ජුරාසික් යුගය...
1822 වර්ෂයේ දිනක බ්‍රිතාන්‍යයේ සසෙක්ස් ප්‍රාන්තයේ විනෝද චාරිකාවක නියැලී සිටි වෛද්‍ය මැන්ටිල් යුවලට විශාල පොසිලයක් හමු විය.තමන් සොයාගත් මෙම පොසිලගත අතීත සත්ත්වයාට ඔවුහු ඉගුවානාඩොන් යැයි නම් තැබූහ.ඊට වසර දෙකකට පසුව ඔක්ස්ෆර්ඩ් ප්‍රදේශයේදී තවත් පොසිලයක් විලියම් බක්ලන්ඩ් පියතුමා විසින් සොයාගන්නා ලදි.එය අතීතයේ විසූ යෝධ සත්ත්වයෙකුගේ විශාල හකු ඇටයක් විය.ඔහු මෙම හකු ඇටය අයත් සත්ත්වයා මෙගලොසවුරස් යැයි නම් කලේය.මෙසේ දිගින් දිගටම මෙබදු සොයාගැනීම් ගැන වාර්ථා වීම නිසා මෙම පොසිල එක් සුවිශේෂ සත්ත්ව කොටසකට අයත් ඒවා ලෙස සලකා එම සත්ත්ව කොටස හැදින්වීම සදහා ඩයිනෝසවුරුස් යන නාමය භාවිතා කරනු ලැබීය.ජුරාසික යුගය යනු ඩයිනෝසරයන් රජකල යුගයයි.ට්‍රයෑසික යුගය මෑත භාගයේදී කුඩා සත්ත්ව විශේෂයක් ලෙස බිහි වූ ඩයිනෝසරයෝ සංඛ්‍යාවෙන් මෙන්ම ප්‍රමාණයෙන්ද සීඝ්‍රෙයන් වර්ධණය වෙමින් වසර මිලියන 140 ක් පමණ මෙලොව රජ කලහ.
ලොව පුරා විසිර තිබුණු ඩයිනෝසරයන්ගේ පොසිල දහස් ගනණක් අද හමුවී තිබේ.මෙම පොසිල අනුසාරයෙන් ලෝකයේ මුල් අවදිවලට වඩා මෙම යුගය හා එහි ජීවීන් පිලිබද තොරතුරු රැසක් අනාවර්ණය කර ගැනීමට අපට අවස්ථාව උදා වී ඇත.
දැනට රැස් කොටගෙන ඇති තොරතුරු වලට අනුව වර්ග 500කට අධික සංඛ්‍යාවකට අයත් ඩයිනෝසරයන් විශේෂ දහස් ගනනක් වූ බව සොයාගෙන ඇත.විවිධ ශරීර ප්‍රමාණවලින් යුතුව සිටි මොවුන් අතරින් කුඩාම ඩයිනෝසරයා මීටර් 2ක් පමණ දික් වූද කිලෝග්‍රෑම් 60-70 අතර බරැති වූද සත්ත්වයකු විය. දැනට හමුවී ඇති විශාලම ආදී සත්ත්වයා වන සුපර්සෝරස් උසින් මීටර් 20ක් ඉක්මවීය.ජුරාසික යුගය පාරාම දක්නට ලැබුනු ඩිප්ලොඩොක්ස් පොසිල රැසක් උතුරු ඇමරිකාවෙන් හමුවී ඇත.ශාක භක්ෂකයෙකු වූ මෙම සත්ත්වයා මධ්‍යම ප්‍රමාණයේ සිරුරකින් යුක්ත විය.දළ වශයෙන් මීටර් 26ක් පමණ දික් වූ සිරුර දිගු ගෙලකින් හා වලිගයකින් යුක්ත විය.පා සතරින් බිම දිගේ බඩ ගාගෙන ගොස් ගෙල දිගු කොට ඉහල අතුවල වූ කොළ වර්ග කඩාගෙන අනුභව කිරීමට මොහුට සිදුවන්නට ඇත.පඳුරු සහිත පහත් බිම් හා වගුරු මොහුගේ වාසභූමිය වූ බවට සිතිය හැක.
ප්‍රොසොරොපොඩිස් පවුලටම වූ ඇපටෝසෝරස් (මොහු කලින් හඳුන්වන ලද්දේ බ්‍රොන්ටොසෝරස් නමිනි)ශාක භක්ෂකයා ජුරාසික යුගයේ අගභාගයේ ජීවත් වූ යෝධ උරගෙයකි.මෙම උරගයා දිගින් මීටර් 25ක් පමණ විය.එනම් මෝටර් රථ 9ක් එක පෙලට තැබූ විට තරම් සිරුරක් ඔහුට තිබිනි.බර ටොන් 30ඉක්මවිය.දිගු ගෙලකින් හා ශක්තිමත් වලිගයකින් හෙබි මෙම උරගයාගේ මොළය කිකිළි බිජුවකටක් පමණවත් නොවීමෙන් පෙනී යන්නේ ඌ අලස,උදාසීන මෝඩයෙකු බවයි.
විශාල සිරුරේ බරින් මිරිකී වේගයෙන් එහා මෙහා යාමට අසමත් වූ ගොළු බෙල්ලෙකු පඳුරු මතින් අමාරුවෙන් ඇඳෙමින් දිනකට ශාක කිලෝ 400ක් 500ක් පමණ ගිල දැම්මේය.ඌ ගිය මග වූ පඳුරු හා කුඩා ගස් උගේ සිරුරට යට වී තැලී පොඩිවී බුල්ඩෝසර් ගමන් කල මාර්ගයක් ලෙට දර්ශණය වෙන්නට ඇත.මේ යෝධ අහිංසකයා බොහෝ විට තමන්ට වඩා කුඩා ප්‍රමාණයේ මාන්ෂ භක්ෂකයන්ගේ ගොදුරක් බවට පත්විය.නැතහොත් ජලාශවල මඩේ එරී ගොඩ ඒමට නොහැකිව සා ගින්නේ මියැදුනේය.
මෙම සත්ත්ව ගනයට අයත් දැනට සොයාගෙන ඇති විශාලතම සත්ත්වයා නම් සුපර්සෝරස්ය.ජුරාසික යුගයේ අග භාගයේ ජීවත් වූ මෙම සත්ත්වයාගේ උස මීටර් 20 ඉක්මවිය.හේ බරින් ටොන් 100ක් පමණ විය.මෙම සත්ත්වයා ශාක භක්ෂක ලෝකයේ පතාක යෝධයෙකු වූ බ්‍රැකියෝසෝරස් මෙන් දෙගුණයක් විය.
ජුරාසික යුගයේ මිහිතලය මත රජකල මෙම යෝධ සතුනට නොයෙක් ආකාරයේ ලොකු කුඩා සතුරන් සිටින්නට ඇති බවට සැක නැත.ලක්ෂ සංඛ්‍යාත වූ කෟමීන් හා පරපොෂීතයන්ගෙන් ඔවුන්ට අනේකවිධ වූ ආපදා පැමිණෙන්නට ඇත.
ඔවුන්ගේ භයානකම සතුරන් වූයේ ඔවුන්ගේම සොයුරන් වූ මාංශ භක්ෂක ඩයිනෝසරයන්ය.බොහෝවිට මමහත් ශක්තියක් හා ජව බලයක් හිමිව සිටි මෙම මාංශ භක්ෂකයෝ ඔවුන් මෙන් දෙතුන් ගුණයක් විශාල ශාක භක්ෂකයන් පවා ගොදුරටගත්හ.මාංශ භක්ෂකයෝ ශාක භක්ෂකයන්ට වඩා ක්‍රියාශීලී කඩිසර සතුන් වී නමුත් අලස සතුන් විශේෂයක් වූහ.එහෙයින් ශ්‍රමය ඉතිරි කරගැනීම සඳහා ඔවුහු ගොදුරු පසු පස හඹා යනු වෙනුවට සැඟවී රැක සිට ගොදුරු වෙත පීනූහ.වත්මන් උණුසුම් රැධිර සහිත සතුන් මෙන් නොව ශීත රුධිරය ඇතිව සිටි ඔවුනට එක දිගට දිගු වේලාවක් වෙහෙසවීමට ශක්තිය නොවීය.මේ නිසා ඔවුන් කලේ පඳුරු අතර සැඟන සිට කල් යල් බලා යෝධ ශාක භක්ෂකයන්ගේ ගෙලට පැන ඔවුන් මරා ගැනීමයි.කිසිදු ආරක්ෂක අංගයක් හිමිව නොසිටි ශාක භක්ෂක
සතුන් මෙම ප්‍රහාර වලින් මිදීමට අපොහොසත්ව මාංශ භක්ෂකයන්ගේ පහසු ගොදුරු බවට පත්වූහ.
ශාක භක්ශකයන්ට කල හැකිව තිබූ එකම දෙය වූයේ සතුරා තම සිරුරට යට කොට දමා තලා දැමීම පමණකි.එහෙත් ඊට අවශ්‍ය උපක්‍රමශීලී බව ක්‍රියාශීලීත්වය හෝ බුද්ධි මට්ටම උන් සතුව නොතිබුනු හෙයින් එවැන්නක් සිදුවූයෙනම් ඒ අහම්බෙනි.
ශාක භක්ෂකයන්ට රුදුරු තර්ජනයක් වූ මාංශ භක්ෂක යෝධයෙකු ජුරාසික යුගයේ අගභාගයේ විසීය.ඌ හදුන්වන ලද්දේ ටයිරනෝසරවුස් රෙක්ස් නමිනි.
රෙක්ස් යනන රජ යන අරුත දෙයි.මෙම සත්ත්වයා දිගින් මීටර් 14ක් පමණ විය.උගේ බර ටොන් 4ක් ඉක්මවිය.නැගිට සිටීමට හා ගොදුරු වෙත පැනීමට
ඌ සිය ශක්තිමත් ගාත්‍රා යොදා ගත්තේය.නැගිටගත් විට මෙම සතුන්ගේ උස මීටර් 5ක් පමණ විය.ඉදිරි ගාත්‍රා මෙන්ම පසු ගාත්‍රා ද තියුණු නිය පඳුරින් සමන්විත විය.ඉදිරි ගාත වල එබඳු නිය 2ක් වූ අතර පසු ගාත වල පක්ෂි පාදයන් මෙන් ඉදිරියට විහිදුනු නිය 3ක් ද පසු පසට විහිදුනු එක් නියක්ද විය.විශාල මුව හා තියුණු දත් දඩයමටම උචිත වන සේ නිර්මාණය වී තිබිනි.
ක්‍රෙට්සීය යුගය දක්වාම වනාන්තරයේ රජු බවට පත්ව සිටි මෙම භයානක
සත්ත්වයා ශාක භක්ෂකයන් පමණක් නොව සිය වර්ගයාගේ සතුන් පවා ගොදුරු කරගත් බවට සාක්ෂි තිබේ.
මෙගලොසවුරුස් ජුරාසික් යුගයේ ලොව රජ කල ටයිරනෝසවුරුස් රෙක්ස්ට පමණක් දෙවෙනි වූ කුරිරු මාංශ භක්ශකයෙකු විය.තියුණු දත් සහිත මුව කෙටි ගෙල හා සිවිමත් පසු පාද මෙන්ම තියුණු නිය පඳුරින් යුත් කෙටි පෙර පා මෙම සත්ත්වයාට උරග දඩයමට අවශ්‍ය ශක්තිය හා වේගය ලබා දුන්නේය.මොහුගේ සිරුරේ දිග මීටර් 9ක් ඉක්මවීය.මීටර් 3ක් උස් වූ මෙම සත්ත්වයා බරින් ටොන් එකක් පමණ විය.තමන්ට වඩා විශාල සතුන් පවා දඩයම් කර ගන්නට මෙම සත්ත්වයා සමත් වූ බව පැහැදිලිය.
සතුරන්ගෙන් බේරීම සඳහා විශේෂ ශරීරාංග වර්භනය කරගත් සතුන් කිහිපදෙනෙක්ම මෙම යුගයේදී දක්නට ලැබිනි.ස්ටැගෝසවුරුස් එබඳු සතුන් අතර කැපී පෙනෙන්නෙකි.දිගින් මීටර් 6ක් පමණ වූ මෙම සත්තවයා ශාක භක්ෂකයෙක් විය.උගේ කොඳු ඇට පිට උඩට නෙරා ගිය පැතලි උල් තහඩු දෙපලකින් සමන්විත විය.සංඛ්‍යාෙවන් 17ක් වූ මෙම තහඩු සත්ත්වයා සිය ආරක්ශාව සදහා යොදාගත් සන්නාහකයක් ලෙස මුල් අවදියේදී සලකනු ලැබීය.
එහෙත් මෙම තහඩු විස්තරාත්මකව පර්යේෂණයට භාජනය කල ජීව විද්‍යාඥයෝ රුධිර සංසරණය සඳහා ඒවා තුල නාලිකා රැසක් තිබූ බව සොයා ගත්හ.ඉන් පෙනී යන්නේ ආරක්ශාව සඳහා පමණක් නොව ශරීරයේ උණුසුම පාලයනය කිරීම සඳහා ද මෙම තහඩු ගන්නට ඇති බවයි.
පියාපත් වර්ධනය කොටගෙන පක්ෂි ලෝකයට අවතීර්ණ වූ උරගයන් අතරින් ටෙරඩක්ටිල් ප්‍රාතමිකයෙකි.ඇත්ත වශයෙන්ම පක්ෂියෙකු නොව උරගයෙකු වූ මෙම සත්ත්වයාගේ විශේෂත්වය වූයේ උගේ පෙර පාද උරිහිස් හා පසුපාද වල දණහිස් ඝණ සම් පටලයකින් එකට බැඳී තිබීමයි.එම සම් පටලය පියාපත් ලෙස ප්‍රෙයා්ජනයට ගනිමින් ඌ කෙටිදුර පියාඹන්නට ඇත.මුල් අවස්ථාවේදී ගසින් ගසට පැනීමට වත්මන් හම්බාවාමෙන් මෙම පියාපත් උදවු කොට ගන්නට ඇත.
පියාඹන උරග පරපුරේ අවසාන පුරුක ලෙස හැදින්විය හැකි සත්ත්වයා නම් ටෙරානොඩොන්ය.රොඩක්ටිල්ඩ වඩා ප්‍රමාණයෙන් විශාල සත්ත්වයකු වූ මෙම උරගයා ඉහල අහසේ පියෑඹීමට සමතෙකු වූ බවට සාක්ෂි ලැබී ඇත.මෙම සත්ත්වයාගේ පොසිලගත වූ කොටස් එවක ඈත සාගර ප්‍රෙද්ශ වලින් හමු වී තිබීමෙන් පැහැදිලි වූ කරුණක් මන් මොහු පියෑඹීමේ ශක්තිය අතින් ටෙරොඩක්ටිල් වඩා ඉදිරියෙන් සිටි බවයි.
යුගය අග භාගයේ එනම් වසර මිලියන 150කට පමණ පෙර ජීවත් වූ ආචියොප්ටෙරික්ස් පක්ෂියා ලෝකයේ ප්‍රථම පක්ෂියා ලෙස හැදින්විය හැකිය.ආචියොප්ටෙරික්ස් යන්නෙහි අර්ථය නම් ආදී පියාපත්ය.පක්ෂියෙකු ලෙස හැදින්වුවද උරග ලක්ෂණ වලින් මුලුමනින්ම විනිර්මුක්ත නොවූ මෙම පක්ෂීයා අර්ධ පක්ෂියෙකු ලෙස හැදින්වීමට වඩාත් උචිතය.මොහුගේ මුඛය උරගයෙකුගේ මෙන් තියුණු දත් වලින් සමන්විත විය.පිහාටු වල කොකු බඳු වූ මෙම පක්ෂීයා දුර පියාඹන්නෙකු විය.කුඩා පක්ෂීයෙකු වූ මොහුගේ පියාපත් පරාසය මීටර් 0.5ක් පමණ විය.
ජුරාසික යුගය මධ්‍ය භාගයේ සිට ඩයිනෝසවුරයෝ කෙමෙන් සිරර ප්‍රමාණයෙන් කුඩා වන්නටත් පරිසරයට උචිත පරිදි ක්‍රියාශ්‍රීලී වන්නටත් පටන ගත් බව පෙනේ.මෙම කරුණූ සැලකිල්ලට ගත් පුරා ජීව විද්‍යාඥයෝ මෙම සත්ත්වයන් කෙමෙන් සීත රුධිරය ඇත්තන්ගේ සිට උණුසුම් රුධිරය ඇත්තන් දක්වා වර්ධණය වෙමින් සිටි බවත් ජුරාසික යුගය අග භාගය වන විට ඇතැම් ඩයිනෝසර විශේෂ උණුසුම් රුධීරය සහිත සතුන් බවට පත්වී සිටි බවට විෂ්වාස කරති.ජුරාසික යුගය තුල ජල ජීවීහුද පරිණාම ක්‍රියාවලියෙහි අනුවර්තයෙන් නියැලී සිටියහ.ජලජීවී පෟෂ්ඨ වංශිකයන් අතුරින් ඇතමෙක වඳ වී ගොස් නව සත්ත්ව විශේෂ කිහිපයක සම්භවය සිදුවිය.කකුළුවන් හා පොකිරිස්සන්ගේ ආදී මුතුමිත්තෝ ජලජීවීන් අතර වැදගත් ස්ථානයක් ඉසුලූහ.ජලය ජනාවාස කොට සිටි විවිධ ස්වරූපයේ වූ මත්ස්‍යයෝ ප්ලාසියෝසවුරස් ආදී උරගයන්ට සොබාදහම විසින් සපයන ලද රසමසවුලු බඳු විය.
කෟමි ජීවිතයට හිතකර පරිසරයක් තිබූ ජුරාසික යුගයේ නව කෟමි පරපුරු කිහිපයක්ම දක්නට ලැබිනි.මැස්සෝ තණකොළ පෙත්තෝ ඉපියෝ කුරුමිණීයෝ දෙබර පවුලේ සාමාජිකයෝ කුහුඹුවන් සහ වේයෝ මෙම යුගයේ මිහිතලයට එක් වූ නව සාමාජිකයෝ වූහ.
ජුරාසික යුගය පුරාම පාහේ පැවතියේ උණුසුම් දේශගුණික තත්වයකි. වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් සංයුතිය තවමත් ඉහළ මට්ටමක විය.එමගින් ඇති වූ හරිතාගාර ආචරණය මෙම උණුසුම් තත්වය ඇති කරන්නට ප්‍රමුඛ සාධකයක් වූ බවට නිසැකය.මේ නිසා ධ්‍රැව ප්‍රදේශ වල හිම මිදීමක් සිදු නොවූයෙන් මුහුදු මට්ටම ඉහල ගොස් තිබුනි.තවමත් වත්මන් ගොඩබිම් පෙදසින් සැලකිය යුතු කොටසක් වූයේ ජලය යටය.එවක ජලයෙන් උඩට මතු වූ ගොඩබිම් ප්‍රදේශවලින් නැඩි කොටස කාන්තාර ලෙස පැවතුනි.
ජුරාසික යුගයේ යෝධ උරගයන්

ඩිප්ලොඩොකස්

සුපර්සෝරස්

ටයිනෝසවුරස් රෙක්ස්

මෙගලොසවුරුස්
මෙගලොසවුරුස් ජුරාසික් යුගයේ ලොව රජ කල ටයිරනෝසවුරුස් රෙක්ස්ට පමණක් දෙවෙනි වූ කුරිරු මාංශ භක්ශකයෙකු විය.තියුණු දත් සහිත මුව කෙටි ගෙල හා සිවිමත් පසු පාද මෙන්ම තියුණු නිය පඳුරින් යුත් කෙටි පෙර පා මෙම සත්ත්වයාට උරග දඩයමට අවශ්‍ය ශක්තිය හා වේගය ලබා දුන්නේය.මොහුගේ සිරුරේ දිග මීටර් 9ක් ඉක්මවීය.මීටර් 3ක් උස් වූ මෙම සත්ත්වයා බරින් ටොන් එකක් පමණ විය.තමන්ට වඩා විශාල සතුන් පවා දඩයම් කර ගන්නට මෙම සත්ත්වයා සමත් වූ බව පැහැදිලිය.
ස්ටැගෝසවුරුස්
සතුරන්ගෙන් බේරීම සඳහා විශේෂ ශරීරාංග වර්භනය කරගත් සතුන් කිහිපදෙනෙක්ම මෙම යුගයේදී දක්නට ලැබිනි.ස්ටැගෝසවුරුස් එබඳු සතුන් අතර කැපී පෙනෙන්නෙකි.දිගින් මීටර් 6ක් පමණ වූ මෙම සත්තවයා ශාක භක්ෂකයෙක් විය.උගේ කොඳු ඇට පිට උඩට නෙරා ගිය පැතලි උල් තහඩු දෙපලකින් සමන්විත විය.සංඛ්‍යාෙවන් 17ක් වූ මෙම තහඩු සත්ත්වයා සිය ආරක්ශාව සදහා යොදාගත් සන්නාහකයක් ලෙස මුල් අවදියේදී සලකනු ලැබීය.
එහෙත් මෙම තහඩු විස්තරාත්මකව පර්යේෂණයට භාජනය කල ජීව විද්‍යාඥයෝ රුධිර සංසරණය සඳහා ඒවා තුල නාලිකා රැසක් තිබූ බව සොයා ගත්හ.ඉන් පෙනී යන්නේ ආරක්ශාව සඳහා පමණක් නොව ශරීරයේ උණුසුම පාලයනය කිරීම සඳහා ද මෙම තහඩු ගන්නට ඇති බවයි.
පක්ෂීන්
ටෙරොඩක්ටිල්
පියාපත් වර්ධනය කොටගෙන පක්ෂි ලෝකයට අවතීර්ණ වූ උරගයන් අතරින් ටෙරඩක්ටිල් ප්‍රාතමිකයෙකි.ඇත්ත වශයෙන්ම පක්ෂියෙකු නොව උරගයෙකු වූ මෙම සත්ත්වයාගේ විශේෂත්වය වූයේ උගේ පෙර පාද උරිහිස් හා පසුපාද වල දණහිස් ඝණ සම් පටලයකින් එකට බැඳී තිබීමයි.එම සම් පටලය පියාපත් ලෙස ප්‍රෙයා්ජනයට ගනිමින් ඌ කෙටිදුර පියාඹන්නට ඇත.මුල් අවස්ථාවේදී ගසින් ගසට පැනීමට වත්මන් හම්බාවාමෙන් මෙම පියාපත් උදවු කොට ගන්නට ඇත.
ටෙරානොඩන්
පියාඹන උරග පරපුරේ අවසාන පුරුක ලෙස හැදින්විය හැකි සත්ත්වයා නම් ටෙරානොඩොන්ය.රොඩක්ටිල්ඩ වඩා ප්‍රමාණයෙන් විශාල සත්ත්වයකු වූ මෙම උරගයා ඉහල අහසේ පියෑඹීමට සමතෙකු වූ බවට සාක්ෂි ලැබී ඇත.මෙම සත්ත්වයාගේ පොසිලගත වූ කොටස් එවක ඈත සාගර ප්‍රෙද්ශ වලින් හමු වී තිබීමෙන් පැහැදිලි වූ කරුණක් මන් මොහු පියෑඹීමේ ශක්තිය අතින් ටෙරොඩක්ටිල් වඩා ඉදිරියෙන් සිටි බවයි.
ආචියොප්ටෙරික්ස්

Thanks