ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page වතුරේ යන ඒවා
Reply
 
Thread Tools
(#1)
Old
SANJEE's Avatar
SANJEE SANJEE is offline
Senior Member
SANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to all
 
Posts: 40,475
Join Date: May 2006
Location: අගනගරේ කිට්ටුව
වතුරේ යන ඒවා - 10-19-2012, 02:51 PM

ඔන්න කට්ටියටම නැව් සහ අනෙකුත් යාත්‍රා ගැන උගන්වන්නයි හදන්නේ (හැබැයි මම උගන්වන්න හැදුවාට මම මේවා පිළිබඳව සියල්ල දත් කෙනෙක් නෙවෙයි හරිය..... මේ දාලා තියෙන විස්තර වැරදිනම් හරි මීට වඩා විස්තර ඔයාලා දන්නවානම් හරි කරුණාකර දැනුවත් කරන්න කියලා ඔන්න හැමෝටම ආරාධනා කරනවා පාඩම පටන් ගන්න කලින්ම.......)

හරි එහෙනම් පටා‌‍ාාාාාාාාාාාාාාාාන් ගමු......

බලන්නකෝ මුලින්ම මෙන්න මේක දිහා..... මේ තමයි දැනට ලෝකයේ තියෙන දියමත යාත්‍රා කරන ඒවා (වතුරේ යන හැම එකම නැව් නෙවෙයිනේ...) වර්ග කරලා තියෙන හැටි...... මෙතනින් කීයක් ඔයාලා දන්නවාද......? (මම දන්නේ නැති ඒවාත් සෑහෙන්න තියෙනවා....)


(මේකේ තියෙන ඒවා අපැහැදිලිනම් රූපය ක්ලික් කරලා බලන්ඩෝ)

හොඳයි එහෙනං මම පටන් ගන්නම් ඒ රූපයේ ඔරලෝසු කටු කරකැවෙනවා වගේ දකුණේ උඩ ඉඳං.......

OCEAN GOING (මුහුදේ ගමන් කරන)
මේ මුහුදේ ගමන් කරන යාත්‍රා කොටස් 4 කට වර්ග කරලා තියෙනවා...... ඒ CONTAINER SHIPS, TANKERS, BULKERS හා SPECIALITY SHIPS විදියට..... දැන් බලමු CONTAINER SHIPS ගැන ඒ කියන්නේ කන්ටේනර් බහාළුම් ප්‍රවාහන නෞකා ගැන......
Reply With Quote
(#2)
Old
G-Man's Avatar
G-Man G-Man is offline
Senior Member
G-Man is just really niceG-Man is just really niceG-Man is just really niceG-Man is just really niceG-Man is just really niceG-Man is just really niceG-Man is just really nice
 
Posts: 2,494
Join Date: Dec 2011
Location: තාම හොයනවා
10-19-2012, 03:08 PM

නොදන්න දෙයක් ගැන අළුත් විදියකට
Reply With Quote
(#3)
Old
zirconium's Avatar
zirconium zirconium is offline
Senior Member
zirconium will become famous soon enoughzirconium will become famous soon enough
 
Posts: 493
Join Date: Sep 2009
Location: Moscow,Moscow City,Russia
10-19-2012, 03:09 PM

bump
Reply With Quote
(#4)
Old
HondaMPLG's Avatar
HondaMPLG HondaMPLG is offline
Senior Member
HondaMPLG is a splendid one to beholdHondaMPLG is a splendid one to beholdHondaMPLG is a splendid one to beholdHondaMPLG is a splendid one to beholdHondaMPLG is a splendid one to beholdHondaMPLG is a splendid one to beholdHondaMPLG is a splendid one to beholdHondaMPLG is a splendid one to beholdHondaMPLG is a splendid one to beholdHondaMPLG is a splendid one to beholdHondaMPLG is a splendid one to behold
 
Posts: 6,358
Join Date: Feb 2012
Location: මෙතනම තමයි
10-19-2012, 03:14 PM

hugak mahansi wena patai,,thanks....+++
Reply With Quote
(#5)
Old
SANJEE's Avatar
SANJEE SANJEE is offline
Senior Member
SANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to all
 
Posts: 40,475
Join Date: May 2006
Location: අගනගරේ කිට්ටුව
10-19-2012, 03:17 PM

CONTAINER SHIPS (කන්ටේනර් බහාළුම් ප්‍රවාහන නෞකා)


කන්ටේනර් බහාළුම් ප්‍රවාහන නෞකා කියන්නේ මහමුහුදේ බොහොම සුලභව දකින්න පුළුවන් ජාතියේ නැව් වර්ගයක්....... (පාරේ ත්‍රීවීල් වගේ තමයි මුහුදේ මේ කන්ටේනර් ගෙනියන නැව්......) මේවා භාණ්ඩ ප්‍රවාහන නෞකා ගනයටත් අයත් වෙනවා..... කන්ටේනර් පෙට්ටි වල දාලා ගෙනියන බඩුභාණ්ඩ ඒක තැනක (රටක) ඉඳලා තවත් තැනකට (රටකට) ගෙනියන එක තමයි මෙයාලාගේ රාජකාරිය......
සාමාන්‍ය අඩි 20 සහ අඩි 40 සංවෘත කන්ටේනර් බහාළුම් තමයි වැඩි වශයෙන්ම මේ නැව් වල ප්‍රවාහනය කෙරෙන්නේ...... ඊට අමතරව මෙන්න මේ වගේ විශේෂ බහාළුම් වර්ගත් මේ නැව් වල ප්‍රවාහනය කෙරෙනවා......





1950 කාලේදී තමයි මේ කන්ටේනර් බහාළුම් ලෝකෙට හදුන්වලා දීලා තියෙන්නේ...... ඊට කලින් සාමාන්‍ය නැව් වල භාණ්ඩ ප්‍රවාහනය කරද්දී සිද්දවෙච්චි කාලය නාස්ති වීමයි, ඉඩකඩ නාස්ති වීමයි, වියදමයි, බඩුවලට අලාභ හානි වීමයි, පහසුවයි, බඩු වල ආරක්ෂාවයි එකී මෙකී නොකී බොහෝ දේවලුයි සලකා බලලා මේ කන්ටේනර් බහාළුම් වල බඩු අසුරලා ප්‍රවාහනය කරන ක්‍රමය ලෝකෙට අදුන්වලා දීලා තියෙනවා...... වැඩේ කොච්චර නැගලා ගියාද කියනවානම් තාමත් ඉතිං නැගලාම යනවනේ....... මේ බහාළුම් ක්‍රමය නිසා 1950 කාලෙට වඩා නැව් මගින් භාණ්ඩ ප්‍රවාහනයේ කාර්යක්ෂමතාවය 84% කින් වැඩිවෙලා වගේම වියදම 34% කින් අඩුවෙලාත් තියෙනවාලු.....

කන්ටේනර් බහාළුම් ප්‍රවාහනය නැවක් හැටියට 1956දී මුලින්ම වැඩේට බැස්සේ මෙන්න මෙයා තමයි...... මේ ඉන්නේ “IDEAL X”...... මෙයා මුලින් ඉඳලා තියෙන්නේ ටෑන්කර් එකක් හැටියටයි..... (ඒ කියන්නේ තෙල් ගෙනියන නැවක් හැටියටයි.....) පස්සේ එයාව මොඩිෆයි කරලා තියෙනවා කන්ටේනර් පටවලා ගෙනියන්න පුළුවන් වෙන්න..... මුලින්ම අඩි 35ක් දිග (මුලින්ම අඩි 35ක් දිගට තමයි කන්ටේනර් හදලා තියෙන්නේ....) කන්ටේනර් 58ක් පටවාගෙන (බර ටොන් 15,000ක් විතර වුනාලු.....) ඇමරිකාවේ නිව් ජර්සි ඉඳලා හූස්ටන් හා ටෙක්සාස් වලට තමයි ගමන කරලා තියෙන්නේ......


එදා එයාගෙන් පටන් ගත්තු ගමන මේ වෙනකොට සෑහෙන විදියට දියුණු වෙලා තියෙනවා.... මේ වෙනකොට ලෝකය පුරාම භාණ්ඩ ප්‍රවාහනයෙන් 90% ක්ම ප්‍රවාහනය වෙන්නේ මේ කන්ටේනර් බහාළුම් වලයි.... කන්ටේනර් බහාළුම් ප්‍රවාහනය නෞකා කාලයත් එක්ක වැඩි දියුණු වෙද්දී මෙන්න මේ විදියට දියුණු වෙලා තියෙනවා....


මේ කන්ටේනර් බහාළුම් ප්‍රවාහන නෞකා වල දියුණුව බලන්නේ TEU ප්‍රමාණයෙන්...... (ඒ TEU කියලා කියන්නේ twenty-foot equivalent unit කියන එකයි..... තවත් විස්තර කරනවානම් TEU යුනිට් 1ක් කියන්නේ සාමාන්‍ය අඩි 20 කන්ටේනර් පෙට්ටියකට..... උඩ තියෙන රූපයේ TEU ධාරිතාවයත් තියෙනවා.....) නැවක ධාරිතාවය TEU 11,000ක් කියමු....... ඒ කියන්නේ ඒ නැවට සාමාන්‍ය අඩි 20 කන්ටේනර් පෙට්ටි 11,000 ක් පටවන්න පුළුවන්.......
මේ සටහනේ තියෙන්නේ ඒ ඒ දිග තියෙන කන්ටේනර් වල දිග, පළල, ධාරිතාවය හා TEU අගයන් ගැන විස්තරයි......


මේ ඉන්නේ දැනට ලෝකයේ විශාලතම කන්ටේනර් බහාළුම් ප්‍රවාහනය නෞකා මෙහෙයවන සමාගම්......
1- NYK LINE (ජපන් සමාගමක්)
2- Evergreen Marine Corporation (චීන සමාගමක්)
3- CMA-CGM (ප්‍රංශ සමාගමක්)
4- Maersk (ඩෙන්මාර්ක් සමාගමක්)
5- MSC (ස්විස් සමාගමක්)
6- Hapag-Lloyd (ජර්මානු සමාගමක්)
7- APL (සිංගප්පූරු සමාගමක්)
8- COSCO (චීන සමාගමක්)
9- Hanjin (දකුණු කොරියානු සමාගමක්)
10- CSCL (චීන සමාගමක්)

ඔන්න එතකොට මේ ඉන්නේ දැනට ලෝකයේ විශාලතම කන්ටේනර් බහාළුම් ප්‍රවාහන නෞකාව...... APL Southampton…… මෙය අයිති APL සමාගමටයි...... මෙයාගේ TEU ධාරිතාවය 10,740ක් වෙනවා...... 2012 තමයි මෙයාව හදලා තියෙන්නේ..... තාම පොඩි එකෙක්නෙ...... දිග මීටර් 342ක් (අඩි 1,145ක්) වෙනවා...... පළල මීටර් 46ක් (අඩි 150ක්) වෙනවා......


Reply With Quote
(#6)
Old
SANJEE's Avatar
SANJEE SANJEE is offline
Senior Member
SANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to all
 
Posts: 40,475
Join Date: May 2006
Location: අගනගරේ කිට්ටුව
10-19-2012, 03:20 PM

ඉතිරි ඒවා ටිකෙන් ටික අප්ලෝඩ් කරන්නම්......
Reply With Quote
(#7)
Old
eregoda899 eregoda899 is offline
Senior Member
eregoda899 is a jewel in the rougheregoda899 is a jewel in the rougheregoda899 is a jewel in the rougheregoda899 is a jewel in the rougheregoda899 is a jewel in the rougheregoda899 is a jewel in the rough
 
Posts: 1,874
Join Date: Sep 2012
Location: Kandy
10-19-2012, 03:22 PM

ela thread ekak.. tax..
Reply With Quote
(#8)
Old
rox2030's Avatar
rox2030 rox2030 is offline
Senior Member
rox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to behold
 
Posts: 8,938
Join Date: Oct 2010
Location: elakiri pot එක - කාමරේ
10-19-2012, 03:31 PM

වැදගත් නූලක්.....




++++
Reply With Quote
(#9)
Old
chathura19900223's Avatar
chathura19900223 chathura19900223 is offline
Senior Member
chathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of light
 
Posts: 6,617
Join Date: Nov 2011
Location: මිහිතලයෙ
10-19-2012, 03:34 PM

appata siri kiwwalu
rep iwarai passe dennam
Reply With Quote
(#10)
Old
SANJEE's Avatar
SANJEE SANJEE is offline
Senior Member
SANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to all
 
Posts: 40,475
Join Date: May 2006
Location: අගනගරේ කිට්ටුව
10-19-2012, 06:07 PM

CONTAINER SHIPS යටතේ වර්ග කරලා තියෙන PANAMEX, POST PANAMEX, SUEZMAX, POST SUEZMAX හා POST MALACCAMAX ගැන තමයි දැන් විස්තර කරන්නේ....

මේ PANAMEX කියලා හඳුන්වන්නේ ඇත්තටම මිනුම් ඒකකයක් මිසක් නැව් වර්ගයක් එහෙම නෙවෙයි....... ඒ කියන්නේ මේක සම්බන්ධ “පැනමා ඇල” එක්ක නිසා..... පැනමා ඇල කියන්නේ කිලෝමීටර 77.1ක් දිග අත්ලාන්තික් සාගරය හා පැසිෆික් සාගරය සම්බන්ධ කරන ඇලක්....... (මෙහෙ තියෙන ඇලවල් ගානට දාලා හිතන්න එපා මේක නැව් යන ඇලක්.....) ඉතිං මේ ඇලෙන් අත්ලාන්තික් සාගරය හා පැසිෆික් සාගරය සම්බන්ධ උනාට මේ සාගර දෙකම තියෙන්නේ ඇලට වඩා පහතින්..... හත්ඉලව්වේ මුහුදේ ඉඳං නැව් කොහොමද එහෙනං ඇලට ඇතුළුවෙන්නේ එහා පැත්තේ මුහුදට යන්න......? මුහුදේ කොහෙද කඳු පල්ලම්....... ඔන්න ඔතනදි තමයි දිය අඟුල් කියන දේ (මේකට කියන සිංහල වචනේ මේකමද කියලානම් දන්නේ නෑ......) උදව් වෙන්නේ..... අපි පඩි පෙලක් නැග නැග උඩට යනවා වගේම පඩි බැහ බැහ පහලට බහිනවා වගේම සිද්දියක් තමයි නැව් වලටත් පැනමා ඇලේදී කරන්න වෙලා තියෙන්නේ....




වඩාත්ම පැහැදිලි වෙයි මම හිතන්නේ මේ රූපේ බැලුවාම.....


ඉතිං මෙහෙම තියෙන දිය අඟුල් (WATER LOCKS) වලින් හැම නැවකටම යන්න බෑනේ....... (හරියට මියා යන තැනින් අලියාට යන්න බෑ වගේ......) පේනවානේ කොහොමද ගමන කියලා.....


ඒ නිසා PANAMA CANAL AUTHORITY කියන අය හැදුවා නීති රීති ටිකක් නැව් වලට...... ඒ කියන්නේ එයාලා නියම කරා මෙච්චර මෙච්චර දිග, පළල, උස හා බර තියෙන නැව් වලට විතරයි මේ පැනමා ඇලෙන් එගොඩ මෙගොඩ වෙන්න පුළුවන් කියලා.... ඒ කියන්නේ.......

දිග - අඩි 950කට අඩු හා පළල - අඩි 106කට අඩු (ප්‍රධානම සුදුසුකම් ඉතිං මේ දෙකනේ.....)

ඔන්න ඒ සුදුසුකම් සපුරලා තියෙන නැව් තමයි මේ PANAMEX කියන කොටසට වැටෙන්නේ.......

එතකොට POST PANAMEX කියලා කියන්නේ මේ මිනුම් වලට වඩා විශාල නැව් වලට..... ඒවාට පැනමා ඇල සුම්මා තමයි.......
Reply With Quote
Reply

Bookmarks

Tags
අපි නොදන්න නැව්, ඉතුරුවා කෝ!, එලකිරි නැව්, කැප්ටන් සන්ජී, නැව් අනේ!, නැව් කන්නා, නැව් කාපර්, පට්ට, ෂෝයි නැව්!, empty 1, ships in elakiri

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01955 seconds with 9 queries