ජීවත් වෙලා වැඩක් නැහැ..

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
ජීවත් වෙලා වැඩක් නැහැ..

හයියෝ.. දැන් ඉතිං කොහොමද ජීවත් වෙන්නෙ..
මම නම් ඉන්නේ නෑ ඕන් මේ රටේ තව ඩිංගක්වත්.. :(

සිගා එකක් ගහන්න නෑ ඒකත් වැඩි කරා..

දැන්..

මත්පැන් රුපියල් 60කින්, බියර් රුපියල් 5කින් ඉහළට.

මත්පැන් ලීටරයක මිල රුපියල් 60කින් සහ බියර් ලීටරයක මිල රුපියල් 5කින් අද (25) සිට ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව වයින්, අරක්කු, මෙරට සැදූ විදේශීය ස්ප‍්‍රීතු සහ බියර් සඳහා මෙම මිල ඉහළ යාම බලපැවැත්වෙනු ඇති. අපනයනය කරන මධ්‍යසාර සඳහා මෙම මිල වැඩිවීම බලනොපාන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර බියර් ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ දමා තිබෙනවා. ඊතයිල් මධ්‍යසාර මත බදු ද ඉහළ නැංවීමටයි මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ. කෙසේ වෙතත් රජය අනුමත කළ පර්යේෂණ හා අධ්‍යාපන ආයතන මෙන්ම රෝහල්, රජයේ දෙපාර්තමේන්තු භාවිතා කරන ඊතයිල් මධ්‍යසාර (ස්ප‍්‍රීතු) සඳහා බදු වැඩි වී නැහැ. වෙනත් අයුරකින් සුරා බද්දට යටත් වන පානීය මත්පැන් නිෂ්පාදනය සදහා බලය ඇති නිෂ්පාදකයින් භාවිතා කරන ස්ප‍්‍රීතුවලට නව බද්ද බල නොපැවැත්වෙනු ඇති බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ.

Code:
http://hirunews.lk/sinhala/19238

DCSL%20Extra%20Special%20Arrack%20300.gif