 |
|
 |
Senior Member
|
|
Posts: 8,951
Join Date: Oct 2010
Location: elakiri pot එක - කාමරේ
|
|
පොත් බෙදා දීම - 6 වන දැක්ම (Elakiri Book Donation 6th Step) -
10-14-2019, 11:35 AM
ඔන්න අපෙ යාලුවනෙ..
එළකිරි.කොම් පොත් බෙදා දීම 2020 පටන් ගන්නයි කාලෙ හරි.
අපෙම පොඩි කැකුළුවල අනාගතය හය වෙනි වතාවටත් අපිට පුලුවන් ආකරයට එලිය කරන්න ආපහු පටන් ගන්න යන්නෙ.
ඔයාල දැනටමත් දන්නවා ඇතිනෙ පහුගිය අවස්තා පහේම අපි පුංචි මල් කැකුළු ඉන්න පාසල් තමයි තොර ගත්තෙ. අන්න එ වගෙම මෙ වතාවෙත් අපි එවැනි පාසලක් තොරගත්තා.
එලකිරියෙ අපි පසුගිය වතාවත්වල උපකාර කරපු අවස්තා ටික මතක් කරන්නම්.ගොඩක් අය දැනුවත් වෙලා ඉන්නෙ. ඒත් නොදැකපු යාලුවෙක්ට වැදගත් වෙයි.
1. අපි මුලින් පොලොන්නරුවෙ පාසලකට උපකාර කරා. මෙ සදහා අපිට එලකිරියෙ අපෙ ගොඩාක් අය උදවු කරා.
මෙන්න අපි පොලොන්නරුවෙ පාසල ගැන දාපු ත්‍රෙඩ් ටික.
http://www.elakiri.com/forum/showthread.php?t=1726183
http://www.elakiri.com/forum/showthread.php?t=1732603
මෙන්න ඊට පස්සෙ අපි පොලොන්නරු වැඩෙ ඉවර කරාම ඒ පිලිබදවත් කියලා අපිට උපකාර කල හැමොටම සුභපතලා දැම්ම ත්‍රෙඩ් එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1735129

2. ඔන්න ඊට පස්සෙ අපි කොළබට හානි කරපු ගංවතුවෙන් අලාභ උන පාසලක් තොරගත්තා උදවු කරන්න.
මෙ තියෙන්නෙ එකට දාපු ප්‍රදාන ත්‍රෙඩ් එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1745105
මෙ තියෙන්නෙ මීතොටමුල්ලෙ පාසලෙ වැඩෙ ලස්සනට ඉවර උනාම අපෙ එලකිරි අයට ස්තුතියි කියන්න ස්අහ උපකාර කල සියළු දෙනා මතක් කරන්න පළකරපු ත්‍රෙඩ් එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1749922

3. ඊලගට අපි ගියෙ බදුල්ල/ අළුත්තරම කණිශ්ට විද්‍යාලය.
මෙ තියෙන්නෙ එකට දාපු ප්‍රදාන ත්‍රෙඩ් එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1774855
වැඩෙ ලස්සනට කරාම එලකිරි සැමට සහ උපකාර කල අයට සුභ පතලා දමපු ත්‍රෙඩ් එක පහලින්..
http://www.elakiri.com/forum/showthread.php?t=1781483
ඔන්න ඔහොම අපි වැඩ තුනම අපෙම එලකිරි සහොදර සහොදරියන් නිසා ලස්සනට කරන්න පුළුවන් උනා.

4. ඊලගට අපි ගියෙ බදුල්ල / සූරියගොල්ල පාසල- පිටමාරුව.
මෙ තියෙන්නෙ එකට දාපු ප්‍රදාන ත්‍රෙඩ් එක.
https://www.elakiri.com/forum/showthread.php?t=1820227
වැඩෙ ලස්සනට කරාම එලකිරි සැමට සහ උපකාර කල අයට සුභ පතලා දමපු ත්‍රෙඩ් එක පහලින්..
https://www.elakiri.com/forum/showthread.php?t=1834637
ඔන්න ඔහොම අපි වැඩ හතරම අපෙම එලකිරි සහොදර සහොදරියන් නිසා ලස්සනට කරන්න පුළුවන් උනා.
5. ඊලගට අපි ගියෙ අනුරාධපුර/ඇත්දත්කල්ල රාහුල විද්‍යාලය- පේමඩුවව
මෙ තියෙන්නෙ එකට දාපු ප්‍රදාන ත්‍රෙඩ් එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1871874
වැඩෙ ලස්සනට කරාම එලකිරි සැමට සහ උපකාර කල අයට සුභ පතලා දමපු ත්‍රෙඩ් එක පහලින්..
http://www.elakiri.com/forum/showthread.php?t=1886392
ඔන්න ඔහොම අපි වැඩ පහම අපෙම එලකිරි සහොදර සහොදරියන් නිසා ලස්සනට කරන්න පුළුවන් උනා.
ඔන්න දැන් අපෙ ඊලග අලුත් වැඩෙ ගැන කියන්නම්.
මෙ පාසල අම්පාර දිස්ත්‍රික්කයේ තියන දුශ්කර පාසලක්. හේන් ගොවිතැන තමයි මෙ දෙමාපියන්ගෙ මූලික අදායම් මාර්ගය.
කොළඹ, නුවර ඉදන් උහනට ගිහින් එතනින් ගලහිටියාව, මහකන්ඩිය පහු කරලා කෙලින්ම ගියාම තමයි මෙ පාසල හමුවන්නෙ.
පාසලෙ පිංතුර කිහිපයක් සහ විස්තර ටිකක්.
විදුහල්පතිතුමා වගෙම ගුරුවරුත් පුදුම මහන්සියක් ගන්නවා පාසලෙ ළමයි වෙනුවෙන්.
ඉතින් යාලුවනේ මේ පාසලේ පහසුකම් අඩුවුනාට මේ ළමයි ඉගෙනගන්න තියන උනන්දුවෙන් පොඩ්ඩක්වත් අඩු අය නෙමේ. ඒ වගේම තමා දක්ශතාවලිනුත්.
ඉන්න ගුරුවරු සහ විදුහල්පති තුමා බොහොම වෙහෙසක් ගන්නව මේ දරුවන් වෙනුවෙන්. මේ දරුවන්ට ඉගෙනගන්න අපිත් අපිට පුලුවන් හැටියට පොතක් පතක් ලබාදෙමු.
***
පාසලෙ නම : අම්පාර/කහටගස්යාය විද්‍යාලය - නාමල්ඔය
සිසුන් ගනන: 120
වසර ප්‍රමානය : 1 වසරෙ සිට 11 වසර දක්වා.
ඔන්න යාළුවනෙ පාසලෙ විස්තර ටික.
ජනවාරි මාසයෙ මුල් සතිය වෙනකොට පොත් බෙදා දෙන්න ඉන්න නිසා ඊට කලින් ඔයාලගෙ සහයොගය බලපොරොත්තු වෙනවා.
අවසන් දිනය : 2020 ජනවාරි 03
ළමයින්ට ඉගෙන ගන්න අවශ්‍යය කරන සියලුම දෙවල් අපි දෙන්න හිතන් ඉන්නවා. මම පහලින් එවා ගැන දාන්නම්.
ළමයින්ට කලින් අවස්තා පහේම වගෙ දවල්ට ආහාරය දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා.
ජනවාරි මාසයෙ මුල් සතිය වෙද්දි බඩු ටික පාසලට භාර දෙන්න හිතන් ඉන්නෙ. වෙනදා වගෙම අවසර ගත යුතු නිලදාරින්ගෙ අවසරය පාසලට ලැබුනම දිනය පසුවට හරියටම කියන්නම්.
මේ ලැයිස්තුව තමයි යාළුවනෙ අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නෙ.. ටිකක් විතර දිගයි හොදෙ.
1. පස් රුල් පොත් අකුරු සහිත 50
2. පස් රුල් පොත් අකුරු නොමැති 100
3. පිටු 80 තනිරුල් පොත් 100
4. 1/2 පිටු 80 කොටු රුල් පොත් 80
5. පිටු 120 තනිරුල් පොත් 1300
6. පිටු 120 කොටුරුල් පොත් 550
7. පිටු 120 CR තනිරුල් පොත් 400
8. පිටු 120 CR කොටුරුල් පොත් 130
9. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 80
10. පිටු 40 කලු චිත්‍ර පොත් 80
11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 70
12. කවකටු පෙට්ටි 60
13. පැන්සල් 850
14. නිල් පැන් 900
15. රතු පැන් 200
16. අඩි රුල් 220
17. මකන 250
18. කටර් 220
19. ගම් (පොඩි)- කඩදාසි අලවන 120
20. පැස්ටල් -24 පෙට්ටි 98
21. පාට පැන්සල් 12 පෙට්ටි 120
22. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන නිල් 30
23. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන කලු 30
24. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන රතු 30
25. කතුරු (පොඩි එවා) 150
26. A4 සුදු කොල පැකට් 15
27. A4 වර්න කොල පැකට් 5
28. Box file 10
29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 55
30. ගුරු මෙස වලට රෙදි යාර 20ක්
31. රටහුනු - සුදු පෙට්ටි 10
32. රටහුනු - පාට පෙට්ටි 5
33. කැල්කියුලෙටර් 2
34. වයිට් බොර්ඩ් 2
35. වයිට් බොර්ඩ් ඩස්ටර් 12
36. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
37. කලර් ප්‍රින්ටර් 1 (all in one එකක් උනත් හරි)
38. වොලි බොල් 1
39. නෙට් බොල් 1
40. ප්ලාස්ටික් ෆයිල් 20
41. බුදු පිලිම ලොකු 1
42. බුදු කුටි ලොකු 1
43. ඩිමයි පාට 60
44. පින්තුර කොල වර්ග 6කින් 30
45. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 20
46. ෆයිල් clip 30
47. ආවර්තිතා කොල 2
48. බ්‍රිස්ටල් බොර්ඩ් වර්ණ/ සුදු 20
49. ක්‍රිකට් බැට්(සැහැල්ලු පන්දු) 1
50. හෙල්ල 1
51. යගුලිය 1
52. රබන් (නටුම් සදහා) 10
53. බෙර 1
54. ශිශ්ය නායක බැජ් 17
55. පුස්ථකාලය සදහා සුදුසු පොත්
56. පරිගනක 4 (destop or laptop)
57. School bag 120
ඔයාලට දෙන්න කැමති දෙවල් කියන්න. එතකොට මට ලිස්ට් එකෙන් එවා අඩු කරලා පොස්ට් කරන්න පුලුවන්. එතකොට අපෙ අනෙක් අයට පහසුවෙයි.
දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති අපිට කොහොමද ඔයාල ලග තියන පොත් භාර දෙන්නෙ කියලා. පොත් භාර ගන්න අපෙ එලකිරියෙ අය උදවු කරනවා.
තවත් අය ඉන්නවනම් මට කියන්න. පොත් භාර ගන්න කැමති ප්‍රදෙශත් කියන්න.
දැනට සහයොගය දක්වන සාමජිකයන්ගෙ නමයි පොත් භාරගන්න පුලුවන් ප්‍රදෙශ ටිකයි දාන්නම්.
1. rox2030
http://www.elakiri.com/forum/member.php?u=312303
දෙමටගොඩ, කොලොන්නාව, IDH අවට, කිරිබත්ගොඩ, මාකොල, හිබුටාන, බත්තරමුල්ල, කොස්වත්ත, වැල්ලම්පිටිය, කඩුවෙල
2. subash dushmantha
http://www.elakiri.com/forum/member.php?u=304266
ගම්පහ, මිනුවන්ගොඩ, එකල. ජාඇල, වත්තල, කදාන, කටුනායක, මිගමුව
3. WIJE99000
http://www.elakiri.com/forum/member.php?u=169520
මිගමුව, වෙන්නප්පුව, මාරවිල, මහවැව, හලාවත, ජා ඇල
4. Executer
http://www.elakiri.com/forum/member.php?u=457531
නුගෙගොඩ, නාරහෙන්පිට, නාවල
5. Ashman
http://www.elakiri.com/forum/member.php?u=511897
කුරුණෑගල, වාරියපොල, නිකවැරටිය, හෙට්ටිපොල, මහව
6. lakshane251
http://www.elakiri.com/forum/member.php?u=188197
කොල්ලුපිටිය, රත්මලාන, කොලඹ 3 අවට, මොරටුව
7. harindugamlath
http://www.elakiri.com/forum/member.php?u=153518
හොරණ, පානදුර, ඉංගිරිය, රත්නපුර
8. dath kibula
http://www.elakiri.com/forum/member.php?u=329688
මාලඹෙ
9. cow de boy
http://www.elakiri.com/forum/member.php?u=454047
බොරැල්ල, කඩුවෙල, හංවැල්ල, බෝමිරිය
අපෙ ගොඩක් දෙනෙක් අහන දෙයක් තමයි අපිට සල්ලි එවන්න බැරිද කියලා.
පිලිතුර :
ඔයාලට මුදල් වලිනුත් උපකාර කරන්න පුලුවන්. එතකොට අපිට එ සල්ලි වලින් තව අඩුපාඩු පොත් පත් ගන්න පුලුවන්.
මුදල් වලින් උපකාර කරන්න කැමති අය PM එකක් හරි කමෙන්ට් එකක් හරි දාන්න එ බව දන්වල. මම එයාලට බැංකු ගිණුම් විස්තර එවන්නම්.
අපි කලින් හැම වතාවෙම පොත් දෙන වැඩ වලදි මුදල් ගනුදෙනු කරා. ජිවිතෙට නොදැකපු අපෙම අය අපිට ගොඩක් සල්ලි එවලා තිබ්බ. අපි අන්තිමට හැමොගෙම උපකාර වලින් ලස්සනට වැඩෙ කරා. කවුරුත් අපිට දොස් කිව්වෙ නැහැ. මොකද හැමොම මහන්සියෙන් හොයන සල්ලි වලට අපි සාදාරනයක් කරපු නිසා.
***
මෙක මට විතරක් තනියම කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. මෙක සාර්තක කරගන්න පොත් වැඩෙ සංවිදානය කරන්න සහයොගය දක්වපු අපෙ එලකිරියෙ සියලු දෙනාම ඉන්නවා.
අපි ඔයාලගෙ සහයොගය ගොඩාක් බලාපොරොත්තු වෙනවා මෙක සාර්තක කර ගන්න.
අපි අපෙම පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු..
හැමොටම ස්තුතියි...
Last edited by rox2030; 10-14-2019 at 01:05 PM.
|
 |
Senior Member
|
|
Posts: 23,757
Join Date: Dec 2010
Location: adala nene
|
|
10-14-2019, 11:38 AM
එල එල මේපාරත් කරමු
|
 |
Senior Member
|
|
Posts: 2,200
Join Date: Apr 2009
Location: උබල එන්නද ?
|
|
10-14-2019, 11:46 AM
තැන්කිවු රොක්ස් මමෙි
|
Senior Member
|
|
Posts: 387
Join Date: Aug 2011
|
|
10-14-2019, 11:50 AM
volley ball, and basket ball....ok karanna...
|
 |
Awrudu Games 2017 - Winners
|
|
Posts: 18,953
Join Date: Jan 2013
Location: ★★★★★Cutting Edge★★★★★
|
|
10-14-2019, 11:52 AM
මේ සැරෙත් හැමෝම උදවු දෙයි කියල හිතනවා  
|
 |
Awrudu Games 2017 - Winners
|
|
Posts: 18,953
Join Date: Jan 2013
Location: ★★★★★Cutting Edge★★★★★
|
|
10-14-2019, 11:53 AM
Quote:
Originally Posted by thal
volley ball, and basket ball....ok karanna...
|
ලොකු අයියාහ් දැක්ක කල් 
|
 |
Senior Member
|
|
Posts: 8,951
Join Date: Oct 2010
Location: elakiri pot එක - කාමරේ
|
|
10-14-2019, 11:54 AM
Quote:
Originally Posted by thal
volley ball, and basket ball....ok karanna...
|
hari aiye..... tnx....
|
Senior Member
|
|
Posts: 3,729
Join Date: May 2016
|
|
10-14-2019, 12:04 PM
පුස්තකාලය. "පුස්ථකාලය" නෙවෙයි. බම්ප්. සහයෝගයක් දෙන්නම්.
|
 |
Senior Member
|
|
Posts: 2,207
Join Date: Sep 2012
|
|
10-14-2019, 12:12 PM
Elakiri නියමයි....
|
 |
Senior Member
|
|
Posts: 12,760
Join Date: Sep 2009
Location: No:██████, Gampaha
|
|
10-14-2019, 12:23 PM
14. නිල් පැන් 200 ක් මට දෙන්න
|
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
|