දස මහා යෝධයෝ ගැන දැනගන්න...
ඇමරිකාවේ අයට මෙන් අපට Comic Books වල එන Superhero මනංකල්පිත චරිත නැති මුත් සැබෑ වීරයෝ අපගේ ඉතිහාසය තුළ සිටිති.
දුටුගැමුණු රජතුමාගේ සේනාවේ රණශූරයන් අතර ප්‍රධාන වන්නේ 'දස මහා යෝධයෝ' ලෙස හැඳින්වෙන රණශූරයන් දස දෙනාය. මේ වීරයන් ගැන නොයෙකුත් ජනප්‍රවාද ඇත. මොවුන් කාය බලයෙන් මෙන්ම ආධ්‍යාත්මික ශක්තියෙන්ද උසස් අය ලෙස දක්වා තිබේ.
Superherosලා සම්බන්ධ කථා වලදී ඔවුන්ට ඒ ආකාරයේ සුවිශේෂී බලයක් ලැබීම පිටසක්වල බලපෑම්, කොස්මික් කිරණ, ජාන විකෘති ආදී බාහිර හේතු වලට ඌනනය කර ඇති බව පෙනේ.
නමුත් සිංහල බෞද්ධ සම්ප්‍රදායේ වීරයන්ට කාය ශක්තිය ලැබීමට හේතු වන්නේ කුසල කර්ම ශක්තිය විනා බාහිර හේතු නොවේ.
මොවුන්ගේ කතා වස්තු ඉදිරිපත් කිරීමේදී මොවුන් මේසා කාය ශක්තියක් ලබා ගැනීමට හේතු වූ අතීත කුසල කර්ම මෙන්ම සමහරකගේ අනාගත උත්පත්ති ගැනද දක්වා තිබේ.
මේවා එකළ සිටි රහතන් වහන්සේලා විසින් ජනතාවට දේශනා කරන්නට ඇති බව සිතිය හැක. සාමාන්‍ය ජනතාවට දහම් දෙසීමේදී මේ යෝධයන්ගේ කථා වස්තූන් එකළ පටන් යොදා ගන්නට ඇත.
කෙසේ වෙතත් සිංහල බෞද්ධයන් වශයෙන් අප සියලු දෙනාම මෙම වීරයන් ගැන දැනගත යුතුව ඇත.
දස මහා යෝධයෝ ගැන කෙටි විස්තරයක් පහත සකස් කර ඇත. මෙහිදී 'දෙමළ' හා 'සොලී' යන වදන් ඉතිහාස ග්‍රන්ථ වල එන අර්ථයෙන් යොදා ඇත. එළාර රජු දෙමළ නොවන බවට මත ගණනාවක් ඇති බව කරුණාවෙන් සළකන්න.
(වැඩිදුර කියවීම් - රසවාහිනිය, සද්ධර්මාලංකාරය )
කකුසඳ බුදුන් සමයේ රහත් නමකට මහ දන් දීමේ ප්‍රතිවිපාකයෙන් දෙව්ලොව බොහෝ සැප විඳ එළාර රජුගේ මිත්ත නම් සෙනෙවියෙකුගේ නැඟනියට පුත්ව ඉපදිණි. කුඩා කලම මහත් කාය බල ඇත. දෙමව්පියන් පසුපස්සේ ඒම වැලැක්වීමට දණගාන කාලයේ පවා සම් පටි ආදියෙන් බැඳ තැබුවද ඒවා කඩා දමයි. වරක් සුවිශාල උණපඳුරක ගැටගැසූ නමුත් උණපඳුර පිටින් කඩා ඇදගෙන ගියේය.
දොලොස් හැවිරිදි කාලයේ මිත්ත නම් සෙනෙවියාට සේවය කළ නමුත් බුදු සසුන වනසන දෙමළුන් දැක කෝපයෙන් රාත්‍රියේ ගොස් ඔවුන් අලවා මරා දමයි. (මහා පින්වත් කෙනෙක් නිසා දෙවියෝ මේ මළසිරුරු අතුරුදහන් කළ බව කියවේ.) දෙමළු විශාල වශයෙන් අඩුවූ නිසා එළාර රජු මේ ගැන සෙවීමට රහස් පරීකෂකවරු යෙදවීය. තනිවම සටන් කිරීමෙන් පළක් නැතිබව දුටු නන්දිමිත්‍ර මාගම් රාජ්‍යයට ගොස් කාවන්තිස්ස රජතුමා හමු විය.
ගැමුණු රජු රජවූ පසු තමන්ගේ අරමුණ ඉටු කරගත් ඔහු එළාර රජු ප්‍රමුඛ දෙමළ සේනාව වනසා පසුව තම නමින් මහා විහාරයක්ද කරවා මරණින් පසු දෙව්ලොව උපත ලැබීය.
නන්දිමිත්‍ර යෝධයා හට ඇතුන් දස දෙනෙකුගේ ශක්තිය ඇත. වරක් කඩොළැතා දළ දෙකින් අල්වා මෙල්ල කරන ලද්දේ ඔහු විසිනි. කඩොළැතා විසින් බිඳ හෙලූ විජිතපුර යකඩ දොරට ඇතු යට වන්නට යන විට උරහිසින් එය නවතා ඇතු බේරා ගත්තේද ඔහු විසිනි. අතුරඹ ප්‍රදේශයේ මහා තුණ්ඩ නම් දෙමළා මරණ ලද්දේ ඔහු විසින් යයි කියවේ.
කාශ්‍යප බුදුන් සමයේ සතුන් මරමින් පවුකාර ජීවිතයක් ගත කළ මොහු රහත් නමකට දනක් දී උන්වහන්සේගේ බණ අසා යහපත් ජීවිතයක් ගතකොට නොයෙකුත් කුසල් කොට දෙව්ලොව බොහෝ සැප විඳ කාවන්තිස්ස රජුගේ පුතෙකු වන දීඝාභය රාජ කුමාරයාගේ ජනපදයක උපත ලැබීය.
ඇතුන් දස දෙනෙකුට බල ඇතත් කිසි වැඩක් නොකරණ කම්මැලියෙක් නිසා රාජ කුමාරයා ළඟ සේවයට පිටත් කරන ළදී. අධික වේගයෙන් ඇවිද ගිය ඔහු ඉතා කෙටි කාලයකදී එතැනට ළඟා විය. දීඝාභය කුමරු නොයෙකුත් ක්‍රම වලින් ඔහුගේ ශක්තිය පරීක්ෂා කර කාවන්තිස්ස රජු වෙත පිටත් කළේය. දොළොස් හැවිරිදි තරුණයා දුටු රජතුමා මෙතරම් බාල කෙනෙකුට යෝධයෙක් විය හැකිදැයි සිතා කඩුවක් මුවහත් කිරීමට බාර දුන්නේය. ඉතා සුළු කාලයකින් මේ කටයුත්ත නිම කරණ ලදී.
දීඝජන්තු සටන - පසුව ගැමුණු රජු කාලයේ කඩු ශිල්පයේ කෙළ පැමිණි රණශූරයෙකු ලෙස ප්‍රකට වූ ඔහු එළාර රජුගේ ප්‍රබලම කඩු ශිල්පියා වූ දීඝජන්තු නම් පාතාක යෝධයා පරදවා මරා දැමීය.
අහසේ කරනම් හැසීමේ හපනෙකු වූ දීඝජන්තු සාධාරණ සටනකින් මරා දැමීම කළ නොහැකි බව දුටු බුද්ධිමත් විහාර මහ දේවිය උපක්‍රමයකින් ඔහු පැරදවීමට සිතා කුඩා කඳවුරු තිස් දෙකක් ඉදිකර ඒවායේ දුටුගැමුණු රජුගේ ස්වරූපයට සමාන ලෙස සකසන ළද පිළිරූ තැබීය. සත්‍ය වශයෙන් රජු සිටියේ 33වන බලකොටුවේය. එළාර රජුගේ අවසාන ආරක්ෂක වලල්ලේ සිටි දීඝජන්තු, ගැමුණු රජු මැරීමට සිතා එක හුස්මට අහසේ කරණම් ගසමින් ඉහත දෙතිස් බලකොටු වල දෙතිස් පිළිරූ වල හිස් කපමින් අවසාන බලකොටුවට ළඟා වෙත්ම සුරනිමල ඔහුට අපහාසාත්මක ලෙස අභියෝග කළේය. දැඩි වෙහෙසට හා කෝපයට පත්ව සිටි දීඝජන්තු අභියෝගයෙන් පලා නොගොස් සුරනිමල වෙත අහසින් පාත් විය. සුරනිමල කළේ තමන්ගේ පළිහ ඔසවා ශරීරය ආවරණය කර ගැනීමයි. පළිහ සමඟම සුරනිමල දෙපළු කිරීමට තරම් පහරක් දීඝජන්තු එල්ල කළත් අවසාන මොහොතේ පළිහ අතහැර සසෙකට පැනීමට සුරනිමල සමත් විය. දීඝජන්තු පළිහ සමඟම බිම පතිත විය. නැවත නැගිටීමට පෙර සුරනිමල විසින් ඔහු මරා දමන ලදී.
තවත් ජනප්‍රවාදයක් කියන්නේ කාන්තාවන්ට ලොල් වූ දීඝජන්තුගේ අවධානය බිඳීමට විහාර මහා දේවිය ඇමක් වශයෙන් යොදා ගත් බවයි. කෙසේ වෙතත් දීඝජන්තු මිය ගිය පසු යුද්ධය පිළිබඳ බලාපොරොත්තු අත්හැරි දෙමළ සේනාව පසුබැස ගිය බව කියවේ. මෙසේ සුරනිමල අධික වේගය හා කඩු ශිල්පය පිළබඳ නමක් දිනා සිටීය.
තවත් එක් කාරණයක් සඳහා ඔහු ප්‍රකටය. එනම් රා බීමයි. විජිතපුර සටනට පෙර පැවති යෝධබල පරීක්ෂණයේදී විශාල රා මඩමක් තනිවම බී අවසාන කිරීමට නියෝග කරන ලදී. අන්‍ය යෝධයෝ මේ කටයුත්ත තමන්ට නුසුදුසු බව පවසා සිටියහ. සුරනිමල මේ කාර්යය ඉටු කළේය. පසු කාලයේ සුරනිමල බොහෝ පින්කම් කළ බව කියවේ.
කාශ්‍යප බුදුන් සමයේ සඟරුවනට දන්දුන් කුසලයෙන් දෙව්ලොව සම්පත් විඳ පසුව කුවා ගමක කෙළෙඹියෙකුට පුත්ව ඉපදිණි. මොහු ඉතාමත් රූපසම්පන්න අතර ඇතුන් දස දෙනෙකුගේ බල ඇත. පෙරකී යෝධයන් මෙන් නොව මොහු කාවන්තිස්ස රජුන්ගේ සේනාවට බැඳුනේ අවු. 20-30 අතර කාලයේය. නොයෙකුත් වීරකම් කොට ලංකාද්වීපය එක්සේසත් කරවා පසුව බොහෝ පින්කම් කළ බව කියවේ.
දස මහා යෝධයෝ

1. නන්දිමිත්‍ර යෝධයා

2. සුරනිමල යෝධයා

3. මහාසොණ යෝධයා

Last edited: