ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ඇයි~ජිවත්_වෙන්නේ?
Reply
 
Thread Tools
(#1)
Old
coollifestyle4u's Avatar
coollifestyle4u coollifestyle4u is offline
Senior Member
coollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to all
 
Posts: 39,863
Join Date: Jun 2008
Location: .:මහනුවර:.
Send a message via Skype™ to coollifestyle4u
oo ඇයි~ජිවත්_වෙන්නේ? - 12-14-2011, 02:11 PM



මේ ප්‍රශ්නය කෙනෙක් ඔබගෙන් ඇහුවොත් ඔබ මොහොතක් විතර ඒ ගැන කල්පනා කරන්න උත්සහ කරයි..
අපි මේ ලෝකයේ ජිවත් වුනත් අපිට මොහොතකටවත් හිටිලා නැතුව ඇති.. ඇයි අපි ඇත්තටම මේ ලෝකේ ජිවත් වෙන්නේ කියලා..
මේ ප්‍රශ්නයට උත්තරයක් විදියට විවිධ අය විවිධ අදහස් දරන්න පුලුවන්..
සමහර අය කියයි අපි ජිවත් වෙන්නේ දෙමව්පියන් වෙනුවෙන් කියයි, ආදරය වෙනුවෙන්, ෆන් එක වෙනුවෙන්, ජිවත් වෙන්න ඕනෑවට ජිවත් වෙනවා කියයි
ඒ වගේම මොනවා කරන්න ද මේ ඇවිත් අපේ කරුමේ කියන අයත් මේ සමාජයේ නැතුව නෙවෙයි..
මොනවා වුනත් අපිට මේ ලැබිලා තියෙන මේ ජිවිතයෙන් කීයෙන් කී දෙනෙක් ද තෘප්තියක් ලබන්නේ..
ඔය ඉතින් තෘප්තිය ගැන කතා කලාම කට්ටියට ම එක එක අදහස් මතු වෙනවා නේ .. :පි මම කතා කරන්නේ ඒ තෘප්තිය ගැන නෙවෙයි :පි

හරි මේ ජිවිතයේ සන්තොසයෙන් ජිවත් වෙන්න නම් අපිට ඕනෑ කරන හැම දෙයක් ම සපුරලා තියෙන්න ඕනේ, නැත්නම් මේ ජිවිතයෙන්
අපිට සතුටක් ලබන්න බෑ කියලා කියන පිරිසක් ඉන්නවා..
එහෙම ඒ අය හිතනවා නම් ඒ අය නැති බැරි අසරණ වුන පවුල් ගැන මොහොතක් හිතලා බැලුවා ද ? ඒ අයට කිසිම දෙයක් අත් කර ගන්න බැරි වුනත්
කොයි තරම් හිතේ සතුටකින් ජිවත් වෙනවා ද...

මෑතකදි මම මේ අඩවියේ දැක්කා ආගම් බේද ඇති කරගෙන එක දිගටම ත්‍රේඩ් නිර්මාණය කරලා තියෙනවා..
ඒවා දකිද්දි ඇත්තටම මට නම් කළකිරුණා ඇයි මේ තරම් නුගත් පිරිසක් මේ සමාජයේ වෙසෙන්නේ කියලා..
එක එකාගේ ආගම් වලට චෝදනා නගන බොහෝ දෙනෙක් තමන්ගේ ආගම ගැනවත් හරි හැටි වැටහිමක් නෑ.. ඒත් එකෙක් බණින හින්දා අනිත්
උදවියත් කාඩ්බෝඩ් විරත්වය පෙන්නන්න උත්සහ ගන්නවා..

ඇයි අපිට එක වගේ එක සහෝදරයෝ වගේ මේ සමාජයේ ජිවත් වෙන්න බැරි ? ඇයි අන් ආගමිකයන්ගේ පාට වෙනස් ද ? ඒ අයගේ සිතුම් පැතුම් වෙනස් ද ?
ඒ අය ඉපදිලා තියෙන්නේ මව් සෙනෙහස තුලින් නෙවෙයි ද ?
දැන් නම් කට්ටිය කියයි ඔව්, ඒ අයගේ සිතුම් පැතුම් වෙනස් කියලා.
මෙහෙම නේ තම එකම මවගෙන් බිහි වුන තම සහෝදරයාගේ අදහස් අපේ අදහස් වලට හාත්පසින් ම සමානත්වයක් එන්නේ නැති වෙන අවස්ථා ඕන තරම් තියෙනවා..
උදා: ඒ සහෝදරයා කැමති වෙන්න පුලුවන් ෆන් එකේ ඉන්න, එහෙම නැත්නම් වැඩි කතා බහක් නැතිව ජිවත් වෙන්න,
ඒ වගේම වැඩි පිරිසක් ආශ්‍රයකින් තොරව තනියෙන් ජිවත් වෙන්න.
ඒත් අපි එහෙම නොවෙන්න පුලුවන්.. එහෙමයි කියලා අපිට අපේ සහෝදරයාව අපේ ජිවිතයෙන් වෙන් කරන්න පුලුවන් කමක් තියෙනවා ද ? බෑ නේ..
ඒ සිතුවිල්ල අපේ හිතේ තියාගෙන මේ සමාජයේ ජිවත් වෙන්න පුලුවන් නම් කොයි තරම් දෙයක් ද ...

අනිත් කාරණාව ඇවිත්.. සමහරු මහා ලොකුවට අපේ ආගම මෙකයි අහවල් එකයි කියලා පම්පෝරි ගැහුවාට ඒ අය මොහොතක් හිතුවා ද තමන් වෙසෙන පරිසරය ගැන..
අපි සමහර වේලාවට ජිවත් වෙන්නේ අන් ආගමිකයන් වෙසෙන පරිසරයක වෙන්න පුලුවන්..
එහෙමයි කියලා අපිට ඒ ආගමේ අයගේ ජිවිතයට ඇතුල් නොවි නොදැක්ක ගාණට ඒ පරිසරයේ වෙසෙන්න විදියක් නෑ..
අපේ අසල් වැසියෝ වුනත්.. ඒ අයත් එක්ක අපි හොදින් ජිවත් වෙන තාක් කල් අපිටත් ඒ අයගෙන් උදව් බලාපොරොත්තු වෙන්න පුලුවන් කම ලැබෙනවා..
අනිත් එක ඇවිත් යම් අවස්ථාවකදි උදව්වක් ඕන වෙද්දි.. ඒ උදව්ව කරන්න යද්දි..
මේ පුද්ගලයා කොයි ආගමේ ද , කොයි වර්ගයට අයත් ද කියලා බලලා උදව් කරන අයට මේ සමාජයේ කවදා හරි දවසක වේදනාවකින්
තමයි ජිවත් වෙන්න සිදු වෙන්නේ.. උදව්වක් ඕන වෙද්දි කිසිම බේදයකින් තොරව උදව් කරන්න එතකොට අපිටත් නොදැනම
අපේ ජිවිතය වටා බොහෝ පිරිසක් එක් වෙනවා අනිවාර්යෙන් ම...

හරි අපි මෙහෙම හිතමු.. නිකමට හරි අපේ පවුලේ තියෙන අසරණ කම හින්දා මම ඉපදුන අවධියේදි..
මගේ අම්මා යි තාත්තායි මාව වෙනත් අන් ආගමිකයෙකුට හදාවදා ගන්න දිලා තිබ්බා නම්..
ඒ අය මාව ලොකු මහත් කරන්නේ මගේ දෙමව්පියන්ගේ ආගමට අනුකුලව නෙවෙයි.. ඒ අය මාව ලොකු මහත් කරන්නේ ඒ අයගේ පරිසරයේ ආශ්‍රය කරන ආගම අනුවයි..
අපි මෙලොවට ඉපදෙද්දි අපේ ඇගේ කොයි හරියේවත් කොටලා නෑ අපි අහවල් ආගමේ කියලා..
ඒ හින්දායි මම ආගම් බේද ඇති ත්‍රේඩ් වලට පිළිතුරු දෙන්නේ නැතිව..
හැම ආගමකටම ගරු කරන්නේ..
අපි මෙලොවට ඉපදුනාට පස්සේ තමයි අපිව කොටස් වලට වෙන් කරන්නේ අපි අහවල් ආගමේ කියලා..
ඒ හින්දා අපේ සිතුම් පැතුම් හැම දෙයක් ම තේරුම් වෙන්නේ..
අපි ජිවත් වෙන පරිසරය අනුවයි..
හැම ආගමකින් ම කියලා තියෙන්නේ හොද දෙයක්..
අනිත් එක එක එක්කනා ආගම් වලට බැන්න පලියට ඒ අය ඒ අයගේ ආගම් වෙනස් කරන්න උත්සහ ගන්නේ නෑ..
ඒ හින්දා තේරුමක් නැතිව..
තමන්ගේ කාලය නැති නාස්ති කරන්නේ නැතිව වටිනා දෙයක් වෙනුවෙන් හිත යොමු කලොත් කොයි තරම් දෙයක් ද..

අනිත් එක ලේ කොප කරගෙන ජිවත් වෙන්න නෙවෙයි අපි මේ ලෝකයට බිහි වේලා තියෙන්නේ..
අපි මේ ජිවත් වෙන පොඩි කාලයේදි සන්තොසයෙන් හැමෝම එක හා ජිවත් වෙන්න පුලුවන් නම්..
මේ රටට වගේම මුළු ලොවටත් අපෙන් ඉගෙන ගන්න යමක් ගන්න පුලුවන් කම තියෙනවා..

මට හිතුන අදහස් මම කිව්වාට ඒ දේ තේරුම් ගන්න එක කරන්න ඔනේ ඕය සහෝදර සහෝදරියන්..
අපිට අදහස් පහදන්න පුලුවන් කම තිබ්බාට එක එක්කනාගේ සිතුම් පැතුම් වෙනස් කරන්න විදියක් නෑ..
ඒත් අපි නොදන්නා දෙයක් කියලා දෙන එක මගේ යුතුකමක් හැටියට මම හිතන හින්දායි මට හිතුන අදහස් ටිකක් ඕය සහෝදර සහෝදරියන් එක්ක බේදා ගත්තේ..

මේ ගැන ඕය සහෝදර සහෝදරියන්ට හිතෙන දේ තමන්ගේ වටිනා කාලයෙන්..
විනාඩි 5 ක් වෙන් කරගෙන අදහස් කරලා යන්න..
මට පුලුවන් හැටියට ඒ අදහස් වලට පිළිතුරු නිරාකරණය කරන්නම්..


Last edited by coollifestyle4u; 12-14-2011 at 02:13 PM.
Reply With Quote
(#2)
Old
Captain ජැක් ස්පැරෝ's Avatar
Captain ජැක් ස්පැරෝ Captain ජැක් ස්පැරෝ is offline
Senior Member
Captain ජැක් ස්පැරෝ is a glorious beacon of lightCaptain ජැක් ස්පැරෝ is a glorious beacon of lightCaptain ජැක් ස්පැරෝ is a glorious beacon of lightCaptain ජැක් ස්පැරෝ is a glorious beacon of lightCaptain ජැක් ස්පැරෝ is a glorious beacon of lightCaptain ජැක් ස්පැරෝ is a glorious beacon of lightCaptain ජැක් ස්පැරෝ is a glorious beacon of lightCaptain ජැක් ස්පැරෝ is a glorious beacon of lightCaptain ජැක් ස්පැරෝ is a glorious beacon of lightCaptain ජැක් ස්පැරෝ is a glorious beacon of lightCaptain ජැක් ස්පැරෝ is a glorious beacon of light
 
Posts: 10,175
Join Date: Oct 2011
Location: ☠ Tortuga ☠
12-14-2011, 02:18 PM

නියම පෝස්ට් එකක් ............
එළ...........

Reply With Quote
(#3)
Old
gayendra9*9's Avatar
gayendra9*9 gayendra9*9 is online now
Senior Member
gayendra9*9 is a name known to allgayendra9*9 is a name known to allgayendra9*9 is a name known to allgayendra9*9 is a name known to allgayendra9*9 is a name known to allgayendra9*9 is a name known to allgayendra9*9 is a name known to allgayendra9*9 is a name known to allgayendra9*9 is a name known to allgayendra9*9 is a name known to allgayendra9*9 is a name known to all
 
Posts: 8,341
Join Date: Sep 2008
12-14-2011, 02:21 PM

උබේ කතාව අමූලික ඇත්ත මචන්,නියමයි....
Reply With Quote
(#4)
Old
Prasad♠'s Avatar
Prasad♠ Prasad♠ is offline
Senior Member
Prasad♠ is a glorious beacon of lightPrasad♠ is a glorious beacon of lightPrasad♠ is a glorious beacon of lightPrasad♠ is a glorious beacon of lightPrasad♠ is a glorious beacon of lightPrasad♠ is a glorious beacon of lightPrasad♠ is a glorious beacon of lightPrasad♠ is a glorious beacon of lightPrasad♠ is a glorious beacon of lightPrasad♠ is a glorious beacon of lightPrasad♠ is a glorious beacon of light
 
Posts: 1,517
Join Date: Nov 2009
Location: කුරුණෑගල​
Send a message via Yahoo to Prasad♠ Send a message via Skype™ to Prasad♠
Up 12-14-2011, 02:24 PM

නියමයි මචං
Reply With Quote
(#5)
Old
mcwolfe's Avatar
mcwolfe mcwolfe is offline
Senior Member
mcwolfe is a glorious beacon of lightmcwolfe is a glorious beacon of lightmcwolfe is a glorious beacon of lightmcwolfe is a glorious beacon of lightmcwolfe is a glorious beacon of lightmcwolfe is a glorious beacon of lightmcwolfe is a glorious beacon of lightmcwolfe is a glorious beacon of lightmcwolfe is a glorious beacon of lightmcwolfe is a glorious beacon of lightmcwolfe is a glorious beacon of light
 
Posts: 7,183
Join Date: Jul 2011
Location: ආච්චි's රෙද්ද
12-14-2011, 02:28 PM

thanxxx machan!
Reply With Quote
(#6)
Old
tishaeins tishaeins is offline
Senior Member
tishaeins has a spectacular aura abouttishaeins has a spectacular aura abouttishaeins has a spectacular aura abouttishaeins has a spectacular aura abouttishaeins has a spectacular aura about
 
Posts: 1,558
Join Date: Mar 2010
Location: makola
12-14-2011, 02:37 PM

මම එක්තාරා විදිහකට සතුටින් නම් නේමේ නමුත් එක වෙලාවකට පමණයි නමුත් මම ගොඩක් සතුටින් ඉන්න කෙනෙක්ද කියලත් හිතනවා හෙතුව තමා මම විශ්වාස කරන්නේ සතුට කියන්නේ එකිනෙකා වෙනුවෙන් කැපකිරිම මත ලැබෙන තැග්ගක් කියලා අනේක් අතට අපි මෙ ලොකේට ඇවිල්ලා තියෙන්නේ එක්තාරා දාම පද්ධතියකින් කියලා තමා මට හිතෙන්නේ එ දාමය රැකගන්න තමා අපි ජිවත් වෙන්නේ එකිනේකා වෙනුවෙන් කරන කැපකිරිමට එක තමා මේ දාම ජාලයේ සම්භන්ධවන රේකාව එහි තියෙන්න පුලුවන් එක එක ජාතියේ පුරුක් තියෙන්න පුලුවන් එවා තමා ඔය ජාති, ආගම්, එක එක මත දරන්නන් හා සතුන් පවා ඇතුව නමුත් මෙහි ප්‍රධානම පුරුක වන මිනිසා කියන පුරුකේ ශක්තිය රදා පවතින්නේ එකිනෙකා හා තමන් වෙනුවෙන් කරන කැප කිරිම මතයි කියලා මට හිතෙන්නේ
Reply With Quote
(#7)
Old
Rohantha's Avatar
Rohantha Rohantha is offline
Senior Member
Rohantha is just really niceRohantha is just really niceRohantha is just really niceRohantha is just really niceRohantha is just really niceRohantha is just really niceRohantha is just really niceRohantha is just really niceRohantha is just really niceRohantha is just really nice
 
Posts: 5,887
Join Date: Dec 2006
Location: Giriulla
Send a message via Skype™ to Rohantha
12-14-2011, 02:40 PM

pattai machan
Reply With Quote
(#8)
Old
lkdood's Avatar
lkdood lkdood is offline
Senior Member
lkdood is a name known to alllkdood is a name known to alllkdood is a name known to alllkdood is a name known to alllkdood is a name known to alllkdood is a name known to alllkdood is a name known to alllkdood is a name known to alllkdood is a name known to alllkdood is a name known to alllkdood is a name known to all
 
Posts: 56,929
Join Date: Apr 2008
Location: Washington, D.C. / London, U.K.
12-14-2011, 02:46 PM

+rep added
Reply With Quote
(#9)
Old
druwangi's Avatar
druwangi druwangi is offline
Member
druwangi is on a distinguished road
 
Posts: 45
Join Date: Apr 2011
Location: kundasale Kandy
12-14-2011, 02:48 PM

hmm godak watina thread ekak me loke inna okkolama minissune
Reply With Quote
(#10)
Old
coollifestyle4u's Avatar
coollifestyle4u coollifestyle4u is offline
Senior Member
coollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to allcoollifestyle4u is a name known to all
 
Posts: 39,863
Join Date: Jun 2008
Location: .:මහනුවර:.
Send a message via Skype™ to coollifestyle4u
12-14-2011, 02:48 PM

Quote:
Originally Posted by tishaeins View Post
මම එක්තාරා විදිහකට සතුටින් නම් නේමේ නමුත් එක වෙලාවකට පමණයි නමුත් මම ගොඩක් සතුටින් ඉන්න කෙනෙක්ද කියලත් හිතනවා හෙතුව තමා මම විශ්වාස කරන්නේ සතුට කියන්නේ එකිනෙකා වෙනුවෙන් කැපකිරිම මත ලැබෙන තැග්ගක් කියලා අනේක් අතට අපි මෙ ලොකේට ඇවිල්ලා තියෙන්නේ එක්තාරා දාම පද්ධතියකින් කියලා තමා මට හිතෙන්නේ එ දාමය රැකගන්න තමා අපි ජිවත් වෙන්නේ එකිනේකා වෙනුවෙන් කරන කැපකිරිමට එක තමා මේ දාම ජාලයේ සම්භන්ධවන රේකාව එහි තියෙන්න පුලුවන් එක එක ජාතියේ පුරුක් තියෙන්න පුලුවන් එවා තමා ඔය ජාති, ආගම්, එක එක මත දරන්නන් හා සතුන් පවා ඇතුව නමුත් මෙහි ප්‍රධානම පුරුක වන මිනිසා කියන පුරුකේ ශක්තිය රදා පවතින්නේ එකිනෙකා හා තමන් වෙනුවෙන් කරන කැප කිරිම මතයි කියලා මට හිතෙන්නේ

සහෝදරයා ගේ කී බෝඩ් එකේ නැවතිමේ තීත වැඩ කරන්නේ නැද්ද ?
කොහොම වුනත් සහෝදරයාගේ අදහස් වලට ගරු කරන්න පුලුවන් කම තියෙනවා..
Reply With Quote
Reply

Bookmarks

Tags
# කොන ලස් :පී, ආදර උපදේශක, ආදරේ නම් කූල්, ඇයි ජීවත් වෙන්නෙ, පී.කොනකපාල, බොකක් සෙට් උනා, මම මෝඩ මොඩ්, :පී ඩයල් එක, cls4u ගේ අදහස්, cool :පී, cool ge amma amu wesi, coollifestyle4u කූජිතයි., gon hambaya, ponna cool

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03952 seconds with 9 queries