කටට රහට උයමු........!!! ෙනළුම් අල - EK Cookery class 12X.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කටට රහට උයමු........!!! ෙනළුම් අල - EK Cookery class 12X.

    උයමු “නෙළුම් අල”.....!!!!!!

    අපේ බොහොම සම්ප්‍රදායික ආහාරයක් මෙවර උයන්න කියල දෙනවා. විශේෂයෙන් ම මේකෙ තියන වටිනකම වෙන්නේ නෙළුම් අල වල තියෙන්නේ තන්තු,ජලය සහවිටමින්/ඛණිජ ලවන පමණක් වීම. මෙහි කැලරි ප්‍රමාණය ඉතාම අඩු නිසාත් ආයුර්වේදයේ සදහන් වන පරිදි සිසිල්කාරක ආහාරයක් නිසාත් මේ පායන අල්ලපනල්ලේ වටිනව කියල මට හිතෙනවා.

    අවශ්‍ය ද්‍රව්‍ය

    lotus1w.jpg


    1. පිට පොත්ත සූරා, දෙපැත්තට ඇති පුරුක් කපා, අලයේ ඇති සිදුරු තුලින් ගලා යන ජලය කීපවරක් යවා හොදින් පිරිසිදු කළ නෙළුම් අල (අලයේ සිදුරු තුලින් ජලය යැවීම අනිවාර්යය දෙයක්.හේතුව අල ඇතුලේ මඩ තිබුනොත් ඒවා මෙයින් ඉවත් වනවා)
    2. රම්පෙ
    3. කරපිංචා ඉති 3ක් පමණ
    4. තුනපහ කුඩු මේස හැන්දැක් පමණ
    5. කුරුදු
    6. උළුහාල්
    7. අබ කුඩු ස්වල්පයක්
    8. කහ කුඩු ස්වල්පයක්
    9. ගම්මිරිස් කුඩු ස්වල්පයක්
    10. මිරිස් කුඩු මේස හැදි කාලක් පමණ
    11. රස අනුව ලුණු
    12. සුදු ළූණු සෑහෙන ප්‍රමාණයක්
    13. රතු ළූණු සෑහෙන ප්‍රමාණයක්
    14. අබ ඇට 20ක් පමණ
    15. අමු මිරිස් කරල් දෙකක් පමණ
    16. වියළි මිරිස් කරල් දෙකක් පමණ
    17. දියකිරි කෝප්ප බාගයක් සහ මිටි කිරි කෝප්ප බාගයක් (රූපයේ නැත.-sorry!)
    18. තෙල් මේස හැදි 2ක් පමණ (රූපයේ නැත.-sorry!)

    සෑදීමේ ක්‍රමවේදය

    lotus2.jpg


    A. නෙළුම් අල ඉතාමත් සිහින් ව ලියා ගන්න. (මේ සදහා මම භාවිතා කරන්නේ caver kni‍fe එකක්. බලන්න නෙළුම් අල පෙත්ත යටින් ඇති පිහි තලය පේන ආකාරය. ඒ තරමට සිහින්)

    B. ලියාගත් නෙළුම් අල රම්පෙ, කරපිංචා, තුනපහ, කුරුදු, උළුහාල්, අබ කුඩු, කහ කුඩු, ගම්මිරිස්, මිරිස්, ලුණු, සුදු ළූණු, රතු ළූණු, අමු මිරිස් යන අඩු වැඩිය සමග දිය කිරි කොප්ප බාගයක් සමග ලිප තබා හොදින් තැම්බෙන්නට හරින්න.(රූපය ඉතා හොදින් බැලුව හොත් ඔබට කැකුළු හාල් ඇට 10ක් පමණ එක්කර ඇති බව දකින්නට ලැබෙයි. කැකුළු හාල් මෙයට එක්කල විට නෙළුම් අල මෙළෙක් වී තැම්බෙනවා. නැතිනම් ලියා ගත් නෙළුම් අල ලුණු සහ කහ සමග ප්‍රෙෂර් කුකර් එකක තබා විසිල් 3ක් පමණ වදින තෙක් තැබුවත් නෙළුම් අල ඉතාමත් මෙලෙක් වීම සිදුවනවා.එලෙස තම්බා ගත් නෙළුම් අල මෙලෙස අඩු වැඩිය සමග ලිප තබා ගත හැකියි)

    C. නෙළුම් අල තැම්බුණ පසුව මිටි කිරි කෝප්ප බාගය මෙයට එක්කර ගෙන කිරි නටන තුරු පිස ගන්න.

    D. කිරි නැටූ පසු නෙළුම් අල වෙනත් බදුනකට මාරු කර ගන්න. ඒ බදුන ම ලිප තබා තෙල් මේස හැදි 2ක් එක්කර, තෙග් රත් වූ පසු එයට රම්පෙ, කරපිංචා, කුරුදු, සිහින් පෙති කැපූ සුදු ළූණු, සිහින් පෙති කැපූ රතු ළූණු, අබ ඇට, සිහින් ව ලියූ අමු මිරිස්, කැබලි කඩා ගත් වියළි මිරිස් යන මේවා එක්කර ගන්න.


    lotus3w.jpg


    D. මෙලෙස රතු ළූණු දුඹුරු පැහැ වන තෙක් බැදගන්න. රම්පෙ සහ කරපිංචා බැදෙන විට මතුවන ලාක්ෂණික සුවද එන තෙක් බැද ගැනීම වඩා හොදය.

    E. කලින් පිස ගත් නෙළුම් අල මෙයට එක් කරන්න. හොදින් කලවම් කර විනාඩි 2ක් පමණ තබා ලිප ගිනි නිවා දමන්න.

    F. හොදින් පිසුණු නෙළුම් අල ව්‍යංජනය මෙලෙස දිස් වන අතර, පොල් සම්බෝල සහ කට්ට කරවල හොදි සමග බත් පිගන් 2-3ක් පමණ අනුමත විය හැකි බවද දන්වනු කැමැත්තෙමි.:yes::yes:
     
    ශා මම ආසම කෑමක්,
    නෙළුම් අල බැදලා,
    තෙල් දාලා කන්න මාරම ආසයි,
    කිඹුලාට පින් සිද්ද වේවා

    හොද රස නුඩ්ල්ස් එකක් හදාගන්න විදියත් කියලා දෙන්නකෝ,
    හදන්න දන්නවා, ඒ වුනාට තව අලුත් යමක් දනගන්න ඇහුවේ,
    පුලුවන් වෙලාවක දාන්න ත‍්‍රෙඩ් එකක්
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් ඉතින් ගෙදර උන්දැට මට තමා මේවා හදල දෙන්න වෙන්නේ :sorry: :( ... ප්‍රින්ට් අවුට්ස් ගත්තෝ ... කිඹුලෝ උඹට පින් !! :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් ඉතින් ගෙදර උන්දැට මට තමා මේවා හදල දෙන්න වෙන්නේ :sorry: :( ... ප්‍රින්ට් අවුට්ස් ගත්තෝ ... කිඹුලෝ උඹට පින් !! :D

    :D :) Ela ela..... Tharindaya ayeth thaththa kenek wennada yannee...... :rolleyes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බත් පිගන් 2-3ක් පමණ අනුමත විය හැකි බවද දන්වනු කැමැත්තෙමි..
    එසේය එසේය.. මාත් එය අනුමත කරමි.. :yes::yes:

    නරකද ඔය ඔක්කොම වට්ටෝරු ටික පිළිවෙලකට ඉරිද දවසක හදල අපිට රස බලන්න ආරාධනා කරොත් එහෙම :shocked::shocked:;);)??
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    නෙළුම් අල මගෙත් ආසම කෑමක් :D
    නියමයි
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එසේම අපේ තරින්ද පියාණන්ටත් අපගේ බලවත් සුබ පැතුම්:shocked::shocked:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බත් පිගන් 2-3ක් පමණ අනුමත විය හැකි බවද දන්වනු කැමැත්තෙමි..
    එසේය එසේය.. මාත් එය අනුමත කරමි.. :yes::yes:

    නරකද ඔය ඔක්කොම වට්ටෝරු ටික පිළිවෙලකට ඉරිද දවසක හදල අපිට රස බලන්න ආරාධනා කරොත් එහෙම :shocked::shocked:;);)??

    බලු කපුටු දානයක් වගේ එකක් දෑ???????:oo::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බලු කපුටු දානයක් වගේ එකක් දෑ???????:oo::baffled:
    :angry::angry::angry: ටරයෙ යවනාටො වනක. ඓහ සෙත නකත
    ටදද6ැද ය වනක ටහම නක එහනවෙසක. ********** ටවක වසකඓහ ාඑහක:angry::angry::angry: