ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri.com > News and Updates
Reload this Page ලීසිං වාරික නොගෙවූ වාහන උස්සන මෙහෙයුමක් ?
Reply
 
Thread Tools
(#1)
Old
Pitihum Pitihum is offline
Senior Member
Pitihum is a jewel in the roughPitihum is a jewel in the roughPitihum is a jewel in the roughPitihum is a jewel in the roughPitihum is a jewel in the roughPitihum is a jewel in the rough
 
Posts: 810
Join Date: Nov 2016
ලීසිං වාරික නොගෙවූ වාහන උස්සන මෙහෙයුමක් ? - 10-28-2019, 11:35 AM

ජනාධිපතිවරණයට තව ඇත්තේ සති දෙකකුත් දින හතරකි. ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති කිසිදු ජනාධිපතිවරණයකදී දක්නට නොලැබුණු අන්දමේ අතිශය දැඩි තරගකාරී ස්වභාවයක් මෙම ජනාධිපතිවරණය තුල දක්නට ලැබේ. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතරින් කවුරුන් ජයග්‍රහණය කරනු ඇත්දැයි අවසාන මොහොත වනතුරු අනාවැකි ප්‍රකාශ කිරීමට අපහසු වාතාවරණයක් මේ මොහොත දක්වාම පැවැතුණි. එම තත්වය දෙපාර්ශවයේම නොසතුටට හේතු වී ඇති බවද ඒ සම්බන්ධයෙන් ඉදිරි සති දෙක ඇතුලත උපායමාර්ගික ක්‍රියාමාර්ග ගණනාවක් සඳහා යොමුවීමට දෙපාර්ශවයම අදහස් කරන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශයට පත්කරන ලද අවස්ථාව වන විට පොහොට්ටු කඳවුර සිටියේ එළඹෙන ජනාධිපතිවරණයේදී තමන්ට ලැබෙනු ඇති පහසු ජයක් පිළිබඳව විශ්වාසයෙනි. කෙසේ වෙතත් ඉන් පසු මේ දක්වා සිදුවූ ඇතැම් සිද්ධීන් මෙන්ම එජාපය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද ජනාධිපති අපේක්ෂකයා වන සජිත් ප්රේමදාසට නොසිතූ ජනතා ප්‍රතිචාරයක් ලැබීම සහ නිද්‍රාශීලිව සිටි ග්‍රාමීය මට්ටමේ එජාප සාමාජිකයන් සක්‍රීය ලෙස තරඟයට අවතීර්ණ වීම හේතුවෙන් ජනාධිපතිවරණය නැවතත් කරට කර සටනක් බවට පත්වී තිබේ.

එයට විසඳුමක් ලෙස කුමක් කළ යුතුද යන්න පිළිබඳව පොහොට්ටුවේ අභ්‍යන්තර බුද්ධිකණ්ඩායම් එහි ප්‍රධාන මෙහෙයුම්කරු බැසිල් රාජපක්ෂ සමග මීට සතියකට පමණ පෙර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව දැනගන්නට ඇත.

ජනාධිපතිවරණයට පෙර සමයේ ශ්‍රී ලංකාවේ පැවති අසීරු ආර්ථික වාතාවරණය මේ වන විට ජනාධිපතිවරණ ෆැන්ටසිය තුල යටපත් වී ඇති බවටත් එය ජනතාවට නැවත සිහිපත් කරදීමට සහ ඒ හරහා ජනාධිපතිවරණ ප්‍රතිඵලයට සැළකියයුතු බලපෑමක් සිදුවන ආකාරයේ යමක් සිදුකළ යුතු බව පොහොට්ටු ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.

ඒ අනුව පාස්කු ප්‍රහාරය වැනි ජීවිත හානි සිදුවන ප්‍රහාරයක් නොව ජීවිත හානි හෝ භෞතික තුවාල සිදුනොවන නමුත් ක්ෂණිකව ප්‍රතිඵල ඇතිවන ආර්ථිකමය බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම උචිත බවට මෙහිදී යෝජනා වී ඇති බව වාර්තා වේ.



ඒ අනුව පොහොට්ටුවට සහය පළකරන පුද්ගලයන්ගේ හිමිකාරත්වය යටතේ පවත්වාගෙන යන මූල්‍ය සහ කල්බදු ආයතන වල කල්බදු වාරික තුනක් හෝ ඊට වැඩියෙන් ගෙවීම පැහැර හැර ඇති පුද්ගලයන්ගේ බදු දේපල ඉදිරි සති දෙක ඇතුලත එම මූල්‍ය ආයතන වල ණය අයකරගැනීමේ කණ්ඩායම් හරහා වහාම අත්පත් කරගැනීම මෙම ආර්ථික බෝම්බය විය යුතු බවට යෝජනා වී ඇති අතර එය ඒකමතිකව ස්ථිර වී තිබෙන බව පැවසේ.

ඒ අනුව රට පුරා මූල්‍ය ආයතන හරහා කල්බදු පහසුකම් යටතේ ලබාගෙන වාරික තුනක් හෝ ඊට වැඩියෙන් හිග තබා ඇති විවිධ වාහන ලක්ෂයකට අධික ප්‍රමාණයක්, යන්ත්‍ර සහ උපකරණ පනස් දහසකට අධික ප්‍රමාණයක් ඉදිරි සති දෙක තුල අදාළ මූල්‍ය ආයතන විසින් වහාම අත්පත් කරගනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ඒ හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම මධ්‍යම පාංතික ජනතාව අතර ගොඩනැගෙන විශාල අසහනය පවත්නා රජයට එරෙහිව විශාල ජනමතයක් ඉතා කෙටි කාලයක් තුල ගොඩනගනු ඇති බව අපේක්ෂා කෙරේ.

එම ක්‍රියාමාර්ගය හරහා ක්ෂණිකව දැඩි අපහසුවට පත්වන එකී වාහන සහ අනෙකුත් දේපල හිමිකරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් ඥාති හිතවතුන් වැඩි දෙනෙකුට මේ හරහා රටේ ආර්ථික තත්වය අයහපත් බව නැවත ධාරණය කරවීම තුලින් ඉතා විශාල දේශපාලන වාසියක් තම කඳවුර වෙත ලබාගැනීමට නොවැරදීම හැකියාව ලැබෙන බවත් ඒ අනුව මෙම ගැටලුව රටේ ජාතික ප්‍රශ්නයක් බවට පත්වන හෙයින් තමන් බලයට පත්වූ වහාම මෙම වාහන සහ යන්ත්‍ර හිමිකරුවන්ට සහනයක් ලබාදී ඒවා මුදාහැරීමට ක්‍රියා කරන බවට අවසාන මොහොතේ ලබාදෙනු ලබන අතිශය තීරණාත්මක බලපෑමක් කළහැකි ජනාධිපතිවරණ පොරොන්දුවක් ලබාදීමේ හැකියාවක්ද ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබෙන බව පොහොට්ටුවේ ආර්ථික බුද්ධි මණ්ඩලය අවධාරණය කර තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.

මෙම ආර්ථික බෝම්බයේ කිසිදු නීති විරෝධී ස්වභාවයක් දක්නට නොලැබීමද, යම්කිසි ගැටලුවක් උද්ගත වුවහොත් මෙම පියවර මූල්‍ය සමාගම් විසින් තම කල්බදු අයිතිවාසිකම් නීත්‍යානුකූල ලෙස ක්‍රියාත්මක කිරීමක් පමණක් බවද හුවා දැක්වීමට මෙි හරහා අවස්ථාව ලැබෙන බැවින් මෙය පොහොට්ටු ආර්ථික බුද්ධි මණ්ඩලය විසින් මේ දක්වා ඉදිරිපත් කරන ලද විශිෂ්ටතම යෝජනාව බවට බැසිල් රාජපක්ෂ මහතාගේ දැඩි පැසසුමට ලක්වී ඇති බවද වාර්තා විය.


https://www.lankanewsweb.net/sinhala...%9A%E0%B7%8A--

Last edited by Pitihum; 10-28-2019 at 11:37 AM.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04937 seconds with 9 queries