ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සරළව බැඳුම්කරයක් යනු කුමක්ද ?
Reply
 
Thread Tools
(#1)
Old
DJLEOx78's Avatar
DJLEOx78 DJLEOx78 is offline
Senior Member
DJLEOx78 is a name known to allDJLEOx78 is a name known to allDJLEOx78 is a name known to allDJLEOx78 is a name known to allDJLEOx78 is a name known to allDJLEOx78 is a name known to allDJLEOx78 is a name known to allDJLEOx78 is a name known to allDJLEOx78 is a name known to allDJLEOx78 is a name known to allDJLEOx78 is a name known to all
 
Posts: 5,709
Join Date: Jun 2012
Location: Colombo
Oh! සරළව බැඳුම්කරයක් යනු කුමක්ද ? - 01-07-2018, 12:04 PM

බැදුම්කර වංචාව හා සමූපකාරයේ පොල් වෙළෙඳාම – නොතේරෙන අයට එය සරළව මෙන්න..!

බැඳුම්කරයක් යනු කුමක්ද ?

සරළව කිව්වොත් රජයට ණය ලබා ගන්නා උපකරණයක්. විදුලි බලාගාරයක් හදන්න සල්ලි නැත්නම් රජය මහ බැංකුව හරහා බැදුම්කර නිකුත් කරනවා. ඒ කියන්නේ ස්ථාවර තැන්පත් සහතිකයක් වගේ එකක් කියලා හිතන්නකෝ. ඒවා මිලදී ගන්න මිනිස්සුන්ට වගේම බැංකු වලටත් පුලුවන්. ඒවට පොලියක් ගෙවනවා. ඒ නිසා බැදුම්කර මිලදී ගන්න මිනිස්සුන්ට හෝ බැංකුවකට ඒක ආයෝජන මාර්ගයක්.

බැංකු ඇයි මේ බැදුම්කර මිලදී ගන්නේ? සමහර විට ඔබ එහෙම හිතනවා ඇති. බැංකු ශාඛා වලට ලැබෙන තැන්පතු ණයට දීලනේ එයාලා ලාභ ලබන්නේ. ඉතිං එයාලා ණය දෙනවා ලාභ ලබන්න හිතාගෙන. ණය දීලා ඉවර උනාට පස්සේ තවත් සල්ලි ඉතිරි වෙලා තිබුනොත් ඒවා නිකන්ම සේප්පුවේ තියාගෙන ඉඳලා වැඩක් නැති නිසා ඒ මුදල් බැදුම්කර වල ආයෝජනය කරනවා. බැදුම්කර කියන්නේ අවුරැද්දට වැඩි කල් පිරීමක්‍ සහිත ඒවා. භාණ්ඩාගාර බිල්පත් කියන්නේ අවුරැද්දකට වඩා අඩු කල් පිරීමක් තියන ඒවා.

ඉතිං X කියන කෙනා රැ. ලක්ෂයක් දීලා බැදුම්කරයක් ගත්තා කියමුකෝ. එයාට මහ බැංකුවෙන් සහතිකයක් දෙනවා. කාලය අවුරැද්දක් නම් ඒ අවුරැද්ද අවසානයේ පොලියත් එක්ක ආපහු ගෙවන්න මහ බැංකුව එකඟ වෙනවා. රජයට සල්ලි දෙන නිසා රජය සල්ලි අච්චු ගහලා හරි ඒ මුදල දෙන බව මහජනයා දන්නවා. ඒ නිසා බැදුම්කර වල ආයෝජනය අවධානම අඩුම ආයෝජන මාර්ගයක්. ඒ නිසා ගොඩක් අය බැදුම්කර වල ආයෝජනය කරනවා.

දැන් X නැමති පුද්ගලයා ළඟ බැදුම්කර සහතිකයක් තියනවා. ඒකේ මුහුණත වටිනාකම ලක්ෂයක් කියමුකෝ. මේ බැදුම්කර වලට තියන ඉල්ලුම හා සැපයුම අනුව ඒවා ද්විතීයික වෙළෙඳපොලේ විකුනන වෙලාවේ මුහුණත වටිනාකමට වඩා වැඩි හෝ අඩු මිලක් තීරණය වෙන්න පුලුවන්. ඒක අපි මෙහෙම තේරැම් ගමු. සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක් රැ. 50 යි කියමුකෝ. අසාමාන්‍ය පොල් ඉල්ලුමක් තියන දවසට ඒ පොල් ගෙඩිය රැ. 60 ක් 70 ක් වෙන්නත් පුලුවන්. ඒ වගේම 30 ක් 40 ක් වෙන්නත් පුලුවන්. තේරැනාද ?

මහ බැංකුව මේ බැදුම්කර වෙන්දේසියේ විකිණීම තමයි සාමාන්‍යයෙන් කරන්නේ. ඒ වෙන්දේසිය 100% ක් ස්වාධීනයි. ඒකට යන්න මහ බැංකු අධිපතිට අවසර නැහැ. මොකද කොයි කාලෙත් මහ බැංකු අධිපති කියන්නේ දේශපාලන පත්වීමක් නිසා. ඒවෙනුවට වෙන්දේසිය මෙහෙයවන්නේ නියෝජ්‍ය අධිපති කෙනෙක්. මේක රටක ආර්ථිකයට දැඩිව බලපාන දෙයක් නිසා හරි පරෙස්සමින් කරන වැඩක්. කාටවත් ඇගිලිගහන්න බැරි වැඩක්.

දැන් තමයි නියම කතාව එන්නේ !!!

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවට සභාපති වෙලා එනවා. මෑන් සිංගප්පූරැ පුරවැසියෙක්. රටේ මුදල් නෝට්ටු වල අත්සන් තියන්නෙත් මුදල් ඇමතියි මහ බැංකු අධිපතියි නේ. ඉතිං අපේ මුදල් නෝට්ටු වලට අත්සන් තිබ්බේ සිංගප්පූරැ පුරවැසියෙක්. අපේ ලංකාවේ ඒකට සුදුසු කෙනෙක් හිටියෙම නැද්ද ? ඒක ලොකු ගැටළුවක්.

මහ බැංකුවේ අධිපති කෙනෙක්ගේ පවුලේ අයට බැදුම්කර ගණුදෙනු කරන අතරමැදි ආයතන පවත්වාගෙන යන්න අවසර නැහැ. ඒත් අර්ජුන් මහේන්ද්‍රන් සභාපතිගේ දුව බැන්ද කෙනා, ඒ කියන්නේ අර්ජුන්‍ ඇලෝෂියස්ට ඒ වගේ අතරමැදි ආයතනයක් තියනවා. ඒකේ නම පර්ෆෙක්චුවල් ට්‍රෙෂරීස්. ප්‍රශ්න පටන් ගන්නේ ඔතනින්….

එතකොට මොකක්ද සමූපකාර කතාවක් මාතෘකාවට දාන්න හේතුව ????

ඒක මෙහෙමයි. බැදුම්කර වෙන්දේසියේ කතාව ටිකක් නෙවෙයි ගොඩක් සංකීර්ණයි. ඒ නිසා අපි ඒ සංකීර්ණ කතාව සමූපකාරයෙන් තේරැම් ගමු. දැන් ඒ වැඩේට බහිමු !!

ඔන්න අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුව කියන සමූපකාරේ සභාපති. සමූපකාරේ බැදුම්කර නැමති පොල් විකුනනවා කියලා හිතන්න. අර්ජුන්‍ මහේන්ද්‍රන්ගේ බෑනා පොල් බිස්නස් කරනවා. මම කලින් කීවා වගේ, සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක මිල සමහර කාල වලදී වැඩි වෙනවා. සමහර කාල වලදී අඩු වෙනවා.දැන් මේ බැදුම්කර හෙවත් පොල් වල මිල රැ. 100 ක් උනාට ඒක 120 ක් දක්වා මිල වැඩි වෙච්ච වෙලාවක්. ඉතිං සමූපකාරෙට ආදරේ සභාපති කෙනෙක් නම් 120 ට පොල් ගෙඩිය විකුනලා ලාභ ලබනවනේ. අර්ජුන් මහේන්ද්‍රන් මේ රැ. 120 පොල් ගෙඩිය එයාගේ බෑනට රැ. 80 ට විකුණන්න අර බැදුම්කර වෙන්දේසිය නැමති පොල් වෙන්දේසියේ දී මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිට බලපෑම් කරනවා. එයාට වෙන්දේසිය පවත්වන ස්ථානයට එන්න අවසර නැතත් එයා එතෙන්ට ගිහින් දැඩි ලෙස බලපෑම් කරලා රැ. 120 පොල් ගෙඩිය රැ. 80 ට බෑනට දෙනවා. පොල් ගෙඩි මිලියන ගානක් සමූපකාරෙන් දෙනවා මේ විදිහට. ඒ පොල් ගෙඩි මිලියන ගානම එකක් 120 ගානේ විකුනනවා බෑනා විසින්. එකකින් රැ 40 ක් දැන් මෑන්ට ලාබයි. ගෙඩි මිලියන ගානක් නිසා මෑන්ගේ ලාභය බිලියන ගානක් කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒලාභය සේවකයන් 4000 ක් හා ශාඛා 200 ක් තියන කොමර්ෂල් බැංකුවේ සමස්ථ ලාභයටත් වඩා වැඩියි. එච්චර ලාභයක් ලබපු බෑනාගේ කොම්පැනියේ සේවකයන් 20 ක් පමණක් සිටින අතර ශාඛාවන් 01 කි. ගොඩනැගිල්ල අඩි 20 x 20 කාමරයකි. හිතාගන්න පුලුවන්ද ලාභය කොච්චර ලේසියෙන් ගත්තද කියලා ??

ඔබ සභාපතිත්වය දරන සමූපකාරේ රැ.120 ක පොල් ගෙඩිය ඔබේ හිතවතෙකුට රැ. 80 ට වික්කාම අනිවාර්යෙන්ම ඒ සමූපකාරේ පාඩු ලබනවනේ. දැන් ඔබට ලාභ ලබන්න අවශ්‍ය නම් මොකක්ද විකල්පය? ඔබේ සමූපකාරේ සැමන් ටින් එකක් රැ. 150 ට වික්කා නම් දැන් ඒක රැ. 200 ට විකුනන්න ඕන. ඇයි ? පොල් වල පාඩුව පියවන්න ඕන නේ. ඒ වගේම සමූපකාරෙට සැමන් සපයන කෙනාට කලින් එක ටින් එකකට රැ.130 ක් ගෙව්වා නම් ඒක රැ. 110 කරන්න ඕන. දැන් රැ. 110 ට අරගෙන රැ. 200 ට විකුනලා පොල් වල පාඩුව සැමන් වලින් පියවනවා. ඒකයි සිස්ටම් එක.

ඉතිං සමූපකාරෙට සැමන් සපයන කෙනා වගේ තමයි බැදුම්කර වලට සල්ලි දාන අය. ඒ කියන්නේ මිනිස්සු හා බැංකු වැඩි සල්ලි මහ බැංකුවේ බැදුම්කර වලට සපයනවනේ. ඒවට ගෙවන ගාන අඩු කරනවා. හරියට රැ. 130 සැමන් ටින් එකට පස්සේ රැ. 110 ක් ගෙව්වා වගේ. ඒ වගේම මහ බැංකුවෙන් අනෙක් බැංකු වලට ණය දෙනකොට අය කරන පොළිය වැඩි කරන්න වෙනවා. හරියට රැ. 150 පොල් ගෙඩිය රැ. 200 ට වික්කා වගේ. මහ බැංකුවෙන් සල්ලි මදි බැංකු වලට දැන් වැඩි පොලියට ණය දෙනවා ඔන්න. එතකොට ඒ වැඩි පොළිය ගෙවලා බැංකු වලින් ගන්න සල්ලි වලින් මිනිස්සුන්ට ණය දෙනකොට අය කරන පොළිය වැඩි කරන්න වෙනවා.

දැන් තේරෙනවද වැඩේ ? මහ බැංකුවේ මේ වංචාව නිසා සාමාන්‍ය මනුස්සයෙක් ණයක් ගන්න ගියාම අය කරන පොලිය වැඩි කරන්න වෙලා. හරියට රැ. 150 ක සැමන් ටින් එක රැ. 200 උනා වගේ. ඒ වගේම බැංකු වල මුදල් තැන්පත් කලාම ගෙවන පොලිය අඩු කරන්න වෙලා. හරියට සමූපකාරෙට සැමන් සපයපු කෙනාට ගෙවපු රැ. 130 ක මුදල රැ. 110 ක් දක්වා අඩු කලා වගේ.

දැන් සමූපකාරෙට සැමන් සපයපු ආයතන පාඩු ලබනවා. ඇයි ? රැ. 130 ක් දෙන්නම් කියලා ගත්ත සැමන් ටින් එකකට ගෙවන්නේ රැ. 110 ක් විතරනේ. අන්න ඒ වගේ තමයි මහ බැංකුවේ බැදුම්කර වල ආයෝජනය කරපු සේවක අර්ථසාධක අරමුදලට වෙලා තියෙන්නේ. එයාලට ගෙවන්න හිටිය ගානට වඩා අඩුවෙන් තමයි දැන් ගෙවන්නේ. ඒ කියන්නේ මිලියන ගානක් වෙච්ච වැඩ කරන ජනතාවට ගෙවන අර්ථසාධක පොළිය මේ වැඩේ නිසා අඩු වෙනවා. සිංගප්පූරැ පුරවැසියාගේ බෑනාට බිලියන ගණනක් ලාභ ලබන්න, සාමාන්‍ය වැඩ කරන ජනතාවට ලැබෙන්න නියමිත පොළිය අඩු කරනවා. ඒ වගේම ඒ ලාභය ලබන්න මිලියන ගානක් බැංකු වලින් ණය ගන්න එන අයගෙන් අය කරන ණය පොළිය වැඩි කරනවා.

සරළව කියනවා නම් අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා ලබපු ලාභය හෙවත් මහ බැංකුව ලබපු අලාභය පියවන්න සාමාන්‍ය ජනතාව මත බර පටවනවා. මේ පාඩුව පියවන්න ඕන නම් තව අවුරැදු 7 ක් 8 ක් මේ විදිහට යන්න ඕන.

වෙනදා අවුරැද්ද අවසාන වෙන්න කිට්ටු වෙද්දී ටාගට් එක ගහන්න විවිධ බැංකු පොළිය වැඩි කරලා විශේෂ පොළී අනුපාත දීලා මිනිස්සුන්ගේ තැන්පතු ගන්නවා මතක ඇතිනේ. දැන් මේ 2017 අවුරැද්දේ අවසාන කාලය නේ. දැකලා කියනවද කිසිම බැංකුවකින් මේ වතාවේ එහෙම විශේෂ පොළී අනුපාත දෙනවා ? නැහැ නේද ? රාජ්‍ය හා පෞද්ගලික හැම බැංකුවකම සල්ලි බැදුම්කර වල දාලා තියනවා. ඒ හැමෝටම දැන් පාඩුයි. ඉතිං පාඩු ලබන බැංකු කොහොමද වැඩි පොළී දෙන්නේ තැන්පත් කරැවන්ට ? ඒ වෙනුවට ණය පොළිය නම් වැඩි කරනවා නහුතෙට.

සමහර මිනිස්සුන්ට බැදුම්කර සිද්ධිය ගැන කිසිම අවබෝධයක් නැතත් මොකක් හරි හොරකමක් වෙලා තියනවා කියන අවබෝධය තියනවා. ඒකත් ලොකු දෙයක්.

ඔන්න ඕකයි මහ බැංකු බැදුම්කර වංචාව කියන්නේ? තේරැම් ගත්තා නම් ෂෙයා කරලා තව කෙනෙක් දැනුවත් කරමු.

උපුටා ගැනිමකි

Last edited by DJLEOx78; 01-07-2018 at 07:08 PM.
Reply With Quote
(#2)
Old
KasunKDP's Avatar
KasunKDP KasunKDP is offline
Senior Member
KasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to behold
 
Posts: 34,011
Join Date: Oct 2013
Location: hell
01-07-2018, 12:05 PM

bump
Reply With Quote
(#3)
Old
DJLEOx78's Avatar
DJLEOx78 DJLEOx78 is offline
Senior Member
DJLEOx78 is a name known to allDJLEOx78 is a name known to allDJLEOx78 is a name known to allDJLEOx78 is a name known to allDJLEOx78 is a name known to allDJLEOx78 is a name known to allDJLEOx78 is a name known to allDJLEOx78 is a name known to allDJLEOx78 is a name known to allDJLEOx78 is a name known to allDJLEOx78 is a name known to all
 
Posts: 5,709
Join Date: Jun 2012
Location: Colombo
01-07-2018, 12:25 PM

bump
Reply With Quote
(#4)
Old
pody malli's Avatar
pody malli pody malli is offline
Senior Member
pody malli is a glorious beacon of lightpody malli is a glorious beacon of lightpody malli is a glorious beacon of lightpody malli is a glorious beacon of lightpody malli is a glorious beacon of lightpody malli is a glorious beacon of lightpody malli is a glorious beacon of lightpody malli is a glorious beacon of lightpody malli is a glorious beacon of lightpody malli is a glorious beacon of lightpody malli is a glorious beacon of light
 
Posts: 3,491
Join Date: Feb 2012
Location: මැද...
01-07-2018, 12:32 PM

bump
Reply With Quote
(#5)
Old
HKavinda's Avatar
HKavinda HKavinda is offline
Senior Member
HKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond repute
 
Posts: 44,686
Join Date: Dec 2013
Location: 🅸🅽🆃🅴🆁🅽🅴🆃
01-07-2018, 12:33 PM

ම්ප්
Reply With Quote
(#6)
Old
SBWoof's Avatar
SBWoof SBWoof is offline
Senior Member
SBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to behold
 
Posts: 6,842
Join Date: Dec 2017
Location: Nassau
01-07-2018, 12:34 PM

Bump
Reply With Quote
(#7)
Old
WhyNot1's Avatar
WhyNot1 WhyNot1 is offline
Senior Member
WhyNot1 is a name known to allWhyNot1 is a name known to allWhyNot1 is a name known to allWhyNot1 is a name known to allWhyNot1 is a name known to allWhyNot1 is a name known to allWhyNot1 is a name known to allWhyNot1 is a name known to allWhyNot1 is a name known to allWhyNot1 is a name known to allWhyNot1 is a name known to all
 
Posts: 2,858
Join Date: Nov 2016
01-07-2018, 12:41 PM

දැනුයි හරියට තේරුනේ Thanks
Reply With Quote
(#8)
Old
virajkavn's Avatar
virajkavn virajkavn is offline
Senior Member
virajkavn is a name known to allvirajkavn is a name known to allvirajkavn is a name known to allvirajkavn is a name known to allvirajkavn is a name known to allvirajkavn is a name known to allvirajkavn is a name known to allvirajkavn is a name known to allvirajkavn is a name known to allvirajkavn is a name known to allvirajkavn is a name known to all
 
Posts: 4,342
Join Date: Sep 2007
Location: සදා.ලෝ.පුකු ගම
Send a message via ICQ to virajkavn Send a message via AIM to virajkavn Send a message via Yahoo to virajkavn Send a message via Skype™ to virajkavn
01-07-2018, 12:52 PM

bump amata hudu! danuyi tharune
Reply With Quote
(#9)
Old
scorpion MW scorpion MW is offline
Senior Member
scorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of light
 
Posts: 9,151
Join Date: Dec 2014
Location: හෙල බිමේ
01-07-2018, 01:15 PM

bump
Reply With Quote
(#10)
Old
ywicky's Avatar
ywicky ywicky is offline
Senior Member
ywicky is a glorious beacon of lightywicky is a glorious beacon of lightywicky is a glorious beacon of lightywicky is a glorious beacon of lightywicky is a glorious beacon of lightywicky is a glorious beacon of lightywicky is a glorious beacon of lightywicky is a glorious beacon of lightywicky is a glorious beacon of lightywicky is a glorious beacon of lightywicky is a glorious beacon of light
 
Posts: 16,732
Join Date: Jun 2007
Location: Seeduwa
Send a message via Skype™ to ywicky
01-07-2018, 01:15 PM

Good post
Tfs
Nw only i understood
Reply With Quote
Reply

Bookmarks

Tags
!!මරිය පච වේසි, !!මහින්ද අනාතයි, !!මහින්ද පරාදයි, !ජෝසප් වඳ පොන්නය, !unp වේසාවෝ රට කෑවා, ලිංගික සිරිසේන, blackp2, ek_lib, ponil බැංකු හොරා

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04039 seconds with 9 queries