-=(¯`·._.· හිටිවන කවි සමාජය ·._.·´¯)=-

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    -=(¯`·._.· හිටිවන කවි සමාජය ·._.·´¯)=-

    නිසඳැස් හා කවි ලිවීමට මනා හැකියාවක් ඇති බොහෝ අය මෙහි සිටින බව නොරහසකි.
    එම නිසා මම තීරණය කලා හිටිවන කවි ලිවීමට හා කීමට දක්ෂ අයට ඔවූන්ගේ දක්ෂතා පෙන්වීමට අවස්ථාවක් මෙහි ඇති කරන්න.
    එය ඔවූන්ට මහඟු පිටිවහලක් වේවි යන්න මගේ බලාපොරොත්තුවයි.


    මෙහිදී ඔබ කමති දෙයක් පිලිබඳව හෝ ඕනෑම දෙයක් පිලිබඳව ඔබට ඔබගේ අදහස් පලකල හැකියි.නමූත් පිලිතුරු කවියක් ලිවීමට ඔබට හැකි නම් එය මෙම කවි සමාජය තවත් අලංකාර කරයි යන්න මගේ අදහසයි.



    දූටූවෙමි විවිධ දස්කම් "එලකිරි" ඇතුලේ
    සතුටට කාරණාවකි එය මේ කාලේ
    කවිකම ඇති අයට මම මේ කතා කලේ
    දෙන්න පිලිතුරක් හිටිවන කවි මඩලේ
     
    • Like
    Reactions: DAMER

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කවි පද ගොතන්නට දස්කම් නෑ ......මෙමට
    දුටු විට අහක බලලා යන්නේ ...... කෙලෙස
    මෙතරම් වටින හූයක් යට ගියෙ ....... මන්ද
    නග්ගල ගත්ත පද්දල ගන්නකෝ ..... ඔන්න
     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    කවි පද ගොතන්නට දස්කම් නෑ ......මෙමට
    දුටු විට අහක බලලා යන්නේ ...... කෙලෙස
    මෙතරම් වටින හූයක් යට ගියෙ ....... මන්ද
    නග්ගල ගත්ත පද්දල ගනු මැන ...... ඔන්න

    රස නොමරා රසවිඳින්න කියන කල
    කවි කම බැහැ කියා කවි පද ලියන කල
    පැරණි හුයක රස නැවතත් දුටුව කල
    නොලිය බැරිය පිළිතුරු කවියක් එ කල
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    11.gif
    11.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    රස නොමරා රසවිඳින්න කියන කල
    කවි කම බැහැ කියා කවි පද ලියන කල
    පැරණි හුයක රස නැවතත් දුටුව කල
    නොලිය බැරිය පිළිතුරු කවියක් එ කල

    කවි පද හතර පැබදුවේ පැය ............. හතරකිනි
    හිටිවන කවිය යනු එය නොව ............ අයියන්ඩි
    කවියට කවිය පිළිතුරු සපයන .............. කල්හි
    නොදනිම දැනුන රට කජු මෙන් නොවෙයි .... කවි
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හිටිවන කවි ලියන්නට නම් බෑ ඔන්න
    ටිකක් හිතල ලියනවා මේ ටික මෙන්න
    සිරාවටම මෙවැනි දෙයක් අරඹන්න
    හිතුව ඔබෙ අදහස නම් හරි අරුමෙක් වැන්න
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කැන්ඩි අ‍යි‍ය කවි‍යට හපනෙක්............බවට
    දැනගෙන හිටි‍යෙ නෑ මට නම් කිසිම.........විට
    මෙහෙම thread එකක් අරඹා ඇති........බවට
    දැක්කෙ නෑනෙ මින් පෙර මම කිසිම........විට


    එලකිරි‍යට පැමිනි‍ය මුල්................කාල‍යෙදි
    කවි‍යක් ති‍යා මොකුත් ලි‍යනු බැරි.........වෙද්දි
    පහල ති‍යන thread එක කි‍යවන්.........යද්දි
    හැකිවි‍ය ටිකක් ලි‍යන්න කල්..........ගතවෙද්දි


    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    යන්තම් එහෙන් මෙහෙන් ටිකක් try......කරලා
    පුරුදු වුනා පද ගලපන්නට.................කි‍යලා
    එහෙත් එවිට ඇත ප්‍රමාද‍යක්.................වීලා
    ඔ‍ය thread එක ගිහින් තිබුනි dead......වීලා


    එලකිරි‍යම දුක් කඳුලින්................නහවාලා
    එ‍ය ඇරඹූ මිනූ මෙලොව...............හැරදාලා
    ගි‍ය පසු ඇගේ මතක‍ය මෙහි...........රඳවාලා
    කවුරුත් ආවෙ නෑ ඒ thread එක...හො‍යලා

    කාල‍ය ටිකෙන් ටික ‍යන විට..........ගතවීලා
    ‍යනවිට කවි ලි‍යනා අ‍ය සෙට්.............වීලා
    තිබුනි ඒකෙ දෙවනි කොටස..........අරඹාලා
    ඉන් පසු මමත් ලිව්වෙමි කවි........ගැටගහලා

    .::KAVIYEN KAVIYA 2::.


    ඔ‍ය thread එකේ අපි හැමෝම.......සෙට්වීලා
    ලිව්වා කවි එක එකාට මඩ................ගහලා
    දැන්නම් තිබෙන්නේ ඒකත්..........dead වීලා
    එබැවින් කවි හැකි‍යාවත්..............මොටවීලා


    පුලුවන් ලෙසට ලිව්වොත් කවි පද.......ගොතලා
    එනවානම් හැමදෙනාම..................සෙට්වීලා
    මේ thread එක ‍ය‍යි උපරිම‍යට.........නැගලා
    දෙන්නම් අපිත් සප් එක බොක්කෙන්....බැහැලා
     
    Last edited:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මහලොකුවට ලියන්නට නම් බෑ මෙමට කවි...
    පුලු පුලුවන් හැටියට මෙහි පද ගොතමී...
    එලකිරියෙ කට්ටිය මෙතනට දැන් එක්වී
    ගොතමුද ඉතින් හිටිවන රස මිහිරි කවී....???

    එළකිරියට ආවෙ මම නම් අලුතින් ය...
    හිටිවන කවි හුය නෙත ගැටුනේ අහඹුවකින් ය..
    එනමුත් රස දනිමි මම කවි පඹැදුමෙහිය
    හැකි පමණින් හසුරවමි මම මගෙ කවිය...
     
    Last edited:
    • Like
    Reactions: agdrig

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    දැක්කම ඔබල ලියාපු මේ කවි පන්තී
    සිතුනි මටත් ලියනට කවියක් ජුන්ඩී
    එලකිරියන්ගෙ කවි දස්කම් මතු වෙන්නී
    Thread එක නම් එළකිරි අය්යේ කැන්ඩී

     
    Last edited:

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අප්පටසිරි අලුත් එකක් පටන් අරන්
    මෙ එනවා මෙ එනවා හිටින් ටිකක්
    අබරන්නට කවි පදයක් සිතා ටිකක්
    වෙලා දියන් අයියන්ඩි මටත් ටිකක්.....​
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    කැන්ඩියා කවියා බවට ................හොද
    දැන ගත්තේ අදය මගේ ...............සබද
    දහස් ගණන් කවි ලියවෙයි මෙහි ......නිබද
    ඉතිං ආයුබෝවන් පටන්ගමු ගොතන්නට පද
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    වැඩ ගොඩ ගැහිල නැ ඉඩ ගන්නට හුස්ම.....
    අවුරුද්දත් නැති වෙන හැඩ පෙනේ මට.....
    එහෙන් මෙහෙන් ඉඩ අරගෙන හෙමිහිට
    ගොඩ වැදුනා කවි මඩුවට බලාගෙන යන්න....​
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    RePost බුවා;14732367 said:
    අප්පටසිරි අලුත් එකක් පටන් අරන්
    මෙ එනවා මෙ එනවා හිටින් ටිකක්
    අබරන්නට කවි පදයක් සිතා ටිකක්
    වෙලා දියන් අයියන්ඩි මටත් ටිකක්.....​
    කෝ යකෝ එළිසමය??:angry::angry:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කැම්පස් වල ආතල් කදු ගොඩ ගහලා
    කිවට එන්න පෙර මෙහි රස වැඩි කරලා
    එක්සෑම් අරෙන්නට වෙන කිසිවක් කරලා
    ගන්නට නෑ වෙලාවක් මට ඉතිරි වෙලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගුලෙ විභාග‍ය ඇත මට එපා..............වෙලා
    නිවනක් නැතේ දවසම පාඩම්..............කරලා
    විභාග කි‍යන දේ ඇරඹූ උන්.............හො‍යලා
    එන්නට හිත‍යි දතක් කැඩෙන්නට.........නෙලලා

    :dull::dull::dull:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කන්නෙ කැන්ටිමෙන් නැ එවගෙ ලුනු රසය
    ඉන්නෙ බොඩිමෙ නැ මෙවගෙ කිසි ගතිය
    මගෙ හද මඩල දුන් යුවතිය නැත ලගක
    කෙසේ වාවා ගන්නද මෙ දුක සෝක