විවේකය අඩු නිසා කාලෙකින් විශේෂ යමක් හදන්න බැරි උනා!!
කාලෙක ඉදලා අපේ යාලුවෝ කීප දෙනෙකුගෙන් ඉල්ලීමක් තිබුණා අතුරුපසට යමක් හදන්න කියලා!! ඒ නිසා මම අද හදන්න යන්නෙ පුඩින් වලින් සරළම එකක් වන පාන් පුඩිමක්!!
වැඩිය අනං මනං නැති වුනත් රසෙන් අඩුවක් නෑ!!
අවශ්‍ය දේවල් -
දිනක් පරණ පාන් ගෙඩියක්
බිත්තර 4ක්
උකුකිරි (ටින් කිරි) ටින් එකක්
සීනි ග්‍රෑ 100ක්
සුල්තානා (මුද්දරස්පලම්) ග්‍රෑ 100 -150ක්
මාජරින් ග්‍රෑ 150 -200ක්
වැනිලා එසන්ස් තේහැදි 2ක්
අගල් 10 -12 කේක් තැටියක්
පාන් පෙති වල මාජරින් ගාගෙන කුඩා කැබළි වලට කපා හෝ කඩා තැටියට දමන්න.
ඒ මතට සුල්තානා දමන්න.
ටින්කිරි ටින් එක කඩා භාජනයකට දමා වතුර ටින් 2ක් පමණ දමන්න.
(ඒ වෙනුවට නැවුම් කිරි හෝ පිටිකිරිද වැඩිපුර සීනි දමා භාවිතා කළ හැකිය.)
සීනි, බිත්තර සහ වැනිලා දමා හැන්දකින් තරමක් ගසා ගන්න.
තැටියේ ඇති පාන් 90% ක් පමණ හොදින් පෙගෙන සේ කිරි මිශ්‍රණය වත්කරන්න.
ඉන්පසු පැය 1/2ක් පමණ පසෙක තබන්න.
සෙන්ටිග්‍රෙඩ් 180ක පමණ ඌෂ්ණත්වයේ විනාඩි 25-30ක් කිරි මිශ්‍රණය ඝණවී උඩ යාන්තම් දුඹුරුපැහැ වන තෙක් පුලුස්සා ගන්න.
මෙන්න මේ වගේ තමා අන්තිමට!!
මමනම් කැමති උණුවෙන් කන්න!!
ශීතකරණයේ තබා වුනත් කෑමට ගත හැකිය!!
මගේ අනෙකුත් කෑම හදන ත්‍රෙඩ්ස්.....
http://www.elakiri.com/forum/showthread.php?t=1183547

Last edited: