මර්වින් සිල්වා මැරයෙක් ද

sira kolla

Member
Sep 15, 2011
620
106
0
මර්වින් සිල්වා මැරයෙක් ද


කට කැපුවත් කියන්න තියෙන දේ නොබියව කියන, ඡන්ද වෙනුවෙන් නොව තමන්ගේ හෘද සාක්ෂිය වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දෙන මර්වින් සිල්වා ඇමැතිතුමා පුද්ගලිකව මැදිහත් වී මුන්නේෂ්වරම් හි සිදුවීමට ගිය මහා සත්ව බිලි පූජාව නැවැත්වීමත් සමගම වේදනාවට පත් වූ සමහරක් අවජා”ති”කයින් (සිංහල ජා”ති”කත්වයක් නොමැති උදවිය) විලාප තැබීමට පටන් ගෙන ඇති අතර ඒ ගැන මුහුන් පොත් සගයින් තබන ලද සටහන් ඇසුරෙන් මෙලෙස ලියමි.


mervin_silva_021.jpg



1979 වසරේ ජුනි 24 වැනිදා කැබිනට්‌ මණ්‌ඩල තීරණයක්‌ මත සත්ව බිලි පූජා තහනම් කර ඇති අතර 1980 වසරේ ජනවාරි 16 වැනිදා සිට මෙරට කිසිදු හේතුවක් මත බිලි පූජා සඳහා සතුන් මැරීම තහනම්ය. මහා සංඝරත්නය ඇතුළු බෞද්ධ සංවිධාන වලින් සත්ව බිලි පූජා වලට විරුද්ධව උද්ඝෝෂණ කළද, මෑතකදී අධිකරණ නියෝගයකින් මුන්නේෂ්වරම් සත්ව සංහාරය තාවකාලිකව අත්හිටවූවද, ඒම අධිකරණ නියෝගය පවා නොසලකා හරිමින් කාලි යකින්නගේ භක්තිකයින් සතුන් දහස් ගණනකගේ බෙලි කපා දැමීමට සූදානම්ව සිටියෝය.



සතුන්ව මරා දැමීමට තව තිබුනේ පැයක් වැනි කාලයකි. හදිසියේ එතනට අමුත්තෙක් පැමිණියේය, සත්ව ඝාතනය තාවකාලිකව නැවැත්වීමට ඉල්ලූ SSP වරයාට පවා සද්ද බද්ද දැමූ මුන්නේෂ්වරම් පූසාරියාට, එම අමුත්තා දු‍ටු විට සුළු දිය පහ නොවුනේ යන්තමිනි.

ඇමතිතුමා පැමිණ ” සත්තු කපන එක නවත්වන්න මම ආවෙ. අද සත්තු කපන්නෙ නෑ ” ආදී ලෙස කියද්දී පූසාරියාගේ දිව ගොත ගැසුනා මිස වචනයක් වත් පිට වුනේ නැත. එතනින්ම අසරණ සතුන් දහස් ගණනකගේ දිවි ‍රැකුනි. එහි සිටි එළුවන්, කුකුළන් ආදී සතුන් දහස් ගණන ආරක්ෂිතව පොලීසියට ගෙන යන ලෙස නියෝග කළ ඇමතිවරයා කා සමගවත් ගැ‍ටුමක් ඇති නොකර ඉන් පිට විය. ඉදිරියේදී සත්ව ඝාතනයට විරුද්ධව ප්‍රබල ජන මතයක් තිබේනම් මින් මතුවට මුන්නේෂ්වරම් කාලි යකින්නට සත්ව ලේ රස බැලීමට නොහැකි වනු ඇත.





බිලි පූජාව නැවැත්වීමට උසාවි නියෝගය දී ඇති විටදී මර්වින් සිල්වා එතනට ගොස් ලකුණු දා ගත් බව සමහරුන් කියන්නන් වාලේ කියයි. එහෙත් ඊට පෙර සත්ව ඝාතනයට විරුද්ධව දැමූ නඩුව විභාග කිරීම මේ මස 17 වැනි දා දක්වා දීර්ඝ කල බවත් සත්ව ඝාතනය තහනම් නොකළ බවත් පහත පුවතින් පැහැදිලි වේ.



30w6vmd1.jpg




සතුන් කැපීම තහනම්කර, පසුව උසාවි නියෝගය පැනවුනේ සත්ව ඝාතනයට සිදු කිරීමට පැය කීපයකට කලින් වන අතර, මුන්නේෂ්වරම්හි පූජකයින්ට එම නඩු තීන්දුව නොලැබුනා කීමට ඕනෑ තරම් අවස්තාව තිබිනි. එහෙත් මර්වින්ගේ පැමිණීම නිසා පූජකයින්ගේ සැලසුම් සියල්ලම ව්‍යර්ථ විය. උසාවි නියෝගයට මුවා වී මර්වින් ලකුණු දාගත් බව ඊනියා මානුෂිකවාදීන්™ ඔළුවෙන් හිටගෙන කීවත් මුන්නේෂ්වරම් හි පූජකයින් නම් සත්‍යය හොඳින් දන්නා බව පෙනෙන්නේ, සතුන්ව බේරාගත් එක නිසා මර්වින් සිල්වාට විරුද්ධව පලි ගසා ඇති බැවිනි.

සත්ව බිලි පූජාවක් තිබෙන තැනකට රජයේ ඇමතිවරයෙක් පැමිණ කතා බහ කර එය නැවැත්වීම කිසි සේත්ම නීතිය අභිබවා යාමක් නොවේ. ඒත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන මීට පෙර මැදිහත් නොවුනේ ඇයිද යන්න ගැටළුවකි. සිංහලයින් විසින් මෙවැනි සත්ව බිලි පූජාවක් තියා වැරදීමකින් හෝ පූජා භූමියක යම් ශාන්තිකර්මයක් පවා සංවිධානය කළොත් එතනට කඩා වදින පොලිසිය හැසිරෙන ආකාරය ගැන ඔබ හොඳින් දනී. මිතුර, මින් පෙනෙන්නේ සිංහලයින් තමන්ගේ මාතෘ භූමිය තුළදීම අසරණ වී ඇති බව නේද? එසේනම් සුළු ජාතික අයිතිවාසිකම් ගැන කතා කිරීමට පෙර මහ ජාතියේ අයිතිවාසිකම් ලබා ගත යුතු නැද්ද?

වෙනදාට මර්වින් සිල්වාට පඩයක් ගියත් මහා ඝෝෂාවක් කරන ඇටමැස්සී, මාලන්, පිස්සා, බුන්දි, ඩබ්ලිව්3ලංකා ආදී ඊනියා මානුෂවාදී අවජාතික නඩය මේ ගැන සද්දයක්වත් නැත. රටට හතුරුකම් කරන අවජාතිකවාදීන්ගේ ගොං ඇජෙන්ඩා නිසා ඔවුන් දේශද්‍රෝහීන් බව අප හොඳින් දන්නා නමුත් දැන් දැන් ඔවුන් ගෝත්‍රිකයින් බවද පෙනෙන්නට පටන් ගත්තේ ආණ්ඩුවට විරුද්ධ වීමට පමණක් ඇති ගෝත්‍රික මානසිකත්වයට යහපත දැක ඊට ප්‍රසංශා කිරීමට හිත් නොදීම නිසයි. මුස්ලීම් අන්තවාදය ගැන පෙරමුනේ රාළගේ අ‍ටුවාවෙන් පළ කරන ලිපියක් ලිපියක් පාසා ආණ්ඩුවටද චෝදනා එල්ල වෙද්දී යහපතට යහපත යැයි කීමට අපි පසුබට නොවෙමු. මීට මාස ගණනකට පෙර සිටම දළදා පෙරහැරේ ගමන් කරන අලි ඇතුන් ගැන ඊනියා කරුණාවකින් යුතුව හඬා වැළපෙමින් කෑ ගැසූ අවජාතිකයින් මුන්නේෂ්වරම් ගැන වචනයක්වත් නොදෙඩුවේ ඔවුන් සිංහලයින්ට විරුද්ධව දෙමළ ජාතිවාදය වෙනුවෙන් පමණක් පෙනී සිටින කුහක වර්ගවාදීන් නිසා නොවේද?

අනෙක් අතට මුන්නේෂ්වරම් හි බිලි පූජාව අවශ්‍ය වුනේ එතනට යන බෞද්ධයින්ට නොව දෙමළ හින්දුන්ටයි. එසේම වෙසක් සමයේදී සිංහලයින් විසින් ගවයින් දහස් ගණන් නිදහස් කළද ගව මසටම ලොල් වූ ජන කොට්ඨාශයක් ඊට මාස කිහිපයකට පසුව දහස් ගණන් ගවයින් මරා දමන්නේ ඔවුන්ගේ ආදි කල්පිත ඉගැන්වීම් කර මත තබාගැනීම නිසාය. ඉතින් සිංහලයින් යනු අමු ගෝත්‍රිකවාදීන් යැයි කියා අපහාස කරන ඊනියා මානුෂිකවාදීන්™ තේරුම් ගත යුත්තේ, තවමත් ගල් යුගයේ තිබූ පුද පූජාවන් කරමත තබාගෙන ඒවා වර්තමානයේදීත් මානුෂික කිරීමට උත්සාහ දරන්නේ සිංහලයින් නොව ඔවුන්ගේ කිඹුල් කඳුළට පාත්‍ර වන උදවියම බවයි.

මේ හරහා දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වුන බවට අඳෝනාවක් ගෙන හැර පාන උදවියගෙන් අපි මෙලෙස අසමු. ඉන්දියාවේ සමහරක් දෙමළ හින්දුන් කාලි වෙනුවෙන් නර බිලි දෙද්දී ඒකත් මේ රටේ ක්‍රියාත්මක කරන්න ගියොත් (දැනටමත් රහසිගතව වෙනවාද යන්න අපි නොදනිමු) එයත් දෙමළ අයිතිවාසිකමක් සේ සිතා අපි නිහඬව සිටිය යුතුද? නො එසේනම් නීතියෙන්ම තහනම් කර ඇති නර බිලි පූජා මෙන්ම සත්ව බිලි පූජාද දැක දැක දෙමළ අයිතිවාසිමක් හෝ සහෝදරත්වයක් ගැන මෙනෙහි කරමින් උඩබලාගෙන සිටිය යුතුද?



ශ්‍රී ලංකාව තුළ ආහාරය පිණිස ඊට වඩා සතුන් ප්‍රමාණයක් මුස්ලීමුන් විසින් මරා දමද්දී මුන්නේෂ්වරම් ගැන විතරම් වද වීම කොතරම් සාධාරනදැයි සමහරක් උදවිය අසයි. ඔවුන්ගේ සිඟිති මොළයට නොවැටහෙන කාරනය වන්නේ ඊනියා දෙවියන්ව සතු‍ටු කිරීම වස් අහිංසක සත්ව ජීවිත දහස් ගණනක් කපා දැමීම කොතරම් නුසුදුසුද යන්නයි. හින්දු ආගම මගින් සතුන්ට අසීමිත කරුණාව දක්වද්දී ලංකවේ රාජ්‍ය ආගම වන බුද්ධාගම මගිනුත් සතුන්ගේ ජීවත් වීමේ නිදහස ආරක්ෂා කර තිබියදී හින්දු ආගමේ නාමයෙන් සතුන් මැරීම කොතරම් උචිතද? තමන් වෙනුවෙන් සතුන් මරන ලද විට දෙවියන් සතු‍ටු වෙනවා කීම බහුදේවත්වයට අනුව පිළිගැනෙන දෙවියන් හෙවත් අපිට නොපෙනෙන තල වල සිටින උසස් උතුමන්ට කරන අපහාසයක් නොවේද? රටේ නීතියෙන්ම බිලි පූජා තහනම් කර තිබියදී නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් සතුන් කැපීම උචිතද? එසේ තිබියදීත් රටේ ආහාරය පිණිස මැරන සතුන් ගැන කියමින් මේ මහා අභය දානය අවතක්සේරු කරමින් තැන් තැන් වල කොමෙන්ට් දැමූ අමනයින් ගැන බුද්ධිමත් ඔබ සිතන්නේ කුමක්ද?

mervin1.jpg


මර්වින් යනු බොහෝ උදවිය හරියට හඳුනාගත් චරිතයක් නොවේ. මැරයෙක් ලෙස පෙන්වමින් ඔහු කරන්නේ පොලීසියට පවා ලෙහෙසියෙන් පාලනය කළ නොහැකි දාමරිකයින්ව (ලොව දක්ෂතම ත්‍රස්ත විමර්ශන ජාලයක් තිබෙන ඇමරිකා එක්සත් ජනපදයේ ලොව බිහිසුනුම පාතාලයක් තිබේනම් ලංකාව ගැන කුමන කතාද?) පාලනය කිරීමට සුදුසු ප්‍රතිරූපය ගොඩ නගා ගැනීමේ රඟපෑමක් බව දන්නෝ දනිති. කෘතිමව ගොඩ නගා ගත් මැර ප්‍රතිරූපය නොතිබෙන්නට පූසාරීන්ගේ මන්න පහරවල් වලින් මර්වින් සහ ඔහුගේ ආරක්ෂකයින්ව එදා මුන්නේෂ්වරම් දේවාලය ඉදිරිපිටදී කීතු කීතු වනු ඇත.

තමුන්ගේම ගෝලයෙක්ව ගස් බැඳීම, රූපවාහිනිය දිවයින ආදී රජයට හිතවත් ජනමාධ්‍ය සමගම ගැ‍ටුම් ඇති කර ගැනීම, කප්පන් ගන්නවා කියා ආණ්ඩුවේම ඇමති රාජිතගෙන් චෝදනා ලැබීම, තම සමීපතම මිතුරෙක් වන රන්ජන් සමග ප්‍රසිද්ධියේ ගහගැනීමට හැදීම, සිරස සමග කාලයක් තිස්සේ ගැ‍ටුම් ඇති කර ගැනීම ආදී බොහෝ දේවල් ඔහු සැලසුම් සහගතවම කරන රඟපෑම් වන අතර ඒවායින් දෙපාර්ශවයන්ටම වාසි සිදු වෙන බව බුද්ධිමතුන්ට අළුතෙන් පැහැදිලි කළ යුතු නැත. කෙසේ නමුත් මේවා එකින් එක පැහැදිලි කළ හැකි වුනත් එය කිරීමට නොයන්නේ ඔහුගේ මැර ප්‍රතිරූපය සුනු විසුනු කර දැමීමට මට අවශ්‍යතාවයක් නොමැති බැවිනි. මර්වින් ගොඩනගාවත් එම ප්‍රතිරූපය යොදා ගනිමින් ගම්පහ ගව ඝාතනය සහ ගව මස් අලෙවිය නතර කරන්න යන විට ඒ ගැන වෙන වෙන කතා කියමින් විරුද්ධ වන්නේ ගව මසට ගිජු මුසල්මානුවන්ම බව නොකියා බැරිය. සත්ව ඝාතනයට විරුද්ධව තැබූ අඩිය පසුපසට නොගෙන එකී විජයග්‍රාහී මානසිකත්වයෙන් යුක්තවම කුරගල, දෙවනගල, මූදු මහා විහාරය, තිරියාය, දීඝවාපිය ආදී ගව ඝාතනාගාර වූ පුද බිම්ද නැවතත් සිංහලයාට අත් පත් කර දීමට මර්වින් ඇතුළු සිංහල ජාතිමාමක බලවේග ගමන් කළ දාට ශ්‍රී ලාංකික දේශපාලනයේ නව පරිච්ඡේදයක් ඇරඹෙනු ඇත.

මර්වින් යනු පරමාදර්ශී චරිතයක් නොවේ, ඔහුගෙන් වැරදි සිදු වන්නට ඇත. ඔහුට අප එකඟ නොවන තැන් බොහෝ තිබේ. එහෙත්… මෙම පෝස්ට් එක දැම්මේ, ඔහු ජාතික වැදගත්කමකින් යුත් වැඩක් කළ බැවින් ඒ ගැන අපගේ ප්‍රශංසාව හිමි විය යුතු බැවිනි, ප්‍රශංසාව ලැබිය යුතු තැන ප්‍රසංශා කිරීමට අපි කුහක නොවන බැවිනි. අනුරාධපුර මහමෙවුනාවේ නීතිවිරෝධී පල්ලිය කැඩූ සිංහලයින් මෙන්ම, කාටවත් කිසිදු හිරිහැරයක්, අපහාසයක් හෝ දේපළ හානියක් නොකර වචන කිහිපයකින් සතුන් “දහස් ගණනකගේ” ජීවත බේරා ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ විශාලතම අභය දානය දුන් මර්වින් සිල්වා මහතාද කළේ මහඟු කර්තව්‍යයකි.




so-peramunerala.com
 

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    matath hitha ganna bari Marvinge oya dawal migel Rae Daniel policy eka thama

    Kelaniye bar wahanna kiyapu eka thamayi lankawe hodama drug dealers lagen ekek
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මේ රටේ බහුතරය දේයක් දිහා ඈත්ත ඈති සෑටියෙන් නොදෑක බල්ලට ගිය ලන්කාවේ ජනමාදය තුලින් කියන දකින සියලුම දේ ඉහ මුදුනින් පිලිගන්න ජාතියක්.. සිහින ලෝකවල ජීවත් වෙන ඔලුගෙඩි හිස් මිනිසුන් මෑද යම් තරමකින් හෝ නුවනක් ඈති කෙනෙක් නිකන්ම නිකන් මෝඩයෙක් බවට පත්වීම සමානයයයි.

    මර්වින් සිල්වා කියන්නේ කොහොම මිනිහෙක්ද කියල හරියට දන්න මිනිස්සු එතුමාට දන ගහලා වදිනවා... මම මර්වින්ව දන්නේ එතුමා දෙශපාලනයට එන්නත් කලින් ඉදලා.. තනමල්විල බෝදාගම කියන ගමේ ඉන්න කාලෙ ඉදලා. එතුමා තරම් මිනිස්සුන්ට උදවු කරපු, හිත පිරිසිදු, ලෙන්ගතු, දෙවියෙක් වගේ දෙශපලකයක් මමනම් දෑකලා නෑ.. දෑන් උනත් එතුමගෙ කලනියෙ ගෙදර ඕන වෙලාවක ගෙට්ටුව ඈරල තියෙන්නේ... ඉල්ලුවොත් ඈදන් ඉන්න කමිසෙ උනත් දෙ
    මිනිහෙක් (එක පාරක් එහෙම දුන්නා කෙනෙකුට )

    මෙහෙම දෙයකුත් තියෙනවා.. රට හදන්න බන කියලා බෑරිනම්.. තුවක්කුව පෙන්නලා හරි හදන්න වෙනවා.. එවට විරිද්දව කතා කරන්නේ කොන්දක් නෑති.. ඈට පුස් පොන්සියො කියලයි මට හිතෙන්නේ..

    මර්වින් මෑතිතුමනි.. ඔබ දිගුකල් දිනේවා...!
     

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    පබාගේ මහේෂ්ට මර්වින්ගෙන් රජ සැලකිලි

    මේ වනවිට කළා ක්‍ෂෙත‍්‍රයේ මෙන්ම දේශපාලන ක්‍ෂෙත‍්‍රයේද විශාල කතාබහකට ලක්වී තිබෙන උපේක්‍ෂා ස්වරණමාලි නොහොත් පබාගේ හිටපු සැමියාවන මහේෂ්ට මහජන සම්බන්ධතා පිළිබද කැබිනට් අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වාගෙන් විශේෂ සැලකිලි ලැබෙමින් පවතින බව පැපරාසියාට වාර්තා වේ.

    මහේෂ් හට මේ වනවිට අමාත්‍ය මර්වින් සිල්වා විසින් තම මහජන සම්බන්ධතා අමාත්‍යාංශයේ නවතම ධූරයක් නිර්මානය කරදී තිබේ. එම ධූරය නම් මහජන සම්බන්ධතා අමාත්‍යාංශයේ තරුණ කටයුතු අධ්‍යක්‍ෂ ධූරයයි.

    මර්වින්-මහේෂ් අසම්මත සම්බන්ධය පිළිබදව දැඩි සේ කලකිරී සිටින මර්වින් අමාත්‍යවරයාගේ පවුලේ උදවිය පසුගිය සෙනසුරාදා මර්වින්ගේ මුනුපුරාගේ වෝටර්ස් එජ් හි පවත්වන ලද උපන්දින උත්සවය වෙනුවෙන් පැමිණීම පවා තහනම් කොට තිබේ. යම් හෙයකින් මහේෂ් එම උපන්දින උත්සවයට පැමිනිය හොත් ඔහුට පහරදීම සඳහා මර්වින් ඇමතිගේ පුත් මාලක සිල්වා මැරයින් කණ්ඩායමක් සූදනම් කොට තිබී ඇත.

    කොතරම් බාධා පැමිනියත් තමන්ගේ ආදරයේ අඩුවක් නොවන බව මහේෂ් පවසා ඇති ඇමතිවරයා පසුදින ඔහු සමග තම සම්බන්ධතාවයට එල්ලවී ඇති බාධක මගහරවා ගැනීමට කතරගම දෙවියන්ට භාරවීම සඳහා කතරගම ගොස් ඇති අතර එහිදී ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාවයට අලියෙක් හරස් වූ බව මීට පෙර පැපරාසියා වාර්තා කළේය.
     

    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    පබාගේ මහේෂ්ට මර්වින්ගෙන් රජ සැලකිලි

    මේ වනවිට කළා ක්‍ෂෙත‍්‍රයේ මෙන්ම දේශපාලන ක්‍ෂෙත‍්‍රයේද විශාල කතාබහකට ලක්වී තිබෙන උපේක්‍ෂා ස්වරණමාලි නොහොත් පබාගේ හිටපු සැමියාවන මහේෂ්ට මහජන සම්බන්ධතා පිළිබද කැබිනට් අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වාගෙන් විශේෂ සැලකිලි ලැබෙමින් පවතින බව පැපරාසියාට වාර්තා වේ.

    මහේෂ් හට මේ වනවිට අමාත්‍ය මර්වින් සිල්වා විසින් තම මහජන සම්බන්ධතා අමාත්‍යාංශයේ නවතම ධූරයක් නිර්මානය කරදී තිබේ. එම ධූරය නම් මහජන සම්බන්ධතා අමාත්‍යාංශයේ තරුණ කටයුතු අධ්‍යක්‍ෂ ධූරයයි.

    මර්වින්-මහේෂ් අසම්මත සම්බන්ධය පිළිබදව දැඩි සේ කලකිරී සිටින මර්වින් අමාත්‍යවරයාගේ පවුලේ උදවිය පසුගිය සෙනසුරාදා මර්වින්ගේ මුනුපුරාගේ වෝටර්ස් එජ් හි පවත්වන ලද උපන්දින උත්සවය වෙනුවෙන් පැමිණීම පවා තහනම් කොට තිබේ. යම් හෙයකින් මහේෂ් එම උපන්දින උත්සවයට පැමිනිය හොත් ඔහුට පහරදීම සඳහා මර්වින් ඇමතිගේ පුත් මාලක සිල්වා මැරයින් කණ්ඩායමක් සූදනම් කොට තිබී ඇත.

    කොතරම් බාධා පැමිනියත් තමන්ගේ ආදරයේ අඩුවක් නොවන බව මහේෂ් පවසා ඇති ඇමතිවරයා පසුදින ඔහු සමග තම සම්බන්ධතාවයට එල්ලවී ඇති බාධක මගහරවා ගැනීමට කතරගම දෙවියන්ට භාරවීම සඳහා කතරගම ගොස් ඇති අතර එහිදී ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාවයට අලියෙක් හරස් වූ බව මීට පෙර පැපරාසියා වාර්තා කළේය.


    owa okkoma mada ne machan mea siduwimen passene oya paparasi karaya owa kiyanne
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,814
    9,527
    113
    මිනිසුන්ට අත තිබ්බොත් බලාගෙනයි- සරත් ෆොන්සේකා

    කුඩු විකුණන මන්ත්‍රීවරු දෙදෙනෙක් අහිංසක ජනතාව තලා පෙළන බවත් තවදුරටත් මෙවැනි කරදර හිරිහැර කළහොත් එවැනි අයට ජිවිතයට අමතක නොවන පාඩමක් උගන්වන බවත් හිටපු හමුදාපති සරත් ෆො‍න්සේකා මහතා පවසයි. උරහිසේ පවතින ආබාධය සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් ගැනීම සදහා සරත් ෆොන්සේකා මහතා අද (21) කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන එනු ලැබූ අවස්ථාවේදී ඔහු එම කාරණය අවධාරණය කළේය.

    "කැලණියේ කුඩු විකුණන මන්ත්‍රී දැන් ආගම්වාදය අවුස්සන්න හදනවා. කොළඹ කුඩු විකුණන මන්ත්‍රී ඊයේ ගිහිල්ලා අහිංසක මිනිහෙකුට පහරදීලා. කැලණියේ මිනිහා කියනවා ජනතාවගේ අතපය කඩනවලු, ඒ වැඩ නැවැත්තුවේ නැත්නම් අහිංසක මිනිසුන්ට අත තිබ්බොත් අපි ඒ අයට ජීවිතයට අමතක නොවන පාඩමක් උගන්වනවා. ජයවේවා" යයිද හෙතෙම පැවසිය
     
    • Like
    Reactions: niroshansl

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මිනිසුන්ට අත තිබ්බොත් බලාගෙනයි- සරත් ෆොන්සේකා

    කුඩු විකුණන මන්ත්‍රීවරු දෙදෙනෙක් අහිංසක ජනතාව තලා පෙළන බවත් තවදුරටත් මෙවැනි කරදර හිරිහැර කළහොත් එවැනි අයට ජිවිතයට අමතක නොවන පාඩමක් උගන්වන බවත් හිටපු හමුදාපති සරත් ෆො‍න්සේකා මහතා පවසයි. උරහිසේ පවතින ආබාධය සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් ගැනීම සදහා සරත් ෆොන්සේකා මහතා අද (21) කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන එනු ලැබූ අවස්ථාවේදී ඔහු එම කාරණය අවධාරණය කළේය.

    "කැලණියේ කුඩු විකුණන මන්ත්‍රී දැන් ආගම්වාදය අවුස්සන්න හදනවා. කොළඹ කුඩු විකුණන මන්ත්‍රී ඊයේ ගිහිල්ලා අහිංසක මිනිහෙකුට පහරදීලා. කැලණියේ මිනිහා කියනවා ජනතාවගේ අතපය කඩනවලු, ඒ වැඩ නැවැත්තුවේ නැත්නම් අහිංසක මිනිසුන්ට අත තිබ්බොත් අපි ඒ අයට ජීවිතයට අමතක නොවන පාඩමක් උගන්වනවා. ජයවේවා" යයිද හෙතෙම පැවසිය


    එතකොට පොන්සේකා කියන්නේ සත්තු මරන්න ඉඩ දීල කටයි අනිත් එකයි වහල ඉන්න කියලද?? මූ කට ඈරියොත් ඉවරයි.. මොකඛරි ගොන් කතවක් කියනව වටේ පිටේ උන්ට මෝඩ චුන් එකක් දෙන්න.. අනේ අම්මපා තමන්ගේ නම්බුව තියගේන මිනිහෙක් වගේ ඉන්න බෑරි හෑටි! තන්හාය ජායති සොකෝ!
     

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83

    එතකොට පොන්සේකා කියන්නේ සත්තු මරන්න ඉඩ දීල කටයි අනිත් එකයි වහල ඉන්න කියලද?? මූ කට ඈරියොත් ඉවරයි.. මොකඛරි ගොන් කතවක් කියනව වටේ පිටේ උන්ට මෝඩ චුන් එකක් දෙන්න.. අනේ අම්මපා තමන්ගේ නම්බුව තියගේන මිනිහෙක් වගේ ඉන්න බෑරි හෑටි! තන්හාය ජායති සොකෝ![/COළ්Oර්‍][/SඓZE][/QUOඨ්E]
    …
    ඔයා කියන්නෙ එතකොට කුඩු විකුනල තරුන පරම්පරාව මරණ එක හරි කියලද?
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මර්වින් කියන්නේ මැරයෙක්මත් නෙමේ.. උද්දච්ච අහන්කාර..තමන්ට වඩා බලවත් මිනිසුන්ගේ කකුල උනත් ලෙවකන..මොඩ මනුස්සයෙක්....

    එත් එතුමා කරන සමහර දෙවල් අගයකල යුතුයි..:nerd:
     

    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    මර්වින් කියන්නේ මැරයෙක්මත් නෙමේ.. උද්දච්ච අහන්කාර..තමන්ට වඩා බලවත් මිනිසුන්ගේ කකුල උනත් ලෙවකන..මොඩ මනුස්සයෙක්....

    එත් එතුමා කරන සමහර දෙවල් අගයකල යුතුයි..:nerd:

    e kathawa ta mamath ekagai yaluwa.