ජනේලයක් අයිනේ ගියාම දකින්න ලැබෙන දේවල්......

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ජනේලයක් අයිනේ ගියාම දකින්න ලැබෙන දේවල්......

    ගුවනින් ගමනක් යනවා කියන්නේ හරි අපූරැ අත්දැකීමක්. ඉතිං ඒ ගමන ගුවන් යානයේ ජනේලයක් අයිනේ යන්න ලැබෙනවානම් ඒක තවත් අපූරැම අත්දැකීමක් වෙනවා. දැනට තිබෙන පහසුකම් අනුව අපි ගුවන් ටිකට් පත් වෙන්කිරීමේදී අපිට අවශ්‍ය ආයනය වෙන් කර ගන්නත් පුලුවන්. මමත් සීන් එක දන්න නිසා මගේ ගමනට ජනේලයක් අයිනේ බුක් කර ගත්ත. ඒ ගමනෙදි මම දැකපු දේවල් එලකිරි යාලුවෝ එක්කත් බෙදා ගන්න හිතුනා. මේ ඒ සුන්දර පොටෝ ටික. මගේ ගමන් මාර්ගය උනේ කටුනායක සිට මාලේ හරහා ඕමානයේ මස්කට් වෙතත්. එතැනින් ඉතාලියේ මිලානෝ වෙතත්.

    photo0050ll.jpg

    photo0056sc.jpg

    සුන්දර මාල දිවයින

    photo0057dg.jpg

    photo0058sc.jpg

    photo0059kh.jpg

    photo0061sn.jpg

    මැදපෙරදිගට ඇතුලු වීම

    photo0062c.jpg

    තෙරක් නොපෙනෙන කාන්තාරය

    photo0063o.jpg

    මස්කට් ආසාන්නයේ ඇති කදු

    photo0065an.jpg

    මෝය කටක්

    photo0071hi.jpg

    ඩුබායිහි පාම් අයිලන්ඩ්

    photo0070o.jpg

    photo0069vz.jpg

    අඩි 40000 ක් ඉහල සිට තුර්කි‍යේ ජලාශයක්

    photo0072vv.jpg

    ඈතින් පෙනෙන හිමෙන් වැසුනු ඇල්ප්ස් කදු

    photo0075c.jpg

    photo0077v.jpg

    photo0078.jpg

    photo0079i.jpg

    මිලාන් මල්පෙන්සා ගුවන් තොට ආසන්නයේ
    photo0080lx.jpg
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    නියමයි බන්.........
    මාර වටිනවා.........
    මාත් ආසවෙන් ඉන්නේ ටුවර් එකකට...........
    තාම සෙට් වුනේ නැහැ...............
    එලාස්.........
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    එල මචං...තෑන්ක්ස්....
    ජනේලය ලඟ හදාගත්තට මට නම් වැඩක් ගන්න බෑ...මුලු ගමනම රෑ....
    rep++++

    මචං ඕකට වැඩිය ලස්සන දර්ශනයක් මම දැකල තියෙනවා. මම ගියා සිංගප්පුරුවේ ඉඳලා ඔස්ට්‍රලියාවට, එකේ මට හම්බවුනේ ජනේලේ ළඟ එකක්. එදා හඳ හොඳට පායලා තිබුනා, මම ජනේලයෙන් පහල බලනකොට ලස්සන දර්ශනයක් තිබුනා. ඒ තමයි අපි වලාකුළු උඩින යන නිසා මට වලාකුළු පෙනුනේ හරියට නිකන් සේද අතුරලා තියෙනවා වගෙයි, එත් එක්කම හඳත් පායලා වලාකුළු දිලිසෙනවා. ඒ මදිවට එදා 31 night නිසා අහසේ තැනින් තැන ඒක ඒක පාට රතිඥ්ඥා පත්තු වෙනවා. ඒ දර්ශනය නම් මට කවදාවත් අමතක වෙන්නේ නෑ.

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මචං ඕකට වැඩිය ලස්සන දර්ශනයක් මම දැකල තියෙනවා. මම ගියා සිංගප්පුරුවේ ඉඳලා ඔස්ට්‍රලියාවට, එකේ මට හම්බවුනේ ජනේලේ ළඟ එකක්. එදා හඳ හොඳට පායලා තිබුනා, මම ජනේලයෙන් පහල බලනකොට ලස්සන දර්ශනයක් තිබුනා. ඒ තමයි අපි වලාකුළු උඩින යන නිසා මට වලාකුළු පෙනුනේ හරියට නිකන් සේද අතුරලා තියෙනවා වගෙයි, එත් එක්කම හඳත් පායලා වලාකුළු දිලිසෙනවා. ඒ මදිවට එදා 31 night නිසා අහසේ තැනින් තැන ඒක ඒක පාට රතිඥ්ඥා පත්තු වෙනවා. ඒ දර්ශනය නම් මට කවදාවත් අමතක වෙන්නේ නෑ.
    :):):):)එල එල...
    ඒ වගේම නේද?උදේ පාන්දර ඉර පායගෙන එන කොට සීන් එකත්.
    මට නං මචං මීගමු කලපුව උඩින් රවුමක් ගිහින් පහලට එද්දි දකින සීන් එක මතක් කලත් සැපයි.
    ලංකාවට සැපත් වෙන ඕනම ලාංකිකයෙක් ආසම කරන දර්ශනයක්....