Blu-Ray කියන්නෙ මොනවද

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Blu-Ray කියන්නෙ මොනවද

    Blu Ray Discs(BD) ගැන තමයි මේ කියන්න යන්නෙ. මේකට Blu-ray කියන්නෙ මේ discs කියවන්න පාවිච්චි කරන්නෙ blue laser එකක් නිසා(සාමාන්‍ය DVD කියවන්න භාවිතා කරන්නෙ රතු පාට ලේසර් එකක්). හැබැයි පටලව ගන්න එපා මේක Blue-Ray නෙමෙයි Blu-ray.

    bd44.png


    2006 වර්ෂයේ මුලින්ම හඳුන්වල දීපු මේ තාක්ෂණය චිත්‍රපට කර්මාන්තයේ විශාල පෙරලියක් ඇති කලා කිව්වොත් හරි. ඒකට හේතුව වෙන්නෙ මේ ඩිස්ක් එකක ගබඩා කරන්න පුලුවන් දත්ත ප්‍රමාණයයි. ඉතාමත් ඉහල ගුණාත්මක භාවයකින් යුක්ත රූප සහ හඬ ඇතුලත් (high-definition video and audio) චිත්‍රපට වගේ දේවල් ඩිජිටල් ක්‍රමයට ගබඩා කරන්න Blu-Ray තාකෂණය යොදාගන්නව.
    BRrip, BDRip එහෙම බලන නිසා දන්නව ඇතිනේ කොලිටිය ;)
    156_front.jpg



    සාමාන්‍ය DVD එකක ගබඩා කරන්න පුලුවන් 4.7 GB වගේ දත්ත ප්‍රමාණයක් බව අපි කවුරුත් දන්නව. ඒත් මේ Blu-Ray ඩිස්ක් එකක 25-50 GB අතර දත්ත ගබඩා කරන්න පුලුවන්.
    blu-ray-3.gif

    Blu-ray Disc Association කියන පරිගනක හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණික කණ්ඩායම විසින් හඳුන්වල දීපු මේ ඩිස්ක් ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකක් තියනව
    1. Single Layer Blu-ray Disk
    2. Double Layer Blu-ray Disk

    සාමාන්‍යයෙන් Single Layer Blu-ray Disk එකක 25 GB වගේ දත්ත ගබඩා කරන්න පුලුවන් වගේම Double Layer Blu-ray Disk
    එකක 50GB විතර ගබඩා කරන්න පුලුවන්.
    blu-ray-4.gif

    සාමාන්‍ය CD හෝ DVD තැටියක ප්‍රමානයටම හදල තිබුනට මේ ඩිස්ක් වල High-definition contents ගබඩා කරන්න පුලුවන්. උදාහරණයක් විදියට 1,920 x 1,080
    වගේ resolution තියන ඉහල bit rate එකේ වීඩියෝ ගබඩා කරන්න පුලුවන්. දැනටමත් ගොඩක් චිත්‍රපටි Blu-ray ඩිස්ක් වල ගබඩා කරනව.
    මේ නිසා ඉතාමත්ම ඉහල රසවින්ඳනයක් ලබාගන්න පුලුවන්. හැබැයි Blu-ray ඩිස්ක් ධාවනය කරන්න විශේෂ drive එකක් ඕන.
    0,1425,i=233531,00.jpg



    සාමාන්‍ය DVD එකකට වඩා Data Layer එක මතුපිටට ආසන්න නිසා බාහිර දේවල් වලින් ඩිස්ක් එක හානි වෙන්න ඉඩකඩ වැඩියි. හැබැයි TDK එකෙන් මේකට විසඳුමක් දැනටමත්
    හොයාගෙන තියනව. ඒ තමයි scratch-protection coating එක. මේ වගේ තව එක එක විදියෙ තාක්ෂණික ක්‍රම Blu-ray Disk නිශ්පාදකයො හොයාගෙන තියනව.
    38blu-ray.jpg

    Blu-ray Disk වල තොරතුරු ගබඩා කරන්නෙ ප්‍රධාන වශයෙන්ම Universal Disk Format (UDF) 2.50 කියන standard එකෙන්.

    ඔන්න මගේ 4000 වෙනි පෝස්ට් එක වෙනුවෙන් තමයි මේ short and sweet විස්තරේ දුන්නෙ :P ;)

     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo


    4000 පෝස්ට් එකට මගේ සුභ පැතුම්..........
    වැදගත් තොරතුරු කියලා දුන්නට ස්තූතියි.......