ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page වෙසක් සිතුවිල්ල-කුමට ද මේ කලබලේ…?
Reply
 
Thread Tools
(#1)
Old
කෝරලේමහත්තයා's Avatar
කෝරලේමහත්තයා කෝරලේමහත්තයා is offline
Senior Member
කෝරලේමහත්තයා is a name known to allකෝරලේමහත්තයා is a name known to allකෝරලේමහත්තයා is a name known to allකෝරලේමහත්තයා is a name known to allකෝරලේමහත්තයා is a name known to allකෝරලේමහත්තයා is a name known to allකෝරලේමහත්තයා is a name known to allකෝරලේමහත්තයා is a name known to allකෝරලේමහත්තයා is a name known to allකෝරලේමහත්තයා is a name known to allකෝරලේමහත්තයා is a name known to all
 
Posts: 5,632
Join Date: Aug 2011
Location: වාද්දුව
Send a message via ICQ to කෝරලේමහත්තයා Send a message via AIM to කෝරලේමහත්තයා Send a message via MSN to කෝරලේමහත්තයා Send a message via Yahoo to කෝරලේමහත්තයා Send a message via Skype™ to කෝරලේමහත්තයා
Up වෙසක් සිතුවිල්ල-කුමට ද මේ කලබලේ…? - 05-13-2017, 10:52 AM

කුමට ද මේ කලබලේ…?
බැලූ බැලූ සියලූ දෙනා අත ජංගම දුරකථනයකි. බැලූ බැලූ සියලූ දෙනා මහා කලබලයකින් මොනවදෝ කරමින්, කියමින් සිටිති. ඇතැමෙකුට තම නිවසේ ලිප මොලවාගන්නට වෙලාවක් නැත. එ් නිසා ම අවන්හල්වල දිගු පෝලිම් ය. ඇතැමෙකුට උපයාගත් දෙය කන්නට වෙලාවක් නැත. එතරම් වැඩ බහුල ය. තවකෙකුට බඩට දාගත් දෙය දිරවන තුරු සිටින්නට වෙලාවක් නැත. එතරම් රාජකාරී ය. බල්ලාට ඇති වැඩක් ද නැත. නමුත් බල්ලා සෙමින් ගමන් කළ දිනයක් ද නැත. අපට අත් වී ඇත්තේ ද එම ඉරණම ය. නමුත් කොතරම් හති දමමින් දිව්ව ද අවසානයේ අපට ඉතිරි වූ දෙයක් නැත. නැටූ තොවිලෙකුත් නැත. බෙරේ පළුවකුත් නැත්තේ ය.
මෙතරම් කලබලයක්……..? කුමක් උදෙසා ද? සුන්දර ඇඳුමක් ඇඟලා ගැනීම උදෙසා ය. ඉස්තරම් රස මසවුලක් කුසට දා ගැනීම සඳහා ය. සුඛෝපභෝගී වාහනයක ගමනක් යාම සඳහා ය. ඉහළ පන්නයේ හැඩැති නිවසක ජීවත්වීම සඳහා ය. විනෝද ගමනක්… පිට රට සංචාරයක්… මේ හැරෙන්නට වෙන කුමක් අරබයා අපගේ කලබලයක් තිබෙන්නේදැයි ඔබට කිව හැකි ද?
ඔබ ම හොඳින් සිතා බලන්න, පාරේ වාහන තදබදයක් ඇති වූ අවස්ථාවක, ඔබේ සිතේ ඇති කලබලකාරී බව කොතෙක් ද කියා. විනාඩියක් ඔබගේ වාහනය එක තැන නවතාගෙන සිටින්නට සිදු වුවහොත් ඔබ කී දෙනෙකුට බැණ වදිනවා ද? පළමුව ඉදිරියෙන් තිබෙන වාහනයේ රියැදුරාට…, දෙවනුව පාරේ වාහන හසුරුවන පොලිස් නිලධාරියාට…, තෙවනුව මහාමාර්ග අමාත්යබවරයාට.., එයින් ද නො නැවතී ඔබට මතක් වන සියලූ දෙනාට ඔබ බැණ වදිනු ඇත. කුමක්ද මේ කලබලය…..? කුමක් සඳහා ද මේ වේගවත් බව….? මොහොතකටවත් ඔබ සිතුවා ද? ඔබගේ මේ සීඝරකුමගාමී බව හේතුවෙන් ඔබේ ජීවිතයට ඉතිරි කරගත් දෙයක් තිබෙනවා ද?
තම දරු පැටවුන් ළඟට ගෙන හාදුවක් දෙන්නට ඉන් ඔබට වෙලාවක් ඉතිරි වුණි ද? වෙනදා අතින් සේදුව රෙදි ටික සෝදන කාර්යය රෙදි සෝදන යන්තරවු ය භාරගත් පසු, ඉතිරි වූ වෙලාවෙන් ඔබ දරුවාට ගුණධර්මයක් කියා දුන්නේ ද? මිරිස් තුනපහ කොටන්නට මෝලට යන්නට වුවමනා නැත. එය විනාඩියෙන් කෙටී ඇඹරී අතට එන කල… ඔබට තෙරුවන් වන්දනාවට කාලයක් නැති වූයේ කෙසේ ද? ඔබ කලබල වූයේ නිදහස් විවේකී ජීවිතයක් වෙනුවෙන් නො වේ ද? නැත…. කොහෙත් ම නැත. ඔබේ කලබලය කාමයන් උදෙසා ම පමණි. එක ම විනාඩියකුදු අපතේ නො හැර වේගවත් වන ඔබ ඉන් ලද හැම මොහොතක් ද අපතේ නො හැර එය මුදලක් බවට පත් කර ගැනීමට වෙහෙසෙයි. දවස තුළ කාලය ඉතිරිව තිබේ නම්, ඔහු එම කාලය අමතර රැකියාවක් කිරීම සඳහා යොදා ගනු ඇත. මෙයට හේතුව විවේකයේ වටිනාකම නො දන්නා බව ය. ‘කාලය රන් හා වටී’ යන්නෙන් ඔබ අදහස් කරන්නේ කාලයෙහි ඇති මූල්යෙමය අගය නම්….. එය ඔබගේ අවාසනාව ය. නිදහස් ව නිවහල් ව සිතන්නට පතන්නට පවා විවේකයක් ඔබට අද නැති වී ගොස් ය.
නමුදු …. මේ දිවිල්ලෙන්, මේ කලබලයෙන් ඔබට හති වැටෙන දවසක් එන බව ඔබ දන්නවා ද? කෙතරම් හැඩැති ඇඳුම් ඇන්දත් කිසිවෙක් ඔබ දෙස නො බලන දවසක් එනු ඇත. ඔබ අද රටෙහි ඇති ඉහළ ම පන්නයේ මෝටර් රථයේ හිමිකරුවා වුව ද ඔබේ වාහනය පරදවන අලූත් පන්නයේ මෝටර් රථ හෙට වන විට රටට එනු ඇත. ඔබ, දරුවන් උදෙසා යැයි සිතමින් දුක් මහන්සි වී ඉදි කරන නිවස පරණ විලාසිතාවේ නිවසක් යැයි පවසමින් ඔබේ දරුවන් විසින් ම පරති තික්ෂේප කර ඔවුන් වෙනත් නිවෙස් ඉදි කර ගන්නා දවසක් එනු ඇත. ඔබ ඔබගේ ජංගම දුරකථනයේ ඉරි අඳිමින් සිටින විට, නවතම තාක්ෂණය භාවිතයේ නොදැනුවත්කමට ඔබේ ම දරු මුණුපුරන් ඔබට සිනාසෙන දවසක් එනු ඇත. එදිනට…. ඔබ මේ මහා කලබලයෙන් දුවන දිවිල්ලෙහි ඵලයක් ඉතිරි වන්නේදැයි සිතන්නට මේ හොඳ ම වෙලාවයි.
මේ අප බැසී සිටින අවිද්යාදවෙහි බලවත්කම කොතෙක්ද යත් මේ සත්යනය පසක් කරන්නට ගන්නා උත්සාහය ද නිරර්ථක වන්නට පුළුවන. අප සැමවිට ම සැප කියා අල්ලාගෙන සිටින්නේ මහා දුකක් බව අපට පසක් කර දුන්නේ බුදුරජාණන් වහන්සේ ය.
අප කහට කෝප්පයක් බීමට ගන්නේ හකුරු කෑල්ලක් ද සපමිනි. නැතිනම් සීනි ටිකක් හෝ සපමිනි. සීනි දැමූ තේ කෝප්පයකට වඩා බොහෝ දෙනෙක් කැමති වන්නේ කහට තේ කෝප්පයක් බීමට ය. අප ඇලී සිටින්නේ එහි ඇති තිත්ත රසයට නො වේ ද? එ් ඇලීම කොතෙක් ද යත් ඇතැමෙකුට කහට උගුරක් බොන්නේ නැතිව නින්ද යන්නේ නැත. අප දුකට ඇලී සිටින්නේ ද මේ ආකාරයට ම ය. ගිනියම් අව්වේ වැඩ කරන විට මහා හයියෙන් ගීයක් ඇසිය යුතු ය. එවිට විඩාව නො දැනේ. කහට බීමට හකුරු පාවිච්චි කළා සේ ය.
මත්පැන් පානය කරන අය ඔබ දැක තිබේ ද? එහි ඇත්තේ ද තිත්ත රස ම ය. මත්පැන් උගුරක් බී බයිට් කෑල්ලක් කටේ දා ගන්නේ එහි ඇති තිත්ත නො දැනී යන්නට ය. අපි කාමයන්ගේ පීඩාව සන්සිඳවා ගන්නට උත්සාහ ගන්නේ ද මේ කර බයමයට ය. උදේ පටන් සිතට, කයට දැනෙන පීඩාව සමනය කර ගන්නට දාගන්නේ රූපවාහිනියයි. අපගේ ජීවිතවල බයිට් එක වී ඇත්තේ එයයි.
මේ අපගේ අවාසනාවට අපට ඉතිරි වූ දෙයයි. නමුත් අපට ලැබුණ මිනිස් ජීවිතය අතිශය දුර්ලභ එකක් ම ය. සැබෑම කලබලය ඇති කර ගත යුත්තේ අපි ම ය. මන්ද, දුර්ලභ මිනිස් ජීවිතය සේ ම, අතිශය දුර්ලභ තථාගත ශරී් සද්ධර්මය ද අපට මුණ ගැසී ඇත. ඉතින්…. අප මීටත් වඩා කලබලයක් ඇති කර ගත යුත්තේ කුමක් සඳහා ද? ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගැනීම සඳහා ය. අප කෙසේ කලබල විය යුතු ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට නම්…. ‘‘හිස ගිනි ගත්තෙක් එ් ගිනි නිවන ලෙසට ය, හීයෙන් පහර කන ලද්දෙක් ඉන් සුවපත් වීමට වෙහෙසෙන ලෙසට ය”.
එසේ නම් අප එ් කලබලය පටන් ගන්නේ කවදා ද? මේ දැන් ම ය. ඔබ කලබලයෙන් විවේකය සොයන්න. එවිට ඔබට විවේකය ලැබෙනු ඇත. පසුව ඔබ එ් විවේකය තුළ කළ හැකි දෙයක් මුනි දහම තුළින් සොයන්න. එවිට කලබලයෙන් කළ යුතු දේ සූතරකය දේශනා තුළින් ඔබට හමු වනවා නිසැක ය. හිස් ම හිස් වූ කාමයන් පසු පස ම දිව යන්නේ, මෙතරම් ම කළ යුතු දේ තිබිය දී බව ඔබට පසක් වනු ඇත. අප සරණ ගිය එ් භාග්යපවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා දුක්ඛකන්ධ සූතරයුතයේ දී අප මේ මහා කලබලයෙන් සොයන කාමයන් ගැන අතිශය සුන්දර විස්තරයක් කොට වදාළ සේක.
‘‘පින්වත් මහණෙනි, කාම ගුණ පහක් තියෙනවා. එ් පහ මොනවා ද? ඇසෙන් බලන රූප තියෙනවා, බොහොම ලස්සන, සිත් ඇද ගන්නා, කැමැත්ත ඇතිවෙන, රාගය ඇතිවෙන අරමුණු තියෙනවා. කනෙන් අහන ශබ්ද.., නාසයෙන් දැනෙන ගඳ සුවද…, දිවට දැනෙන රස…., රාගය ඇති වන පහස තියෙනවා. පින්වත් මහණෙනි, ඔය පහට කියන්නේ කාම ගුණ කියලා. ඉතින් පින්වත් මහණෙනි, මේ කාම ගුණ පහ හේතු කරගෙන යම් සැපයක් සොම්නසක් ඇති වුණා නම් එ්ක තමයි කාමයන්ගේ ආස්වාදය”.
මෙසේ දේශනා කළ උන් වහන්සේ කාමයන්ගේ ආදීනව ද දේශනා කොට වදාළ සේක.
‘‘පින්වත් මහණෙනි, කාමයන්ගේ ආදීනව කුමක්ද? ගිහි ජීවිතය ගෙවන කෙනෙක් ජීවත් වෙන්න ශිල්ප ශාස්තර් ම ඉගෙන ගන්න ඕන. දෑතේ වැඩ හරි, ආණ්ඩුවේ රැකියාවක් හරි, හමුදාවට ගිහින් හරි තව නොයෙක් රැකියාවලින් තමයි ජීවිතය ගෙවන්න තියෙන්නේ. ආයේ ඉතින් සීතලයි කියලවත්, රස්නෙයි කියලවත්, මදුරුවෝ මැස්සෝ ඉන්නවා කියලවත් අව් සුළං තියෙනවා – සර්පයෝ ඉන්නවා කියලා බෑ. බඩගින්නෙන් – පිපාසයෙන් මැරී මැරී හරි රස්සාවල් කරන්න වෙනවා. පින්වත් මහණෙනි, මේක මේ ජීවිතයේ දී ම අත්දකින්න ලැබෙන කාමයන්ගේ ආදීනවයයි. කාම අවුලෙන් ම යි, කාමයන් හේතුවෙන් ම යි ආදීනවය ඇතිවෙන්නේ.”
මේ සුන්දර දේශනාවේ දී අපගේ මහා කාරුණිකයන් වහන්සේ ඉන් නො නැවතී, කාමයන්ගෙන් නිදහස් වන ආකාරය ද දේශනා කොට වදාළ සේක.
‘‘පින්වත් මහණෙනි, දැන් ඔය කියා දීපු විදියට කාමයන්ගේ ආස්වාදය, ආස්වාදය හැටියටත්, ආදීනවය ආදීනවය හැටියටත්, නිදහස් වීම නිදහස් වීම හැටියටත් යථාර්ථයෙන් ම අවබෝධ කර ගත්තොත් ඇත්තෙන්ම ඔවුන් කාමයන් ගැන තමනුත් අවබෝධ කර ගන්නවා. අනුන්ටත් අවබෝධ කරවනවා…..”
ඉදින් කාමයන් උදෙසා වන මේ මහා කලබලයෙන් සැබෑම කලබලයට පත් වී දුකින් අත් මිදෙන්නට අප සැමට භාග්ය ය උදා වේවා !
සටහන – තේජා දිල්රුක්ෂි දයාරත්න
Reply With Quote
(#2)
Old
Election2015's Avatar
Election2015 Election2015 is offline
Senior Member
Election2015 is a jewel in the roughElection2015 is a jewel in the roughElection2015 is a jewel in the roughElection2015 is a jewel in the roughElection2015 is a jewel in the roughElection2015 is a jewel in the rough
 
Posts: 2,303
Join Date: Nov 2014
05-13-2017, 10:53 AM

जय हिन्द
Reply With Quote
(#3)
Old
shaminda peiris's Avatar
shaminda peiris shaminda peiris is offline
Senior Member
shaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to behold
 
Posts: 36,159
Join Date: Mar 2014
Location: පානදුරේ
05-13-2017, 11:00 AM

bump
Reply With Quote
(#4)
Old
Dishta Didin's Avatar
Dishta Didin Dishta Didin is offline
Senior Member
Dishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of light
 
Posts: 2,933
Join Date: Dec 2015
05-13-2017, 11:10 AM

T F S
Reply With Quote
(#5)
Old
Shadow.Walker's Avatar
Shadow.Walker Shadow.Walker is offline
Senior Member
Shadow.Walker is a glorious beacon of lightShadow.Walker is a glorious beacon of lightShadow.Walker is a glorious beacon of lightShadow.Walker is a glorious beacon of lightShadow.Walker is a glorious beacon of lightShadow.Walker is a glorious beacon of lightShadow.Walker is a glorious beacon of lightShadow.Walker is a glorious beacon of lightShadow.Walker is a glorious beacon of lightShadow.Walker is a glorious beacon of lightShadow.Walker is a glorious beacon of light
 
Posts: 4,144
Join Date: Jan 2013
Location: ██████████████
05-13-2017, 11:13 AM

up!
Reply With Quote
(#6)
Old
Profile_01's Avatar
Profile_01 Profile_01 is offline
Senior Member
Profile_01 is a glorious beacon of lightProfile_01 is a glorious beacon of lightProfile_01 is a glorious beacon of lightProfile_01 is a glorious beacon of lightProfile_01 is a glorious beacon of lightProfile_01 is a glorious beacon of lightProfile_01 is a glorious beacon of lightProfile_01 is a glorious beacon of lightProfile_01 is a glorious beacon of lightProfile_01 is a glorious beacon of lightProfile_01 is a glorious beacon of light
 
Posts: 6,185
Join Date: May 2017
05-13-2017, 11:16 AM

bp
Reply With Quote
(#7)
Old
snm1990 snm1990 is offline
Senior Member
snm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to behold
 
Posts: 9,137
Join Date: Jun 2015
05-13-2017, 11:22 AM

Bump
Reply With Quote
(#8)
Old
urajdrlk's Avatar
urajdrlk urajdrlk is offline
Senior Member
urajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to behold
 
Posts: 100,927
Join Date: Jul 2006
Location: Inside Your Laptop ;)
Send a message via Yahoo to urajdrlk
05-13-2017, 11:34 AM

Reply With Quote
(#9)
Old
wccryanrox's Avatar
wccryanrox wccryanrox is offline
Senior Member
wccryanrox is just really nicewccryanrox is just really nicewccryanrox is just really nicewccryanrox is just really nicewccryanrox is just really nicewccryanrox is just really nicewccryanrox is just really nicewccryanrox is just really nice
 
Posts: 1,909
Join Date: Oct 2011
Location: Burbank, Ca
05-13-2017, 11:36 AM

ai ban mewata bump adu
Reply With Quote
(#10)
Old
Sara531's Avatar
Sara531 Sara531 is online now
Senior Member
Sara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant future
 
Posts: 26,371
Join Date: Jan 2016
Location: තරු අතරේ
05-13-2017, 11:40 AM

Tfs
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03718 seconds with 9 queries