෝරාස්ථම්භයේ සැලසුම් ශිල්පිනිය ලෙස හෙන්රි ජෝර්ජ් වෝඩ් ආණ්ඩුකාරතුමාගේ බිරිඳ වූ ස්ටින්බර්ග් වෝඩ් ආර්යාව ගේ නම සඳහන් වුවත් ක්‍රි.ව. 1959 දී පළකොට ඇති බිග්බෙන් ඔරලෝසුවේ ශත සංවත්සර කලාපයක ඇගේ නම සඳහන්කොට ඇත්තේ ‘එච්ලි එළිසබෙත් වෝඩ්’ ලෙසය.

මෙය මුල් ඔරලෝසුව වූ බිග් බෙන් ඔරලෝසුවටත් වඩා ඉතිහාසයකට උරුම කම් කියයි. බිග්බෙන් ඔරලෝසුවේ ඉතිහාසයත් ඇත්තේ එය ක්‍රි.ව. 1859දී ඉදිකරන ලද බවය. ලංකාවට ගෙනා මුල් ඔරලෝසුවේ වටිනාකම එවකට පවුම් 1200ක් වී ඇත. මෙහි මුල් ඔරලෝසුවේ සවිකර තිබූ නාද දෙන බෙල් දෙක කිලෝ 250කින් සහ කිලෝ 152කින් බරකින් යුතු ඒවා විය.

මෙහි මුදුනේ සවිකළ ආලෝක වර්ණ රටා යන්ත්‍රය නිපදවා ඇත්තේ චාන්ස් බ්‍රදර්ස් නම් ආයතනයයි. තත්ත්පර 30 කට වරක් එය ආලෝකය වර්ණය කරයි. මෙම පහන මුල්කාලීනව ආලෝකවත් වීමට භාවිතකොට ඇත්තේ භූමිතෙල් වුවත් ක්‍රි.ව. 1907 දී එය ගෑස් බලයට පරිවර්තනය කොට ඇත.
හෝරාස්ථම්බය නිම කරවීමේදී රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ සහකාර ඉංජිනේරු ජේ.එෆ්. චර්චිල් මහතාගේ මෙහෙයවීමෙන් ඉදිකිරීම් සිදුවූ බව එහි ඇති සමරු පළකයේ සඳහන් කොට ඇත. මෙම ප්‍රදීපාගාර හෝරාස්ථම්භය විවෘත කොට ඇත්තේ ක්‍රි. ව. 1857 මාර්තු මස 25 වැනි දින දී එවකට ආණ්ඩුකාර ශ්‍රීමත් හෙන්රි ජෝර්ජ් වෝඩ් විසිනි. මෙම හෝරාස්ථම්භය සැලසුම් කළ ස්ටින්බර්ග් වෝඩ් ආණ්ඩුකාර තුමාගේ ප්‍රිය ආර්යාව බව අමුතුවෙන් සඳහන් කළ යුතු කරුණක් නොවනු ඇත.

මෙම හෝරා ස්ථම්භයේ ඇති සුවිශේෂ ස්ථානයක් වන්නේ මෙහි මධ්‍යයයි. ශ්‍රී ලංකාව පුරා මහා මාර්ග පද්ධතියේ දුර මැනීමේදී කේන්ද්‍රය ලෙස ගැනෙන්නේ මෙහි මධ්‍යයයි. තේරෙන භාෂාවෙන් කිවහොත් කොළඹට, නුවරට, මාතරට හෝ යාපනයට මෙන්ම ඕනෑම නගරයකට දුර මනින්නේ මෙම කුලුනේ මධ්‍යයේ සිටය.



මෙය විදුලි බලයෙන් ක්‍රියා කරවීමට විදුලිබලය සපයා ඇත්තේ ක්‍රි.ව. 1930 වකවානුවේදීය. ක්‍රි.ව. 1939 දී හටගත් ලෝක යුද්ධය හේතුවෙන් වීදි ආලෝකය රාත්‍රියේ මුළුමනින් අත්හිටුවීමට එවකට බ්‍රිතාන්‍ය පරිපාලනය පියවර ගන්නා ලදී. විදුලි පාරිභෝජනය සීමා කරනු පිණිස 1939 අගෝස්තු මාසයේදී සාප්පු විවෘත කර තැබීමේ කාලය පිළිබඳ පනත (Shop Hours Act) හඳුන්වා දෙනු ලැබීය. කලින් රාත්‍රි 9 තෙක් විවෘත වූ සාප්පු මේ පනත මගින් සවස 6ට වසා දැමිය යුතු විය.

මෙකල විදුලි බිල්පත් ගෙවීමේ කාර්යාලයක් මෙම චැතම් වීදියේ ප්‍රදීපාගාර හොරාස්ථම්භය අසල චැතම් වීදියේ පිහිටුවන්නට ඉංග්‍රීසි ආණ්ඩුව පියවරගෙන තිබුණි. එම කාර්යාලය පිහිටුවා තිබූ ගොඩනැගිලි හඳුන්වා ඇත්තේ ලංකා ප්‍රොඩක්ට්ස් ගොඩනැගිල්ල (Ceylon Products Building) ලෙසය. ලෝක යුධ සමයේ ප්‍රදීපාගාරයේ විදුලිය අත්හිටවූ බවක් නම් සඳහනක් නැත.

මෙහි ප්‍රදීපාගාර පහනේ උස මුහුදු මට්ටමේ සිට අඩි 140කි. ප්‍රදීපාගාර කියූ සැණින් අප මතකයට එන්නේ දිවංගත විශාරද ගුණදාස කපුගේ ‘එක්ටැම්ගේ’ චිත්‍රපටයේ ගායනා කරන ගීතයයි. එහෙත් මේ අපේ චැතම් වීදියේ ප්‍රදීපාගාරය ඇත්තේ ජනාධිපති මන්දිරය ඉදිරිපිට අමු ටවුමක් මැද ගිනි කාෂ්ටක අව්වේ වේළෙමිනි. සාමාන්‍යයෙන් ප්‍රදීපාගාර ගොඩනගන්නේ ගල්පර මතය.

“උන්මාද සිතුවම් මැවේ බිඳේ
මිහිදුම් වලා මැද අතීතයේ
බිඳුණු පෙමින් ගිනිගත් හදවත්
තනිවේ එක්ටැම්ගේ ....”


ගුණදාස කපුගේ තම ගැඹුරු හඬින් ගායනා කරන්නේ මේ නිසාය.

මේ ප්‍රදීපාගාර ඉතිහාසයේ නිමැවුකරුවන් බ්‍රිතාන්‍යයන් බවට පත්වන්නේ නිරායාසයෙනි. කිරින්ද සහ පොත්තන අතර මුහුදු වෙරළට සමාන්තරව කි. මී. 30ක් පමණ දිගට දිවෙන හිරිගලකි. මෙය බැලූ බැල්මට පුළුල් වේදිකාවක් වැනිය. මේ හිරිගල් පරයේ වැදී නෞකා බොහොමයක් මුහුදු බත් වී ඇත.

පැරැණි චීනයට යන ප්‍රධාන වෙළෙඳ මාර්ගය මේ හරහා පිහිටා තිබුණි. ආතර් සී ක්ලාක් මහතා පවසන පරිදි ලෝකයේ මධ්‍යධරණී හා ඓතිහාසික ප්‍රදේශවලටත් වඩා නෞකා විනාශ වී ගිය එකම මුහුදු තීරය මෙම අඩවියයි.
කොළඹ කොටුවේ ප්‍රදීපාගාර හෝරස්ථම්භයක් ගැන කියන්නට ගොස් කුඩා රාවණා හා මහා රාවණා ගැන කියන්නේ කුමකටදැයි පැනයක් පාඨක ඔබ තුළ පැන නඟින්නේ නිතැතිනි. මෙහි රසවත්ම කොටස ඇත්තේ ඉන්පසුවය. කලින් කියූ ස්ථානයේ ප්‍රදීපාගාර දෙකක් ඉදිකිරීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුව පියවර ගත්තේ ක්‍රි.ව. 1867දී ය.


මුලින්ම ඇරැඹෙන්නේ මහාරාවණා ප්‍රදීපාගාරයේ වැඩ කටයුතුය. මෙහි ඉදිකිරීම්වලට මුලින් සොයා ගෙන ඇත්තේ එංගලන්තයේ සිට චීනච්චට්ටියෙන් මෙරටට ගෙන එන ලද ආකෘති කොටස්ය. නමුත් ඒවා ග්‍රේඩ්බායස්වලට ගෙනයාමට නොහැකි වී ඇත. ඉන්පසු ප්‍රදීපාගාරය ගොඩනැගීම සඳහා රවුම් හැඩැති කළුගල් ස්කොට්ලන්තයෙන් ගෙන්වූ බවට ලියන සටහන් ඇත. කොටුව චැතම් වීදිය ප්‍රදීපාගාර හෝරාස්ථම්භය සඳහාද ඇතැම් ගොඩනැගිලි ද්‍රව්‍ය ස්කොට්ලන්තයෙන් ගෙන්වූ බව එහි සඳහන්ය.

“පළාතටම එළියදී තමා පමණක් අඳුරේ සිටින්නේ පහන් කණුව පමණකැයි” කියමනක් තිබේ. දෙවුන්දර ප්‍රදීපාගාරය මේ අතරින් විශේෂය. කොළඹ සිට දුර මනින්නේ චැතම් වීදිය ප්‍රදීපාගාරය සිට මෙන්ම දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා දුර මැනීම ඇරැඹෙන්නේ දෙවුන්දර ප්‍රදීපාගාරයෙන් වීම මේ විශේෂත්වයයි.

චැතම් වීදියේ ප්‍රදීපාගාරයේ එළියෙන් එදා පාර සොයා ගත්තේ ධීවරයින්ය. එහෙත් අද එහි මුහුදේ ඇති ප්‍රදීපාගාර කොටස දෙස බලා සිටි අපට පැහැදිලිව දැක ගත හැකිව තිබුණේ එහි පැතිරැණු ආලෝකයෙන් තවමත් කුරුල්ලන්, සමනලයින් මෙන්ම කෘමින්ද පාර සොයා ගන්නා බවය.

චැතම් වීදියේ ප්‍රදීපාගාරය ක්‍රි.ව. 1807 සිට ක්‍රි.ව. 1952 දක්වා අවුරුදු 85 ක කාලයක් ඉන්දියන් සාගරයේ හැතැප්ම 18ක් දුරට ආලෝකය විහිදවූ බව නාවුක ලේඛනවල සඳහන්ව ඇත.

වාහනවල බලය මැනෙන්නේ අශ්ව බලයෙන් මෙන් ප්‍රදීපාගාරයක ඇති ආලෝකය මැනෙන්නේ ඉටිපන්දම් නමැති ඒකකයෙනි. (Candel Power) මේ ප්‍රදීපාගාර ගැන කියද්දී ඇතැම් ලේඛකයින් මෙහි බලය ආලෝකවත් කිරීම සඳහා ඉටිපන්දම් ගණනින් දක්වා ඇත්තේ මේ පටලවා ගැනීම නිසාය. මෙම ආලෝකය ඉටිපන්දම් ගණනින් දැක්වූ විට ඉටිපන්දම් දැල්වූ ප්‍රමාණයක් ගැන හයක් හතරක් නොදත් පාඨකයකුගේ මනසේ ඇදෙන්නේය. එයින් අදහස් කරන්නේ ප්‍රදීපාගාරයක ආලෝක ශක්තිය ගැනය. එවකට චැතම් වීදියේ ප්‍රදීපාගාරයේ කැන්ඩල් පවර් එක වී ඇත්තේ 1500කි.

ලංකාවේ මුල්ම ප්‍රදීපාගාරය ලෙස සළකන ක්‍රි.ව.1848 දී ඉදිකළ ප්‍රදීපාගාරය ඇත්තේ ගාල්ලේ කොටුවේය. මෙය මුලින්ම තනා ඇත්තේ ලීවලිනි. ගල් අඟුරු සහ තෙල්වලින් මෙහි පහන දල්වා ඇත. මෙහි විදුලිබලය ලබාදී ඇත්තේ ක්‍රි.ව. 1933 දී මුත් විදුලි බලය නොමැති වූ විට තෙල් හා ගල් අඟුරු එළියෙන් පහන දල්වා ඇත. ක්‍රි.ව. 1936 අගෝස්තු 8 වැනිදා වූ පිපිරුමකින් දැවමය ප්‍රදීපාගාරය ගිනිගෙන ඇත. එම නිසා ක්‍රි.ව. 1939 දී කොන්ක්‍රීට් ප්‍රදීපාගාරය නිමවා ඇති අතර එහි උස අඩි 93කි.

එහෙත් චැතම් වීදියේ ප්‍රදීපාගාර ඉතිහාසය තුළ මෙවැනි පිපිරීමක් වාර්තා වී නොමැති අතර ගාලු කොටුවේ ප්‍රදීපාගාරයේ කැන්ඩල් පවර් එක එකල 70,000ක් ලෙස සඳහන්ව ඇත.

ප්‍රදීපාගාර ඉතිහාස ගැන අන්තර්ජාලය හරහා හාරා ඇවිස්සීමේදී පෙනී ගිය කරුණක් නම් චැතැම් වීදියේ පිහිටි ප්‍රදීපාගාර හෝරාස්ථම්භයක් ලොව කොතැනකවත් පිහිටා නැති බවයි. ප්‍රදීපාගාර ලෝකයේ වර්ගිකරණ 4 කට බෙදා වෙන්කොට ඇත.

ඒවා නම් වෙරළබඩ ප්‍රදීපාගාර, හුදෙකලා ප්‍රදීපාගාර, වරාය ප්‍රදීපාගාර සහ නැව් ප්‍රදීපාගාර (ප්‍රදීප නැව්) ලෙසය.

එහෙත් මේ කවර නම් ප්‍රදීපාගාර වර්ගකරණයකට වත් චැතැම් වීදියේ ප්‍රදීපාගාර හෝරා ස්ථම්භය එක් කිරීමේ හැකියාවක් නැති සුවිශේෂත්ව ලෝකයම පුදුමයට පත් කරන සංචාරක ආකර්ෂණයට නිතැතින් ලක්විය යුත්තකි.

අප මේ ප්‍රදීපාගාරය අසල සැරිසරද්දි එක් සංචාරක මඟ පෙන්වන්නකු මෙය හඳුන්වන ලද්දේ ‘කාන් ඔරලෝස් කණුව’ ලෙසය. එහෙත් මෙහි සත්‍යතාව අපට සංචාරක මඟ පෙන්වන්නාට පහදා දෙන්නට සිදුවිය. එම ඔරලෝසු කණුව මෙය නොවේ. එය ගොඩනගන ලද්දේ බොම්බායේ සිට පැමිණි කාන් පවුල විසිනි. ඒ විසිවන සියවස ආරම්භයේ දී ය.

එදා කොළඹ වරායට ආ නෞකාවලට මග කියූ මේ ප්‍රදීපාගාරය අවට පසුකාලීනව ගොඩනැගිලි ඉදිකිරීම නිසා ප්‍රදීපාගාර ආලෝකයට බාධා සිදුවූ නිසා ක්‍රි.ව. 1952 දී ප්‍රදීපාගාරය විසන්ධි කරන ලද අතර ක්‍රි.ව. 1999 සිට මහ බැංකුව මෙය සංරක්ෂණය කළත් මේ වර්ෂයේ සිට කොළඹ නගර සභාවට එය පවරා ඇත.




වජිර ලියනගේ
ඡායාරූප ඇලෙක්සැන්ඩර් බාලසූරිය
Reply With Quote
(#2)
Old
Iron Monger's Avatar
Iron Monger Iron Monger is offline
Senior Member
Iron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud of
 
Posts: 28,423
Join Date: Apr 2011
Location: ලුණුවිල.
Send a message via Skype™ to Iron Monger
04-25-2018, 02:41 PM

bump
Reply With Quote
(#3)
Old
somadantha's Avatar
somadantha somadantha is offline
Senior Member
somadantha is just really nicesomadantha is just really nicesomadantha is just really nicesomadantha is just really nicesomadantha is just really nicesomadantha is just really nicesomadantha is just really nicesomadantha is just really nicesomadantha is just really nicesomadantha is just really nice
 
Posts: 4,421
Join Date: Mar 2008
04-25-2018, 02:44 PM

Ela ela
Reply With Quote
(#4)
Old
gihanjava's Avatar
gihanjava gihanjava is offline
Senior Member
gihanjava will become famous soon enough
 
Posts: 392
Join Date: Mar 2018
04-25-2018, 03:01 PM

bump
Reply With Quote
(#5)
Old
Sara531's Avatar
Sara531 Sara531 is offline
Senior Member
Sara531 has much to be proud ofSara531 has much to be proud ofSara531 has much to be proud ofSara531 has much to be proud ofSara531 has much to be proud ofSara531 has much to be proud ofSara531 has much to be proud ofSara531 has much to be proud ofSara531 has much to be proud ofSara531 has much to be proud ofSara531 has much to be proud of
 
Posts: 25,681
Join Date: Jan 2016
Location: තරු අතරේ
04-25-2018, 03:09 PM

Reply With Quote
(#6)
Old
.amda's Avatar
.amda .amda is offline
Senior Member
.amda is a name known to all.amda is a name known to all.amda is a name known to all.amda is a name known to all.amda is a name known to all.amda is a name known to all.amda is a name known to all.amda is a name known to all.amda is a name known to all.amda is a name known to all.amda is a name known to all
 
Posts: 10,983
Join Date: Jun 2012
Location: Colombo
04-25-2018, 03:17 PM

patta..
Reply With Quote
(#7)
Old
7204's Avatar
7204 7204 is offline
Senior Member
7204 is a glorious beacon of light7204 is a glorious beacon of light7204 is a glorious beacon of light7204 is a glorious beacon of light7204 is a glorious beacon of light7204 is a glorious beacon of light7204 is a glorious beacon of light7204 is a glorious beacon of light7204 is a glorious beacon of light7204 is a glorious beacon of light7204 is a glorious beacon of light
 
Posts: 494
Join Date: Sep 2015
Location: Colombo 15
04-25-2018, 03:18 PM

bump
Reply With Quote
(#8)
Old
latestlikes latestlikes is offline
Senior Member
latestlikes will become famous soon enoughlatestlikes will become famous soon enough
 
Posts: 310
Join Date: Mar 2018
04-25-2018, 03:29 PM

Reply With Quote
(#9)
Old
Billl Gates's Avatar
Billl Gates Billl Gates is offline
Senior Member
Billl Gates has a spectacular aura aboutBilll Gates has a spectacular aura aboutBilll Gates has a spectacular aura about
 
Posts: 11,545
Join Date: May 2008
Location: Pita KOtte
04-25-2018, 04:12 PM

good
Reply With Quote
(#10)
Old
buddikagayan's Avatar
buddikagayan buddikagayan is online now
Senior Member
buddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to behold
 
Posts: 11,618
Join Date: Jan 2012
Location: Colombo
04-25-2018, 06:25 PM

tfs
Reply With Quote
Reply

Bookmarks

Tags
2020janadipati-rohan, rohanpallewatta2020, walk121

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06193 seconds with 9 queries