කටට රහට උයමු........Sweet & Sour Chicken-EK Cookery Class (7)

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කටට රහට උයමු........Sweet & Sour Chicken-EK Cookery Class (7)

    මම කෑම හදන එක නවත්තනවා කියල වෝල් මැසේජ් එකක් ගැහුවා විහිළුවට.........මෙන්න බොලේ මට මරණ තර්ජනත් ආපි......මැරුං නොකා අළුතෙන් කෑම හදලා දාපිය කියලා........!!!!!
    අනේ මොකද කරන්නේ....බයටම මෙන්න අළුත් එකක් හදන හැටි..........
    :baffled:

    SWEET & SOUR CHICKEN

    අවශ්‍ය ද්‍රව්‍ය

    ssca.jpg


    1.කෝන් පිටි
    2. විනාකිරි
    3. ඔයිස්ටර් සෝස්
    4. සෝයි සෝස්
    5. ටෙරියකි සෝස්
    6. සුදු ළූණු
    7. ඉගුරු
    8. බිත්තරයක්
    9. කරපිංච
    10. ලුණු කුඩු
    11. තරමක කැබලි කැපූ කුකුළු මස්
    12 සහ 14. ලොකු ළූණු පෙති සහ පෙති කැපූ කැරට්
    13,15 සහ 17. කැබලි කැපූ ලීක්ස්, අන්නාසි සහ මාළු මිරිස්
    18. බ්ලෙන්ඩර් කරගත් අන්නාසි කැබලි කීපයක්
    19. බැටර් එක සදහා පාන් පිටි
    20. කැබලි මිරිස්, මිරිස් කුඩු, කහ. තුනපහ ස්වල්පයක් සහ ගම්මිරිස්

    ක්‍රමවේදය.

    sscbf.jpg


    මිරිස් කුඩු, කහ,තුනපහ,ගම්මිරිස් කුඩු, ලුණු, විනාකිරි, ඔයිස්ටර් සෝස්, සෝයා සෝස්, ටෙරියකි සෝස් යන මේවා කුකුළු මස් සමග හොදින් කවලම් කර පැය 3-4ක් පමණ තබන්න.

    බැටර් එක සෑදීම

    sscc.jpg

    A.ගම්මිරිස් කුඩු, ලුණු, ළූණු ස්වල්පයක්, කරපිංචා, සුදු ළූණු, ඉගුරු පාන්පිටි සහ බිත්තරය මන්චර් එකක ආධාරයෙන් හොදින් ගසා ගන්න.
    B.බැටරය මේ ලෙසට දිස්වේ.
    C.මෙහි දවටා කුකුළු මස් කැබලි ගැඹුරු තෙලේ රන්වන් පාට වන තුරු බැදගන්න.
    D.එවිට මෙසේ දිස්වේ.

    sscd.jpg


    E.පෙති කැපූ සුදු ළූණු, සිහින් ව කැපූ ඉගුරු සමග තෙග් ස්වල්පයක් ගිප තබා බැදගන්න.
    F.මෙයටපෙති කැපූ කැරට්,කැබලි කැපූ ලීක්ස්, අන්නාසි සහ මාළු මිරිස් එක් කර බැදෙන්නට හරින්න.
    G.පසුව ළූණු පෙති එක්කරන්න
    H.ළූණු පෙති එක්කල වහාම වාගේ මෙයට බ්ලෙන්ඩර් කරගත් අන්නාසි, රූපයේ පන්වා නැති තක්කාලි සෝස් සහ මිරිස් කැබලි එක්කර ගන්න.

    sscey.jpg


    I.මෙය කලවම් කර තරමක් පිසගන්න.
    J.මෙයට බැදගත් කුකුළු මස් කැබලි එක්කර ගන්න.
    K.හොදින් මිශ්‍ර කර බාගන්න.
    L.මෙවිට මෙසේ දිස්වේ.

    sscf.jpg

    මෙම අවස්ථාවේ දී කලයුතු දේ මා කිවයුතු නැති බව සිතමි.......!!!!!!!!


    දැනට බම්පු එකක් දාල යන්න. හදලා එහි රූපයක් දමා මාව ධෛර්යමත් කරන ලෙස ඉල්ලා සිටිනවා......!!!!!
     

    DJ Spike

    Banned
    Jul 25, 2011
    17
    5
    0
    කටට කියලා තිබ්බ නිසා මම හිතුවෙ කටට ගන්න එකක් ඈත්තේ කියලා
     

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    උබෙයි, Sri Boy කෑම හදන්න ගියාම පර්ස් එකට දෙවි පිහිටයි!!!
    :P:P:P:P
    ඒත් කමක් නෑ, තව තව හොද කෑම දපන් මචෝ. ජය වේවා!! කියන්න අමතක උනා රිප් ප්ලස් ලූ........
    :D:D:D:D:D:D:D
     
    • Like
    Reactions: rchithral

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නිරාමාංශ මා හට මෙහි කිනම් රසයක්ද? නමුදු මෙය කොතරම් රසැවත් ඇද්දැයි මා හට සිතාගනු බැරියැ.. එබැවින් මෙයැ මා මගේ ප්‍රියම්බිකාව වෙත ඉදිරිපත් කෙරෙනු කැමැත්තෙමි.

    එල බන්..පට්ට..
     
    • Like
    Reactions: rchithral

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ සතිය අවසානයේ දි තරු පන්තියේ සෙටි මෙනූ එකක් දානවා........:yes::yes::yes::P
    පිළි ගැනීමේ බීම එකේ ඉදන් අතුරුපස වෙනකත් ඔක්කොම අඩංගු....!!!:D:D
     
    • Like
    Reactions: rchithral

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    apooo mokada ban mee...ubala dan kate tiyana kela tika iwara karanwa...ubata pin yaaluwa :)

    Digatama hadanna..taniyama inna welawata uya gannawth puluwan me nisa... :)

    digatama damu :)


    + kalin dela nisa balu
     
    • Like
    Reactions: rchithral

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ සතිය අවසානයේ දි තරු පන්තියේ සෙටි මෙනූ එකක් දානවා........:yes::yes::yes::P
    පිළි ගැනීමේ බීම එකේ ඉදන් අතුරුපස වෙනකත් ඔක්කොම අඩංගු....!!!:D:D

    ඕවා දැම්ම වගේ නෙමෙයි..හදන්න ගිහින් අපිට තරු පේයිද? :rofl::rofl::rofl::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕවා දැම්ම වගේ නෙමෙයි..හදන්න ගිහින් අපිට තරු පේයිද? :rofl::rofl::rofl::lol::lol:

    කෑම "තරු" පන්තියේ උනාට හදන්න තරු විසිවෙන ගානක් නම් යන්නේ නැත. නමුත් කඩෙන් ගන්න ගියොත් නම් තරු නෙවෙයි වෙන මොනව පෙනෙයි ද කියන්නට බැරිය.
    මේක ඇත්තට ම දාන්නේ අපේ ආදරණිය සාමාජිකයෙකු ගැන සළකලා.....
    අපේ හිතාදර හොර සුදු පූස් තඩියා ගේ "වෙන්ඩ නැන්දම්මලා සහ මාමණ්ඩිලා" එන දවසට හදන්න කියල තමා දාන්නේ........!!!!
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෑම "තරු" පන්තියේ උනාට හදන්න තරු විසිවෙන ගානක් නම් යන්නේ නැත. නමුත් කඩෙන් ගන්න ගියොත් නම් තරු නෙවෙයි වෙන මොනව පෙනෙයි ද කියන්නට බැරිය.
    මේක ඇත්තට ම දාන්නේ අපේ ආදරණිය සාමාජිකයෙකු ගැන සළකලා.....
    අපේ හිතාදර හොර සුදු පූස් තඩියා ගේ "වෙන්ඩ නැන්දම්මලා සහ මාමණ්ඩිලා" එන දවසට හදන්න කියල තමා දාන්නේ........!!!!


    ආ එහෙනන් අපිටත් කන්න පුලුවන්..
    පූසා අපිටත් එන්න කියල කියනව කිව්වා..:P:P:P:P
     

    kingdewi

    Well-known member
  • එළ එළ..හප්පේ මෙව්ව දාන උඹට ගහක් ගලක් උඩ හිටියත් පයින් පාරක් නොකා ෆ්‍රයිඩ් රයිස් පාරක්ම කන්ඩ ලැබේවා කියල පරාර්තනා කොරනව!
     

    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    මේ සතිය අවසානයේ දි තරු පන්තියේ සෙටි මෙනූ එකක් දානවා........:yes::yes::yes::P
    පිළි ගැනීමේ බීම එකේ ඉදන් අතුරුපස වෙනකත් ඔක්කොම අඩංගු....!!!:D:D

    MARE MARU
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    තව අවුරුදු තුන හතරකින් මට ඔබේ පිහිටම තමා. තව දාන්න. තව දාන්න. :D

    මම යෝජනාවක් කරනවා පුලුවන්නම් වට්ටෝරු ඔක්කොම එකතු කරලා ඊ බුක් එකක් හදන්න කියලා. :yes:

    ජය වේවා!

    .
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තව අවුරුදු තුන හතරකින් මට ඔබේ පිහිටම තමා. තව දාන්න. තව දාන්න. :D

    මම යෝජනාවක් කරනවා පුලුවන්නම් වට්ටෝරු ඔක්කොම එකතු කරලා ඊ බුක් එකක් හදන්න කියලා. :yes:

    ජය වේවා!

    .

    අහෝ ඛේදයකි....!!!!:(:(:(
    මා එවැනි දේ නිර්මාණය කිරීමට නොදනිමි.....!!!!!
    :no::no::no:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හරියන්නේ නෑ මේ කිඹුලව බෑන් කරවන්න ඕන :angry:... බඩගිනි ඩබල් වෙනවා මේවා දැක්කම ... හික් ... :lol:

    එළකිරි මචන් ... සුපිරි !! තාම හදන්න උනේ නෑ වෙලාවක් නැති නිසා ඔක්කොම ප්‍රින්ට් අවුට්ස් අර ගෙන තියෙන්නේ ...වෙලාවක් ලැබුන ගමන් හදනවා ...මේ මෙනු එක නම් මරේ මරු........... :D