දිවුල්ගනේ_-_මගේ_ඉපැරණි_පෙම්වතී

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    දිවුල්ගනේ_-_මගේ_ඉපැරණි_පෙම්වතී

    මේ සින්දුව කවුරු හරි ඉල්ලලා තිබ්බා. ලස්සන සින්දුවක්, අහල බලන්න :D.

    දිවුල්ගනේ - මගේ ඉපැරණි පෙම්වතී

    අම්මා කෙනෙක් බිරිඳක් වෙලා
    ලොව කාට හෝ නුඹ උරුමැතී
    සතුටින්ද ඔබ පෙරටත් වඩා
    මගේ ඉපැරණි පෙම්වතී

    මමද සැමියෙකි ඇයට අවනත
    දෙදරුවන් ළඟ නිවන සරතැස
    කාලයේ වැලි තලාවේ
    සබඳකම් සැඟ වුණාවේ

    අතරමඟ සුනුවිසුනු පැතුමක
    මතක මිහිරියි තාම හිත යට
    පරවුණත් මල් අතීතේ
    සුවඳ හදවත සමීපේ :love:


    පද රචනය – රවී සිරිවර්ධන
    සංගීතය - රෝහණ වීරසිංහ
    ගායනය – කරුණාරත්න දිවුල්ගනේ






     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ”ප්‍රේමය” සොඳුරුමය. හිමි අහිමි වීම් අතරමැද සිනහා කඳුළු මෙන්ම විඳීම් සහ විඳවීම් සමඟ මුසුවී දැනෙන ප්‍රේමය තරම් මානවයා හට දැනෙන හැඟීමක් තවත් වේද යන්න සිතීම පවා අසීරුය. ප්‍රේමයෙන් උරුම වන වේදනාව වුවද, සොඳුරු වන්නේ එහෙයින්ය. අතීත පෙම් මල් පරවී ගියත් ඒ සුවඳ සිතේ රුවා ගෙන ජීවත් වෙන පෙම්වතුන් කොපමණ දෙනෙකු මේ ලෝකයේ සිටිනවා විය හැකිද? ඔවුන්ගේ සිත් ස්පර්ශ කරන සිතුවිලි ගී මුතු වැලකට අමුණා ගැයුණු විට එය මියුරු ගීතයක් වනු නොඅනුමානය.

    මෙවර “ගී මුතු” සරසන “අම්මා කෙනෙක් බිරිඳක් වෙලා” ගීතයද එවැනි ගීතයකි.

    ගී පද රචනයේ හිමිකරු රවී සිරිවර්ධනය. රවී අප සමඟ මෙම ගී මුතු වැල ගැන සිය අදහස් පැවසුවේ මෙසේය.

    r-7.jpg


    ”දශක කීපයක සිට ඒකාකාරීව දිවෙන අපගේ එකම සංගීත ප්‍රකාශනය වන සරල ගීතයේ හැඩ රුව වඩාත් පුළුල් රූපාන්තරණයකට හසු විය යුතු යැයි මම හිතනවා. ඊට විවෘත මනසකින් කැප විය යුතුයි. සිංහල ගීත පදමාලා පිළිබඳව සලකා බැලීමේදී අද එහි කාව්‍යමය ගුණය ශීඝ්‍රයෙන් පරිහානියට යමින් පවතින අයුරු දැක ගැනීමට පුළුවන්.
    පද රචනයට සරු අරුත් කැඳවාගෙන එනවා වෙනුවට එය හරසුන් වචන සැරසිලිවලින් රිද්ම ගත කොට තෘප්තිමත් වන පිරිසක් බවට අද ගී පද රචකයන් පත් වෙලා. අරුත් සුන් ප්‍රේම විලාප, සල්ලාප වචන රාමුවෙන් මිදී ගී පද රචනයේ යෙදෙන්න මම හැම විටම වෑයම් දැරුවා.

    වියපත් පෙම්වතෙක් තම අතීත ප්‍රේමය ආවර්ජනය කරනා අයුරු තමයි මෙම ගීතයේ සංකල්පනාව පද රචනය කළේ. මේ අත්දැකීම හුඟක් පොදු එකක් කියලා මට දැනුණා. මේ ගී සංකල්පනාවේ ප්‍රකාශකයා සැමියෙක්. ඔහුට බිරිඳක් සිටිනවා. පෙර පෙම්වතියත් විවාහ වී ඇයට සැමියෙකු සිටිනවා. ඔවුන්ට දරුවන්ද සිටිනවා.
    මෙහිදී ඔවුන් සියලු දෙනාටම වින්දනය කළ හැකි විනයකින් යුතුව පෙම්වතාගේ හැඟීම් ප්‍රකාශ කිරීමට හැකි අයුරු මෙම ගීතයේ පද රචනය කිරීමට මම පරිස්සම් වුණා. ඊට ගීත ශ්‍රාවකයින්ගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබෙමින් තිබෙන නිසා මගේ කාර්යය සාර්ථක වී තිබෙනවා කියා මම විශ්වාස කරනවා.”

    දැන් ඕස්ට්‍රේලියාවේ වෙසෙන රවී සිරිවර්ධන, අපේ තරුණ ගීත පද රචක පරපුරේ දක්ෂතම ගී පද රචකයෙකි. “වසත් කාලය” නම් කෘතියට රාජ්‍ය සම්මාන ලත් රවී “ලාංකීය සංගීතයේ රෝහණ ලකුණ” (සමුද්‍ර වෙත්තසිංහ සමඟ) ග්‍රන්ථයේත් කාව්‍ය ග්‍රන්ථ වන “නඟුල් තරුව“ සහ “පිළිසඳර” ග්‍රන්ථවලත් කතුවරයාය.

    “වසත් කාලය මනරම්” (දයාන් විතාරණ සමඟ නෙලූ අධිකාරී) – “ඔබෙ සුසුම් පවන් සලයි” (දයාන්) – “දෙවෙන්දොරාසං නිදන්න” (නන්දා මාලනී) – “නෙතු කඳුළු කඳුළු කඳුළු” (සුනිල් එදිරිසිංහ) – “රංචු ගැසෙන කොලු රෑනේ” (ජානක වික්‍රමසිංහ) වැනි ගීතලෝලී සිත්ගත් ගී රැසක පද රචකයා වන රවී සුභාවිත ගීතයට පෙම් බැඳි නිර්මාණකරුවෙකි.


    - සිළුමිණ -

     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    මේක අලුත් සිංදුවක්ද:rolleyes:
    කලින් අහල නම් නෑ :no::no:
    හරිම ලස්සනයි.ස්තුතියි:):)
    අපිටත් තව කාලෙකින් බය නැතුව කියන්න පුලුවන් :P
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    thilzz නංගී ඔයාට ගොඩක් ස්තූතියි මට මේ සිංදුව දුන්නට. ඒ වගේම මේ නූල මට පෙන්නපු sandhanuwan1ටත් ගොඩක් ස්තූතියි.

    :):):) :love::love::love: :):):)
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    සුදු මහත්තයා;10560454 said:
    thilzz නංගී ඔයාට ගොඩක් ස්තූතියි මට මේ සිංදුව දුන්නට. ඒ වගේම මේ නූල මට පෙන්නපු sandhanuwan1ටත් ගොඩක් ස්තූතියි.

    :):):) :love::love::love: :):):)
    :cool::cool:
     

    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    මේ සින්දුව කවුරු හරි ඉල්ලලා තිබ්බා. ලස්සන සින්දුවක්, අහල බලන්න :D.

    දිවුල්ගනේ - මගේ ඉපැරණි පෙම්වතී

    අම්මා කෙනෙක් බිරිඳක් වෙලා
    ලොව කාට හෝ නුඹ උරුමැතී
    සතුටින්ද ඔබ පෙරටත් වඩා
    මගේ ඉපැරණි පෙම්වතී

    මමද සැමියෙකි ඇයට අවනත
    දෙදරුවන් ළඟ නිවන සරතැස
    කාලයේ වැලි තලාවේ
    සබඳකම් සැඟ වුණාවේ

    අතරමඟ සුනුවිසුනු පැතුමක
    මතක මිහිරියි තාම හිත යට
    පරවුණත් මල් අතීතේ
    සුවඳ හදවත සමීපේ :love:


    පද රචනය – රවී සිරිවර්ධන
    සංගීතය - රෝහණ වීරසිංහ
    ගායනය – කරුණාරත්න දිවුල්ගනේ









    Thanks Thilzz...

    :):):):)