සම්මුතිය සහ පරමාර්ථය අතර පෙරළිය
මාගේ ත්‍රෙඩ් එකකට කවුදෝ පුද්ගලයෙක් කෙනෙකුන්ගේ නමක් ඈඳා ගනිමින් දෙස් දෙවොල් තියන්නටමින් කොමෙන්ට් එකක් දාලා තිබුණා, ඇත්තටම මේ මොකද කියා මට විමසන්නට වුනා.
බැලිනම් කවුදෝ කෙනෙකුන් දැමූ විශාල පද පෙරලියකට පෙරළු ගාථා පාඨයක් ගැනයි.
අසේවනා ච බාලානං - පණ්ඩිතානඤච සේවනා
පූජා ච පූජනීයානං - එතං මංගල මුත්තමං
මෙන්න මේ ගාථා පඨය මුල් කරගෙන වාග් ප්‍රහාර රැසක් දෙපාර්ශ්වයෙන්ම එල්ල වී ඇති බව පෙනුනා. එළකිරිය කනපිට පෙරලමින් මේ දම් පදය මුල් කරගෙන දෙපාර්ශ්වයම ඇණ කොටා ගැනීමක් දක්නට තිබුනා.
මම මෙය දැක පමණින්ම නුවණට වැටහුණු දෙයක් තමයි තම තමන්ගේ ප්‍රකාශන හැකියාවේත්, අනුන්ගේ ප්‍රහාර ඉවසීමේ ශක්තියත්, මනසට ඝෝචර වන අන්දමින් උකහා ගැනීමේ ශක්තියත් මේ දෙගොල්ලොටම නොතිබූ බව.
ඔන්න මම මේකේ තේරුම් දෙකේම වෙනස පැහැදිලි කරදීමක් කරන්න ඕනේ කියන හැඟීම ඇතුව මේකට අත තිබ්බා.
බුදුන් ලෞකිකවත්, ලෝකෝත්තරවත් දම් දෙසුවා. එහෙත් ලෝකෝත්තරය නොපෙනෙන නිසාවෙන් එය කාලයත් සමග ලෝකෝත්තර දම් යටපත් වුනා. මොකද ලෞකිකයට කෑදර අය ලෝකෝත්තරයට ජයගත් අයට වඩා ජන ඝණත්වයෙන්ද වැඩි නිසා වඩාත් ස්ථායිව ලෞකිකයේ පවත්වාගත හැක්කේ ලෞකිකයට ගිජු අය මිස ලෝකෝත්තරයින් නෙමෙයි. අන්න ඒ හේතුව නිසාම තමයි බුදුන්ගේ දහම අඩුම තරමේ අවුරුදු 5000කට වැඩියෙන්වත් නොපවතින්නේ.
විනාශයක තරම කියන්නේ අපේ නිර්මල ධර්මය තිබුන සිංහල පොත් ටිකත් ගිනිබත් කරානේ. ලංකාවේ සාසනයක් කියන එකත් නැතිවෙලා තිබුන කාලයක් තිබුනනේ. සාසනේ නැති වෙච්චි කාලෙනේ සියම් නිකායේ හිමිවරුන් ගෙන්නලා අයෙත් සාසනය පිහිටවූයේ.
සම්මුතිය කියන්නේ ලෞකිකත්වයට, පරමාර්ථය කියන්නේ ලෝකෝත්තරයට. ලෝකෝත්තරය ලෞකිකයට වඩා හොඳ බව කවුරුත් දන්නවානේ. ඉතින් මේ ලෝක දෙක අතරේ මිනිසුන්ගේ පැහැදිලි බෙදීමක් දක්නට ලැබෙනවා.
1. ලෞකිකයට කෑදර ලෝකෝත්තරය පිළිකුල් කරන මනු සතුන්
2. ලෝකෝත්තය ජය ගැනීමට වෙහෙසෙන හා ලෝකෝත්තරය ජය ගත් දෙවි මිනිසුන්
3. ලෞකිකයත්, ලෝකෝත්තරයත් අතරමැදිව සිරවී සිටින මිනිසුන්
ඔන්න මම මේ ගාථා පාඨයේ පද පෙරළා තිබූ අන්දම විමසීමකට භාජනය කරන්නෙමි.
සම්මුතිය = ලෞකිකයට අදාල අරුත
පරමාර්ථය = ලෝකෝත්තරයට අදාල අරුත
ඒ ඔහුන් ලෝකෝත්තරය ජයගත් උදවිය නිසයි. මේක මෙහෙමමයි කියල ඒ අය අපි වගේ සාමාන්‍ය මිනිසුන්ට කියන්නේ නැත්තේ අපි ලෞකිකයට කෑදර නිසාත්, ලෝකෝත්තරය කියන දේ පෙනෙන්න තිබෙන්න නැති නිසා ලෝකෝත්තරය පිලිකුල් කරන නිසාවෙනි.
ලෞකික ජීවිතේ සෑම දෙයක්ම අපිට පේන්න තියෙනවා, අපේ ඇසින් කනින් අහන්න ලැබෙනවා, එහෙත් ලෝකෝත්තරය අපේ සතර භූතයන්ගෙන් තැනුනු ඇසින්වත් කනින්වත් දකින්න අහන්න බැහැ. ඒක දකින්න පුළුවන් ලෝකෝත්තරය ජයගත් ප්‍රඥ්ඥාවෙන්මයි. ඒ ප්‍රඥ්ඥාවෙන් බලන්න බැරිකම නිසාම තමයි අපි පරමාර්ථය ප්‍රතික්ෂේප කරන්නේ.
ඔන්න දැන් අපි සම්මුතිය පරමාර්ථය විමසමු.
1. ලෞකිකයට කෑදර ලෝකෝත්තරය පිලිකුල් කරන්නා පළවන සම්මුති අර්ථය පිලිගනියි. දෙවැන්න එනම් පරමාර්ථය පිලිකුල් කරයි.
2. ලෝකෝත්තරය ජයගත්තවුන් පරමාර්ථය හිස් මුදුනින් පිළිගනියි. සම්මුතියෙන් ඔහුන්ට වැඩක් නැත්තේ දැනටමත් ඔහුන්ට කළ්‍යාණ මිතු සෙවන තමාගෙන්ම ලබාගත් බැවිනි. (බුදුන් මාර්ගෝපදේශයා කරගෙන තමාගේ සිත ගුරුවරයා කරගන්න කියලනේ බුද්ධ දෙශනාව ) ඉතින් ඔහුන්ගේ කළණ මිතුරා ඔහුන්ගේම උසස් මනසයි.
3. ලෞකිකයෙයි, ලෝකෝත්තරයෙයි වැට උඩ ඉන්නා මේ දෙකේම අරුත් පිලිගනියි. ඒ මන්ද වැටෙන් එහටද මෙහාටද පනින්නෙ කියල අවබෝධයක් නැති කමයි.
ඉතින් ඔබ අයිති මේ තුන්ගොල්ලන්ගෙන් කොයි කොටසටද?
කේන්ති ගන්න කාරි නැත. තම තමගේ මනසට ඝෝචර වන අන්දමින් තේරුම් ගත්තේනම් යහපති. සම්මුතියෙත්, පරමාර්ථයේත් වැරැද්දක් නොමැත. නමුත් පරමාර්ථය වඩාත් හරවත්. අන්න ඒ බව ඔබට වැටහේවායි මම පතමි.
සියළු සතුන්ගේ ණුවනැස පහදා, දම් සෙවනේ සිසිල ලැබේවා! අවසානයේ අමා මහා නිර්වාණයටම පින්වතුන් පත්වේවායි! මගේ ඒකායන අධිෂ්ඨානය

අසේවනා ච බාලානං - පන්ඩිතානඤ්ච සේවනා
පූජා ච පූජනීයානං - ඒතං මංගලමුත්තමං
නරක අය නොම ඇසුර ද - කළණමිතුරන් සමග නිති ඇසුරද
පිදිය යුත්තන් පිදුම ද - මේවා උතුම් මගුල් කරුණු ය.
පරමාර්ථය = ලෝකෝත්තරයට අදාල අරුත
ඉතින් මේ පරමාර්ථ දම් පද පෙරළිය ත්‍රිපිටක පොතේ නැහැ. හැබැයි එහි අරුථ සම්මුතියට වඩා අර්ථවත් සහ හරවත් ඒ මන්ද මෙවන් පෙරළියක් කළ හැක්කේ බුදුවරයෙකුට හෝ සිව්පිළිසිඹියාපත් මහ රහතන් වහන්සේ කෙනෙකුටම පමණි.අසේවනා ච බාලානං - පණ්ඩිතානඤච සේවනා
පූජා ච පූජනීයානං - එතං මංගල මුත්තමං
අසේවනා ච බාලානං - පංච ඉන්ද්‍රියන් වන බාලයන් ඇසුරු නොකරන්න. ඔහුන් පෘථක්ජනයන් සංසාරයේ රැගෙන යන බාලයන්ය.
පණ්ඩිතානඤච සේවනා - පණ්ඩිතයා ආශ්‍රය කරන්න : මෙහි පණ්දිතයා යනු ආර්ය බ්‍රහ්මචර්යාවේදී ඉදිරිපත් වන යථාභූත, දැකීමට, බැලීමට, උපයෝගී කරගන්නට, පිරිසිදු, ප්‍රභෂ්වර, රහත් ලෞකික, ලෝකෝත්තර දෙපාව දැකිය හැකි, පංචාභිඤඤාවලින් ආවේනික වූ "ද්වි පදානංච චක්ඛුමා", කියන සිතට හෙවත් සුවිශේෂ ඇසටය. ශ්‍රවකයා බ්‍රහ්ම චර්යාවේදී මේ ඇසම උපයෝගි කරගත යුතු නිසා මේ පණ්ඩිතයා ආශ්‍රය කිරීම දක්වා ඇත.
"පූජාච පූජනීයානං" - පිදිය යුත්තන් පිදීම යනු මෙහි අර්ථයි. බ්‍රහ්මචර්යාවේ හැසිරෙන ශ්‍රවකයාට කායනුපස්සනා, වේදනානුපස්සනා වලදී ඉදිරිපත්වන අරමුණ බැලීමට එන්නේ ප්‍රභාෂ්වර වූ සිත්ය. ඒ සිත් රහතන් වහන්සේලා වේ. උන්වහන්සේලා ඒකාන්තයෙන්ම මහත් ඵල මහනිසංස ඇති අය නිසා සිවු පසයෙන් පිදිය යුත්තන් වේ. මාර්ගස්ථ වූ ශ්‍රාවකයා මේ අරමුණු බැලීමේදී පරමාර්ථ වශයෙන් පිදිය යුත්තන් පුදනු ලැබේ.මේ (මුල සිට අනිපිලිවෙලින්) ශ්‍රවකයාට නිවන් දැකීමට යෑමේදී පිහිටිය යුතු පදනම් කරුණු තුන වේ.
ඒ ඔහුන් ලෝකෝත්තරය ජයගත් උදවිය නිසයි. මේක මෙහෙමමයි කියල ඒ අය අපි වගේ සාමාන්‍ය මිනිසුන්ට කියන්නේ නැත්තේ අපි ලෞකිකයට කෑදර නිසාත්, ලෝකෝත්තරය කියන දේ පෙනෙන්න තිබෙන්න නැති නිසා ලෝකෝත්තරය පිලිකුල් කරන නිසාවෙනි.
ලෞකික ජීවිතේ සෑම දෙයක්ම අපිට පේන්න තියෙනවා, අපේ ඇසින් කනින් අහන්න ලැබෙනවා, එහෙත් ලෝකෝත්තරය අපේ සතර භූතයන්ගෙන් තැනුනු ඇසින්වත් කනින්වත් දකින්න අහන්න බැහැ. ඒක දකින්න පුළුවන් ලෝකෝත්තරය ජයගත් ප්‍රඥ්ඥාවෙන්මයි. ඒ ප්‍රඥ්ඥාවෙන් බලන්න බැරිකම නිසාම තමයි අපි පරමාර්ථය ප්‍රතික්ෂේප කරන්නේ.
ඔන්න දැන් අපි සම්මුතිය පරමාර්ථය විමසමු.
1. ලෞකිකයට කෑදර ලෝකෝත්තරය පිලිකුල් කරන්නා පළවන සම්මුති අර්ථය පිලිගනියි. දෙවැන්න එනම් පරමාර්ථය පිලිකුල් කරයි.
2. ලෝකෝත්තරය ජයගත්තවුන් පරමාර්ථය හිස් මුදුනින් පිළිගනියි. සම්මුතියෙන් ඔහුන්ට වැඩක් නැත්තේ දැනටමත් ඔහුන්ට කළ්‍යාණ මිතු සෙවන තමාගෙන්ම ලබාගත් බැවිනි. (බුදුන් මාර්ගෝපදේශයා කරගෙන තමාගේ සිත ගුරුවරයා කරගන්න කියලනේ බුද්ධ දෙශනාව ) ඉතින් ඔහුන්ගේ කළණ මිතුරා ඔහුන්ගේම උසස් මනසයි.
3. ලෞකිකයෙයි, ලෝකෝත්තරයෙයි වැට උඩ ඉන්නා මේ දෙකේම අරුත් පිලිගනියි. ඒ මන්ද වැටෙන් එහටද මෙහාටද පනින්නෙ කියල අවබෝධයක් නැති කමයි.
ඉතින් ඔබ අයිති මේ තුන්ගොල්ලන්ගෙන් කොයි කොටසටද?
කේන්ති ගන්න කාරි නැත. තම තමගේ මනසට ඝෝචර වන අන්දමින් තේරුම් ගත්තේනම් යහපති. සම්මුතියෙත්, පරමාර්ථයේත් වැරැද්දක් නොමැත. නමුත් පරමාර්ථය වඩාත් හරවත්. අන්න ඒ බව ඔබට වැටහේවායි මම පතමි.
සාරාංශය: ආර්ය බ්‍රහ්ම චරියාවේදී එනම් භාවනාවේදී පංචස්කන්ධයේ ඇසුර නැත, ඇසුරු කරන්නේ භාවනාවෙන්ම උසස් කරගත් පණ්ඩිත සිතයි. අන්න ඒ වෙලාවට පංචස්කන්ධයේ ඇසුර නැති නිසා කයින් කරන වැරදි කිසිවක් කරන්නේ නැත (පස් පවින් හා පව් කෝටියකින් වැලකී කෝටියක් සිල් රකියි ) ආශ්‍රය කරන්නේ උසස් මනසක් බැවින් ප්‍රඥ්ඥාව වැඩිවේ, ඒ වෙලාවට රහසින්වත් සිතින් පව් නොකෙරෙයි. භාවනාවේදී තුන් දොරින් සිදුවන පව් කෙරෙන්නේ නැත. කොච්චර අගනා ධර්මයක්ද බුදු දහම.

Last edited: