කටට රහට උයමු.....කිඹුළා බනිස් - EK cookery class(6)

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කටට රහට උයමු.....කිඹුළා බනිස් - EK cookery class(6)

    ගෙදරදීම කිඹුළා බනිස් හදමු......!!!
    හුග දෙනෙක් පී එම් කරලා අහනවා "මොනව හරි හැදුවේ නැද්ද බං?" කියලා........මේ සති අන්තයේ අපේ පොඩි එකාට කිඹුළා බනිස් කන්න හිතිලා නාහෙන් ඇඩුව නිසා කිඹුළා, කිඹුළ බනිස් හැදුවා....

    අවශ්‍ය ද්‍රව්‍ය.

    kimbula1.jpg

    අවශ්‍ය ද්‍රව්‍ය තිරිගු පිටි කි. 1ක් සදහාය. අඩුවෙන් ගන්නා විට අනෙකුත් කළමණා ද ඒ පරිමානයෙන් ම අඩු කැර ගන්න. මා මෙහි දී භාවිතා කොට ඇත්තේ පිටි ග්‍රෑම්ස් 300කි. එයින් කිඹුළන් 8 දෙනෙකු සැදිය හැකිය.

    1. තිරිගු පිටි කි.1
    2. යීස්ට් ග්‍රෑම්ස් 8
    3. සීනි ග්‍රෑම්ස් 200
    4. මාගරීන් ග්‍රෑම්ස් 100
    5. කිරි පිටි ග්‍රෑම්ස් 50
    6. ලුණු ග්‍රෑම්ස් 12
    7. බිත්තර 1ක්


    සාදන ක්‍රමය

    kimbula2.jpg
    kimbula3.jpg


    පිටි, යීස්ට්, සීනි ග්‍රෑම්ස් 100ක් සමග හොදින් මිශ්‍රකැර ගන්න.
    A. මෙයට ජලය මදක් එක්කර අතේ නොඇලෙන ප්‍රමාණයට ආපසු විනාඩි 5ක් පමණ අනාගන්න.
    B. මෙයට මාගරීන් එක් කර විනාඩි 10ක් අනා ගන්න.
    C. මෙයට ලුණු එක්කර තවත් විනාඩි 10ක් අනා ගන්න.
    D. අනාගත් පිටි මෝලිය පිපෙන්නට විනාඩි 20ක් පමණ තබන්න.

    E. මෙයට කිරිපිටි, ඉතිරි සීනි ග්‍රෑම් 50ක් පමණ සමග ගසා ගත් බිත්තරය එක්කර, දියාරු ගතිය වැඩි නම් තව පිටි ටිකක් ද මිශ්‍රකර විනාඩි 10ක් අනා ගන්න.
    F. මෙය නැවත විනාඩි 20ක් පමණ පිපෙන්නට තබන්න.
    G. මෙම මිශ්‍රණය ග්‍රෑම් 50ක කැබලි වලට කඩා ගෙන රෝලින් පින් එකකින් එක් පැත්තක් ටිකක් දිගට සිටින සේ තුන් හුලස් ආකාරයට තුනී කර ගන්න.
    H. කොට පැත්තේ සිට මෙම තුන් හුලස් පිටි කොටස රෝල් කරන්න. "එතූ" කිඹුළා මෙලෙස දිස්වේ. (මචංලා මම මේ කිඹුළෙක් එතුවේ අවුරුදු 15කට විතර පස්සේ........දැන් නම් අර නියම හැඩයට එතීමේ හැකියාව බැහැල තියෙන්නේ, සොරි වෙන්න ඕන ඒකට නම්....!!!)

    kimbula4.jpg
    මෙම "එතූ" කිඹුළන් අතර ඉඩ සිටින පරිදි මාගරීන් ගෑ තැටි වල තබා, පැය 1 1/2 - 2ක් පමණ පිපෙන්නට හරින්න.

    kimbula5.jpg
    පිපුණු, බේක් කිරීමට සුදුසු කිඹුළන් මෙලෙස දිස්වේ............

    kimbula6.jpg
    සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වයක විනාඩි 20ක් පුළුස්සා "කිඹුළන්" එලියට ගන්න.
    ඉතිරි සීනි ග්‍රෑම්ස් 50ට වතුර ඉතාම ස්වල්පයක් එක්කර, එම සීනි මිශ්‍රණය කිඹුළන් මතුපිට ට වක්කරන්න.
    නැවත සීනි ආලේප කළ කිඹුළන් විනාඩි 10ක් පමණ පුළුස්සා ගන්න.

    kimbula7.jpg
    නියම පදමට පැමිණි කිඹුළන් මෙලෙස දිස්වේ........

    මෙයට පසුව කළයුතු දේ කිව යුතු නැතැයි සිතමි........!!!!!!!:P:P:P

    හදල බලනකං බම්ප් දාන්න....හදලා පින්තූරයක් දැමීම මට කරන ගෞරවයක් සේ සළකමි.
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    නියමයි..
    නංගිට කියලා හදාගන්න බලන්න ඕන..
    බොහොම ස්තුතියි කිඹුලා අයියා..:)
    දිගටම මේවගේ කෑම හදන හැටි දාන්න ..



    අරවා බැලූ ..........
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපෝ එපා බන්..මේක කද්දි මට උඹව මතක් වෙයි.. උඹ පව් බන්.. මම නිරාමාංශ නිසා මට උඹව කන්න බැහැ..:(:(:(

    එල එල ++++
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    ela kibula.mama hithuwe uba kollek kiyala,balan giyama uba ek daru piyek ne :D :D :D

    isthuthi lokka @@@!!!!!!!!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපෝ එපා බන්..මේක කද්දි මට උඹව මතක් වෙයි.. උඹ පව් බන්.. මම නිරාමාංශ නිසා මට උඹව කන්න බැහැ..:(:(:(

    එල එල ++++

    මාව නෙවෙයි අර බෑන් වෙච්ච අපතයව මතක් කර ගෙන කාපං.......හික්ස්......:lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ela kibula.mama hithuwe uba kollek kiyala,balan giyama uba ek daru piyek ne :D :D :D

    isthuthi lokka @@@!!!!!!!!!

    එක් දරු නෙවෙයි බං...දෙදරු.........!!!!:baffled:
    මම අංකල් කෙනෙක්............36ක් වයස දැං.....!!!!!!:P:P:lol:
    කෑම හදන අනිත් සහෝදරයා sriboyslටත් දැං 42ක් ලු.....!!!!!!:P
    (ඒ උනාට තාම හිතං ඉන්නේ 18යි කියල තමා....:P:P
    "හැට පැන්නත් හලෝ වදුර ගමන උඩිං තමයා..."-හික්ස්:P)
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹත් ඉඳල ඉඳල මේව දාන්නේ බඩගින්නෙ ඉන්න වෙලවටමයි.. :baffled:
    උඹ ඔයවගේ කෑම ජාති හදල දානයක් එහෙම දෙන්න අදහසක් නැද්ද එළකිරි උපාසක උපාසිකාවන්ට :P