ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri.com > News and Updates
Reload this Page අන්ජිට කෝටි 2.36
Reply
 
Thread Tools
(#1)
Old
piyal1234's Avatar
piyal1234 piyal1234 is offline
Senior Member
piyal1234 will become famous soon enoughpiyal1234 will become famous soon enough
 
Posts: 121
Join Date: Jul 2014
Angry අන්ජිට කෝටි 2.36 - 10-22-2019, 08:19 PM

අන්ජිට කෝටි 2.36



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 34 දෙනෙකු වෙනුවෙන් නව ක්‍රීඩක කොන්ත්‍රාත්තු පිරිනමා ඇති බව වාර්තා වේ. මෙම නව කොන්ත්‍රාත්තු එළඹෙන නොවැම්බර් මාසයේ සිට මාස 14 ක් සඳහා වලංගු වේ. මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන 1.7 ඉක්මවනු ලබයි.
හිටපු ටෙස්ට් නායක ඇන්ජලෝ මැතිව්ස් මේ අනුව වැඩිම ගෙවීමක් ලබන ක්‍රීඩකයා බවට පත්ව ඇත. මෙම කොන්ත්‍රාත්තුවේ වටිනාකම ඇමරිකානු ඩොලර් 130,000 කි. ආසන්න වශයෙන් මෙය ශ්‍රී ලංකා රුපියල් කෝටි 2.36 ක් පමණ වේ.

මෙහිදී දෙවැනියට වැඩිම කොන්ත්‍රාත්තු මිලක් ලබා ඇති ක්‍රීඩකයින් දෙපළ බවට වත්මන් ටෙස්ට් හා එක්දින නායක දිමුත් කරුණාරත්න හා හිටපු ටෙස්ට් නායක සුරංග ලක්මාල් පත්ව සිටී. ඒ ඩොලර් ලක්ෂයක් හෙවත් රුපියල් කෝටි 1.8ක කොන්ත්‍රාත්තු වටිනාකමක් සමඟිනි.


ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් වැඩිම කොන්ත්‍රාත්තු මුදලක් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ තෙවැනි තැන පසුවන අතර ඒ සඳහා ඩොලර් 80,000 ක් ඔහුට ගෙවනු ඇත. කෙසේ වෙතත් මේ වන විට ටෙස්ට්, එක්දින හෝ T20 කිසිදු කණ්ඩායමක ස්ථිර ස්ථානයක් තහවුරු කර ගැනීමට චන්දිමාල් අපොහොසත් වී සිටී.

ලසිංත් මාලිංගගේ කොන්ත්‍රාත්තුවේ වටිනාකම ඩොලර් 70,000 කි.

ඉහත ක්‍රීඩකයින් 5 දෙනා ක්‍රීඩක කොන්ත්‍රාත්තු සටහනේ A කාණ්ඩයට අයත් වන අතර B කාණ්ඩය යටතේ තවත් ක්‍රීඩකයින් 5 දෙනෙකු වර්ගීකරණය කර ඇත. ඔවුන් සඳහා හිමි ක්‍රීඩක කොන්ත්‍රාත්තුවල වටිනාකම් පහත පරිදි වේ.

කුසල් ජනිත් සහ කුසල් මෙන්ඩිස් – ඩොලර් 70,000

නිරෝෂන් දික්වැල්ල සහ ධනංජය සිල්වා – ඩොලර් 52,500

දිල්රුවන් පෙරේරා – ඩොලර් 50,000

C කාණ්ඩය යටතේ ක්‍රීඩකයින් තිදෙනෙකු සිටින අතර ඔවුන්ට හිමි කොන්ත්‍රාත්තුවල මිල පහත පරිදි වේ.

නුවන් ප්‍රදීප් සහ තිසර පෙරේරා – ඩොලර් 50,000

ලහිරු තිරිමාන්න – ඩොලර් 35,000




D කාණ්ඩය යටතේ ක්‍රීඩකයින් 10 දෙනෙකු වර්ගීකරණය ඇත. ඔවුන් ලබන කොන්ත්‍රාත්තු මුදල් මෙසේ වේ.

අකිල ධනංජය – ඩොලර් 50,000

ලක්ෂාන් සඳකැන් සහ ඉසුරු උදාන – ඩොලර් 40,000

ධනුෂ්ක ගුණතිලක සහ ලහිරු කුමාර – ඩොලර් 35,000

දුෂ්මන්ත චමීර, අවිශ්ක ප්‍රනාන්දු සහ දසුන් ශානක – ඩොලර් 30,000

රොෂේන් සිල්වා සහ විශ්ව ප්‍රනාන්දු – ඩොලර් 25,000

මේ අතර ප්‍රීමියර් කාණ්ඩය යටතේ ක්‍රීඩකයින් 11 දෙනෙකු වර්ගීකරණය කර තිබේ. ඒ පහත පරිදිය.

ඩොලර් 25,000 – වනිදු හසරංග




ඩොලර් 20,000 – සදීර සමරවික්‍රම, අමිල අපෝන්සු, ඔෂද ප්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, ඇන්ජලෝ පෙරේරා, කසුන් රාජිත සහ ලසිත් ඇඹුල්දෙණිය

ඩොලර් 15,000 – ජෙෆ්රි වැන්ඩසේ, අසිත ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න

මෙම නව කොන්ත්‍රාත්තු සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨයෙකු වූ උපුල් තරංග ඇතුළුව අසේල ගුණරත්න, ලහිරු ගමගේ, මලින්ද පුෂ්පකුමාර හා ඩිල්ෂාන් මුණවීර අසමත්ව තිබේ. තවද පසුගිය ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා පිලේ සාමාජිකයින් වූ මිලින්ද සිරිවර්ධන හා ජීවන් මෙන්ඩිස් ද මෙකී ලැයිස්තුවෙන් ඉවතට වැටී ඇත.

එසේම ශ්‍රී ලංකා පිලට මෑතක දී එක් වූ භානුක රාජපක්ෂ හා කමිඳු මෙන්ඩිස් හට ද නව කොන්ත්‍රාත්තු පිරිනමා නොතිබීම විශේෂත්වයකි.



source - https://magazine.aboutceylon.com
Reply With Quote
(#2)
Old
HKavinda's Avatar
HKavinda HKavinda is offline
Senior Member
HKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond repute
 
Posts: 44,120
Join Date: Dec 2013
Location: 🅸🅽🆃🅴🆁🅽🅴🆃
10-22-2019, 08:21 PM

Reply With Quote
(#3)
Old
Dodo Mahaththaya's Avatar
Dodo Mahaththaya Dodo Mahaththaya is online now
Senior Member
Dodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant future
 
Posts: 12,069
Join Date: Jun 2017
Location: Planet Earth
10-22-2019, 08:25 PM

මේවා මහා හුත්තේ වැඩ පියල් .

අපිටයි පොල්ලෙන් ගහන්න ඕනේ...

Reply With Quote
(#4)
Old
Necromancer Necromancer is offline
Senior Member
Necromancer has a spectacular aura aboutNecromancer has a spectacular aura aboutNecromancer has a spectacular aura about
 
Posts: 500
Join Date: Feb 2014
10-22-2019, 08:29 PM

Lahiruta A ekak denna thibba pora witharai Hari Haman baller kenekta inne
Reply With Quote
(#5)
Old
sithija.h's Avatar
sithija.h sithija.h is online now
Senior Member
sithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant future
 
Posts: 8,460
Join Date: Nov 2008
Location: Matara
10-22-2019, 08:31 PM

Bump
Reply With Quote
(#6)
Old
The Pluto's Avatar
The Pluto The Pluto is offline
Senior Member
The Pluto is a glorious beacon of lightThe Pluto is a glorious beacon of lightThe Pluto is a glorious beacon of lightThe Pluto is a glorious beacon of lightThe Pluto is a glorious beacon of lightThe Pluto is a glorious beacon of lightThe Pluto is a glorious beacon of lightThe Pluto is a glorious beacon of lightThe Pluto is a glorious beacon of lightThe Pluto is a glorious beacon of lightThe Pluto is a glorious beacon of light
 
Posts: 359
Join Date: Mar 2012
Location: Western
Angry 10-22-2019, 08:48 PM

Reply With Quote
(#7)
Old
fakerandi fakerandi is offline
Senior Member
fakerandi is a glorious beacon of lightfakerandi is a glorious beacon of lightfakerandi is a glorious beacon of lightfakerandi is a glorious beacon of lightfakerandi is a glorious beacon of lightfakerandi is a glorious beacon of lightfakerandi is a glorious beacon of lightfakerandi is a glorious beacon of lightfakerandi is a glorious beacon of lightfakerandi is a glorious beacon of lightfakerandi is a glorious beacon of light
 
Posts: 4,033
Join Date: Jan 2008
10-22-2019, 08:53 PM

munta mewa pocket money wage.. t20 tournaments and sponsorship walin thamai real money enne
Reply With Quote
(#8)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is online now
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 51,682
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard
10-22-2019, 08:54 PM

චන්දිමාල්ට අහවල් එකටද ඔච්චර ගෙවන්නේ මු එක ටීම් එකකවත් නෑ නෙ
Reply With Quote
(#9)
Old
awjas2621's Avatar
awjas2621 awjas2621 is offline
Senior Member
awjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to behold
 
Posts: 10,663
Join Date: Dec 2015
10-22-2019, 08:55 PM

Bump
Reply With Quote
(#10)
Old
ruchira55's Avatar
ruchira55 ruchira55 is offline
Senior Member
ruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to behold
 
Posts: 22,153
Join Date: Mar 2012
10-22-2019, 09:01 PM

අවුලක් නෑ. පොර දක්ෂයා. අමාරුවෙන් පොඩ්ඩ පොඩ්ඩ තැනකට ආපු එකෙක්. ඒත් අද දක්ෂ කොල්ලො ටිකක් අපිට හම්බවෙලා තියෙනවා. මේ පඩියෙන් අළුත් කොල්ලො තව හිහිප දෙනෙක්ම නඩත්තු කරන්න පුළුවන්.
Reply With Quote
Reply

Bookmarks

Tags
අන්ජි

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03864 seconds with 9 queries