එච්.ආර්.ජෝතිපාල-24 වන ගුණ සැමරුම

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එච්.ආර්.ජෝතිපාල-24 වන ගුණ සැමරුම

    ශ්‍රී ලාංකීය සිනමා ගීතයේ නොමියෙන යෞවන හඩ-එච්. ආර්. ජෝතිපාල මහත්මාණන් දැයෙන් සමුගෙන අදට (ජූලි 7 වැනිදාට) වසර 24ක්.........

    jothi1.png

    ගීත අතලොස්සක් හැරුණු කොට මා එතුමා ගේ ගීත එතරම් ම ප්‍රිය නොකරන නමුත් මේ හුය ඇමිණීමට සිතුවේ මිය ගොස් වසර 24ක් ගෙවී ගියත් ඔහු ගේ වියෝවෙන් දේශිය ජනප්‍රිය සිමාව තුල ඇති වූ හිදැස තවමත් පිරවීමට සමත් කිසිදු ගායකයෙකු තවමත් පහල නොවීමේ අරුමය නිසාමයි......
    "පූජාච පූජනීයානං - ඒතං මංගල මුත්තමං....." - බුදුරජාණන් වහන්සේ.........

    එච්. ආර්. ජෝතිපාල - හෙට්ටිආච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල - සාමාන්‍ය මිනිසුන් අරුත් ගැන්වූ ලෙසට නම් "හදවත රත්තරං ජෝතිපාල" උපන්නේ 1936 පෙබරවාරි 12 වෙනි දින, මධ්‍යම පාන්තික පවුලක වැඩිමල් දරුවා ලෙසටය. කොතරම් දක්ෂතා තිබුනත් ආර්ථික අහේනිය නිසා පාසල් ගමන අතරමග නවතා දැමීමට සිදුවන ජෝති ට මුල් කාලයේ කිසිවකු හෝ ගීත ගායනා සදහා අවස්ථාවක් ලබා දී නැහැ.........
    ඔහු ගේ ප්‍රථම චිත්‍රපට ගීතය ගැයෙන්නේ සිරිසේන විමලවීරයන් ගේ පොඩි පුතා චිත්‍රපටයට වුවත්, එහි දකුණු ඉන්දීය සංගීත අධ්‍යක්ෂවරයා ජෝති ගේ හඩ අවඥාවෙන් බැහැර කලා.......
    ඒ අනුව ඔහු ගේ ප්‍රථම "එළියට එන" චිත්‍රපට ගීතය වන්නේ 1956 වසරේ සිරිල් පී. අබේරත්න ගේ "සුරතලී" චිත්‍රපටයට ගැයූ "සිරියමේ සාරා" ගීතයයි........



    jothi2.jpg

    එච්. ආර්. ජෝතිපාල චිතුපටයක රග පෑ ජවනිකාවක්

    එසේ ඇරඹි මේ රංගන සහ ගායන දිවියේ 31 වසර අවසන දී ඔහු අපෙන් සමු ගන්නේ මා පෞද්ගලිකව අදහන පරිදි අවාසනාවන්තම ගායකයෙකු ලෙසටය. ඒ අවාසනාව වන්නේ ඔහු වැනි පෞරුෂයකින් පිරි හඩකින් මේ රටේ කිසිදු සංගීත අධ්‍යක්ෂවරයෙකු ගත යුතු උකහා ගැනීම නොකල නිසා, වැඩක් නොගත් නිසා මෙන්ම, ඔහු පීචං ගීත ගායකයෙකු ලෙස සංගීතයට සම්බන්ධ "විදග්ධයන්" හංවඩු ගැසූ නිසාය.........මෙවැන්න් හට නියම කනේ පහර ලැබෙන්නේ දැන් බව මාගේ හැගීමයි.......මියගොස් වසර 24ක් ගතවෙන මොහොතේත්, මේ රටේ ජනප්‍රිය ම ගායකයා වන්නේ තාමත්..........එච්. ආර්. ජෝතිපාලය.........!!!!!!

    එච්. ආර්. ජෝතිපාල ගේ ගීත සමූහයක බාගත කිරීමේ දිගු පහළ පලවන්නේ අපේ ආදරණිය සොයුරිය වන තිල්ස් නගාට පින් සිදු වන්නටය.......එ නිසා ඔබ මේ ‍හුයට යම් පුසාදයක් දක්වන්නේ නම් එය යා යුත්තේ තිල්ස් ට බව ඉතාම ගෞරවයෙන් දන්වන්නට කැමතියි.....!!!!!!!!විශේෂයෙන් ම ‍අවසානයට ඇති "පහන් ටැඹ යට - සොහොන් කොත ළග" ගීතය ජෝති ගේ විශිෂ්ඨතම ගීතය බවයි මගේ හැගීම.......!!!!

    jothi3.jpg

    TRIBUTE TO JOTHI.......

    H R Jothipala,Anjaleen Gunathilaka-Adare Hithenawa Dakkama.mp3
    H R Jothipala,Anjaleen Gunathilaka-Awa Soya Adare-om.mp3
    H R Jothipala,Anjaleen Gunathilaka-Ran Masu Ran Kirigaruda-old.wma
    H R Jothipala,Anjaleen Gunathilaka-Re Dawal Mal Hangum.mp3
    H R Jothipala,Anjaleen Gunathilaka-Nisansala Seethai.mp3
    H R Jothipala,Anjaleen Gunathilaka-Sudu Pata Meedum.mp3
    H R Jothipala,Latha Walpola-Sihina Vile Nilupuli.mp3
    H R Jothipala,Latha Walpola-Akasa Chandrawo.mp3
    H R Jothipala,Jamuna Rani-Kola Kada Kada.mp3
    H R Jothipala,Srimathi Thilakarathna-Kanden Kandata.mp3
    H R Jothipala-Pata Podak.mp3


    H R Jothipala-Adara Mal Pawane.mp3
    H R Jothipala-Ahenawanam Hitha.mp3
    H R Jothipala-Denna Priye.mp3
    H R Jothipala-Diyakinduriya Se(ori).mp3
    H R Jothipala-Du Hindeevi Poruwe.mp3
    H R Jothipala-Kothanaka Sitiyath Oba Melowe.mp3
    H R Jothipala-Ma Pathu De Ko.mp3
    H R Jothipala-Mal Pibidena.mp3
    H R Jothipala-Mata Wasanawan.mp3
    H R Jothipala-Me Gee Katadai.mp3
    H R Jothipala-Me Jeewanaye.mp3
    H R Jothipala-Mey Nonimena Diwi Gamane.mp3
    H R Jothipala-Nil Ahase-ori.mp3
    H R Jothipala-Oba Soya Ennam.mp3
    H R Jothipala-Paya Ai Hinahenne.mp3
    H R Jothipala-Pera Agei Magei Kathandare.mp3
    H R Jothipala-Saman Mal Piyalle.mp3
    H R Jothipala-Sara Sande.mp3
    H R Jothipala-Seetha Mosam.mp3
    H R Jothipala-Sudehiniye Pidu.mp3
    H R Jothipala-Taj Mahalak.mp3


    H R Jothipala,Anjaleen Gunathilake-Ma Prarthana.mp3
    H R Jothipala-Chandana Allen Nala.mp3
    H R Jothipala-Durakathanayakin Mama Oba Amathami.mp3
    H R Jothipala-Pahan Tamba Yata.mp3
     
    Last edited:

    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    JOTHIPALA kiyana gayakaya tawa aurudu 100k giyath lanakawe janapriyama gayakaya machan... athtatama a katahaden uparimaya aragena na..
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ලංකාවේ හිටිය විෂිශ්ඨම ගායකයා.....
    ඒක තව තවත් ඔප්පු වෙනවා දැන් අළුතින් එන එවුන් සේරම මෙයාගේ සින්දු කියන එකෙන්ම
    මං හිතන්නෑ මචන් ආය කවදාවත් මේ වගේ කෙනෙක් මේ අඩුව පුරවන්න කෙනෙක් එයි කියලා:(:(:(
     
    බලපන් මචන්
    අර ස්ටාර්, මෙ ස්ටාර් කිවට ඔක්කොම උන් වගෙ කියන්නෙ ජොතිගෙ සින්දුනෙ
    මෙයා වගෙ ගායකයෙක් ආයෙත් බිහිවෙයිද මන්දා
    නයිස් පොස්ට් මචන්

    රෙප්+++ කිබුලො
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එලාස්බන්.............
    ලංකාවේ සංගීත ක්ෂේස්ත්‍රයේ නොමියෙන නමක් තියපු ගායකයෙක්...............
    අදටත් කොච්චර ලස්සනද ඒ සින්දු අහන්න........
    එච්. ආර්. ජෝතිපාලයන්හට ජාතියේ ප්‍රණාමය.............!!!
     

    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    37
    colombo
    lankae hodama singer tama ape gewal patte gewal 10 gattoth gewal 10 ahnnna eyage sindu.metttra hoda singer kenek drinks nisa aapata netiwuna.monawa kiwwath meya tamai lankawe bihiwuna hodama singer.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රෙප් දුන්න යාළුවන්ට ස්තූතියි මචංලා.........
    රෙප් නම් මචංලා මම හිතන හැටියට උරුම තිල්ස් නංගිටයි.......!!!!!!
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    නියමයි මචන් තෑන්ක්ස් මේ තොරතුරු වලට ,ගොදක් වටින ලිපියක්.තිල්ස් ඔයාටත් ගොඩක් ස්තූතියි මේ කරන සේවයට..
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    jothi1.png

    H.R ජෝතිපාල
    කියන්නෙ මෙ රටේ
    නොමියෙන තරුවක්
    සන්ගීතයේ අමරණිය පියෙක්


    රටට තවත් ලස්සන පිවිතුරු ණිර්මාන කරන්න පුලුවන් කම තිබුනත්
    ඔබේ සහ අපේ අවාසනාවට ඔහු දැයෙන් සමුගත්ත
    ඔබ මේ ලොව අතැර ගියත් සදාකල් අපේ සිත් තුල ඔබ අමරණීයායි සදාදර ජෝතී

    එමෙන්ම මෙවැනි වටිනා චරිත
    නැවත සිහිකිරීම,සහ මෙවැනි මිණි කැට වලට උපහාර කිරීම ගැන
    මම
    හෘදයාන්ගම ස්තූතිය පුද කරනව dath kibula සහෝට සහ තිල්ස් සහෝ වෙත!

    සදාදර ජෝතී ඔබ සැමදා අප සිත් තුල ජීවමානයි!

     
    Last edited:

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    ela machan.........
    Mr. Sudhath Samrasinghe kiuwwa essara therune nathi unata dan thama Jothige agaya therenne kiyala