කටට රහට උයමු.........!!! PAN CAKE-EK Cookery Class (12)

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කටට රහට උයමු.........!!! PAN CAKE-EK Cookery Class (12)

    පෑන් කේක් හදමු

    බොහෝ එළකිරියන් ගේ ඉල්ලීමක් බැවිනුත්, සාපේක්ෂව වියදම් අඩු සහ සරල වැඩක් බැවිනුත් අද පෑන් කේක් හදන ආකාරය කියල දෙනවා. මම පැණි රසට එතරම් ප්‍රියතාවයක් නොදක්වන බැවින් පැණිරස දේ නිතර නොසෑදීම ගැන මා හා උරණ නොවෙත්වා.......!!!

    අවශ්‍ය දේවල්.

    pc1j.jpg


    1. ගාගත් පොල් බෑවක් පමණ (පොල් සොයාගන්න බැරි බෝඩිං ගත ව ඉන්න එළකිරියන් කඩෙන් දිසිදි පොල් (Desiccated Coconut) අරගෙන වතුර ටිකක් දාලා ගන්න.
    2. තිරිගු පිටි 500g
    3. සීනි කොප්ප බාගයක්
    4. තියේ නම් පැණි කෝප්ප බාගයක්
    5. බේකිං පවුඩර් තේ හැදි කාලක්
    6. වැනිලා රසකාරක මේස හැදි 2-3ක්
    7. කුරුදු
    8. ස්ටාර් අනීස්
    9. කරාබු නැටි
    10. කරදමුංගු
    11. වසාවාසි හෝ සාදික්කා
    12. කහ කුඩු ස්වල්පයක්
    13. රස අනුව ලුණු
    14. මහදුරු ටිකක්.


    සාදන ක්‍රමය.
    පැණි පොල්-

    pc2lj.jpg


    A. සීනි බදුනක තබා ලිප තබන්න. සීනි උණු වී කැරමල් වල දුඹුරු පැහැ වන තෙක් රත් කරන්න.

    B.දුඹුරු පැහැය පැමිණෙනවාත් සමගම ජලය ස්වල්පයක් සහ පැණි එක්කරන්න. මෙයටම කුඩු කරගත් ස්ටාර් අනීස්, කරාබු නැටි , කරදමුංගු , වසාවාසි හෝ සාදික්කා , මහදුරු සහ රස අනුව ලුණු සහ වැනිලා රසකාරකය එක් කර ගන්න. කුරුදු නම්‍ ලොකු කැබලි දමන්න. කුරුදු පසුව ඉවත්කර ගත යුතුය.

    C.මිශ්‍රණය හොදින් බුබුළු දමන තරමට රත් වූ පසු එයට පොල් එක් කරන්න.

    D. පැණි හොදින් හිදෙන තුරු ලිප තබා අඩිය නොඅල්ලන ලෙස හැදි ගාන්න. පැණි පොල් වල හොද පදම එහි ඇතිවන මෙවැනි රන්වන් තද දුඹුරු පැහැයෙන් කිව හැක.


    කේක් එක හැදීම සහ පෑන් කේක් එතීම

    pc3xr.jpg


    E.පිටි, ලුනු, කහ, වැනිලා එක්කර ජලය මිශ්‍ර කර තරමක උකු දියාරුවක් තනා ගන්න. මෙයට බිත්තරයක් එක්කලොත් පිසින තැටියෙන් ගැළවී ඒම ඉතාම පහසුයි. බිත්තර නොදමා හදනවා නම් තෙල් ටිකක් වැඩිපුර තැටියේ ඇතිල්ලිය යුතුය.

    F.එම මිශ්‍රණය පිටි කැටි රහිත මෙවැනි මෘදු එකක් විය යුතුය.

    G.තෙල් ගැල් වූ තැටියක් ලිප තබා එයට මෙම මිශ්‍රණය යොදා පැතලි තෝසෙ බදු කේක් සාදා ගන්න. එවා යේ දෙපැත්ත ම පිසගන්න.

    H.මෙසේ සාදා ගත් කේක් එක මැදට පැණි පොල් යොදා ඔතා ගන්න.


    pc4p.jpg

    දැන් ඉතිං හරි අල්ලන එකයි තියෙන්නේ............!!!!!
    අනිත් අයගේ සුභ සිද්ධිය සදහා බම්ප් එකක් වත් දමා යන්න.......!!!
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    අෆ්ෆා.. මට නම් දිරවන්නෙම නැති ජාතියක් :( :D
    ආස අයට බලා ගන්න බම්ප් වෙච්චාවෙ. :)
     
    • Like
    Reactions: Optimus Prime

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,799
    9,504
    113
    ♥-Aurora-♥;11307845 said:
    අෆ්ෆා.. මට නම් දිරවන්නෙම නැති ජාතියක් :( :D
    ආස අයට බලා ගන්න බම්ප් වෙච්චාවෙ. :)

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මමත් ආස නෑ වැඩිපුර පැණි රස ...කන්න
    කන්න හිතෙනවා දැක්කම දැන්නම් ඔන්න
    පැණි රස කැමති අය හට එළකිරියේ ඉන්න
    තව තව හදමු!! උන් හට රස කර ..කන්න

    පිටි පොල් කිරෙන් දියකරලයි හදන්නේ
    ‍පැණිපොල් දමා මැද්දට එය ඔතන්නේ
    තව තව වැඩ දමා කිඹුලා.... හදන්නේ
    සුපිරිම රස බවයි මටනම් පෙනෙන්නේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිටි පොල් කිරෙන් දියකරලයි හදන්නේ
    ‍පැණිපොල් දමා මැද්දට එය ඔතන්නේ
    තව තව වැඩ දමා කිඹුලා.... හදන්නේ
    සුපිරිම රස බවයි මටනම් පෙනෙන්නේ

    පිටි පොල් කිරෙන් දිය කරලා .....හැදුවා ම
    බේක් නොවු විට සෙට් වෙයි .......බඩ යාම
    මට බැරි නිසා මුං ගෙන් ගුටි බැට...... කෑම
    හැදුවා අයියෙ වතුරෙන් දිය..........කරලාම
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පිටි පොල් කිරෙන් දිය කරලා .....හැදුවා ම
    බේක් නොවු විට සෙට් වෙයි .......බඩ යාම
    මට බැරි නිසා මුං ගෙන් ගුටි බැට...... කෑම
    හැදුවා අයියෙ වතුරෙන් දිය..........කරලාම

    උඹ කල විදිය නිවැරදි බව පෙනෙන්නේ
    බඩ ගිය කලදි අපටයි ගුටි ලැබෙන්නේ
    රවුලයි කැදයි බේරන් මෙය කරන්නේ
    වතුරෙන් තමයි මින්පසු දිය කරන්නේ