දත ගලවගන්න ද හදන්නේ??

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත ගලවගන්න ද හදන්නේ??

    දත ගලවගන්න ද හදන්නේ?? මෙහෙම ඇහුවාම සමහර විට ඔබ මා සමග අමනාප වේවි. ඒත් මම නැවත ඔබෙන අහනවා, දත ගලවගන්න ද හදන්නේ??

    දතක් ගලවා ඉවත් කළ පසු ඇතිවන හාණිය පූර්ණය කිරීමට ක්‍රමවේද පැවතුණත්, එම කෘතිම දත් ශක්තිමත් භාවය අතින් කිසිසේත් ම ඔබේ ස්වභාවික දතට සමාන කළ නොහැක් බවත්, ඔබේ ස්වභාවික දත තරම් ශක්තිමත් දතක් නැවත ඔබ වෙත ලබාදිමේ ප්‍රතිකාර ඉතාමත් මිළ අධික බවත් ඔබ දන්නවාද??
    දතක් කොතරම් හාණියට පත් වුවත් පුණුරුත්ථාපනය කොට සංරක්ෂණය කිරීමේ නූතන දන්ත වෛද්‍ය ප්‍රතිකාර පවතින බව ඔබ දන්නවාද? සාමාන්‍ය භාෂාවෙන් පවසතොත් ප්‍රශ්නය දුරදිග ගියත් ගොඩින් බේරා ගත හැකි බව ඔබ දන්නවා ද?? පහත රූප පෙළ ඒ සදහා ඔබට සාක්ෂි සපයාවි....!!! (මේකෙ තියෙන පින්තූර බලන කොට අවුල් නම් සොරි වෙන්න ඕනෙ..දත් නේ ඉතින් දාන්න වෙන්නේ...)

    ඔබේ දතේ හාණියට පත්වී ඇත්තේ...

    කාලක් වුවත්............
    quatertooth.jpg


    භාගයක් වුවක්.........
    halftooth.jpg


    තුන් කාලක් වුවත්...............
    thunkalatooth.jpg


    ඉතිරිව ඇත්තේ මුල පමණත් වුවත්............
    roottooth.jpg


    එම දත,

    කෘන්තක දතක් වුවත්............
    incisor.jpg


    රදනක දතක් වුවත්...........
    canine.jpg


    පුරස්ශාර්වකයක් වුවත්.........
    premolar.jpg


    චාර්වකයක් වුවත්............
    molar.jpg


    නැවත තිබූ තත්ත්වයට ම පත් කළ හැකි බව ඔබට පෙනේවි......!!!

    ඉතින් තාමත් ඔබ දත ගලවගන්න ද හදන්නේ??

    දන්ත ‍‍සෞඛ්‍යය සම්බන්ධ මෙවන් ලිපි පෙළක ඇරඹුම වන මෙවැනි තවත් ලිපි පළකිරීම ඔබේ ප්‍රතිචාර මත රැදී තියේවි. මෙය පළකිරිම සම්බන්ධව උදව් කළ *dhanushka* සහ JHHA යන සොයුරන්ට මාගේ භක්ති ප්‍රණාමක ස්තූතිය...!!

    සොරි වෙන්න ඕන කලින් පොඩි අවුලක් ඇති වුණාට. දැං හරි නේද....??????
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    50 000LKR

    ඒ මිනි implant නේ implant එක විතරක් 50ක් නේ....!!! ethakota datha....!!!!:no::no:

    ඊට වැඩිය මේ On Post Build-Up කියන ක්‍රමය ලාබයිනේ මචං.....උපරිම යන්නේ 15ක් විතරනේ....!!!!
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    haffoi mama dath nathuwa innawa mewage ganan dakkama

    මෙහේ හොදයි මචෝ, අමෙරිකාව වගේ රටක නම් conventional implant එකකට ඩොලර් 15000ක්...!!!:shocked::shocked: ඒ නිසා එහේ ඉන්න අපේ උන් මෙහේ ඇවිත් තමයි ඕව කරගෙන යන්නේ...!!!:yes::yes:
     
    • Like
    Reactions: pavithra_uk

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    එළ එළ...දිගටම දාන්න...

    Nerve Filling කියන්නෙ ඕකටද?

    කොහෙන්ද ඕක කරගන්න පුලුවන්? කොච්චර කල් යනවද?

    හැදුවට පස්සෙ දත කිසි අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්ද?

    මගෙත් තියෙනවා සවුත්තු වෙච්ච දතක්...:growl:

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළ එළ...දිගටම දාන්න...

    Nerve Filling කියන්නෙ ඕකටද?

    කොහෙන්ද ඕක කරගන්න පුලුවන්? කොච්චර කල් යනවද?

    හැදුවට පස්සෙ දත කිසි අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්ද?

    මගෙත් තියෙනවා සවුත්තු වෙච්ච දතක්...:growl:


    මේ Nerve fillings (ස්නායු පිරවීම්) නෙවෙයි. හැබැයි මේ වගේ ප්‍රතිකාරයකට ස්නායු පිරවීමක් කරන්න ම වෙනවා. මේක on-post build-up කියන cosmetic dental treatment එක.

    දක්ෂ සහ ඔබේ දත ගැන හිතන පරාර්ථකාමී, නූතන දන්ත වෛද්‍ය තාක්ෂණය ප්‍රගුණ කරපු, දක්ෂ දන්ත වෛද්‍යවරයෙක් නම් මේ ප්‍රතිකාරය කරයි වෙහෙස නොබලා ඔබේ පෙණුම රැක ගැනිම වෙනුවෙන්...!!!

    හැදුවට පස්සේ ඔබේ දත වගේම තමයි..!! යකඩ ඇණ, මුරිච්චි කෑවෙත් කැඩෙනවා, මෝඩයොත් එක්ක දේශපාලනේ කතා කළොත් කැඩීයාමේ ඉහල හැකියාවක් තියෙනවා...!!!:yes::yes:;);)
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Good work bro! Ape kattiyata meka godak wadagath wei.
    Thama godak aya dath galawanawa nodanuwath kama nisa. :yes:
     

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    අතිශයින්ම වැදගත් ත්‍රෙඩ් එකක්...!!! :yes::yes::yes:
    අප සියලු දෙනා දැනුවත් කිරීම ගැන නැවතත් ස්තුතියි...!!! :D:D:D