බ්‍රහ්මවිහාර ධර්ම
බ්‍රහ්මවිහාර ධර්ම ගැන පුංචියට ආටිකල් එකක් කරන්න හිතුනා. මගේ ගුරුවරුන්ගේ මග පෙන්වීම යටතේ. මන් දන්නේ නෑ කොයි තරමින් ඔයාලට මේ ආටිකල් එක ප්‍රයෝජනවත් වෙයිද කියලා. යම් තරමකින් වත් ප්‍රයෝජනයක් වෙනවා නම් ඒ තුලින් ලැබෙන පින් මගේ ගුරුවරුන්ට අනුමෝදන් වෙන්න මුලින්ම ප්‍රර්ථනා කරනවා.
බ්‍රහ්මවිහාර ධර්ම කියන්නේ මොනවද කියලා ඔය ඇත්තෝ ඕනා තරම් අහලා ඇති. "බ්‍රහ්ම" කියන්නේ ගෞරවනීය නැත්නම් වංශවත් කියන එක. පාලියේදී පාවිච්චි වෙන්නේ "බිරහ්ම" කියලානේ නේද. "විහාර" කියන දේ තුලින් අදහස් කරන්නේ ජීවත් වෙනවා කියන එක. ඒ විදියට ගත්තම බ්‍රහ්මවිහාර කියන දෙයින් වංශවත් ලෙස ජීවත් වීම අදහස් කරන බව පේනවා. එහෙම නැත්නම් යහපත ඇති කරමින් ජීවත් වීම මේ තුලින් අදහස් වෙනවා.
මේ බ්‍රහ්මවිහාර කියන වචන පෙල විස්තර කරද්දී, ඒ තුලට මෛත්‍රිය, ඒ කියන්නේ මිතුරුකම/මිත්‍රශීලීබව, කරුණාව, මුදිතාව නැත්නම් අන් අයගේ සතුටේදී සතුටුවීම සහ උපේක්ෂාව නැත්නම් දුකේදී වුනත් සැපේදී වුනත් වෙනසක් නැතිව එක් ලෙසට තමන්ගේ සිත පවත්වාගෙන යාම කියන මූලිකාංග හතර ඇතුලත් වෙනවා. මේ තමයි සතරාකාරයේ බ්‍රහ්මවිහාර ධර්ම. මහාගෝවින්ද සූත්‍රයේදී මේ ධර්මතා බ්‍රහ්මචාරිය ලෙසත් දැක්වෙනවා. ඒ නිසාම බ්‍රහ්මචාර ධර්ම විදියටත් බ්‍රහ්මවිහාර ධර්ම හඳුන්වනවා. බ්‍රහ්මචාරීය කියන්නෙත් ඉතින් උතුම් විදියට ජීවත් වීමමනේ.
මේ විදියටම අභිධර්ම දේශනාවේදී අප්පමත්ත විදියට බ්‍රහ්මවිහාර ධර්ම හඳුන්වලා තියෙනවා. මේ වචනය භාවිතයට එන්නේ අප්‍රමාන නැත්නම් අසීමිත කියන අදහස එක්ක. උදාහරණයක් විදියට අපි මෛත්‍රිය වඩනවා නම් එය අසීමිතව වඩන්න ඕනා නේ හැම කෙනෙක් සම්බන්ධයෙන්ම. ඉතින් මේ විදියට ගත්තම අප්පමත්ත විදියටත් බ්‍රහ්මවිහාර ධර්ම හැඳින්වීමේ වරදක් නෑ.
මේ සම්බන්ධයෙන් ඔයාලට අසීමිත දැනුමක් ඇති බව මට විශ්වාසයි. මෙත්තා භාවනාව කියන්නේ කෙනෙක්ගේ මනස අනිත් අය සම්බන්ධයෙන් මිත්‍රශීලීභාවයෙන් යුතුව සංවර්ධනය කිරීම විදියට සලකන්න පුළුවන්. අනිත් අය සම්බන්ධයෙන් සැප ප්‍රර්ථනාවක් හිතේ ඇති වුනාම ඒක අපිට ප්‍රඥාවන්ත සිතිවිල්ලක් විදියට සලකන්න පුළුවන්. කරුණා භාවනාව කියන්නේ අනිත් අය සම්බන්ධයෙන් කාරුණික හැඟීම් පැතිරවීම. ඒකට කාරුණික සිතිවිලි වලින් හිත සංවර්ධනය කර ගන්න අවශ්‍යයි. සාමාන්‍ය ජීවිතයේදී කෙනෙක් විඳින දුක දැකලා ඒ දුකින් ඒ කෙනා මිදෙන්න ඕනා කියලා සිතිවිල්ලක් ඇති වෙනවා නම් ඒක කරුණාව සහිත ප්‍රඥාවන්ත සිතුවිල්ලක් විදියට අපිට හඳුන්වන් පුළුවන්. මුදිතාව සම්බන්ධයෙන් ගත්තම මේ තුලදී අනිත් අයගේ සතුට සම්බන්ධව ඒ අයට ඒ සතුට දිගින් දිගටම පැවැත්ම සම්බන්ධයෙන් ඇතිවන සිතිවිලි හඳුන්වන්න පුළුවන්. උපේක්ෂාව සම්බන්ධව ගත්තම තවත් කෙනෙක්ගේ තත්වය සම්බන්ධයෙන් දුකක් වත් සතුටක්වත් නැතිව නැත්නම් කිසිම වෙනසක් නැතිව මධ්‍යස්තව සිත පිහිටවා ගැනීම, තවත් විදියකට කියනවා නම් කිසියම් කරුණක් සම්බන්ධයෙන් මේ දේ වෙන්නේ කර්මය හා ප්‍රතිඵලය අනුව බවට දැනගෙන මධ්‍යස්ථව සිහිය පිහිටුවා ගැනීම උපේක්ෂාව කියලා කියන්න පුළුවන්. මේ අතරින් මුලින්ම මෙත්තා බ්‍රහ්මවිහාර වර්ධනය සම්බන්ධයෙන් අවධානය යොමු කරමු.
බ්‍රහ්මවිහාර ධර්ම
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස