ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Education
Reload this Page සඳලුතලයේ පලතුරු උයනක්‌ - ලොකු පලතුරු ගස්‌ #
Reply
 
Thread Tools
(#1)
Old
youtube's Avatar
youtube youtube is offline
Senior Member
youtube is just really niceyoutube is just really niceyoutube is just really niceyoutube is just really niceyoutube is just really niceyoutube is just really niceyoutube is just really niceyoutube is just really niceyoutube is just really niceyoutube is just really nice
 
Posts: 671
Join Date: Feb 2012
සඳලුතලයේ පලතුරු උයනක්‌ - ලොකු පලතුරු ගස්‌ # - 05-30-2018, 03:13 AM

ඉඩ සීමිත ගෙවතු/තට්‌ටු නිවාස වලට කදිමයි
කෙටි කලකින් ගෙදරට අස්‌වැන්න අහිතකර පස්‌ ඇති ඉඩම්වලටත් මෙය විසඳුමක්‌. අලුයම හිරු කිරණින් උණුසුම්වී තුරුලතාවන් අතර ගැවසෙමින් ගී ගයනා කුරුළු සමූහය මවනා සුන්දරත්වය තැවරුණු ගෙවත්ත අද දිනයේ කාර්ය බහුල නාගරිකයාට නම් සිහිනෙන් දකින සිතුවමක්‌ පමණි. ගසකින් ඉදුණ ගෙඩියක්‌ කඩා ගැනීමට අවස්‌ථාව නොලද දරුවන් නගරයේ එමටය. ඔවුන්ගේ දේශීය පලතුරු ලෝකය කෙසෙල්, පැපොල්, අඹ හා අන්නාසි වැනි පලතුරු කීපයකට සීමාවී තිබේ. පෙර පැවති අසිරිය වෙතනම් ආපසු ගමනක්‌ ඇත්තේම නැත. මිහිතලයෙන් තුරන්වීමේ තර්ජනයට පවා මුහුණදී සිටින විවිධ පලතුරු මාදිලියන් සුරක්‌ෂිත කිරීමේ විවිධ ව්‍යාපෘති කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ දියත් වේ. වේගයෙන් ඉදිරියට එමින් තිබෙන නාගරීකරණයත්, ජනගහන වර්ධනයත් හමුවේ පලතුරු වගාව නවීකරණයට හසුකර ජනගත කිරීමේ අවශ්‍යතාවය කල්තියා තේරුම්ගත් කෘෂි විද්‍යාඥ ආචාර්ය සුභ හීන්කෙන්ද, දේශීය පලතුරු ශාක බඳුන්ගතව වැවීමේ ක්‍රමයක්‌ වසර ගණනක්‌ තිස්‌සේ අත්හදා බලා සාර්ථක ප්‍රතිඵල නෙලා ගත්තෙකි. අද ඔහු විශ්‍රාම ගතව සිටියද, ගන්නොරුව පලතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන ස්‌ථානයේදී ඔහු ඇරඹූ මෙම තාක්‌ෂණය අද ඉදිරියට රැගෙන යැමේ වගකීම දරන්නේ එහි වර්තමාන ප්‍රධානී ආචාර්ය කල්‍යා කැටිපෙආරච්චිය. වැඩසටහන් සහකාර ලක්‌ෂ්මන් ගම්ලත් හා පර්යේෂණ සහකාර ඉනෝකා දමයන්තිගේද නොමද සහාය එම කර්තව්‍යය හා යහමින් මුසු වේ.

ඕනෑම ගසක පොළොවෙන් උඩ කොටස හා පොළොවෙන් යට කොටස අතර නියත අනුපාතයක්‌ තියෙනවා. ගස හැමවිටම උත්සාහ කරනවා මේ අනුපාතය රැකගන්න. ලොකුවට හැදෙන ගස්‌ බදුන් කරලා, මුල් කප්පාදුවක්‌ කළොත් කලින් කී අනුපාතය නඩත්තු කරගැනීමට අවශ්‍ය නිසා උඩ කොටසත් ලොකුවට හැදෙන්නේ නෑ. වතුර වගේ දේ සීමා කරලා ආතතික පරිසරයක්‌ දුන්නහම තමාගේ වර්ගයා නොනැසී පවත්වාගැනීම උදෙසා ශාකය ප්‍රජනක අවධියට එළඹිලා මල් හා ගෙඩි බිහිකරනවා. ඒ විදියට තමයි බඳුන්ගත ලොකු පලතුරු ගස්‌වලින් වසරක්‌ දෙකක්‌ ඇතුළත ගෙඩි ලබාගන්නේ.

උද්‍යාන විද්‍යාවේ මහ පුස්‌තකයේ පිටු කීපයක්‌ පුරා තිබූ දෑ සරලව එක හුස්‌මට පැහැදිලි කළේ ආචාර්ය හීන්කෙන්දයි. මේ ක්‍රමයට පලතුරු ගසක්‌ සිටුවීමට ලීටර් 40-50 ප්‍රමාණයේ බඳුනක්‌ අවශ්‍ය වේ. සාමාන්‍ය පෝච්චියක මෙන් එහි පතුලේද, අඟල් දෙක තුනක්‌ පතුලේ සිට ඉහළින් පාර්ශ්විකවද, සිදුරු කීපයක්‌ සෑදිය යුත්තේ ජල වහනයටයි. එය පහසු කිරීම උදෙසා බඳුනේ පතුලට ගඩොල් හෝ උළු කැබලි වැනි දෙයක්‌ද, ඒ මත දිරාපත් වූ කොළ තට්‌ටුවක්‌ද දැමීම සුදුසුය. දැන් බඳුනේ තුන්කාලක්‌ පමණ පිරෙනතුරු මතුපිට පස්‌, කොම්පෝස්‌ට්‌ හා වැලි සම ප්‍රමානවලින් යුත් මිශ්‍රණයක්‌ දැමූවිට බඳුන සූදානම්ය. සිටුවීමට දින 3 කට පමණ පෙර යුරීයා ග්‍රෑම් 25ක්‌, ට්‍රරිපල් සුපර් පොස්‌ෙµට්‌ ග්‍රෑම් 25ක්‌ හා මියුරියේට්‌ ඔµa පොටෑෂ් ග්‍රෑම් 15 ක්‌ මූලික පොහොර ලෙස එකතුකිරීමෙන් පසු කටයුතු අවසන් වේ.
ජලය යහමින් යෙදීම මූල පද්ධතියට අගුණයි. ඒනිසා පරිසර තත්ත්වය හා බඳුනේ ප්‍රමාණය ගැන හිතල වතුර දාන්න ඕනෑ. මාස තුනෙන් තුනට පෙරදී දැමූ පොහොර ප්‍රමාණයම දාන අතර අංශුමාත්‍ර මුලද්‍රව්‍ය සහිත දියර පොහොරක්‌ යෙදුවොත් තවත් හොඳයි.




සාකච්ඡාවට එකතුවෙමින් ආචාර්ය කල්‍යා පවසන්නේ බඳුන්ගත ශාකය නඩත්තු කළයුතු අන්දමයි. ඉහතකී උද්‍යාන විද්‍යා මුලධර්මයන්ට අනුකූලව ගස හැසිරවීමට නම් මුල් හා අතු කප්පාදු කිරීමක්‌ අත්‍යවශ්‍ය වේ. බඳුනේ පස අසල ඇති අතු ඉවත්කර, අඩි පහක්‌ පමණ උස ගසක නම් පසේ සිට අඩියක්‌ පමණ උසක්‌ දක්‌වා අතු රහිත කඳක්‌ නිර්මාණය කරගත යුතුය. මුල් කප්පාදුවද හිතන තරම් අමාරු නැත. මේ සඳහා කැපෙන දාරයක්‌ සහිත ලෝහ තලයක්‌ බඳුනේ ගැඹුරට ගිල්විය හැකි තරමේ දිග ලීයකට සවිකළ උපකරණයක්‌ ඔබටම සාදාගත හැකිය. මාස හයකට වරක්‌ පළමුව, බඳුනේ වටප්‍රමාණයෙන් භාගයකද, ඊළඟ මාස හය පිරුණු පසු බඳුනේ අනෙක්‌ භාගයේද, බඳුනේ බිත්තිය අසලින් උපකරණය පතුලට යවා පාර්ශ්වික මුල් කපා දැමිය යුතුවේ. කටුඅනෝදා, සිට්‍රස්‌ වර්ග, වෙරළු, නෙල්ලි, අඹ, රඹුටන් වැනි වර්ග පහසුවෙන් බඳුන් තුළ ඵලදරන අතර, එය සිටුවා වසර දෙක තුනක්‌ අතර සිදු වේ. පොළොවේ සිටවූවිට ළුල දැරීමට කල්ගතවන මසන්, බඳුන් ගතවූ විට මාස 6-7 කින් ඵලදරන බව අධ්‍යයන වාර්තා සනාථ කරයි.

කොන්ක්‍රීට්‌ ස්‌ලැබ් මත, සඳලු

තලයේ වගේ තැන්වල බඳුන් ශාක වගාකිරීම ඉඩමක්‌ කොහෙත්ම නැති අයට හොඳ විසදුමක්‌. ගල් සහිත හෝ වගුරු සහිත ඉඩමකටත් මෙය ගැලපෙනවා. බඳුන්පැළ පහසුවෙන් ප්‍රවාහනය කරන්න පුළුවන් නිසා නිතර ගෙවල් මාරු කරන අයටත් තමා වැවූ පලතුරු ගස්‌ ටික යනකොට අරගෙන යන්න පුළුවන්. හිතල බලන්නකෝ, තව මොනතරම් වාසි මේ ක්‍රමයෙන් ලැබෙනවද කියල.

කල්‍යා මහත්මියගේ විස්‌තරය අවසන් කෙරුවේ පාඨක ඔබටත් සිතීමට යමක්‌ ඉතිරි කරමිනි. ලක්‌ෂ්මන් හා ඉනෝකා දෙපල සමග කළ ක්‌ෂේත්‍ර නිරීක්‌ෂණය තුළදී හොඳින් ඵල දරමින් තිබූ බඳුන්ගත ශාක කීපයක්‌ම දක්‌නට ලැබිණ. ගන්නෝරුවේ පිහිටි මෙම ආයතන භූමියට පැමියහොත් ඔබගේ සඳලු තලය මත ඉදිරියේදී හැඩවෙන පලතුරු උයනේ අසිරීය සාදන ඵලබර වූ බඳුන්ගත පලතුරු ගස්‌ මොනවාදැයි ඔබටම තීරණය කළ හැකිවනු ඇත. අප කෙතරම් උත්තේජ සැපයුවත් ඇතැම් ගහකොළ ඵලදරන්නේද තම හිතුමනාපයට නිසා ඵලබර ගසක්‌ දැකීමට මෙම ආයතනයට යන ඔබද වාසනාවන්ත නම්, ගමනේ අරමුණු ඉහළින්ම සපිරෙනු ඇත.
Reply With Quote
(#2)
Old
Iron Monger's Avatar
Iron Monger Iron Monger is offline
Senior Member
Iron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud of
 
Posts: 28,452
Join Date: Apr 2011
Location: ලුණුවිල.
Send a message via Skype™ to Iron Monger
05-30-2018, 05:50 AM

bump+++
Reply With Quote
(#3)
Old
asankadinesg's Avatar
asankadinesg asankadinesg is offline
Senior Member
asankadinesg is just really niceasankadinesg is just really niceasankadinesg is just really niceasankadinesg is just really niceasankadinesg is just really niceasankadinesg is just really niceasankadinesg is just really niceasankadinesg is just really niceasankadinesg is just really niceasankadinesg is just really nice
 
Posts: 5,300
Join Date: Mar 2008
Location: බොරලැස්ගමුව
05-30-2018, 07:02 AM

bump
Reply With Quote
(#4)
Old
barath dpriye's Avatar
barath dpriye barath dpriye is offline
Senior Member
barath dpriye is a splendid one to beholdbarath dpriye is a splendid one to beholdbarath dpriye is a splendid one to beholdbarath dpriye is a splendid one to beholdbarath dpriye is a splendid one to beholdbarath dpriye is a splendid one to beholdbarath dpriye is a splendid one to beholdbarath dpriye is a splendid one to beholdbarath dpriye is a splendid one to beholdbarath dpriye is a splendid one to beholdbarath dpriye is a splendid one to behold
 
Posts: 5,522
Join Date: Sep 2014
05-30-2018, 07:09 AM

bump
Reply With Quote
(#5)
Old
Lalakajee's Avatar
Lalakajee Lalakajee is offline
Senior Member
Lalakajee is a glorious beacon of lightLalakajee is a glorious beacon of lightLalakajee is a glorious beacon of lightLalakajee is a glorious beacon of lightLalakajee is a glorious beacon of lightLalakajee is a glorious beacon of lightLalakajee is a glorious beacon of lightLalakajee is a glorious beacon of lightLalakajee is a glorious beacon of lightLalakajee is a glorious beacon of lightLalakajee is a glorious beacon of light
 
Posts: 3,654
Join Date: Jun 2007
Location: In my own heart
05-30-2018, 07:20 AM


Rep+
Reply With Quote
(#6)
Old
crazy-owl's Avatar
crazy-owl crazy-owl is offline
Senior Member
crazy-owl is a splendid one to beholdcrazy-owl is a splendid one to beholdcrazy-owl is a splendid one to beholdcrazy-owl is a splendid one to beholdcrazy-owl is a splendid one to beholdcrazy-owl is a splendid one to beholdcrazy-owl is a splendid one to beholdcrazy-owl is a splendid one to beholdcrazy-owl is a splendid one to beholdcrazy-owl is a splendid one to beholdcrazy-owl is a splendid one to behold
 
Posts: 772
Join Date: Dec 2017
Location: panadura
05-30-2018, 07:24 AM

tfs
+++
Reply With Quote
(#7)
Old
ehseres's Avatar
ehseres ehseres is offline
Senior Member
ehseres is a splendid one to beholdehseres is a splendid one to beholdehseres is a splendid one to beholdehseres is a splendid one to beholdehseres is a splendid one to beholdehseres is a splendid one to beholdehseres is a splendid one to beholdehseres is a splendid one to beholdehseres is a splendid one to beholdehseres is a splendid one to beholdehseres is a splendid one to behold
 
Posts: 3,714
Join Date: Aug 2015
Location: ප්ලැනට් අර්ර්ත්
05-30-2018, 07:31 AM

Bump +++++
Reply With Quote
(#8)
Old
asknrk's Avatar
asknrk asknrk is offline
Senior Member
asknrk is a glorious beacon of lightasknrk is a glorious beacon of lightasknrk is a glorious beacon of lightasknrk is a glorious beacon of lightasknrk is a glorious beacon of lightasknrk is a glorious beacon of lightasknrk is a glorious beacon of lightasknrk is a glorious beacon of lightasknrk is a glorious beacon of lightasknrk is a glorious beacon of lightasknrk is a glorious beacon of light
 
Posts: 2,804
Join Date: Feb 2007
Location: @Thusithaya
05-30-2018, 07:37 AM

patta
Reply With Quote
(#9)
Old
Omega_Jay's Avatar
Omega_Jay Omega_Jay is offline
Senior Member
Omega_Jay is a name known to allOmega_Jay is a name known to allOmega_Jay is a name known to allOmega_Jay is a name known to allOmega_Jay is a name known to allOmega_Jay is a name known to allOmega_Jay is a name known to allOmega_Jay is a name known to allOmega_Jay is a name known to allOmega_Jay is a name known to allOmega_Jay is a name known to all
 
Posts: 1,718
Join Date: Jul 2017
Location: ඩොටේ Ż\(°_o)/Ż
05-30-2018, 07:40 AM

up
rep+
Reply With Quote
(#10)
Old
upulpdn's Avatar
upulpdn upulpdn is offline
Senior Member
upulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud of
 
Posts: 35,188
Join Date: Mar 2009
Location: Kurunegala
05-30-2018, 07:41 AM

👍👍
Reply With Quote
Reply

Bookmarks

Tags
agri

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.07238 seconds with 11 queries