මොරවක් කෝරළේ කළුබෝවිටියන් ගලේ ජනප්රවා& -
01-05-2012, 12:32 PM
මොරවක් කෝරළේ කළුබෝවිටියන් ගලේජනප්රවාද
සමනල කන්දේ හැඩය ගෙන පිහිටි උස් ගිරිශිඛරයක් මාතර දිසාවේ මොරවක් කෝරළයේ කළුබෝවිටියන සීමාවේ ඇත. ගාල්ල මාතර දෙදිසාමායිමේ කඩිහිංගලට ළංව පිහිටියේය.
පිහිටීම අනුවත්, මෙයට පවතින ඓතිහාසිකජනප්රවාද අනුවත් මෙම ගිර තුළ දැවැන්ත විහාරයක් හෝ දේවාලයක් ඇතැයි විශ්වාස කරති.ගල පාමුල රුවන්කන්ද නමින් පැරැණි රජ මහා ලෙන් විහාරයක් ඇත. එයට අතීතයේදී zපාරෙවිහාරයZ නමින් නම් වී ඇත. ඒ අනුවද පෙනෙන්නේ තවත් විහාරයක් ගල යට ඇති බවය. මීට සමානඋස් පර්වතයක් ගාලු දිසාවේ හල්විටිගල පිහිටියේය. එය ආසන්නයේද ලෙන් විහාරයක්ඇත.
දනගිරි ගල කළුබෝවිටියන් ගලට දනගිරි ගල කියා ද කළුබෝවිටි යහන්ගල කියා දකියනු ලැබේ. කළුබෝ යන්නෙහි අදහස තවමත් පැහැදිලි නැත. ගැමි ජනතාවගේ කට කතාවට අනුවකියෑවෙන්නේ බුදුන් වහන්සේ සිරිපා ලකුණ තැබීමට මේ ගල මතට වැඩි බවත්, ගල මුදුනෙහිකඩියන් සහ හින්නන් සිටි නිසා සිරිපා කන්ද නම් වන සමනල කන්දට වැඩිය බවත් ය. ඒ කෙසේවෙතත් මේ ගල අසල zපාල කන්දZ නමැති ප්‍රදේශයේ ගල් තලාවක කඩඉමක් කොටා තිබේ. එම කඩඉමගලා යන නමින් කඩිහියංගල නාමය ඇති වී ඇත.
ඇතෙකුගේ පිටක් බඳු වූ ගල් තලාවක්ගල මුදුනෙහි තිබේ. එහි එක්තරා ස්ථානයක් උස්ව පිහිටියේය. මුදුනත ගල් පතුරක් ඇත.එය වලාකුළු ගැවසෙන මට්ටමින් ඇත. ගල මත දැවැන්ත ගස් කොළන් බහුලය. ජලසීරා බහුලය.පොකුණු වැනි ගලින් නිර්මිත තැන් ද කීපයකි. එහෙත් මිනිස් වාසයක් සිදු වී ඇති බවක්නොපෙනේ. අතීතයේ නම් විවිධ පලතුරු වර්ග තිබී ඇතැයි කියති. එක්තරා උපාසක කෙනෙක් මේගලේ විහාරය පෙනෙත්වා කියා උපවාසයක් කළ අතර, ඔහුට ලෙන්දොර ඇරී විහාරය පෙනුණු බවත්එය වැඳ පසු පසට එද්දී ලෙන්දොර වැසී ගිය බව ද ජනප්රවාදයේ එයි. කෙසේ වෙතත් මෑත කාලයේනම් ආරණ්‍යවාසී හිමිවරු මෙහි වැඩ වාසය කර තිබේ.
ගල මුදුනේ සිට ගල පාමුලටවැටුන තඹ පත් ඉරුවක් දෙල්ලව අයෙකුට ලැබී එය කඹුරුපිටියේ වනරතන හිමියන්ට දුන් වගත්අසන්නට ලැබේ. ඒ හිමියන් අතර දෙල්ලව ගම්මානයට වැඩිය කෙනෙකි පත්ඉරුවේ තොරුතුරුඅනාවරණය වී නැත.
අතීතයේ අංජනම්කරුවෝ අංජනම් ශාස්ත්‍රයට අනුව ලෙන් විහාරයනරඹා ඇතැයි ද කියති. පුර පසළොස්වක පෝය දිනට මේ ගිරි මුදුනෙන් කිංකිණි ශබ්දය ඇසෙනවග ද පැරැනියන්ට ඇසී ඇත. වෙහෙර වැදීමට එන දේව සේනාවේ නාදය එය බවත්පැවසෙයි.
එකල ගල ආශ්‍රය කරගෙන සුදු ඌරන් ගැවසී ඇත. උන් රාත්‍රි කාලයටහේන්වලට පැමිණ අල භෝග පාලු කර ගියත් උන්ට බඳින තුවක්කුව පත්තු වී නැත. "ගලේහේන"නමින් සීමාවක් ද දේවාලේගම නමින් ඉපැරැණි ගම්මානයක් ද මේ අසල වෙති. ගලට අරක් ගෙනසිටින්නේ බස්නාහිර දෙවියන් ලෙස සැලකෙන රඡ්ජුරුබණ්ඩාර දෙවියන් ය. රුවන්කන්දගැටබරුව වැනි කුඩා ලෙන් පරුවතයන්හි රජමහා විහාර කර්මාන්තය කළා නම් මෙතරම් දැවැන්තගිරි කුලක විහාරයක් කර නොතිබීම මහත් පුදුමයකි.
සමහර අය පවසන්නේ මේ ගලේවිහාරය කවදා හෝ පෑදෙන බවකි. දේවාලයක හෝ විහාරයක් වේ නම් එහි දොරටුව කාලයාගේ ගෙවීයැමෙන් පස් හෝ ගල් පතුරුවලින් වැසී ඇතැයි පිළිගත හැකිය. දැනටත් ගලේ පැතිකඩවලින්මහා ගල් තහඩු කඳු පාමුලට වැටෙයි. මෙම කඳු බිම අවට නාය යැම ද සිදුවෙන නිසා මිනිස්වාසයට නුසුදුසු බව රජය පවසා තිබේ. රාජකීය උමගවල් මෙහි තිබිය හැකිය. මේ ගල පිළිබඳවකිසියම් පර්යේෂණයක් කරන්නේ නම් වටිනා භූගෝල ශාස්ත්‍රීය දැනුමක් ලදහැකිය.
සුමනදාස සිරිවර්ධන
http://www.divaina.com/2011/07/10/siya14.html
|