ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page DSLR එකක්_ඕනෙද?
Reply
 
Thread Tools
(#1)
Old
Cee7's Avatar
Cee7 Cee7 is offline
Senior Member
Cee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of light
 
Posts: 2,863
Join Date: Dec 2008
Location: SK
DSLR එකක්_ඕනෙද? - 01-03-2016, 11:31 AM


DSLR එකක් ඕනෙද?
අද කාලේ වෙනකොට Smart Phone එකක් වගේම හැම කෙනෙක්ගේ ගාවම තියෙන දෙයක් වෙලානේ මචන් මේ DSLR Cam.
එලකිරියේත් අනිවා දවසකට එක නූලක් හරි දානවමයි හොඳ DSLR Cam එකක් ගන්නේ කොහොමද කියල අහල.
මම දැන් කියන්න හදන්නේ හරියට නිවැරදිව තමන්ගේ අවශ්‍යතාවයට සරිලන අයුරින් හොඳ Cam එකක් තෝරාගන්නේ කොහොමද සහ එකට අදාළ වෙන අනෙකුත් දේවල් ගන්නේ කොහොමද කියල.

අද කාලේ DSLR Cam
එකක් නැති කෙනෙක් හොයාගන්නත් අමාරුයි. ඒ තරමටම හැම කෙනගාවම මොකක්හරි DSLR එකක් තියනවා. එත් දකින ගොඩක් අය ෆොටෝ ගන්නේ AUTO මොඩ් එක දාල. ඒ වගේම Settings හදාගන්නත් හරිහැටි දැනුමක් නෑ. එහෙම දාන ෆොටෝස් දැක්කම ඇත්තටම කලකිරෙනවා. කිසිම මූලික දැනුමකින් අවබෝදයකින් තොරව කිසිම හැදෑරීමක් නැතුව ආසාවට මුදල් වියදම් කරලා අරගෙන දාන්නෙත් කිසිම තේරුමක් නැති ෆොටෝස්. ගොඩක් අය අද මේ රැල්ලට අහුවෙලා තියෙන්නේ. Facebook එකේ එහෙම පොඩි රවුමක් යනකොට හොඳටම එක පේනවා. වෙළෙඳුන් තමන්ගේ බඩු විකුණගන්න අන්තර්ජාලය හරහා කරන මේ රැල්ලට අහුවෙලා තමයි ගොඩක් අය දැන් මේ DSLR ගන්නේ. මම මේ ගැන මොනවත් කියන්න යන්නේ නෑ. මොකද තමන්ගේ මුදල් තමන්ට කැමති අයුරින් වියදම් කරන්න පුළුවන්නේ. මම කියන්න හදන්නේ එහෙම රැල්ලට අහුවෙන්නේ නැතුව හරි හැදෑරීමකින් පසු හෝ හැදෑරීමක් කිරීමේ බලාපොරොත්තුවෙන් ඔයාල DSLR එකක් ගන්න කියල. මොකද එතකොට ඔයා වියදම් කරන මුදලින් ඔයාට ප්‍රයෝජනවත් දේවල් කරන්න පුළුවන්.

මුලින්ම බලන්න ඔයාට වියදම් කරන්න පුළුවන් මුදල ගැන සහ ඇයි ඔයා කැම් එකක් ගන්න හිතන්නේ කියන දේවල් ගැන..
ඇත්තටම DSLR වලත් එක එක ශ්‍රේණි තියනවා. සරලව කිව්වොතින් Entry Level, Mid Range & Professional විදියට බෙදල තමයි මේ කැම් නිෂ්පාදනය කරන්නේ. ඒ අනුව එක එක Models වලදී එක එක කැම් වල තියෙන පහසුකම් වෙනස් වෙනවා.

අපි හිතමු ඔයා කැම් එකක් ගන්න හිතන්නේ විනෝදාංශයක් විදියට ෆොටෝ ගන්න කියල. එහෙමනම් ඔයාට පුළුවන් Entry Level Cam එකකට යන්න. නැත්නම් ඔයා මේ විෂය ගැන උනන්දුවෙන් ඒ ඔස්සේ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවනම් ඔයාට පුළුවන් Mid Range Cam එකකට යන්න.

Professional මට්ටමේ කැම් එකක් ගන්න ඕනෙමනම් ඔයාට සල්ලිත් තියනවනම් අවුලක් නෑ ගන්න පුළුවන්. හැබැයි Professional Cam එකකින් කරන්න පුළුවන් ගොඩක් දේවල් Mid Range කැම් වලිනුත් කරන්න පුළුවන්. අද ඉන්න ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ Mid Range කැම් තමයි. එත් ඉතින් තමන්ගේ රැකියාවේ මට්ටම අනුව ලොකු ලොකු අය Professional කැම් Use කරනවා. මොකද ලක්ෂ ගානක් අය කරන කෙනෙක් Mid Range කැම් එකක් උස්සන් යන්න බෑනේ තමන්ගේ වැඩේට. ඒ වගේම තමන්ගේ ළඟ තියෙන උපකරණ වලින් තමන්ගේ තත්වය පෙන්නුම් කරන නිසා ගොඩක් දෙනා Professional
කැම් Use කරනවා.
හැබැයි ඔයාල මතක තියාගන්න ඕන දෙයක් තමයි කොච්චර හොඳ Cam එකක් තිබ්බත් කොච්චර හොඳ Lens, Lights තිබ්බත් හොඳ නිර්මාණයක් එලියට එන්නේ නෑ කියල. මම හිතන විදියට හොඳ නිර්මාණයක් එලියට එන්න උපකරණ වලින් කරන්නේ 40%ක වගේ වැඩ කොටසක්. අනිත් දේවල් රඳා පවතින්නේ ශිල්පියාගේ තියෙන හැකියාව සහ දක්ෂතා මත.

ඊළඟට ගොඩක් දෙනෙක් නිතරම අහන ප්‍රශ්නයකින් අපි වැඩේ පටන් ගමු. ගොඩක් දෙනෙක් අහන ලොකුම ප්‍රශ්නේ තමයි Cam ගනිද්දී Nikonද හොඳ නැත්නම් Canon
ද හොඳ කියල.

ඕකට කියන්න තියෙන සරලම උත්තරේ තමයි මුලින්ම ඔයා ඔය දෙවර්ගයේම Cam ටිකක් අතපත ගාල තමන්ගේ මුදලට සාපේක්ෂව තියෙන මොඩල් එක තෝරාගන්න කියන එක. නැතුව අරය කැනොන් හොඳයි කිව්වා නිසා නැත්නම් මෙයා නිකොන් හොඳයි කියල කිව්වා නිසා කවදාවත් Cam එකක් තෝරාගන්න එපා. මොකද නිකොන් පාවිච්චි කරන කෙනාට Nikon හොඳයි. කැනොන් පාවිච්චි කරන කෙනා කියන්නේ කැනොන් හොඳයි කියල. කොහොම කිව්වත් ඔය දෙවර්ගයම හොඳයි. මොකද එයාල තමයි මේ Field එකේ උඩින්ම ඉන්න Camera නිෂ්පාදකයන්.

හරි එහෙනම් අයෙත් වැඩේට බහිමු. ඔයා විනොදාන්ශයට
වගේ ෆොටෝ ගහන කෙනෙක්නම් Entry Level හරි Mid Range එකක් ගන්න. ඒ වගේම ඔයා ළඟ තියෙන මුදල ගැනත් හිතන්න. අපි හිතමු ඔය ළඟ තියෙනවා ලක්ෂයක්. එතකොට ඔයා මොකද කරන්නේ රුපියල් ලක්ෂයකට ආසන්නව යන හරි ඊට පොඩ්ඩක් වැඩි කැම් එකක් තමයි ගන්න බලන්නේ. කවදාවත් එක කරන්න එපා. මොකද Cam එකක් විතරක් අරගෙන මේ වැඩේ නවතින්නේ නැති නිසා.

Best Entry level DSLR Camera

Nikon : D3200 | D5100 | D5300 | D5500
Canon : 1200D | 600D | 700D | 750D


Best Mid Range DSLR Camera


Nikon : D7100 | D7200 | D610
Canon : 70D |70D Mark II




හැමතිස්සෙම බලන්න Cam එකත් එක්කම Drybox එකක් ගන්න.
මොකද Cam එකක් තියනවනම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක් තමයි Dryboxඑක. (ගොඩක් අය අහන්නෙත් Drybox එකක් ගන්නම ඕනෙද කියල. යකෝ ලක්ෂ ගානක් දීල Camඑකක් ගන්න පුලුවන්නම් පොඩි ගානක් දීල Dryboxඑකක් ගනින්කෝ වියදම් කරපු සල්ලි ටික රැකගන්න) නැත්නම් වැඩි කාලයක් යන්න කලින් Cam එකට කෙසේ වෙතත් Lense වලටනම් පුතේ බඩු බනිස්. ඒ වගේම Drybox එකේ ජෙල් එක වෙලාවට Recharge කරන්න. නැත්නම් Drybox එක තිබිලත් වැඩක් නැති වෙනවා.ඒ වගේම Cam එකත් එක්කම Zoom Lense එකක් ගන්න බලන්න. ගොඩක් වලට Entry Level Cam වලට එන්නේ 18-55mm Lense එක Kit Lense විදියට. එක නරක Lense එකක් නෙමේ එත් 18-55කියන්න WIDE Range එකක් නිසා බලන්න Zooming Lens එකක් ගන්න. මොකද අනිවාර්යයෙන් ඔයා පසුතැවෙනවා 18-55 එක්ක ටික කාලයක් Photo ගන්නකොට

සාමාන්‍යයෙන් 18-55mm වෙනුවට 18-105mm එකක් හරි 18-200mm එකක් හරි නැත්නම් 55-300mm Lense
එකක් ගන්න බලන්න.
(ඒ වගේම Lense ගනිද්දී image stabilization ගැන සැලකිලිමත් වෙන්න. මොකද සමහර ලෙන්ස් තියනවා Zooming Range එක වැඩි උනාට ඒ හා සමාන Zooming තියෙන අනෙකුත් ලෙන්ස් වලට වඩා Price ගොඩක් අඩුයි. එහෙම වෙන්නේ ගොඩක් වෙලාවට ඒ Lense වල කියන
image stabilization පහසුකම නැති උනාම. ඒ කියන්නේ ඔයා ෆොටෝ ගනිද්දී වෙන සෙලවීම පාලනය කරන පහසුකම (VR (nikon) | IS (canon) ඒ Lense වල නැති උනාම. ඒ වගේම තව දේවල් බලපානවා Lense වල මිල වෙනස් වෙන්න. Apeture අගය වගේ දේවල්)


image stabilization පහසුකම නැති ලෙන්ස් හොඳම නෑ කියල හිතන්න එපා. ඔයා ළඟ අඩු මුදලක් තියනවනම් මුදලට හරියන්න ඔයාට image stabilization පහසුකම නැති Lense එකක් ගන්න පුළුවන්. මමත් කාලයක් පාවිච්චි කරා Tamron 70-300mm Lenseඑක. ගෙවන ගානට උපරිම වටිනා ලෙන්ස් එකක්.
මේ වගේ ලෙන්ස් ගනිද්දී සමහර දේවල් අපිට ලැබෙන්නේ නෑ. හොඳ Focusing Speed එකක්. ඒ වගේම
image stabilization සහ හොඳ Image Qualityඑකක්. එත් ඉතින් ඔබ මේ ශේස්ත්‍රයේ ආදුනිකයෙක්නම් මේ වගේ දේවල් වලින් වෙන්නේ අපේ හැකියාව තව දියුණු වෙන එක



මේ Photo එක ගත්තේ මම මුලින් කිව්ව
Tamron 70-300mm Lense එකෙන්.
ඒ වගේම මේක Manual Focusදාල ගත්ත Photo ekak


හරි දැන් අපි ඔයාට ගැලපෙන Cam එකකුයි තව Lenseඑහෙම අරගෙන ඉවරයි. දැන් බලන්න ඔයාටDSLR එකක් තියෙනකොට අවශ්‍යවෙන අනෙකුත් දේවල්. මම සරලව කියන්නම්.
Memory Cards
Filters
Cleaning Kit
Tripod or Monopod
Camera Bag
Flash Light
අපිට ඕන වෙනවා DSLR එකක් තියනවනම්. ඒ වගේම Backpack අවශ්‍යවෙනවා අපි විනෝද චාරිකාවක් වගේ යනකොට. ඉතින් මෙන්න මේ වගේ දේවල් ඔයාලට පුලුවන් විදියට ගන්න බලන්න DSLR එකක් තියනවනම් හරි ගන්න බලාපොරොත්තු වෙනවනම් හරි. මොකද මේවා අනිවාර්යයෙන් අපිට වැදගත් වෙන දේවල්. ඒ වගේම ඔයා ළඟ DSLR Camඑකක් තියනවනම් මේ විෂය ගැන සාමාන්‍ය මට්ටමෙන් හරි හැදෑරීමක් කරන්න. ඔයාට පන්තියකට යන්න වෙලාවක් නැත්නම් Internet එකෙන් හරි හැදෑරීමක් කරන්න. එතකොට ඔයාට ඒ ඔස්සේ අලුත් නිර්මාණ කිරීමේ මග විවරවෙයි අනිවාර්යයෙන්ම.

ඒ වගේම Photoshop හරි Lightroom වගේ Software එකක් පුරුදු වෙන්න. මොකද කවදාවත්ම අපි හිතන ෆොටෝ එක Camera එකෙන් එලියට එන්නේ නැති නිසා.


මේක බැලුවම තේරුනාද???


මම මේ Thread එක දැම්මේ මේ පිළිබඳව කිසිම දෙයක් නොදන්නා එත් DSLR එකක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න සඳහා පමණයි, මම මෙතන මේ සම්බන්දව කිසිම තාක්ෂණික පැත්තක් කතාකලේ නැත්තේ මට ඕනඋනේ DSLR Cam ගන්න ඉන්න අයට මේ සම්බන්දව සරල දැනුමක් ලබාදීමයි.. එහෙනම් මචන් ඔයාට මේකෙන් මොනවහරි ගත්තනම් එහෙම නැත්නම් තව ප්‍රශ්න එහෙම තියනවනම් අහන්න. ඒ වගේම අනිත් අයටත් දැනගන්න BUMP එකක් හරි දාගෙන යන්න මචෝ...

බුදු සරණයි!

Reply With Quote
(#2)
Old
u_make_me_sick_'s Avatar
u_make_me_sick_ u_make_me_sick_ is offline
Senior Member
u_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really nice
 
Posts: 6,925
Join Date: Oct 2011
01-03-2016, 11:37 AM

bmp
Reply With Quote
(#3)
Old
daya555 daya555 is offline
Member
daya555 is on a distinguished road
 
Posts: 33
Join Date: Dec 2014
01-03-2016, 11:38 AM

fattayi....
Reply With Quote
(#4)
Old
541100's Avatar
541100 541100 is offline
Senior Member
541100 is just really nice541100 is just really nice541100 is just really nice541100 is just really nice541100 is just really nice541100 is just really nice541100 is just really nice541100 is just really nice
 
Posts: 5,824
Join Date: Nov 2013
Send a message via Skype™ to 541100
01-03-2016, 11:40 AM

අහ්හ්... එල එල, මාත් ගත්තා D3300 එකක්. Raw තමයි දැන් ගහන්නේ..
Reply With Quote
(#5)
Old
RSmith's Avatar
RSmith RSmith is offline
Senior Member
RSmith is a glorious beacon of lightRSmith is a glorious beacon of lightRSmith is a glorious beacon of lightRSmith is a glorious beacon of lightRSmith is a glorious beacon of lightRSmith is a glorious beacon of lightRSmith is a glorious beacon of lightRSmith is a glorious beacon of lightRSmith is a glorious beacon of lightRSmith is a glorious beacon of lightRSmith is a glorious beacon of light
 
Posts: 2,590
Join Date: Sep 2015
Location: ගාල්ල කිට්ටුව
01-03-2016, 11:41 AM

එල මචන්.
bump එකක් දැම්මා....
Reply With Quote
(#6)
Old
Dinushasankalpa's Avatar
Dinushasankalpa Dinushasankalpa is offline
Senior Member
Dinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud of
 
Posts: 56,515
Join Date: Feb 2009
Location: කඩවත
01-03-2016, 11:43 AM

ආයේ කියන්න වචන නෑ.. සුපිරි ත්‍රෙඩ් එකක් මචං.. ගොඩක් ස්තූතියි. මාත් කැම් එකක් ගන්න හිතං ඉන්නේ.. මේ තොරතුරු ගොඩක් ප්‍රෙයා්ජනවත් වෙයි..
30+++
Reply With Quote
(#7)
Old
pavithra_uk's Avatar
pavithra_uk pavithra_uk is offline
Senior Member
pavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to all
 
Posts: 39,275
Join Date: Oct 2009
Location: New caledonia
01-03-2016, 11:48 AM

patta
matth ganna ona ban DSLR ekak.
Reply With Quote
(#8)
Old
222ranga's Avatar
222ranga 222ranga is offline
Senior Member
222ranga is a glorious beacon of light222ranga is a glorious beacon of light222ranga is a glorious beacon of light222ranga is a glorious beacon of light222ranga is a glorious beacon of light222ranga is a glorious beacon of light222ranga is a glorious beacon of light222ranga is a glorious beacon of light222ranga is a glorious beacon of light222ranga is a glorious beacon of light222ranga is a glorious beacon of light
 
Posts: 4,575
Join Date: Aug 2011
01-03-2016, 11:49 AM

elaz
Reply With Quote
(#9)
Old
wdmdd's Avatar
wdmdd wdmdd is offline
Senior Member
wdmdd is just really nicewdmdd is just really nicewdmdd is just really nicewdmdd is just really nicewdmdd is just really nicewdmdd is just really nicewdmdd is just really nicewdmdd is just really nicewdmdd is just really nice
 
Posts: 818
Join Date: Sep 2011
laugh 01-03-2016, 11:54 AM

ela ela rep +30,,machan photos ganna widya gana ehema thread ekak dapan podiyata basics uba danna ewa elaapitath poddak study karanna...nattam danna links unath kamak naaa
Reply With Quote
(#10)
Old
De Zigner's Avatar
De Zigner De Zigner is offline
Senior Member
De Zigner has a spectacular aura aboutDe Zigner has a spectacular aura aboutDe Zigner has a spectacular aura about
 
Posts: 700
Join Date: Mar 2013
01-03-2016, 11:55 AM

thanz kollo
Reply With Quote
Reply

Bookmarks

Tags
154, cam, camara, cdl, dennied bm, dslr, good post, good thread, mirrorless adukule

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04412 seconds with 9 queries