ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page මේකෙ ඇඩ්මින් ලගදි බැන්දද?:D
Reply
 
Thread Tools
(#151)
Old
EK_SheSH's Avatar
EK_SheSH EK_SheSH is offline
Senior Member
EK_SheSH is a glorious beacon of lightEK_SheSH is a glorious beacon of lightEK_SheSH is a glorious beacon of lightEK_SheSH is a glorious beacon of lightEK_SheSH is a glorious beacon of lightEK_SheSH is a glorious beacon of lightEK_SheSH is a glorious beacon of lightEK_SheSH is a glorious beacon of lightEK_SheSH is a glorious beacon of lightEK_SheSH is a glorious beacon of lightEK_SheSH is a glorious beacon of light
 
Posts: 2,260
Join Date: Oct 2013
Location: Colombo
05-30-2017, 10:03 AM

bump
Reply With Quote
(#152)
Old
Nirosh shan's Avatar
Nirosh shan Nirosh shan is offline
Senior Member
Nirosh shan has a spectacular aura aboutNirosh shan has a spectacular aura aboutNirosh shan has a spectacular aura aboutNirosh shan has a spectacular aura about
 
Posts: 1,341
Join Date: Oct 2012
Location: colombo
05-30-2017, 10:10 AM

http://www.elakiri.com/forum/showthread.php?t=1719238
Reply With Quote
(#153)
Old
Shaiman Shaiman is offline
Senior Member
Shaiman is a glorious beacon of lightShaiman is a glorious beacon of lightShaiman is a glorious beacon of lightShaiman is a glorious beacon of lightShaiman is a glorious beacon of lightShaiman is a glorious beacon of lightShaiman is a glorious beacon of lightShaiman is a glorious beacon of lightShaiman is a glorious beacon of lightShaiman is a glorious beacon of lightShaiman is a glorious beacon of light
 
Posts: 2,409
Join Date: Apr 2014
05-30-2017, 10:21 AM

අපි මේකෙ මෙම්බර්ස්ලා විදියට මේ ගැන පොඩ්ඩක් හිතුවොත් හොදයි. හිතට එන ආවේගය, කේන්තිය මොනිටරයට මුවාවෙලා කුනුහරුපෙන් එලියට එවන්න තරම් පෞරුෂය අදබාල කරගන්න එපා. ඔය කුනුහරුපෙන් කෑගහන එවුන් කීයෙන් කීදෙනාටද හයියෙන් කහින්නවත් පුලුවන් කියලා සමාජය ගැන දන්න මිනිස්සු දන්නවා. ඒක නිසා අපි කාඩ්බෝඩ් වීරයෝ විය යුතු නෑ මොනිටරයට මුවා වෙලා.

Reply With Quote
(#154)
Old
kingdewi's Avatar
kingdewi kingdewi is offline
Senior Member
kingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of light
 
Posts: 19,711
Join Date: Sep 2006
Location: (¯`◦—╬ღ♥Psy Clinic ♥ღ╬—◦´¯)
05-30-2017, 10:37 AM

මේකේ මුල ඉඳන්ම හිටිය අපි දන්නවා ඒ කාලෙයි දැනුයි එළකිරියේ වෙනස !
ඉස්සර මේකේ ජීවත් වුන අපි දැන් ඉඳල හිටලා එන්නේ ඔන්න ඔය හේතු නිසා !
ඉස්සර එළකිරියේ යාලුවෝ දැන් ඇත්තම ජිවිතයේ කල්‍යාන මිත්‍රයෝ විදියට ඉන්නේ ඒ කාලේ තිබුන "එළකිරි " එලකිරිය නිසා !!!
Reply With Quote
(#155)
Old
Dntec's Avatar
Dntec Dntec is offline
Senior Member
Dntec is just really niceDntec is just really niceDntec is just really niceDntec is just really niceDntec is just really niceDntec is just really niceDntec is just really niceDntec is just really nice
 
Posts: 2,386
Join Date: Sep 2010
Location: සිංහලදීපේ
smile 05-30-2017, 10:47 AM

Quote:
Originally Posted by laMir View Post

ඒකාලේත් තිබ්බද බන්......
ඒක තමයි මම හිතුවෙ elakiri 2006 විතර ආපු එකක් කියල​. ඒ කාලෙ Music video එකක් අලුත් Audio සිඳුවක් sub එකෙන් අහන්නම බෑ . හෙන ගැහුව වගේ සින්දුව මැදදි elakiri.com කියල එකෙක් බෙරිහන් දෙනවා
Reply With Quote
(#156)
Old
Snaip Snaip is offline
Senior Member
Snaip will become famous soon enoughSnaip will become famous soon enough
 
Posts: 139
Join Date: May 2016
05-30-2017, 11:08 AM

Bump
Reply With Quote
(#157)
Old
SCBmedia's Avatar
SCBmedia SCBmedia is offline
Senior Member
SCBmedia is a name known to allSCBmedia is a name known to allSCBmedia is a name known to allSCBmedia is a name known to allSCBmedia is a name known to allSCBmedia is a name known to allSCBmedia is a name known to allSCBmedia is a name known to allSCBmedia is a name known to allSCBmedia is a name known to allSCBmedia is a name known to all
 
Posts: 2,675
Join Date: May 2017
05-30-2017, 11:12 AM

bump
Reply With Quote
(#158)
Old
netsurfer netsurfer is offline
Senior Member
netsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of light
 
Posts: 3,098
Join Date: Jun 2015
05-30-2017, 11:26 AM

Bump
Reply With Quote
(#159)
Old
skymicro's Avatar
skymicro skymicro is offline
Senior Member
skymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant future
 
Posts: 13,179
Join Date: May 2014
Location: ඒක වැඩක් නෑනෙ
05-30-2017, 11:29 AM

Quote:
Originally Posted by kingdewi View Post
මේකේ මුල ඉඳන්ම හිටිය අපි දන්නවා ඒ කාලෙයි දැනුයි එළකිරියේ වෙනස !
ඉස්සර මේකේ ජීවත් වුන අපි දැන් ඉඳල හිටලා එන්නේ ඔන්න ඔය හේතු නිසා !
ඉස්සර එළකිරියේ යාලුවෝ දැන් ඇත්තම ජිවිතයේ කල්‍යාන මිත්‍රයෝ විදියට ඉන්නේ ඒ කාලේ තිබුන "එළකිරි " එලකිරිය නිසා !!!

මෙන්න පරනම කෙනෙක් ඇවීල .ජය වේවා
Reply With Quote
(#160)
Old
ACHIK's Avatar
ACHIK ACHIK is offline
Senior Member
ACHIK is a name known to allACHIK is a name known to allACHIK is a name known to allACHIK is a name known to allACHIK is a name known to allACHIK is a name known to allACHIK is a name known to allACHIK is a name known to allACHIK is a name known to allACHIK is a name known to allACHIK is a name known to all
 
Posts: 8,674
Join Date: Jun 2015
sad 05-30-2017, 11:40 AM

Quote:
Originally Posted by rayan f16 View Post
මේකෙ ඇඩ්මින් ලගදි බැන්දද?

යාලුවනේ,

පොඩි නිවාඩුවකට ඇවිල්ලා ඉන්න එකේ අදහසක් ලියන්න හිතුවා.

මම එලකිරිය ගැන දැන ගත්තේ මතක විදියට 2006,2007 කාලේ. ඒත් ඉස්කෝලේ පොඩි පන්තිවල ඉන්න කාලේ මේවට යන්න එන්න වැඩිය පහසුකම් නොතිබ්බ නිසා මෙම්බර් කෙනෙක් විදියට මේකෙ හිටියේ නෑ. 2009දි විතර තමයි මෙම්බර් කෙනෙක් උනේ. ඒ කාලේ මේකෙ හිටපු අය අතරින් දෙතුන් දෙනෙක් මතකයි, coolgayathra, අතුල සිරිවර්ධන වගේ අය. ඉතින් මම අදහස්කලේ මම එලකිරිය දකිනවා අවුරුදු 10ට ආසන්න කාලයක්. ඇත්තම කිව්වොත් මගේ ලමාවියේ සිට මම මේක දකිනවා.

ඒකාලේ සයිබර් අවකාශයේ සිංහල අකුරක් දකින්නත් අපි ගොඩක් ආස කෙරුවා. මේ දවස්වලනම් ඕන තරම් සිංහල වෙබ්සයිට්, බ්ලොග් තියෙනවා. ඉතින් ඒ කාලේ අපිට තිබ්බ මේ වෙබ්සයිට් දෙක තුනට අපි ගොඩක් ආස කෙරුවා. ඒ අතර හොද හොද සංවාද යන, අලුත් අලුත් දේවල්ගැන ත්රෙඩ් වැටෙන, සරල හා ගුණාත්මක මේ එලකිරිය අපිට විශේෂ වුනා. 56Kbps මොඩම්වලින් හෙන ස්පීඩ් නෙට් පහසුකම් අත්විදලා හරි අපි මේකට ආසාවෙන් බඩගෑවා.

ඉතින් මේ අවුරුදු 10 ඇතුලත අන්තර්ජාල පහසුකම් කොච්චර දියුණු වුනාද, කොච්චර අලුත් සාමාජිකයෝ, අලුත් මූනු මේකට ආවා ගියාද කියන එක නිහඩව මම දැක්කා. රෙප් සිස්ටම් එක හදුන්වාදීම, ඒකෙන් බලාපොරොත්තු වුන දේ, අපේ අය ඒක පාවිච්චි කරපු හැටි, රෙප්ගන්න අපේ අය කරපු නොකරපු හැමදේමත් මම දැක්කා. ප්රසිද්ධ චරිත කා කොටා ගත්ත හැටි, බැන ගත්ත හැටි, යාලු උන හැටි, දාල ගිය හැටි, ඔට්ටු, ආපහු ආපු හැටි, යටිකූට්ටු වැඩ හැමදෙයක්ම බොහොම නිහඩව මම බලාගෙන හිටියා. මමත් යාන්තමට වගේ සමහර දේවල් එක්ක එකතු නොවුනා නෙමෙයි. දන්න දේවල් කියලා දුන්නා, නොසෑහෙන්න දේවල් ඉගෙන ගත්තා. මොකක්හරි නොදන්න අටමගලයක් මේකෙ පෝස්ට් කරලා ගොඩ දාගන්න පුලුවන් කියන එක හැමවෙලාවෙම ඔලුවේ තිබ්බා. ඇහින් නොපෙනුනත් බොක්කේ යාලුවෝ සෙට් එකක් ඉන්නවා කියන හැගීම අපි හැමකෙනාටම තිබ්බා. නමුත් අද ….

ගතවුනු අවසාන වසර කිහිපය තුල මම එලකිරිය තුල මහා පිරිහීමක් දැක්කා. පොඩි එකෙක් ත්රෙඩ් එකක් සම්පූර්ණයෙන් කියෙව්වොත් ඌ ලංකාවේ පාරිභාෂික සියලූම කුනුහරුප උක්ත ආඛ්‍යාත සහිතවම ඉගෙන ගන්න තත්වයක් අද තියෙන්නේ. කිසීම හිරිකිතයක් නැතුව අම්ම අප්පා මුත්තා කිරිකිත්තා දක්වා මතක් කරලා අමු කුනුහරුප වැල් ඇදලා අරිනවා. අපි දකිනවා සමාජයේදී සමහරුන්ට ඉබේ කුනුහරුප කියවෙනවා ඒතරමට පුරුදු වෙලා, හිතලා බලල නෙමෙයි කිකන්ම කියවෙනවා. ඒත් මෙතන එහෙම නෙමෙයිනේ. හොදට හිතලා බලලා, වාක්ය ගලපලා, ටයිප් කරන්නේ අමු කුනුහරුප. මේකද දවසෙන් දවස අපි තුල ගොඩනැගිය යුත්තේ? ඉස්සරනම් මේ වෙබ් සයිට් එක ගේ මැද සාලේ උනත් දිග ඇරගෙන බලන්න පුලුවන් ඕන පොඩි එකෙක්ව ඔඩොක්කුවේ තියාගෙන උනත්. ඒත් අද මේක බලන්න වෙලා තියෙන්නේ හැංගිලා. ඉස්සරහට මේක වැල සයිට් එකකටත් වඩා අසභ්‍ය වේවි මෙහෙම ගියොත්.

ඉස්සර මේකෙ කුනුහරුප කිව්වේ නෑ. ඊට පස්සෙ මුල අකුර එක්ක තරුවලින් කුනුහරුප කිව්වා. අතරින් පතර එකෙක් දෙන්නෙක් කුනුහරුප ගෙඩිය පිටින් කිව්ව ගමන් ඔක්කොමලා වැල් පිටින් ඇදලා ඇරියා. ඕක තමයි මේකට උනේ. ඉතින් ඇඩ්මින්ලාට මේව එඩිට් කර කර හිටියොත් ඒගොල්ලන්ට වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ. නමුත් මම හිතනවා යම් මැදිහත්වීමක් කරලා, අඩුම තරමෙන් අවවාදයක්වත් කරලා මේ යන අශීලාචාර ගමන වලක්වන්න උත්සාහයක් ගනී කියලා.

ඇඩ්මින්ලාට විතරක් මේක කොහොමත් පාලනය කරන්න බෑ. අපි මේකෙ මෙම්බර්ස්ලා විදියට මේ ගැන පොඩ්ඩක් හිතුවොත් හොදයි. හිතට එන ආවේගය, කේන්තිය මොනිටරයට මුවාවෙලා කුනුහරුපෙන් එලියට එවන්න තරම් පෞරුෂය අදබාල කරගන්න එපා. ඔය කුනුහරුපෙන් කෑගහන එවුන් කීයෙන් කීදෙනාටද හයියෙන් කහින්නවත් පුලුවන් කියලා සමාජය ගැන දන්න මිනිස්සු දන්නවා. ඒක නිසා අපි කාඩ්බෝඩ් වීරයෝ විය යුතු නෑ මොනිටරයට මුවා වෙලා. කතාකරන දෙයක් පොයින්ට් එකට කතා කරන්න පුරුදු වෙන්න. තර්කයක් ගොඩ නගන්න. නිකන් මෝඩයෝ වෙන්න එපා. එහෙම එවුන් මේකෙ වැඩි උනාම මේක මිනිස්සුන්ට එපා වෙනවා. මේක වටිනා සමාජයක්. ඒක පරිස්සම් කරගන්න. අපිට මේව නොතිබ්බ කාලේ අපි මෙවට කොච්චර ආස කලාද කියලා මතක නිසායි මම මේක මගේ කාලය ගැන නොසිතාම ලියන්න හිතුවේ.

කුනුහරුප විතරක්ම නෙමෙයි පුලුවන් හැමදේකින්ම අපි මේකෙ වැදගත්කම පරිස්සම් කරගන්න ඕන කියලයි මම හිතන්නේ. ආතල් ගන්න එකේ කිසිම වැරැද්දක් නෑ. ඒත් මාලුකඩේගාව බල්ලො බලල්ලු පොරකනවා වගේ හැම මගුලටම මේකෙ කා කොටා ගන්න එක හරි නෑ. ඉතින් මම උනත් 100%ක් හරි නෑ, එහෙම අය ලෝකේ නෑ නේ. නමුත් කාලයත් එක්ක වැරදි අඩුපාඩු හදාගෙන අපි වැදගත් ගමනක් යා යුතුයි. මම අදහස් කරන්නේ ඒක.

මම කොටු ගොඩක් නැති, අඩුම ප්රොෆයිල් ෆොටෝ එකක්වත් නැති එකෙක් නිසා මාව ගනන් ගන්න එකක් නෑ. කොටු ගන්න ඕනනම් ඒකට ක්රමයත් මම නොදන්නවා නෙමෙයි. අඩ නිරුවත් ෆොටෝ ටිකක් දාල මේවයේ වීඩියෝ ඕනනම් රෙප් දීල pm කරන්න කියන තැනට මම වැටෙන්නේ නෑ. ඒ මම මේකෙ ඊට වඩා වටිනාකමක් මුල ඉදන්ම දැක්ක නිසා.

මේකෙ මාතෘකාව “මේකෙ ඇඩ්මින් ලගදි බැන්දද?” කියන එක මගේ අදහසක් නෙමෙයි. ඒක ගත්තේ මේ වගේම ආසාවෙන් කියවපු වෙන සිංහල වෙබ්සයිට් එකක මෙම්බර් කෙනෙක් ඒ වෙබ්සයිට් එකේ ඇඩ්මින් සයිට් එක අමතක කරලා වගේ දෙයක් දැනුන නිසා ලියපු කවි පෙලකින්. බැන්දේ ලගදිනම් මේවා බලන්න කෝ වෙලාවක්? මොන තරම් වැඩ රාජකාරිද ?

ඉතින් හිතන්න කැමති අය හිතන්න. හැදෙන්න කැමති අය තමන්ව පාලනය කරගන්න, බනින්න ඕන අය බනින්න.
කොහොමහරි අපේ අනාගත පරපුරට ලැජජාවකින් තොරව එලකිරිය පාවිච්චි කරන්න දෙන්න.

සියලු දෙනාටම ජය වේවා ….!!!!!
ඔව් මේකේ ඉස්සර තිබුනු තත්ත්වය දැන් ගොඩක් පිරිහිලා ගිහින්..
එලකිරියේ ඉස්සර මාර වටිනාකමක් වැදගත් කමක් තිබුනා..
මම මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා..
දැන් මේකත් නිකන් ෆේස් බුක් එකේ තත්ත්වයටම ඇවිල්ලා..
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04796 seconds with 11 queries