Quote:
Originally Posted by ruwanwellarocker
ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ මම වයසක බාස් කෙනෙකුට රු800 දුන්නා.( ඒ වෙලාවේ අතේ තිබුණ සේරම) මගෙ බයික් එකේ පැච් එකක් ගියා සීතාවක පැත්තේ කැළෑ පාරක හරියටම 11.45 වෙලාව ලඟම හිටියා බාස් ගොඩක් වයසයි.. මිනිහා තනියෙම පොඩි ගැරීජ්එකක් ඇතුලේ ඉන්නේ. අවුරුදු 2 ක ඉදන් අන්සබාගේ නිසා එක අතක් සහ කකුලක් වැඩ කරන්නේ නැහැ. මට බාස් ඉන්න හැටි දැක්කාම ගොඩක් දුක හිතුනා. ආයුධ ටික වටේ තියාගෙන ඇදට වෙලා කුප්පි ලාම්පුවක් තියාගෙන ඉන්නේ.දවල්ට සහ රෑට විතරයි කෑම ලැබෙන්නේ.. උදේට කොට්ටන් ඇට තලලා කනවා කිව්වා. ..
ටියුබ් එකක් ගන්න උදේ වෙනකම් ඉන්න කිව්වා. ලඟ පාතක ටයර් කඩ නැහැ. පරණ ලුමාලා බයිසිකලයක් තියෙනවා මේ බාස් ඉස්සර පැදපු. මම රෑ ඒක හැදුවා. උදේම ගිහිල්ලා ඒ බයිසිකලෙන් මම ටියුබ් එකක් ගෙනාවා. එයාගෙම ආයුධ වලින් ටයර් එක ගලවලා ටියුබි එක දැම්මා. පස්සේ අතේ ඉතිරි සල්ලි සේරම මිනිහට දීලා මම ආවේ..
|
හොද වැඩක් මචන්. මේක කියෙව්වාම මතක් උනේ. දවසක් පාන්දර කැළණියෙ ගියවෙලාවක අම්ම කනෙක් අවිත් වදිනව. අපි වැදල ඉවරයි එතකොට. එන්න ලැස්තිවෙනවා. අපි ගාවට ඇවිත් පුතාල ගාව ගෙනාපු තේ තියෙනවද කියල ඇහුවා. අපි ගෙදරින් එන්නෙ මහ පාන්දර නිසා මොකුත් ගේන්නෙ නෑනෙ. ඉතින් නෑ කියන්නත් ලෝබයි හරි අසරණ විදියට ඇහුවෙ. ඉතින් මම ඇහුව උදේට කාලද කියල. නෑ කිව්වා. එයාගේ ප්රශ්න ගැනත් කිව්වා. අතේ කීයක් වත් නැතුව කිව්වා කැළණි ආවේ දුක කියන්න. ඉතින් දුවල ගියා පල්ලෙහාට කඩ ඇරලද බලන්න. ඒ වෙනකොටත් ලාවට කරුවලයි. එකම එක කඩයක් ඇර තිබුනා. එවෙල දාපු මාලුපාන් එකයි රෝල් එකකුයි ටී එකකුයි අගෙන පංසලටම ගෙනත් දුන්නා. අතේ තිබුනේ පොඩි ගානක්. එකත් දුන්නා. අනේ මගෙ ඇස්වලට කදුලු ආවා ඒක ගත්තු ඒ අම්ම මට පන්සලේ වැන්දා. මට මාර අප්සෙට්. ටක්ගාල මම අත්දෙකෙන් අල්ලගෙන අන් මට පව්සිද්දවෙයි කියල අතින් අල්ලගෙන වාඩි කෙරෙව්වා. එතන ඉන්න මට හිත දුන්නෑ. මම යන්නම් කියල ඉක්මටන ආව. මගෙ යාලුවන්ට මම කිව්වා අතන අම්මකෙනෙක් ඉන්නවා පුලුවන්නම් ගිහින් කීයක් හරි දෙන්න කියල. මාත් එක් අපු දෙන්නෙක් ඒ අම්මට මුදල් දුන්නා.
තව දවසක් මම වැඩ ඇරිල එනගමන්. 5.15 ට විතර ඔෆිස් එකෙන් ආවෙ. ටික්ක පරක්කුයි. හංවැල්ලට ඇවිත් 143 කොළඹ රජයේ බස් එකක් (CTB) එකක නැග්ග ඉක්මනට එන්න ඕනෙ නිසා. සෙනග හිටයෙත් නෑ සීට් තිබුනා. මමත් ජනේලයක් ලගින් වාඩිවෙලා ආවා. නවගමුවෙ දේවාලෙ ගාව බස්එක ටික වෙලාවක් නවත්තගෙන හිටිය. ඉස්සරහ දොරෙන් අම්ම කෙනෙක් නැගල ඩයිවර්ට මොනවද කියනව දැක්ක. මම වෙන කල්පනාවක හිටයෙ. ඩයිවර් ටිකක් හයියෙන් මොනවද කියනව ඇහුන. මේවා රජයේ වාහන කයලත් කිව්වා. අර අම්ම බැහැල ගියා. මගේ පිටිපස්සෙ හිටපු අක්ක කෙනෙක් ජනේලෙන් අත දාල අර අම්මට කතාකරල සල්ලි වගෙයක් දුන්න. ඊට පස්සෙ අර අම්ම පස්සෙ දොරෙන් මම හිටපු බස්එකටම නැගග. මම ඇහුවා ඒ අක්කගෙන් ඇයි කියල. එතකොට තමයි කිව්වේ ඩයිවර් බැන්නලු නිකන් බස්වල එක්කගෙන යන්නෙ නෑ. ආඩුවෙ වාහනවල වෙන එකක එන්න කියල. මට මාර දුකයි මට ඒ වචන ටික ඇහුනෙ නැති එකට. ඉවසගෙන ඉදල කඩුවෙල කිට්ටුවට ආවම මම ගියා අම්ම ගාවට. ගිහින් ඇහුවා කොහෙන්න බහින්නෙ කියල. ඔරුගොඩවත්තෙන් කිව්වා. තොරණ හංදිය පැත්තෙ ඉන්නව කිව්වෙ. අතේ සල්ලි තියෙනවද ඇහුවා අර නෝනා දුන්න කියල අර අක්කව පෙන්නුවා. මමත් පොඩි මුදලක් දුන්න මේක තියාගන්න බස් වියදමට කියල. ගත්තෙ නෑ මේ ඇති කිව්වා ගෙදර යන්න. කමක්නෑ මේක තියාගන්න කියල මම දීල කඩුවෙලින් බැහැල ගිය.